උපන්දින සාදය - Sherlock Holmes
එදින මුළු ලන්ඩන් නගරයම මීදුමෙන් වැසීගිය උදෑසනක් බව මාගේ සටහන් පොතේ සඳහන්ව ඇත. පිටත වූ දැඩි ශීතල නිසාම නගර වැසියෝ තම නිවාස තුලටම වී කල් ගෙවූහ. උදෑසන ආහාරය ලෙස හඩ්සන් මහත්මියගේ රසවත් බිත්තර ආප්ප අනුභව කර කෝපි කෝප්ප දෙකක්ම පානය කළ මම සෝපාවට වී "ජනාධිපති තාත්තා" පොත කියවීමට පටන් ගත්තෙමි. එක්වරම නැගීසිටි මගේ මිත්‍රයා මා වෙත විදුලි පණිවුඩයක් විසි කලේය.
" අතිශය වැදගත් කාරණයක් සම්බන්ධයෙන් ඔබතුමාගේ උපදෙස් අවශ්‍යව ඇත. උදෑසන 10 ට බේකර් වීදියට පැමිණීමට බලාපොරොත්තු වෙමි."
-- ලෙස්ට්රේඩ්
ලෙස්ට්‍රේඩ්ට එන්න කියල මම විදුලි පුවතක් යැව්ව වොට්සන්." හෝම්ස් පැවසුවේ ගිණි උඳුනට තවත් අඟුරු එක්කරමිනි. " මගේ අනුමානය නිවැරදි නම් ඔය එන්නෙ ඔහු."
අශ්ව කරත්තයක් නිවස ඉදිරියේ නැවත්වූ අතර කිසිවෙක් බර අඩි තබමින් උඩුමහලට පැමිණෙන හඬ ඇසිණි. තවත් මොහොතකින් දොර හැරගෙන කාමරයට පිවිසියේ ස්කොට්ලන්ඩ්යාඩ් පොලීසියේ පරීක්ෂක ජී ලෙස්ට්රේඩ් ය.
" සුභ උදෑසනක් මහත්වරුනි. උදෑසනම ඔබට කරදර කරන්න වීම ගැන කණගාටුයි "
ඔහු පැවසුවේ තම කබාය රඳවනයේ එල්ලමිනි.
" ඒකට කමක් නෑ ලෙස්ට්රේඩ්. විසඳන්න ගැටලුවක් නැතුව මමත් හිටියේ බොහොම කම්මැලිකමෙන්. ඔබ සඳහන් කර තිබුනෙ අතිශය වැදගත් කාරණයක් සම්බන්ධයෙන් මගෙන් උපදෙස් උවමනා බව." හෝම්ස් පැවසුවේ කෝපි කෝප්පයක් අමුත්තා අතට ලබාදෙමිනි.
" ඇත්තෙන්ම ඔව් හෝම්ස් මහත්මයා...ඔබ දන්නව ඇති පසුගියි ටිකේ මම හිටියේ ඩුබායිවල. ලංකාවෙ නමගිය හෙරොයින් ජාවාරම්කාරයෙක් වන මාකඳුරේ මධූෂ් අල්ලන මෙහෙයුමට ස්කොට්ලන්ඩ්යාඩ් එක වෙනුවෙන් ගියේ මම. "
" ඔව් අපටත් ආරංචි උනා මධූෂ් අල්ලාගැනීම ගැන. ඔහුත් එක්ක හිටපු ගායකයෙක් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන් කීපදෙනෙක් අත්අඩංගුවට පත්වුණාලු නේද ? "
" අන්න ඒකම තමයි හෝම්ස් මහත්මය අපට තියන ගැටළුව. ඒ ගායකයා සහ රංගන ශිල්පියා මේකට සම්බන්ධද කියන එක ගැන ලංකාවේ ලොකු කතාබහක් ඇතිවෙලා... ලංකාවෙ පොලිස්පතිතුමා ඒ ගැන අපෙන් උදව් ඉල්ලා තිබෙනවා "
ලෙස්ට්රේඩ් පැවසීය.
" එහෙ පොලිස්පති අර නුවර පෙරහැරේ නටපු මනුස්සය නේද ? " මා විමසුවේ හෝම්ස්ගෙනි.
" ඇත්තෙන්ම ඔව් වොට්සන්. ඔහුගෙ වැඩ ගැන කතාකරොත් අපිට දවසක්ම හිනාවෙන්න පුලුවනි. කොහොම නමුත් ලෙස්ට්රේඩ්ගෙ ගැටළුව ගැන හිතුවොත් ඒක විසඳන්න පයිප්ප දුම්කොළ අවුන්සයක්වත් ඕන වෙනවා.." පැවසූ හෝම්ස් පයිප්පය දල්වාගෙන හාන්සි පුටුවේ දිගාවී දුම් වළලු අහසට යැවීමට පටන් ගත්තේය. ඔහුට බාධා නොකරමින් මා ලෙස්ට්රේඩ් සමඟ කතාබහ කිරීමට පටන් ගත්තෙමි. ශ්‍රී ලංකාවේ සේනා දළඹු උවදුර, ක්‍රිකට් කණ්ඩායමේ බිරින්දෑවරුන්ගේ ගැටුම සහ සුදු මහත්තයා ඇතුළු මාතෘකා ඔස්සේ අපේ කතාව ඇදී ගියේය. එක්වරම අපේ කතාවට බාධා කරමින් ෂර්ලොක් හෝම්ස් පයිප්පය පසෙකට විසිකළ අතර අපි ඔහු වෙත අවධානය යොමුකළෙමු.
"මෙතන ඇති අමුතු පටලැවිල්ලක් නෑ වොට්සන්. බොහොම සරල තර්කයකින් මේක විසඳන්න පුලුවනි."
" ඒ කියන්නෙ හෝම්ස් ඔබ මේක විසඳුවද ?" මා ඇසුවේ පුදුමයට පත්වයි.
" මගේ හිතවත් මිත්‍රයා...ලෙස්ට්රේඩ් ඇහුවේ අමල් පෙරේරලා මේවට අත්අඩංගුවට ගත්තු එක සාධාරණද කියලනෙ. ඒකට උත්තරේ ඉතාම පැහැදිලියි. මධූෂ් කියන්නෙ ලංකාවෙ විතරක් නෙමේ ඩුබායි පොලීසයත් හොයන භයානක අපරාධකාරයෙක්. නීතියෙන් හැංගිලා ඉන්න පුද්ගලයෙක්. මොහොතකට හිතන්න වොට්සන් ඔබයි මාකඳුරෙ මධූෂ් කියලා...ඔබේ සාදයකට ඔබ හැඳුනුම්කමක් නැති ගායකයෙකුට වෘත්තීමය වශයෙන් ආරාධනා කරනවද ? "
" පිස්සුද හෝම්ස්...එතකොට මගේ තොරතුරු ඔක්කොම හෙලිවෙනවනේ."
" හරියට හරි වොට්සන්. අපරාධකාරයෙක් කවදාවත් නොදන්නා ගායකයෙකුට මෙහෙම ආරාධනා කරන්නෙ නෑ තමන්ගෙ ආරක්ෂාව අනතුරේ දාගෙන. ආරාධනා කරන්නේ තමන්ගෙ හිතවත් මිතුරන්ට පමණයි. ඒ නිසා බොහොම පැහැදිලි ගායකයා සහ ජාවාරම්කරුවා මිත්‍රයන් බව !
" හෝම්ස් මහත්මයා...මෙහෙම පැත්තකුත් තියනවා. බුකියේ සමහරු තර්ක කරනවා එහෙනම් අමල් පෙරේරා තමන්ගෙ පුතාව එතෙන්ට අරන් යයිද කියලා.."
ලෙස්ට්රේඩ් විමසුවේ දෙගිඩියාවෙනි.
" බුකියේ මෝඩයො ගැන නම් කතාකරල වැඩක් නෑ මහත්වරුනි. කොහොම නමුත් තර්කය සරලයිනෙ...ඒ වෙලාවේ එතන තිබුනෙ පාටියක් මිසක් කුඩු බිස්නස් එකක් නෙමෙයි. ඒ නිසා ඔහුට තමන්ගෙ පුතාව අරන් යන එකේ අවදානමක් තිබුනෙ නැහැ. ඒ වගේම ඔය පුද්ගලයො ගැන මම කාලෙක ඉඳන් නිරීක්ෂණය කලා. කිහිප වතාවක්ම මොවුන් මේ අපරාධකරුවන් සමඟ සාද පවත්වා තිබෙනවා. "
" ඒ වගේම මෙතන තියන තවත් වැදගත් කාරණයක් ඔබට පෙනෙන්නේ නැද්ද ?
හෝම්ස් විමසුවේ අප දෙදෙනාගෙනි. එහෙත් අපට කිසිවක් සිතාගත නොහැකි විය.
" වෘත්තිමය වශයෙන් ගීත ගායනා කරන්න සාදයට සහභාගි උනානම් එතන වාදකයොත් ඉන්න ඕන වොට්සන්. මොකද ඉහල මිලක් ගෙවල ගායකයෙක් ගෙන්නන්නේ වාදක මඩුල්ලක් එක්ක ගීත කියන්න. මෙතන එහෙම කිසිම වාදකයෙක් නොසිටීම තුලින් අපේ උපකල්පනය තවත් පැහැදිලි වෙනවා...මේක හිතවතුන්ගේ පෞද්ගලික සාදයක්."
" විශිෂ්ඨයි හෝම්ස් මහත්මයා.." ලෙස්ට්‍රේඩ්ගේ හඬ ප්‍රශංසාත්මකය.
ඒ වගේම ලෙස්ට්රේඩ් සමාජයේ අවධානය එතරම් යොමු නොවුනත් තවත් දැවැන්ත කුඩු ජාවාරම්කරුවෙක්ට පසුගිය දා ඇප ලැබුනා. ඒ තමයි කුඩු සිද්ධික්. එතන වැදගත් ම කාරණය ඒක නෙමෙයි. සිද්ධික් වෙනුවෙන් පෙනී හිටියේ නීතීඥ සංගමයේ සභාපතිවරයා ! "
" දෙයියෝ සාක්කි..." අප දෙදෙනාටම කියවුනේ පුදුමයට පත්වය.
" ඔව් වොට්සන්. කුඩු ජාවාරම්කරුවන්ගේ මුදල් නිසා ඔවුන් වෙනුවෙන් පෙනී ඉන්න අධිනීතීඥයො ඕන තරම්. සාක්ෂිවල පරස්පර හින්දා ඔවුන්ට ඉක්මනින්ම ඇප ලැබෙනවා. පොලීසියේ මේවට උදව් දෙන උන් ඉන්නව කියන එක අමුතු දෙයක් නෙමෙයිනේ."
" සහතික ඇත්ත හෝම්ස් මහත්මයා. මේ තක්කඩි හිරේ ඉඳලත් කරන්නෙ ජාවාරම් මෙහෙයවන එක." ඒ කෝපයට පත් ලෙස්ට්රේඩ් ගේ හඬයි.
" ඒ විතරක් නෙමෙයි මධූෂ් වෙනුවෙන් පෙනී ඉන්න අළුත් පරපුරේ නීතිඥයෙක් දැනටමත් ඩුබායි වෙත පිටත්ව ගිහින්. අර උදුල් කියන අන්තරේ හිටපු හාදයා ! "
" ඉතින් හෝම්ස් මේ ජාවාරම්කාරයො අල්ලල මේක විසඳන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද ? " මා විමසුවේ අතිශය කලකිරීමට පත්වය. ඒ වෛද්‍යවරයෙක් වශයෙන් මතට ඇබ්බැහිවූවන්ගේ ඉරණම පිලිඹඳ මා හට තිබූ මනා අවබෝධය නිසාවෙනි.
" මම ඔබට කලිනුත් පැහැදිලි කරල ඇති වොට්සන් මේක. ලන්ඩනයේ මහා අපරාධකාරයා මහාචාර්ය මොරියාටි. ගෝලයො නගරයේ මිනීමැරුම් බැංකු මංකොල්ලකෑම්වල යෙදෙනකොට මොරියාටි ගම්බද පංති කාමරයක කළුලෑල්ලක, ශිෂ්‍යයන්ට ද්විපද ප්‍රමේයය පැහැදිලි කරනවා ඇති."
" ලංකාවෙ කුඩු ජාලයත් එහෙමයි වොට්සන්. මොළකාරයො ඉන්නෙ දේශපාලන රැකවරණ එක්ක සැඟවිලා. ඔවුන්ට එරෙහිව සාක්ශි නෑ. ඒ නිසා සාමාන්‍ය විදිහට උසාවි ගෙනිහින් නඩු අහලා මේක විසඳන්න බැහැ. මේක මැඩලන්න තියෙන්නෙ එකම ක්‍රමයයි. ඒ තමයි මේ කුඩු ජාවාරම්කාරයන්ව දැක්ක තැන වෙඩි තියලා විනාශ කරල දාන එක. හරියට ත්‍රස්ථවාදීන්ට කලා වගේ. මොවුන් ත්‍රස්ථවාදීන් වගේම භයානකයි වොට්සන්. උන්ට උත්තර දෙන්න ඕන උන්ගෙ භාෂාවෙන්."
පොලිස් පරීක්ෂකවරයා සහ මම හෝම්ස්ගේ විස්තරය උනන්දුවෙන් අසා සිටියෙමු.
" මේක 2011 ලංකාවෙ සිද්ධවුනා වොට්සන්. ඒ හිටපු ආරක්ෂක ලේකම්තුමාගෙ පාතාල මර්ධන මෙහෙයුමත් එක්ක. ඒක කොච්චර සාර්ථක උනාද කිව්වොත් අපරාධකාරයො බහුතරයක් ජීවිත බේරගන්න රටෙන් පලාගියා !
" ඒ නිසා මම පැහැදිලිව කියනවා 2020 තමයි ලාංකිකයන්ට ලැබෙන අන්තිම අවස්ථාව. ගෝඨාභය ලේකම්තුමා ජනාධිපති උනොත් ඔහුට හැකිවෙයි එදා නවත්තපු තැනින් පටන් අරන් කුඩු ජාවාරම සහ පාතාලය ලංකාවෙන් තුරන් කරන්න. මේක ස්වර්ණමය අවස්ථාවක් වොට්සන්. දේශපාලනයෙන් දූෂිත වෙලා නැති, ජාවාරම්කාරයොත් එක්ක ගණුදෙනු නැති හමුදා නිලධාරියෙකුට මේක සුළු වැඩක්. ඉතින් ලංකාවෙ මිනිස්සුන්ගෙ ඉරණම තියෙන්නෙ ඔවුන් අතේමයි..."
ෂර්ලොක් හෝම්ස් සිය දීර්ඝ පැහැදිලි කිරීම අවසන් කළේය.
---------------------------------------------------------------
සම්භාව්‍ය ප්රතිභානාත්