උපත් පාලන කොපු,,,,

idhasitha

Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    උපත් පාලන කොපු,,,,

    කොන්ඩම් යනු මොනවාද ? :baffled:


    කොන්ඩම් යනු අනවශ්‍ය ගැබ් ගැනීම් සහ ලිංගිකව බෝ වන රෝග වලින් ආරක්ෂා වීමට ඇති ඉත සරල සහ පහසුම මගයි . මෙම කොන්ඩම් ලේටේක්ස් හෝ රබර් වලින් නිෂ්පාදනය කරනු ලැබේ .මුලිකවම කොන්ඩම් ආකාර දෙකකි
    1. පුරුෂ උපත් පාලන කොපු
    2. ස්ත්‍රී උපත් පාලන කොපු


    මින් වඩාත් ප්‍රචලිතව ඇත්තේ පුරුෂ උපත් පාලන කොපුය නමුත් ස්ත්‍රී උපත් පලන කොපුද පවතී .


    මෙම උපත් පාලන කොපු ක්‍රියා කරන්නේ කෙසේද ?



    කොපු මගින් පුරුෂයාගේ ශුක්‍රානු ස්ත්‍රියගේ යෝනි මාර්ගයට ඇතුළුවීම වැලැක්වීම මගින් අනවශ්‍ය ගැබ් ගැනීම් වලකන අතර ස්ත්‍රියගේ යෝනි ශ්‍රාවයන් පුරුෂයාගේ ශිෂ්නයේ ශ්‍රාවයන් සමග ගැටීම වැලැක්වීම මගින් ලින්කිකව ගෝ වන රෝග වලින් වලක්වයි




    කොතරම් දුරට මෙම ක්‍රමය සාර්ථකද ?

    නියම ආකාරයෙන් භාවිත කරන්නේ නම් සහ එය නියම ආකාරයෙන් ගබඩා ( වියලි , සිසිල් ) කර පවතී නම් 97 % සාර්ථකය


    කොන්ඩම් භාවිතයේ වාසි මොනවාද ?



    • අනවශ්‍ය ගැබ් ගැනීම් වැලැක්වීම
    • ලිංගිකව බෝ වන රෝග වලින් වැලැක්වීම ( රව් / ඒඩ්ස් , ගොනෝරියා )
    • පහසුවෙන් ඕනෑම තැනකින් මිලදී ගත හැකි වීම
    • පහසුවෙන් පැළදිය හැකි වීම
    • ගැබ් ගැනීම් වැලැක්වීම එම අවස්ථාවට පමණක් සිමා වීම


    උපත් පාලන කොපු(කොන්ඩම් )පැළදීමේ අවාසි මොනවාද ?


    • කොපු පලදීම ලිංගික සංසර්ගයට බාදාවක් වීම
    • සමහර අවස්ථාවලදී කොපුව ලිගුව මතින් ලිස්සා යාම නිසා හෝ කොපුව පුපුරා යාම නිසා ශුක්‍රානු , ලිංගික ශ්‍රාවයන් සහ රුධිරය දෙනාගේ මිශ්‍ර වීම
    • ඇතැම් පුද්ගලයන් මෙම කොපු නිෂ්පාදනය කර ඇති රබර් සහ ලේටේක්ස් අස්ත්මික වීම (ඇලජික් )

    ෆාමසි වලින් මිලදී ගත හැකි කොන්ඩම් වර්ග මොනවාද ?


    ප්‍රීති උපත් පාලන කොපු – සාමාන්‍ය කොන්ඩම් ( Preethi Basic Condom)
    මෙය ලේටෙක්ස් වලින් නිපදව ඇති අතර , සාමාන්‍ය වර්ගයේ කොන්ඩමයකි
    ප්‍රීති සුපර් (Preethi Super – Studded for Extra Sensation and Pleasure)
    මෙයත් රබර් සහ ලේටෙක්ස් වලින් නිපදව ඇති අතර , මෙහි විශේෂත්යවය වන්නේ අමතර සතුටක් ලබාදීම සදහා කොන්ඩමයේ ඇතුලත සහ පිටත කුඩා ගැටිති පිහිටවා තිබීමයි



    රෆ් රයිඩර් (Rough Rider – Studded for Enhanced Pleasure )
    මෙය ප්‍රීති සුපර් වලටත් වඩා සතුට ගෙන ඒමට එහි ඇති පිටත සහ ඇතුලත් කුඩා ගැටිති ප්‍රමාණය වැඩි කර ඇත



    ලයිෆ් ස්ටයිල් ලවු කොන්ඩම්( Life Style Love Time Condoms)
    මෙම කොන්ඩම් වල බෙන්සෝකේන් නම් රසායන ද්‍රවුය අඩංගු වන අතර එමගින් දීර්ග කාලයක් ලිංගික සංසර්ගයේ දීමට ඉඩ සලසයි





    ලයිෆ් ස්ටයිල් සෙන්සිටිවූ කොන්ඩම් (Life Style Sensitive Condoms)
    මෙම කොන්ඩමය ඉතාමත් සිනිදුවට සහ තුනිවට නිපදවා ඇති අතර එමගින් කොන්ඩමයක් නොදැමූ ආකාරයේ සතුටක් ලබාදීමේ අරමුණින් නිපදවා ඇත




    ලයිෆ් ස්ටයිල් බෙරි මිශ්‍ර කොන්ඩම් ( Life Style Mixed Berry Condoms)

    මෙම කොන්ඩම් වලට ස්ට්‍රෝබෙරි , බ්ලුබෙරි , රෙස්බෙරි යන රසයන් සහ සුවද එක කර ඇත

    නයිට් රයිඩර් (Night Rider – Ribbed for Enhanced Pleasure)
    මෙම කොන්ඩම් මතුපිට දාර , දාර පිහිටවා ඇති අතර එමගින්ද වැඩි සතුටක් ලබා දේ



    පවර් ප්ලේ ( Power play)
    සාමාන්‍ය කොන්ඩම් වලට වඩා ශක්තියෙන් වැඩියෙන් නිපදවා ඇත , එම නිසා එමගින් අමතර ආරක්ෂාවක් ලබාදේ . මෙම නිසා එය පුපුරා යාමට ඇති හැකියාව බොහෝ අඩුය .



    ස්ටමිනා (stamina )
    මෙම කොන්ඩම් වලද බෙන්සෝකේන් නම් රසායන ද්‍රවුය අඩංගු වන අතර එමගින් දීර්ග කාලයක් ලිංගික සංසර්ගයේ දීමට ඉඩ සලසයි


    නිවැරදිව උපත් පාලන කොපු පලදින්නේ කෙසේද ?


    • පළමුව පැකට්ටුවේ ඇති කල් පැනීමේ දිනය බල්ලන්න .
    • කල් පන ඇත්නම් විසි කරන්න
    • දැන් පකටුව පලුදු වී ඇත දැයි බල්ලන්න එසේනම් විසි කරන්න
    • ඉන්පසු පැකට්ටුව විවුර්ත කරන්න , මේ සදහා පැකට්ටුවේ සදහන් කර ඇති පැත්තෙන් පමණක් අතින් ඉර ගන්න මේ සදහා කිසිවිටකත් කටින් සැපීම හෝ කතුරින් කැපීම නොකරන්න
    • ඉන් පසු කොන්ඩමය පිතට ගෙන එහි ඉහල කෙලවරේ ඇති උල් වූ කොටස මිරිකා ( වායු බුබුළු ඇතුළු වීම වැලක්වීමට ) ප්‍රාණවත් වූ ශිෂ්ණය මත තබා දිහැරෙන පැත්තට සම්පුර්ණයෙන්ම රෝල් කරන්න
    • මතක තබා ගන්න කොන්ඩමය භාවිත කල හැක්කේ ශිෂ්ණය ප්‍රාණවත්වූ අවස්ථාවේදී පමණි
    • එක කොන්ඩමයක් භාවිත කල හැක්කේ එක, අවස්ථාවක් පමණි නැවත නවතා භාවිත කල නොහැක .
    නිවැරදිව උපත් පාලන කොපු ඉවත් කරන්නේ කෙසේද ?

    • ශුක්‍රානු පිටවූ වහාම , ශිෂ්ණය ප්‍රාණවත් වී ඇති අවස්ථාවේදීම ලිගුව යෝනි මාර්ගයෙන් පිටතට ගත යුතුය
    • ඉන් පසු කොණ්ඩය කඩදාසි කැබැල්ලකින් අල්ලා ගැලවීම කලයුතුය මන්ද එහි ඇති ශ්‍රාවයන් අතේ ස්පර්ශ වන බැවින්
    • එසේ ගලවාගත් කොන්ඩමය ඉතාමත් පරික්ෂ කාරීව වැළලීම හෝ පුච්චා දැමීම කල යුතුය .








     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    මතක තබා ගන්න කොන්ඩමය භාවිත කල හැක්කේ ශිෂ්ණය ප්‍රාණවත්වූ අවස්ථාවේදී පමණි

    :P :P
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    meka saamanya pharmacy wala nene ban

    ලයිෆ් ස්ටයිල් බෙරි මිශ්‍ර කොන්ඩම් ( Life Style Mixed Berry Condoms)

    මෙම කොන්ඩම් වලට ස්ට්‍රෝබෙරි , බ්ලුබෙරි , රෙස්බෙරි යන රසයන් සහ සුවද එක කර ඇත
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    රෆ් රයිඩර් (Rough Rider – Studded for Enhanced Pleasure )
    මෙය ප්‍රීති සුපර් වලටත් වඩා සතුට ගෙන ඒමට එහි ඇති පිටත සහ ඇතුලත් කුඩා ගැටිති ප්‍රමාණය වැඩි කර ඇත

    :P
     

    crazyhorse

    Active member
  • Dec 13, 2010
    954
    110
    43
    Colombo - Sri Lanka
    avatar139742_25.gif

    හෙල්මට් දාලද උබත් ඔය කොරන්නෙ?
    :P:P