උපත් පාලන කොපු මැෂින්

chanaka

Well-known member
  • May 4, 2006
    3,205
    754
    113
    උපත් පාලන කොපු මැෂින්

    ෆාමසි ගානේ කට්ට නොකා ෆෝන් බිලටම ගන්න, මහ පාරේ උපත් පාලන කොපු මැෂින් :frown::frown:

    උපත් පාලන ක්‍රම පිලිබඳ කතා කරන විට කොන්ඩම් හෙවත් උපත් පාලන කොපුවලට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයක්.උපත් පාලන කොපු සම්බන්ධව දීර්ඝ ඉතිහාසයක් තියෙනවා.හරියටම විශ්වාස නැති උනත් ඊජිප්තු පැරැණ්නන් පැරෆින් ඉටි තවරපු ලිනන් රෙදි උපත් පාලන කොපු විදිහට පාවිච්චි කළා කියලා කතාවක් තියෙනවා.කොහොම හරි 17-18 වෙනි ශතවර්ෂවලදි මිනිස්සු සත්ත්ව බඩවැල් වලින් හදපු කොන්ඩම් පාවිච්චි කරලා තියෙනවා...

    ඒ විදියට ලෝකෙට ආපු උපත් පාලන කොපු අද විවිධ ආකාරයන්ගෙන් වෙළෙඳපොළේ දකින්නට ලැබෙනවා. හැබැයි මේ මොන ආකාරයෙන් තිබුණත් තවමත් කොන්ඩම් පැකට්ටුවක් මිලදී ගැනීම ලැජ්ජාවෙන් පසුවන බොහෝ දෙනාද අප අතර සිටිනවා. උපත් පාලන කොපුවක් මිලට ගැනීමට ගිය විට අසල සිටින ඇතැමුන් ඒ පුද්ගලයා දෙස බලන්නේ වපරැසින්. අප සමාජයේ තවමත් පවතින මෙවන් පසුගාමී තත්වයන් වෙනස් විය යුතුයි.ශ්‍රී ලංකාවේ පමණක් නොව පොදුවේ දකුණු ආසියානු රටවල අය මුහුණ දෙන අත්දැකීමක් තමයි කොන්ඩම් මිලට ගැනීමට ගිය විට විඳින්නට වන අපහසුතාවය.

    මීට පිළියමක් ලෙස උපත් පාලන කොපු මහමග දී ලබාගත හැකිවන පරිදි condom vending machine සවි කිරීම මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

    එහි පළමු වැන්න මේ වනවිට කොළඹ බුලර්ස් පටුමග ආරම්භයේ (ටොරිංටන්) පිහිටුවා ඇති අතර තවත් ස්ථාන රැසක එම යන්ත්‍ර සවි කිරීමට නියමිතයි.තමන්ගේ දුරකථන අංකය ඇතුළත් කිරීමෙන් පසුව එම අංකයට ලැබෙන PIN අංකය යන්ත්‍රයට ඇතුළත් කිරීමෙන් මෙමගින් උපත් පාලන කොපු ලබා ගැනීමට හැකිවනවා.

    එක් පැකට්ටුවක් සඳහා දුරකථන බිළට රුපියල් 50ක් එක් වන අතර මාසික දුරකථන බිල්පතේ එය කාරණයක් සඳහන් කිරීමකින් තොරව දැක්වෙනු ඇති බවයි ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය සඳහන් කළේ.මෙම පහසුකම දැනට හිමිවනුයේ එක් ජංගම දුරකථන ජාලයක් සඳහා පමණයි.
    :rofl::rofl:

    23897558_1858463757529202_1931160250_n.jpg

    23899093_1858463794195865_883210849_n.jpg

    23846157_1858463774195867_315948551_n.jpg

    465456546.JPG

    මෙච්චරයි ලංකාවට අඩුවට තිබ්බේ :lol::lol:
     

    adidaz

    Junior member
  • May 10, 2017
    110
    13
    18
    හොද වැඩක්. වැඩේ කරන්න පුළුවන් කොන්ඩම් එකක් ඉල්ලලන්න ලැජ්ජ සිංහලයෝනට මේක හොඳයි.
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,205
    754
    113
    හොද වැඩක්. වැඩේ කරන්න පුළුවන් කොන්ඩම් එකක් ඉල්ලලන්න ලැජ්ජ සිංහලයෝනට මේක හොඳයි.

    :eek::eek:
     

    Janeiro

    Member
    Jan 24, 2017
    226
    34
    0
    meka nm hoda wadak. Condom ganna lajjawata obanna ghn pregnant wunata passe abortion walata duwanne nathuwa mehema wadak karana eka hodai
     

    Chira1

    Well-known member
  • May 30, 2017
    1,106
    379
    83
    දැන් එතකොට ඔය machine එක ලඟ හිටගෙන ඕක ගන්න try කරනකොට කව්රුවත් වපරැසින් බලන්නේ නැති වෙයිද.:baffled::baffled::baffled:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මේවා එන එක හොදයි බන්
    මොකද ලංකාවේ උන් marry karala බාබාල හම්බෙන්නම බලාගෙන සෙක්ස් කරන අය නෙවේනේ
    මේවගෙන් කොන්ඩම් ගන්න පාවිච්චි කරන්න ලැජ්ජයි
    අවසානෙට ගබ්සා
    එහෙම නැත්තම් පෙති දෙනවා දිගට හරහට අවසානෙට ළමයි නැ ඕනි කාලෙට

    so ඕක හොද වැඩක් !
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    දැන් එතකොට ඔය machine එක ලඟ හිටගෙන ඕක ගන්න try කරනකොට කව්රුවත් වපරැසින් බලන්නේ නැති වෙයිද.:baffled::baffled::baffled:

    අන්න එතනයි බන් අපි දියුණු වෙලා නැත්තේ
    අපේ රටේ බොහෝ අය කෙනෙක්ගේ පවුද්ගලිකත්වයට ගරු කරන්නේ නැ :sorry::sorry:

    පරෂ්නේ තියෙන්නේ ඕකෙන් කොන්ඩම් එකක් ගන්න බය නැති එකා කොහොමත් කොන්ඩම් use කරනවා අනිත් අනාරක්ෂිත සෙට් එක කොහොමත් ඔහොම ඉදි :sorry::sorry::sorry:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    කොන්ඩම් විතරක් දීල පක් ගහන්නද, ඔන්න අඩුවට ඉන්දියාවෙන් හරි කමක් නැහැ කෑල්ලකුත් අඩුවට සෙට් කරනවානම් කමක් නැහැ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,071
    34,614
    113
    පට්ටම පට්ට. ළමයි වදලා කාණු ගානේ දාලා යනවට වඩා, ගඟට විසි කරනවට වඩා, වැසිකිලි වලට දානවට වඩා කොච්චර ශ්‍රෙෂ්ඨ වැඩක්ද මේක. ගෝත්‍රික බයියෝ කියයි දැන් මේ මැශින් එක විතරයි අඩුවකට තිබුනේ කියලා. ඒකත් පට්ට ඇත්ත. මේකත් එක අඩුවක් තමයි මේ රටේ තිබුණු. වැඩිවන අධික ජනගහණයට නියම විසඳුම. මේවා කොළඹ විතරක් නැතිව රටේ හැම අස්සක් මුල්ලක් නෑරම හන්දියක් හන්දියක් ගානේ ස්ථාපනය කරන්නට ශක්තිය ධෛර්ය ලැබේවා.

    ජාතික මෙහෙවරකට උරදුන් ඩයලොග් ආසියාටා සමාගමට අපගේ උපහාරය!