මට පොඩි උපදෙසක් ඕන මං කොළඹ බෝඩිමක ඉන්නෙ. මං තාම ඒලෙවල් ඇප්ලිකේෂන් එක දැම්මෙ නෑ . මේ වෙලාවෙ හැටියට පොත් තොග උස්සසන් ගෙදර යන්නත් බෑ. යන්න බසුත් නෑ. ගෙදර වාහනත් නෑ. ෂෝට් නෝට් ඒව මේව බොඩිං බිත්තිවල ගහල තියෙන්නෙ. සේරම පාඩම් කරන පරිසරය හදල තියෙන්නෙ බොඩිමෙ. මට ඉන්න තැන එක පාරට මාරු කරා ම පොඩ්ඩක් ට්‍රැක් එකට එන්න අමාරු ගතියකුත් තියෙනවා. අනික මේ වෙලාවෙ ගමේ යන එකත් රිස්කි. ඒ පැත්තෙ කොරොනා නිසා. කොළඹ බොඩිමෙ නම් කවුරුත් නෑ මං විතරයි. කිසිම අවුලක් නෑ නිදහස්. මට හිතෙනව කොහෙවත් නොයා නගර අංකෙට කොළඹ ම දාන්න. මං මේ විභාගෙ ලියන්නෙ පලවෙනි ෂයි එකෙන් ගොඩක් කල් ගිහින් නිසා මාව කැම්පස් ගනිද්දි අවුලක් වෙයි ද? රෑන්ක් එක එන්නෙ නම් කොළඹින් වෙන්න ඕන කොළඹින් ලිව්වොත්. ඒත් ප්‍රශ්නෙ මං කරන විෂයන්ට රෑන්ක් එකක් එන්නෙ නෑ!!! මට ඉසඩ් 1 විතරයි එන්නෙ. මං කොළඹින් ලියන නිසා මාව කොළඹින් කැම්පස් ගනී ද? එහෙම උණොත් මට ඒක පට්ට අවාසියි
ඇඩ්වයිස් ප්ලීස්
ඇඩ්වයිස් ප්ලීස්
