^^^^උපත් පාලන කොපු යන්ත්‍ර රාජයා^^^^

uskuma123

Well-known member
  • Apr 20, 2011
    917
    320
    83
    Lankawe
    ^^^^උපත් පාලන කොපු යන්ත්‍ර රාජයා^^^^

    උපත් පාලන කොපු යන්ත්‍ර රාජයා
    ============================

    අසව්..අසව් !
    යහපාලන පංචවිධ ප්‍රතිපත්ති ප්‍රකාරව හුදී ජන පහන් සංවේගය උදෙසා ශ්‍රී බුද්ධ වර්ෂ 2561 වූ ඉල් මස පුර අටවක ලත් බුධ දින පුර්ව භාග 10.33 ක් වූ වේලාවෙන් පුවපුටුප සුභ නැකතින් නිරිත දිග දිසාව බලා කොළඹ 07 බුලර්ස් පටුමගෙහි උපත් පාලන කොපු යන්ත්‍ර රාජයා ස්ථාපනය කරන ළද බව මෙයින් දන්වන වගයි.
    පසු වදන
    ========
    කෞටිල්‍යගේ අර්ථ ශාස්‌ත්‍රය, වාත්සායනගේ කාම සූත්‍ර සහ මනුස්මෘති යන ග්‍රන්ථ වල එන පරිදි මෙම යන්ත්‍ර රාජයා පාවිච්චි කරන්නේ කෙසේ ද යත්, මෞර්යය, ගුප්ත, චාලුක්‍ය, චෝල, පල්ලව, පාණ්‌ඩ්‍ය, විජයනගර්, මෝගල් වැනි රාජවංශවලට අයත් රජවරුන් සතුව පැවති චතුරංගනී සේනාව පරදවා ඉදිරියට ඇදෙන හර්ෂවර්ධන අධිරාජ්‍යයා මෙන් කේසර සිංහ ලීලාවෙන් යන්ත්‍ර රාජයා අසලට ගොස් වටපිට බලා කවුරුන් හෝ නැතැයි සැක හැර දැන, දබරඟිල්ලෙන් ඔබා යන්ත්‍ර රාජයා ක්‍රියාත්මක කළ යුතු ය.
    ඉක්බිති තමුන් හිත් ගත් ගැට සහිත දාර සහිත...පැණි, පැඟරි, ඇඹුල්, කසට ආදී වූ විවිධ වර්ගයේ රසයෙන් යුත් උපත් පාලන කොපු වර්ගය තෝරාගෙන උදේ, දහවල්, රාත්‍රී ආදී මෙන්ම, කෑමට පෙර සහ පසු යන කාරණා පෙරදැරි කරගෙන තමන්ට අවශ්‍ය වූ කොපු ප්‍රමාණය සැක හැර දැන, නැවත දබරඟිල්ලෙන් එබිය යුතු ය. ඉක්බිති තමන් තෝරාගත් ප්‍රමාණයට මුදල් ගෙවන්නේ කෙසේ දැයි දහස්වරක් සිතා සුදුසු ක්‍රමය තෝරාගෙන, තම ජංගම තෙල බණුවේ අංකය යන්ත්‍ර රාජයාට කවා නැවත එබිය යුතු ය. ඉන්පසු ඔබගේ ජංගම තෙල බණුවට ලැබෙන දිව්‍යමය රහස් අංකය නැවතත් යන්ත්‍ර රාජයාට කවා එබූ විට ඔබගේ චිත්ත ප්‍රීති වඩවා, හිරිගඩු නංවා, අංගජාතය ඉන්ද්‍රකීලයක් මෙන් නොසෙල්වා, ශුක්‍ර ධාතුව වඩවා උපත් පාලන කොපු ඔබ දෑතට ලැබෙනු ඇත.
    අනතුරුව යාපා පටුන ජයගෙන කෝට්ටේ රාජධානිය බලා එන සපුමල් කුමරු මෙන් නිවෙස බලා ගොස් කහ වතුරෙන් ස්නානය කොට බිරිඳට හෝ පෙම්වතියට සුවඳ දුම් අල්ලා පසුව දේවදාර, කටුවැල්බටු, බිංකොහොඹ, පාවට්‌ටා, ආඩතෝඩ, හීන් අරත්ත, මදුරුතලා,උළුහාල්, සුදුලූනු, බැබිල , සාරණ, කටුකරෝසන, නීරමුල්ලිය, නෙල්ලි, වෙනිවැල් ගැට කලං එක බැගින් ගෙන වතුර දමා පත අට එකට සිඳුවා පෙරා මීපැණි දමා එය උපත් පාලන කොපු සතරක පුරවා නිදන සයනයෙහි සතර කොන එල්වා හති වැටෙන තෙක් රති ක්‍රීඩාවේ යෙදීමෙන් අනවශ්‍ය ගැබ් ගැනීම් සහ සමාජ රෝග වළක්වා ගත හැකි බව පුරාණ ග්‍රන්ථ වල සඳහන් වේ.
    ප්‍රීති..ප්‍රීති..ප්‍රීති...
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    yakuu

    My3 sir enawalu opening ekata

    Meka tama government eke 1st complete karapu iñnovation eka

    condom machin janathaa aithiyata path kirima live dei ITN eke