උන්මාදවාදී චින්තනේ ඇති කළ සෙත?

sitharaJAYA

Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    උන්මාදවාදී චින්තනේ ඇති කළ සෙත?

    අවජාතකවාදය නම් නව වාදයක් අපගේ ශුද්ධභූමිය තුළ උත්පත්තිය ලබා ඇති නිසා ඊට විරුද්ධ සකල ලංකාවාසී “සිංහල බෞද්ධයන්” එක්සිත්ව එකට පෙළ ගැසී උන්මාදවාදය නමින් අලුත්වාදයක් සොයා ගෙන තිබේ. ඒ කවරේද යත්

    * ලොකෙන්ම උතුම් රට අපේ එක ය, උතුම් ම ජාතිය අපේ එක ය, සියල්ල දන්නේ අපි ය, කියල පුහු ආඩම්බරයෙන් මත් වීම

    * අපිට ඕන එවා කොහෙන්වත් ගේන්න ඕන නැහැ අපිටම හදාගන්න පුලුවන් කියල පාරම්බබා එහෙත් මුකුත් කරන්නෙ නැතිව සිටීම

    * ලෝකෙට දිගට හරහට ණය වෙන ගමන් ලෝකයා නැතිවට අපට හැකි ය කියල කටින් බතල හිටවීම

    * එහෙම කියන අතරෙ ලෝකෙන් හිගන හිගමන් දෙන එවුන්ට කණේ ඇගිලි ගහගන්නට ඒ එක්කම බැණීම

    * මුලු ලෝකෙම අපිව වට්ටන්න කුමන්ත්‍රණ කරනව කියල බයෙන් ගැහි ගැහි ඉඳීම

    * තමන් වැටෙන්නෙ තමන්ගේ අඩුපාඩු කම් කියා නිකමටවත් හිතන්නේ නැතිව ඒ නිසා ම තමන්ගේ ජාතියෙ වැරදි එලිපිට කතා කරල ඒවා හදාගන්න උත්සහයක් නොකර සිටීම

    * තමන් ඉදිරිපත් කරන තර්ක තමන්ගෙ වාසිය සදහා තමන්ම කඩා දමන වෙනත් විදිහකින් කියනවනම් කන්න ඕන වුනහම කබරගොයාත් තලගොයා කර ගැනීම

    * නගරෙ සියලු දේ අනුභව කරනා අතරේ ග‍ම උත්කර්ෂත්වයට නංවමින් ජීවිත දෙකක් ගත කිරීම

    * මෙහෙම කරුණු ඇතුළු අනෙකුත් අපේ අඩුපාඩු පෙන්නන සියලු එවුන්ට අම්බානට බැනල උන්ව ආණ්ඩු මට්ටු කළ යුතු යයි සිතීම හා ඒ අනුව කටයුතු කිරීම

    රටේ ක්‍රියාත්මක වන උන්මාදවාදී චින්තනය ගැන මීට වඩා හොද අර්ථ දැක්වීමක් තියෙනව නම් ඉදිරිපත් කරන්න කියලයි ආරාධනාව!

    හැබැයි තව එකක් කියන්නම ඕන. වෙහෙසිලා වැඩ කරන මිනිසුන්ට පින් සිද්ධ‍ වෙන්න මේ චින්තනේ ඉස්සරහට දාගෙන බොරුවෙන් වැජඹෙන්න අවස්ථාවක් මේ චින්තනයේ අයිතිකාරයො ඇති කරගෙන තියෙනව.

    ලංකාව මේ විදිහට හරි ඉතිරිවෙල තියෙන්නෙ “උඹලගෙ චින්තනේ උඹල ඔලුව උඩ ති‍යා ගනිල්ලා අපි වැඩ කරොත් අපට හෙටක් තියේවි නැත්නම් නෑ” කියල තේරුම් අරං මහන්සියෙන් රටේ ආදායම උපද්දන මිනිසුන්ට පින් සිද්ධ වෙන්න. චින්තනේ කරපු ඉලව්වකින් නෙවෙයි.

    ඒ වුනත් දිගින් දිගටම කියමින් පෙන්නමින් ඉන්නේ රට තුළ ඇති වන සියල්ල චින්තනේට පින් සිදුවන්නට ඇති වන බව කි. එය විසින් වුවමනාවෙන් නිර්මාණය කරන බවකි. ඒ චින්තනෙ ඇති කළ පව් අනුන් පිට පටවන ගමන් ය.
     

    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    දේශප්‍රේමයේ මිනුම් දන්ඩ බවට සාටකය පත්වීම ?
    ලෝකේ කොහෙවත් නැතුව එක එක තෑන්වලින් බුදු රූස් විහීදීම ?
    රාජපක්ෂලාට විරුද්ධ එවුන් කොටි බවට පත් වීම ?
    දුෂණ මෙතරම් සිද්ද උනත් ලෝකයේ පිරිසිදුම ආගමක් තිබීම ? මේ සේරම ඔය කියන ජාතික උන්මාදයේ ම කොටස් තම
     

    helo256

    Member
    Oct 7, 2010
    2,093
    71
    0

    * ලොකෙන්ම උතුම් රට අපේ එක ය, උතුම් ම ජාතිය අපේ එක ය, සියල්ල දන්නේ අපි ය, කියල පුහු ආඩම්බරයෙන් මත් වීම


    this one is true