උපන් නැකතෙන් හෙලිවන ඔබේ ගතිගුණ

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    උපන් නැකතෙන් හෙලිවන ඔබේ ගතිගුණ

    නැකතෙන් හෙළිවන ඔබගේ ගතිගුණ

    ජ්‍යෙdතිෂ ශාස්‌ත්‍රාණුකූලව නැකත් 27 ක්‌ පමණ ඇති අතර ඉපැරණි "මානසාගරී" ජ්‍යෙdතිශ ග්‍රන්ථයට අනුව නම්, නැකත් 28 කි.

    අස්‌විද, බෙරණ, කැති, රෙහෙණ, මුවසිරස, අද, පුනවස, පුස, අස්‌ලිය, මා, පුවපල්, උතුරුපල්, හත, සිත, සා, විසා, අනුර, දෙට, මුල, පුවසල්, උතුරුසල්, අභිජිත්, සුවන, දෙනට, සියාවස, පුවපුටුප, උතුරුපුටුප හා රේවතී එම නැකත්ය.

    ඒ ඒ නැකත්වලින් උපදින අයට ඒ ඒ ස්‌වභාවයන් හා ගතිගුණ ද ඇති අතර පහත දැක්‌වෙන්නේ ඒ පිළිබඳ විස්‌තරයකි.

    අස්‌විද

    මනා රුවකින් යුතු සිරුරක්‌ සහිත, තරබාරු, ක්‍රියාවන්හි, දක්‍ෂ, යහපත් මාර්ගයෙහි ගමන් කිරීමට කැමති, අතමිට සරු කෙනෙක්‌ වෙයි.

    බෙරණ

    නීරෝගී, සත්‍යවාදී, ස්‌ථිර ගති පැවතුම් හා ප්‍රාණවත් ශරීරයක්‌ද සහිත, සැප විඳිය හැකි, නැණවත් කෙනෙක්‌ වෙයි.

    කැති

    පාපාකාරී, නොහොබිනා දේවල් කරන, නිරතුරුවම වාගේ කුසගින්නෙන් පෙළෙන, නිවට නියාලු කෙනෙක්‌ වෙයි.

    රෙහෙණ

    ප්‍රියා මනාප වචන කතා කරන, සත්‍යය පැවසීමට කැමැත්ත දක්‌වන, රාජ සම්මාන පවා ලබන, නැණවත්, කළගුණ දන්නා, සිත් ඇදනා රූපස්‌වභාවයක්‌ සහිත, ධනවත් කෙනෙක්‌ වෙයි.

    මුවසිරස

    අන් අය කෙරෙහි ද්වේෂ හැඟීමකින් යුත්, කෲර ක්‍රියා හා නොමනා දේවල් කිරීමට මැළි නොවන, චපල ගති සිරිත් සහිත, අහංකාර කතාබහට දක්‍ෂ කෙනෙක්‌ වෙයි.

    අද

    ප්‍රයෝගකාරී වැඩ කරන, අහංකාර, පාප ක්‍රියාවලට බර, වැඩුණු සිරුරක්‌ නොතිබිය හැකි, දිළිදු එහෙත් කළගුණ දන්නා කෙනෙක්‌ වෙයි.

    පුනාවාස

    සෙස්‌සන් විසින් ප්‍රිය කරනු ලබන, තැන්පත් ගතියක්‌ සහිත, දූ දරුවන් හා යාළු මිත්‍රයන්ද සිටින, සැපවත් ජීවිතයකට උරුමකම් කියන, සම්පත්ද තිබිය හැකි කෙනෙක්‌ වෙයි.

    පුස

    ජනයාගේ ප්‍රිය මනාපයට පාත්‍ර වන, දෙවියන්ට පුද පූජා පවත්වන, ධර්මානුකූලව ජීවත් වන, ධනයකට හිමිකම් කියන, ඉවසුම් ගතිය සහිත, කල්පනාකාරීව ක්‍රියා කරන, සැපවත් ජීවිතයකට හිමිකම් කියන කෙනෙක්‌ වෙයි.

    අස්‌ලිය

    අනුන් ගැන නොබලා තමන් ගැනම කල්පනා කරන, කළගුණ නොදන්නා, කෑමට ගිජුකමක්‌ දක්‌වන, කෲර, දුෂ්ට, වංචාවට නැඹුරු, අසත්පුරුෂයකු මෙන් හැසිරිය හැකි කෙනෙක්‌ වෙයි.

    මා

    දැඩි ප්‍රයන්නයකින් රාජ සේවයෙහි නියෑලෙන සේනාධිපතිත්වයකට පත්විය හැකි ධනධාන්‍යයෙන් අනූන, දැසි දසුන් බොහෝ සිටිය හැකි, සැප සම්පත් භුක්‌ති විඳින, උදේයෝගි සම්පන්න, පියාට භක්‌තියක්‌ දක්‌වන කෙනෙක්‌ වෙයි.

    පුවපල්

    ප්‍රසිද්ධියට පත් උගතකු විය හැකි, විදපා, ගව, ධන සම්පතින් යුතු, කාන්තා පක්‍ෂයට ප්‍රිය මනාප ගතියක්‌ දක්‌වන, ගම්භීර ස්‌වභාවයකින් යුතු, සැප විඳිය හැකි කෙනෙක්‌ වෙයි.

    උතුරුපල්

    සෙස්‌සන්ගේ ආදරයට පාත්‍ර වන, බුද්ධිමත්, ශක්‌ති සම්පන්න සිරුරක්‌ සහිත, ශූර ස්‌වභාවයකින් යුතු, මුදු මොළොක්‌ විධියට කතා බස්‌ කරන, අනුන්ට දීමට කැමැත්තක්‌ දක්‌වන, විදීමෙහි නිපුණතාවයක්‌ සහිත කෙනෙක්‌ වෙයි.

    හත

    මත්පැනට ලොල් බවක්‌ දක්‌වන, පර ස්‌ත්‍රීන්ගේ ඇසුරට කැමති, නෑදැයන් විසින් කොන් කෙරුණු, නපුරු ගතිගුණ, සහිත බොරු කියන, විලිබියක්‌ නැති, සොරකමට ද පෙළඹිය හැකි කෙනෙක්‌ වෙයි.

    සිත

    දෙවි බඹුනට හා ආගමටද භක්‌තියක්‌ දක්‌වන නිරතුරු සතුටින් වෙසෙන, ධන ධාන්‍යයෙන් සමන්විත, අඹු දරුවන් සහිත කෙනෙක්‌ වෙයි.

    සා

    දෙවියන්ට භක්‌තියක්‌ දක්‌වන දැහැමි, එතරම් වස්‌තුවන් නැතත්, සැප ලැබිය හැකි, කාන්තාවනට ඇල්මක්‌ දක්‌වන, සමර්ථ ගතියක්‌ සහිත කෙනෙක්‌ වෙයි.

    විසා

    ඉතා උඩගු, අහංකාර, මසුරු, වෙසඟනක්‌ ඇසුරට කැමති, කලහයට කැමැත්තක්‌ දක්‌වන, කෲර ගති සහිත නිකරුණේ කාලය නාස්‌තිකරන කෙනෙක්‌ වෙයි.

    අනුර

    නෑදැ මිත්‍රයන්ගේ කටයුතුවලට උනන්දුවක්‌ දක්‌වන, තම කටයුතුවලදීද පසු නොබසින, සන්තෝෂයකින්, ප්‍රීතියකින් කල්ගත කරන, පිට රටක වාසය කළ හැකි කෙනෙක්‌ වෙයි.

    දෙට

    දහමෙහි ඇලුණු, විචක්‌ෂණ භාවයක්‌ සහිත, මිතු=රු මිතුරියන් විශාල පිරිසක්‌ සිටිය හැකි, ඔවුන්ගේ ප්‍රධානියා පරිද්දෙන් ක්‍රියා කළද හැකි, තමන් සතු දේ අනුන්ට දීමට කැමත්තක්‌ දක්‌වන පහත් පෙළේ පුද්ගලයන්ට අනුකම්පාවක්‌ දක්‌වන අන්දමේ කෙනෙක්‌ වෙයි.

    මුල

    සුවෙන්, සැපෙන් කල් ගත කරන, ධන ධාන්‍ය සහිත, ස්‌ථාවර ස්‌වාභාවයක්‌ අභිමානී ගතියක්‌ පෙන්වන, ගරු නම්බු ලබන, බලයක්‌ සහිත, අනුන්ට හිංසා පීඩා කළ හැකි කෙනෙක්‌ වෙයි.

    පුවසල

    හැම ක්‍රියාවකදීම සමර්ථතාවයක්‌ දක්‌වන, ජනප්‍රියතාවයක්‌ සහිත, වාසනාවන්ත, කෙනෙකුදුටු හැටියේම උපකාර කිරීමට පෙළඹෙන, භාග්‍යවන්ත කෙනෙක්‌ වෙයි.

    උතුරුසල

    සුව සම්පන්න, ශූර මහත සිරුරක්‌ සහිත, මිතුරු මිතුරියන් බොහෝ පිරිසක්‌ සිටිය හැකි, දැහැමි, හික්‌මුණු, ජය ගැනීමට හපන් කෙනෙක්‌ වෙයි.

    අභිජිත්

    බමුණන්ට හා දෙවියන්ටද භක්‌තියක්‌ දක්‌වන, රූපයක්‌වන් සිරුරක්‌ සහිත, යසස්‌ සහිත, සත් පුරුෂයන්ගේ ආදරයට ලක්‌වන කෙනෙක්‌ වෙයි.

    සුවන

    කළගුණ දන්නා, ගුණගරුක දන් දීමට කැමැත්තක්‌ දක්‌වන, ශික්‍ෂණයක්‌ සහිත, රෝග පීඩාදියට ලක්‌ නොවන, වාසනාවන්ත, දරුවන් බොහෝ දෙනෙකු සිටිය හැකි කෙනෙක්‌ වෙයි.

    දෙනට

    සංගීත ශාස්‌ත්‍රයට ඇල්මක්‌ දක්‌වන, රන්රුවන් සහිත, නෑසියන්ගේ ආදරයට ලක්‌වන, සිය දෙනකුට නායකයකු විය හැකි කෙනෙක්‌ වෙයි.

    සියාවස

    ධනවත් වූවද, යටහත් පහත් ගති ඇති, විදේශ ගත වීමට කැමැත්තක්‌ දක්‌වන, පරදාර සේවනයෙහි ලොල් බවකින් යුතු කෙනෙක්‌ වෙයි.

    පුවපුටුප

    කතා බහට කැමැත්තක්‌ දක්‌වන, බොහෝ වේලාවක්‌ නිදියන නිරර්ථක ක්‍රියාවන්හි යෙදෙන, සැපවත් දරුවන් සහිත දුක්‌ දොම්නසින් කාලය ගෙවා දැමිය හැකි කෙනෙක්‌ වෙයි.

    උතුරුපුටුප

    එලලු පැහැති සිරුරක්‌ සහිත බලයක්‌ද තිබෙන, සියලු ධර්මයන් පිළිබඳ අවබෝධයක්‌ සහිත සතුරන් මර්දනය කළ හැකි, දාමරික ගතිද පැවතිය හැකි, කුස්‌ඨ රෝග වැළදීමේ ඉඩකඩද ඇති කෙනෙක්‌ වෙයි.

    රේවතී

    විචක්‌ෂණ භාවයක්‌ සහිත, ශූර, පිරිපුන් අවයවයන් ගෙන් සමන්විත, මාහැඟි ගතිගුණවලින් යුතු, ක්‍රියාවෙහි දක්‍ෂතාවයක්‌ දක්‌වන, පිරිසිදු භාවයක්‌ සහිත, ධනධාන්‍යයද හිමිවන කෙනෙක්‌ වෙයි.

    විමල් වීරසේකර

    පවුසිගේ පෙර ලිපි
    පැරණි ලිපි
    කේන්දරේ කොටු 12 සම්පූර්ණ ලිපිය
    Quote:
    http://www.elakiri.com/forum/showthread.php?t=881957

    ලග්න 12 උපන් අයගේ ගතිගුණ
    සම්පූර්ණ ලිපිය
    Quote:
    http://www.elakiri.com/forum/showthread.php?t=1163555

     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මා

    දැඩි ප්‍රයන්නයකින් රාජ සේවයෙහි නියෑලෙන සේනාධිපතිත්වයකට පත්විය හැකි ධනධාන්‍යයෙන් අනූන, දැසි දසුන් බොහෝ සිටිය හැකි, සැප සම්පත් භුක්‌ති විඳින, උදේයෝගි සම්පන්න, පියාට භක්‌තියක්‌ දක්‌වන කෙනෙක්‌ වෙයි.
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මා

    දැඩි ප්‍රයන්නයකින් රාජ සේවයෙහි නියෑලෙන සේනාධිපතිත්වයකට පත්විය හැකි ධනධාන්‍යයෙන් අනූන, දැසි දසුන් බොහෝ සිටිය හැකි, සැප සම්පත් භුක්‌ති විඳින, උදේයෝගි සම්පන්න, පියාට භක්‌තියක්‌ දක්‌වන කෙනෙක්‌ වෙයි.
    :P
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    පුනාවාස

    සෙස්‌සන් විසින් ප්‍රිය කරනු ලබන, තැන්පත් ගතියක්‌ සහිත, දූ දරුවන් හා යාළු මිත්‍රයන්ද සිටින, සැපවත් ජීවිතයකට උරුමකම් කියන, සම්පත්ද තිබිය හැකි කෙනෙක්‌ වෙයි.

    :D:D:D:D
     

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    විසා

    ඉතා උඩගු, අහංකාර, මසුරු, වෙසඟනක්‌ ඇසුරට කැමති, කලහයට කැමැත්තක්‌ දක්‌වන, කෲර ගති සහිත නිකරුණේ කාලය නාස්‌තිකරන කෙනෙක්‌ වෙයි.

    :baffled::baffled: mama mehema naha ban
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    පුවපල්

    ප්‍රසිද්ධියට පත් උගතකු විය හැකි, විදපා, ගව, ධන සම්පතින් යුතු, කාන්තා පක්‍ෂයට ප්‍රිය මනාප ගතියක්‌ දක්‌වන, ගම්භීර ස්‌වභාවයකින් යුතු, සැප විඳිය හැකි කෙනෙක්‌ වෙයි.