~~ උන් දනී නම් ~~

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
mama dakka oyage hugak tarahin wage liyapu poem ekak.but meka ada godak samaje kanthawata wena diyak..oya eka godaka lassanata wachana walata harawala.lassanai


තරහින් නෙමේ කසුන් අප්පිරියාවෙන් ලියපු එකක් කිව්වොත් තමා වඩාත් හරි

ස්තුතියි ඔයාට
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
ගැහැණිය කෙලි බඩුවක් කියලා නිකන්ම හිතනවා නෙමේනේ. වෙළඳ ලොකය මුදල් ඉපයීම සඳහා එයා එහෙමයි කියලා චිත්‍රයක් මිනිස්සුන්ගේ සිත් වලට කවමින් ඉන්නවා.

ඉතින් මේවා එක්කම හැදෙන පරපුර පාරෙදි දකින ගැහැණිය දිහා බලන්නේ අර චිත්‍රයත් එක්ක. ඉතින් අර ගැහැණියගේ හම මිසක් එයාගේ වේදනාව, මහන්සිය ඔවුන්ට පෙනෙන්නේ නෑ.

මේවා කරන අය , මේවාට පෙනී සිටින අය, මේවා විකුණන අය ඒ වෙලාවට හිතන්නේ නෑ සමාජයට ඔවුන් කරන්නේ කොයිතරම් නරක දෙයක්ද කියලා. ඔවුන් හිතන්නේ මුදල ගැන විතරයි.

කොහොම වුනත් මම කලින් කිව්ව වගේ තමන්ගේ සිතුවිලි පාලනය කර ගැනීමේ වගකීමක් තමන්ටත් තියෙනවා. ඉහත දේවල් වලටම වගකීම පවරලා ගැලවෙන්න බෑ.


මේකනෙ චින්තා,

ඔය රූප රාමු හිතේ තියාගෙන ගැහැනිය දිහා බලන්න ගියොත් නම් තමන්ගෙ අම්මවත් වරදින්න පුළුවන් ඔයවගේ මිනිස්සුන්ට
ඉතින් අඩුම තරමින් තමන්ගෙ අම්මත් ගෑනියෙක් කියල හිතන්න බැරිව ඇති ඒකයි
 

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    අප ජීවත් වෙන්නේ සමාජයකය. එය විවිධයි...

    මේ සමාජයේ මෙහි කතා කරලා තියෙන මෘගයන් සේම මෘගාංගනාවියනුත් ඕනෑ තරම් ඉන්නා බව අප සැමම පිළිගත යුතු සත්‍යයක්..

    තම ශරීරය හින්දම අමාරුවේ වැටෙන්නේ සේම තම ශරීරයෙන් අනුන් අමාරුවේ වට්ටන්නේද කාන්තාවමය. ගැහනුන් සමග සෙල්ලම් කරන පිරිමින් සේම පිරිමින් සමග සෙල්ලම් කරන ගැහැනුන්න ද අද අරුම නොවේ..

    මේ නිසා මේ කරුණ ගැන එක පැත්තක් ගෙන කතා කිරීම පිලිබදව පුද්ගලිකව මම විරුද්ධය.

    අන්තර්ගතය පිලිබදව එරෙහි උවත් කවියක් ලෙස සාර්ථක නිර්මාණයක්...
     
    Last edited:

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    අප ජීවත් වෙන්නේ සමාජයකය. එය විවිධයි...

    මේ සමාජයේ මෙහි කතා කරලා තියෙන මෘගයන් සේම මෘගාංගනාවියනුත් ඕනෑ තරම් ඉන්නා බව අප සැමම පිළිගත යුතු සත්‍යයක්..

    තම ශරීරය හින්දම අමාරුවේ වැටෙන්නේ සේම තම ශරීරයෙන් අනුන් අමාරුවේ වට්ටන්නේද කාන්තාවමය. ගැහනුන් සමග සෙල්ලම් කරන පිරිමින් සේම පිරිමින් සමග සෙල්ලම් කරන ගැහැනුන්න ද අද අරුම නොවේ..

    මේ නිසා මේ කරුණ ගැන එක පැත්තක් ගෙන කතා කිරීම පිලිබදව පුද්ගලිකව මම විරුද්ධය.

    අන්තර්ගතය පිලිබදව එරෙහි උවත් කවියක් ලෙස සාර්ථක නිර්මාණයක්...


    මුලින්ම සදහන් කල ආකරයට මෙය හුදක්ම ඇතිවූ සිද්දියක් පදනම් කරගෙන ලිව්වාක් මිස එක එල්ලෙ පිරිමි සංහතියටම එල්ල කල චෝදනාවක් නොවේ

    හොද හෝ නරක ගැහැනු පිරිමි දෙදෙනාටම සතු වූවක් වුවත් පිරිමියා ගැහැනියකට වඩා ඔබ්බටයට ගොස් ඔය නරක කියන දෙය අප්‍රසන්න දෙයකට පෙරලගන්නවා....මම කීවේ ඒ දෙය ගැනයි
     

    The_CN

    Member
    May 2, 2009
    1,614
    7
    0
    34
    Anuradapura
    සමාජයේ තවත් පැත්තක් ..............සර්ථක නිරිමාණයක් ...මම සුබ පතනවා අක්කිට දිගටම මේ වගේ නිර්මාණ කරන්න ........