උපාධිය අරන් රට යන පිරිස 80%කට වැඩියි..ලංකාව අර්බුදයක..🔴☹️

CohenLenstra

Well-known member
  • Jan 11, 2024
    1,500
    2,960
    113
    මගේ මතය මෙයාල යන්නේ lifestyle එකට මිසක් ලංකාවේ opportunities නැති එක නෙමෙයි.
    Opportunities නැති නිසා, expected quality of life maintain කරගන්න බෑ.

    ඕකට ඇත්තම හේතුව IMO, රටේ Free Market Economy එකක් නොහැදුන එක. Wealthy සල්ලි වියදම් කරන්න පුළුවන් Company එක එක හේතු නිසා (ත්‍රස්තවාදය, විප්ලව, වර්ජන වගේ දේශපාලන හේතු, සමාජිය හේතු) ලංකාවෙ ආයෝජනය නොකල එක (Low FDI). ලංකාවෙ R&D වලට වියදම් කරන්න පුළුවන් Company අඩුයි. හැදිල නෑ. Private sector එකේ R&D නැතුව ඉතින් Science Community එකක් රටේ ඉතුරු වෙන්නෙ ණෑ. R&D අඩු නිසා ඉතින් STEM Field වල PhD යන ලෙවල් සෙට් එකම ලංකාවෙ ඉන්නෙ ණෑ. ඒ එක්ක එන Corporate Job අඩු නිසා ඉතින් රටේ එලියට දාන බුද්ධිමත් Workforce එත රදවගන්න opportunities නෑ, Job Create වෙනව මදි. Root cause එක Policies වල අවුල් , ආර්තික ක්‍රමයෙ අවුල්, ඒ අවුල් ක්‍රමෙයි එල්ලිල ඉන්න හේතු උන දේශපාලනය, දේශපාලනය ඒ විදියට මාකට් කරන්න හේතු උන සමාජෙ තිබ්බ සුභසාධන Oriented මානසිකත්වය. ප්‍රශ්නෙ තියෙන්නෙ එතන. ඒකට රටේ නැති Opportunities වෙන රටකින් හරි ගන්න යන මිනිස්සු පලිත් නෑ.
    ඔය යන කට්ටියත් short term comforts වලට රටේ තීරණ ගැනීම සුභසාධන පැත්තට තල්ලු කරේ. ඊටපස්සෙ, අපි ගෙවන බදුවලින් අපිට මොනවද ලැබෙන්නේ කියලා බැන බැන රට යනවා.
    maru ne! lankawe low iq higana pakeyo witharai ithiri wenne!

    jeppo sadakal anduwa karai!
    ඔය යන 'උගත් බුද්ධිමත්' අය තමා වැඩිපුර ජෙප්පන්ට support. කොළඹ middleclass areas වල NPP vote percentages බලන්නකෝ... අදටත් NPP support එක ඔය segment එකේ බිඳක්වත් අඩු වෙලා නෑ... ඒගොල්ලො හිතං ඉන්නවා, කොච්චර ඉගෙනගත්තත්, ඒගොල්ලන්ගේ class එකේ අයට එතනින් උඩට යන්න බෑ... මෙච්චරකල් ruling class එකයි, business class එකයි teamup වෙලා උන්ව හූරං කෑවා කියලා... ඒහින්දා ඒගොල්ලො වගේම ගමෙන් ඇවිත් කැළණි කැම්පස් එකෙන් නමට හරි ඩිග්‍රි එකක් තියන එකෙක්ට ඡ්න්දය දුන්නා... තාමත් brainwash වෙලා ඉන්නේ... ඒහින්දා තාම හොඳටම support...
     
    babur.leter

    Member
    Jan 2, 2024
    13
    10
    3
    කලා උපාදිදාරීන් යන්නේ නෑ
    මේකට විසදුමක් විදිහට මෙහෙම යෝජනාවක් තියෙනවා. A /L pass උනාම digree එක free දෙනවා වෙනුවට select වෙන course එකේ වටිනාකම student ට දෙනවා. student ට පුළුවන් කැමති පාඨමාලාවක් කැමති තැනකින් හදාරන්න.
    Govenment university වලට ආණ්ඩුවෙන් funds දෙන්නේ නෑ. එයාල private university එකක් වගේ function වෙන්න ඉඩ දෙනවා .
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,892
    1
    15,228
    113
    ඔය යන කට්ටියත් short term comforts වලට රටේ තීරණ ගැනීම සුභසාධන පැත්තට තල්ලු කරේ. ඊටපස්සෙ, අපි ගෙවන බදුවලින් අපිට මොනවද ලැබෙන්නේ කියලා බැන බැන රට යනවා.
    අපො ණෑ. STEM degree කරල රටකට යන්න තරම් performance තියන උන්ට වෙලාවක් නෑ ඔය අන්තරේ එක්ක පිකට් යන්න. ආට් උන් තමයි ඒ. ආට් උන් රට යන්නෙ නෑ. සුභසාධන කිව්වට හැම සුභසාධනයක්ම නරක නෑ. Free health, education කියන්නෙ හොද දේවල්. සමෘද්ධි, අස්වැසුම, මහපොල, ඕවගෙ ප්‍රශ්නණම් තියනව. ලංකාවෙ Pvt Gov mix එකේ යන Health Education ඇත්තටම හොදයි. මමත් එහෙම රට ගියා, හැබැයි බදු මුදලින් මොනවද ලැබෙන්නෙ කිය කිය රට ගියෙ නෑ මොකද බදු මුදලින් තමයි ඉගෙනගත්තෙ, බෙහෙත් , වැක්සීන්, ගත්තෙ. එහෙම කිය කිය යන්නෙ අර ලංකාවෙ Job දාළ ගේම ගහන්න අමාරු නිසා කලකිරිමෙන් යන සෙට් එක. ඒක කලකිරීමෙන් කියන කතාවක්

    මේකට විසදුමක් විදිහට මෙහෙම යෝජනාවක් තියෙනවා. A /L pass උනාම digree එක free දෙනවා වෙනුවට select වෙන course එකේ වටිනාකම student ට දෙනවා. student ට පුළුවන් කැමති පාඨමාලාවක් කැමති තැනකින් හදාරන්න.
    Govenment university වලට ආණ්ඩුවෙන් funds දෙන්නේ නෑ. එයාල private university එකක් වගේ function වෙන්න ඉඩ දෙනවා .
    ඒකට Pvt Gov දෙකේම Selection Criteria එක විදියට Z score එක ගන්න වෙනව.
    ------ Post added on Feb 27, 2026 at 6:57 PM
     
    • Like
    Reactions: Inigo Montoya

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,500
    2,960
    113
    අපො ණෑ. STEM degree කරල රටකට යන්න තරම් performance තියන උන්ට වෙලාවක් නෑ ඔය අන්තරේ එක්ක පිකට් යන්න. ආට් උන් තමයි ඒ. ආට් උන් රට යන්නෙ නෑ. සුභසාධන කිව්වට හැම සුභසාධනයක්ම නරක නෑ. Free health, education කියන්නෙ හොද දේවල්. සමෘද්ධි, අස්වැසුම, මහපොල, ඕවගෙ ප්‍රශ්නණම් තියනව. ලංකාවෙ Pvt Gov mix එකේ යන Health Education ඇත්තටම හොදයි. මමත් එහෙම රට ගියා, හැබැයි බදු මුදලින් මොනවද ලැබෙන්නෙ කිය කිය රට ගියෙ නෑ මොකද බදු මුදලින් තමයි ඉගෙනගත්තෙ, බෙහෙත් , වැක්සීන්, ගත්තෙ. එහෙම කිය කිය යන්නෙ අර ලංකාවෙ Job දාළ ගේම ගහන්න අමාරු නිසා කලකිරිමෙන් යන සෙට් එක. ඒක කලකිරීමෙන් කියන කතාවක්
    ඔයා proffesionalsලට tax permit නොදෙනවා කියලා කණස්සල්ලෙන් ඉන්න කීදෙනෙක් ඉන්නවාද? ඒවාත් සුභසාධනය නේ. හෙන අමාරුවෙන් ණයක් අරං බිස්නස් කරන මිනිහාට නැති tax permits දීලා තිබ්බනේ ඉස්සර ඔය professionalsලට...

    මං මේ කියන්නේ බහුතරය ගැන...
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,892
    1
    15,228
    113
    ඔයා proffesionalsලට tax permit නොදෙනවා කියලා කණස්සල්ලෙන් ඉන්න කීදෙනෙක් ඉන්නවාද? ඒවාත් සුභසාධනය නේ. හෙන අමාරුවෙන් ණයක් අරං බිස්නස් කරන මිනිහාට නැති tax permits දීලා තිබ්බනේ ඉස්සර ඔය professionalsලට...

    මං මේ කියන්නේ බහුතරය ගැන...
    Professional ලනම් යන්නෙ නෑ ටිකයි යන්නෙ. මොකද උන්ට ඇවිත් කරන්න ජොබ් නෑ. උන් ඉන්නෙ ලංකාවෙ Comfort Zone එකේ. එහෙම ලංකාවෙ Prof උනා කියලවත් USA, Aus ගිහින් Prof තියා Senior Lecturer වත් හම්බෙන්නෑ. Medical Consultant ලට නම් ඔන්න යන්න පුළුවන්. ඒ ටිකදෙනා තමයි යන්නෙ. නිකන් Doctors ල ගියා කියල ජොබ් නෑ. Arts පැත්තෙ උන්ටනම් ගියොත් Cleaning තමයි.
     
    • Sad
    Reactions: Inigo Montoya

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,485
    950
    113
    Engineering out වෙච්ච මගේ යාළුවෝ ගොඩ දෙනෙක් msc දාලා රට ගියා. ගොඩක්ම Civil කරපු අය. හේතුව msc කරන්න උවමනාව නෙවෙයි. ලංකාවේ හරිහමන් පඩියක් එක්ක ජොබ් නැති එක. පට්ටම කට්ටක් කාලා මාසේ දවස් 2-3 විතරක් නිවාඩු අරන් (ඉරිදා සෙනසුරාදා වැඩ) පැය 12+ work hours normally තියෙන ජොබ් වලත් පඩිය ගොඩක් අඩුයි වැඩට සාපෙක්ෂව. මේ හේතුව නිසා තමයි ගොඩක් අය ගියේ.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,545
    113
    මං හිතන්නෙ දැන් රට අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයක් වෙලා.
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,500
    2,960
    113
    Professional ලනම් යන්නෙ නෑ ටිකයි යන්නෙ. මොකද උන්ට ඇවිත් කරන්න ජොබ් නෑ. උන් ඉන්නෙ ලංකාවෙ Comfort Zone එකේ. එහෙම ලංකාවෙ Prof උනා කියලවත් USA, Aus ගිහින් Prof තියා Senior Lecturer වත් හම්බෙන්නෑ. Medical Consultant ලට නම් ඔන්න යන්න පුළුවන්. ඒ ටිකදෙනා තමයි යන්නෙ. නිකන් Doctors ල ගියා කියල ජොබ් නෑ. Arts පැත්තෙ උන්ටනම් ගියොත් Cleaning තමයි.

    මං කියන්නේ next generation proffesionals ලා... Degree ගත්තාම තේරෙනවා ලංකාවේ establish වෙන්න ලේසි නෑ කියලා... ඉතිං යන්න බලනවා...
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    රට යන්න හේතු ගොඩක් තියෙනවා

    (1) ආර්ථික හේතු - මම දන්න එක මනුස්සයෙක් ඉන්නවා. OL,AL දෙකම fail. හොර සහතික හදාගෙන කොහොමහරි ආණ්ඩුවේ රස්සාවකට පැනගත්ත. ඉඩම් තුන හතරක් හම්බුනා wife ගේ පැත්තෙන් සහ දෙමව්පියන්ගේ පැත්තෙන්. ඒවා කිහිපයක් විකුණලා ගෙයක් හැදුව තට්ටු දෙකේ සුකොපබෝගී. වහනයක දෙකක් ගත්ත. දැන් හොදට ඉන්නවා. මුලික වත්කමක් නැති STEM graduate කෙනෙකුට මේ තත්වය එන්න ලේසියෙන් බැහැ ඉහල පඩියක් අරගෙන උනත්. අවුරුදු ගානක් කට්ට කන්න ඕනේ.

    (2) ළමයි- ළමයින්ට ඔරොත්තු නොදෙන තරගකාරිත්වය, ඉතා සීමිත STEM graduate අවස්ථා, රස්සාවල් නිසා ගොඩක් දෙනෙක් ළමයි ගැන හිතල migrate කරනවා.

    (2) රැල්ල - මේක අවතක්සේරු කරන්න හොද නැහැ. එකට ඉන්න යාළුවන් ලංකාවේ පඩිය වගේ 10-20 ගුණයකට යනකොට, එන පීඩනය නිසා migrate කරනවා.( tax, motgage ගෙව්වහම ඉතිරිවෙන දෙයක් නැහැ කියල ගොඩක් දෙනක් දන්නේ නැහැ .එක වෙනම කතාවක්)
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,994
    12,081
    113
    Free ugannana issella 10 year agreement gahanna ona. Naththan tax money waste thama..
    Oya migrate wena un lankawata salli ewanneth na mehe thiyana ewath wikunala $ tika eheta adinawa..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,418
    32,138
    113
    බය වෙන්න එපා

    ඔක්ස්ෆර්ඩ් වලත් දේශන කරන ඩයල් එකක් ඉන්නවා මෙහේ..
    Ilangata thanakola kana un tika ussala gannalu yanne Lol
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,994
    12,081
    113
    ආට් උපාදිදාරීන්ගේ ලොකුම අවුල තමා උන් හෙන දන්නවා කියලා හිතන් ඉන්න ඊගෝ එක ඒක නිසා උන් රජයේ රස්සාම ඉල්ලනවා..උන් තරම් එකෙක් නෑ කියලා
    Unta wena rassa na ban, ekai illanne..
    Science maths unta wage unta private sector ekewath job na.. Labour witharai uruma wenne..

    ඕකට ඇත්තම හේතුව IMO, රටේ Free Market Economy එකක් නොහැදුන එක. Wealthy සල්ලි වියදම් කරන්න පුළුවන් Company එක එක හේතු නිසා (ත්‍රස්තවාදය, විප්ලව, වර්ජන වගේ දේශපාලන හේතු, සමාජිය හේතු) ලංකාවෙ ආයෝජනය නොකල එක (Low FDI). ලංකාවෙ R&D වලට වියදම් කරන්න පුළුවන් Company අඩුයි. හැදිල නෑ. Private sector එකේ R&D නැතුව ඉතින් Science Community එකක් රටේ ඉතුරු වෙන්නෙ ණෑ. R&D අඩු නිසා ඉතින් STEM Field වල PhD යන ලෙවල් සෙට් එකම ලංකාවෙ ඉන්නෙ ණෑ. ඒ එක්ක එන Corporate Job අඩු නිසා ඉතින් රටේ එලියට දාන බුද්ධිමත් Workforce එත රදවගන්න opportunities නෑ, Job Create වෙනව මදි. Root cause එක Policies වල අවුල් , ආර්තික ක්‍රමයෙ අවුල්, ඒ අවුල් ක්‍රමෙයි එල්ලිල ඉන්න හේතු උන දේශපාලනය, දේශපාලනය ඒ විදියට මාකට් කරන්න හේතු උන සමාජෙ තිබ්බ සුභසාධන Oriented මානසිකත්වය. ප්‍රශ්නෙ තියෙන්නෙ එතන. ඒකට රටේ නැති Opportunities වෙන රටකින් හරි ගන්න යන මිනිස්සු පලිත් නෑ.
    Oka aluth deyak nemei awrudu 10 kata issellath thibba..
    Methana seen eka trend ekak haduna yanna bankrupt unata passe..
    ------ Post added on Feb 27, 2026 at 11:37 PM
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,624
    22,773
    113
    අම්බකිස්ස
    මම STEM නිසා මට උන දේවල් ටික මම කියනන්කො, 22 OUT උනේ, රට යන්න ඕනි කමක් තිබ්බෙ නෑ ගෙදර ලොකු ප්‍රශ්න තිබ්නේ නැති නිසා, මාසෙට ලක්ශයක් ගත්තා නන් මට ඒ කාලේ හොදටම ඉන්න පුලුවන්, ගෙවල් වාහන ඉඩම් තිබුන නිසා මම සෙට් වුනා ලංකාවේ ප්‍රයිවට් කම්පැනි එකක් RnD ඩිවිශන් එකකට එතකොට ඒක අවුරුදු 10ක් පරනයි,පරන ප්‍රොජෙක්ට්මයි යන්නේ එකක්වත් කොමර්ශලයිස් කරලා තිබ්බේ නෑ. ඒකේ 65 ට පටන් ගත්තේ ඊට පස්සෙ 85 උනා, කන්ට්‍රැක්ට් හිටියේ, හොද තැනක් හරිම හොදයි කල්චර් එක අවුල තිබ්බේ පටන් අරන් තිබ්බ ප්‍රේජෙක්ට්වල ෆේසිබිලිටි එක හරියට කරලා නෑ,කරන්න පුල්‍ය්වන්ද බැරිද කියන එක.

    සරලවම කිව්වොත් ලෝකේ සුපර් කන්ඩක්ටර්ස්වලට රිසර්ච් මේ වෙනකොටත් සෑහෙන්න කරන්වා හැබැයි ඒවා ගොඩක් කරන්නේ යුනිවල ඒව තව අවුරුදු ගානක් යනකල් කොමර්ශල් ලෙවල් එකට එන්නේ නෑ, හැබැයි මේ දැන් කරන ටික නොකර අතනට යන්නත් බෑ. ඉතිං ඒ ටික යුනිවල කරලා කොමර්ශලයිස් කරන්න ල වුනාම කම්පැනි එනවා කරන් යන්න. හැබැයි මෙකේ පටන් අරන් තිබ්බ එක එහෙම යුනි එකකින් කරන්න් ඕනි එක්ක්, ඒක සමරවිට වැඩකට ඇති දේකට ගන්නම බැරි වෙයි, කොහොම හරි ඉස්සෙල්ල්ම හිටිය කන්සල්ටන්ට් අන්දලා ගේමක් ගහලා තියෙනවා. ඊලගට ලේසියෙන්ම කමර්ශල්‍යිස් කරන්න පුලුවන් ටික කරන් ගියේ කෙල්ලෝ සෙට් එකක්, උන් දවසම ගෙදර ඉන්න බැරි නිසා ජොබ් එකට ආවා මිසක් එ ප්‍රොජෙක්ට් එකට කරන ආව උන් නෙමෙයි. මම හිටිය අවුරුදු එක හමාරටම ප්‍රොග්‍රෙස්ස් එක 0. SLINTEC එකටත් ඔය සෙතේම තමයි වෙලා තිබ්බේ. ඊලගට ඕනි කරන ටෙස්ට් කරගන්න ලේසි නෑ,සමහර ප්‍රොෆාලා/ඉන්වෙස්ටර්ස්ලත් බලන් ඉන්නේ අපෙන් උස්සන්න වගේ හේතු නිසා කවුරුවත් කරන්න ආස නෑ. ඉසුරු කියලා ඩයල් එකක් ඉන්නවා හෙනම ෆේමස් ටෙක්නොලෛජි උස්සලා විකුන්න, ඊලගට අපිට ලේසියෙන්ම කරන්න පුලුවන් ග්‍රැෆයිට්, ඇක්ටිව් කාර්බන්, මිනරල් සෑන්ඩ්, ඇපටයිට් වගේ ඉන්ඩට්‍රීස් හරිම මොනපොලයිස්, උබලා දනන්වද දන්නෙ නෑ, මිනරල් සෑණ්ඩ් වලට උබලට අපිට දැනුම තිබුනා කියලා වැළුව් ඇඩ් කරලා විකුන්න බෑ. ඇක්ටිව් කාරබ්න් වලටත් එහෙමයි නීතිවලිනුයි වෙන ක්‍රම වලිනුයි ඒ පාරවල් වහලා තියෙන්න්නේ ඕවා පිටිපස්සෙ ලංකාවේ ලොකුම බිසනස් කරන අයගේ හෙවනැලි ඉන්නේ රජයවත් මීක් කියාගන්න බැරුව ඉන්නේ.

    ඊට පස්සේ මම ගියා වෙන කම්පැනියකට ඒකේ 1ක් විතර ගත්තා අන්තිමට ඔක්කොම (මට ඇති උනාට ඔක්කොම හදාගන්න එකෙක්ට හැරෙන්නවත් මදි කොරියන් ගිය එකෙක් ලක්ශ 6ක් විතර ගන්නකොට), ගෙදරට විනාඩි 10ක් වගේ දුර, කල්චර් එකක් කියලා නෑ, කුනුහර්පෙන් බනින්නේ මීටීන්වල ප්‍රොමෝශන් බ්ලොක් කරලා, ප්‍රොමෝට් කරන්නෙම AL වලින් සුපර්වයිසර් ආපු අය. කොටින්ම මොරටුවේ මැටීරියල් කරලා මාස්ටර්ස් කරලා අවුරුදු 10/12 ෆීල්ඩ් එකේ එක්ස්පීරියන්ස් ලංකාවෙ ඇතුලේ පිට හැම තැණම වැඩ කරලා ආපු අය ඉන්නවා තම එක්සෙකටිව් AL කරපු අය මැනේජර් යටෙතේ, ඌ තමයි කේලම් ටික කියලා එහෙයි කියලා ඉන්න නිසා.මට කිසිම ආසාවක් තිබ්බේ නෑ එකේ ඉන්න, හැබැයි ගෙදරට ලග නිසා හිටියා,අවුලක් නෑ. මැනුෆැක්චරින් නිසා 90% දේවල් එක්ස්පීරිය්න්ස් එකෙන් කරන්න පුලුවන්. අනික අපේ මාර්කට් එකේ හැටියටයි මිනිස්සුන්ගේ බයින් පවර් එකේ හැටියට අලුතෙන් RnD කරලා දෙයක් දෙනවට වඩා ලේසියෙන් චීනෙන් ගෙන්නලා ලාබයක් තියන් දෙන්න පුලුවන්.

    ඔය අස්සේ රජය STEM ෆීල්ඩ් වලට අදාල කිසිම ජොබ් එකක් අවුරුදු ගානකින් ගැසට් කරලා තිබ්බේ නෑ.උන්ට ඕනි නැති නිසා වෙන්න ඇතිනේ, රස පරීක්ශක වගේ ඒවා. එත්කොට ඒවගේ සැලරි එක්ක එවට මිනිස්සු ආකර්ශනය කරගන්න බැරි වෙලා තියෙනවා රජයට,(ඉස්සෙල්ලත් කාර් පර්මිට් එක ලෝන් ගන්න ලේසි නිසා වගේ නිසානේ රජයේ ඒවට ගියේ, උබලා දන්න පිරිමි කී දෙනෙක් ගුරුවරු විදිහට රස්සාවට ගිහින් තියෙද? කෙල්ලො කී දෙනෙක් උගන්නන් ආස නිසා රස්සාවට ගිහින් තියෙද? STEM කරපු කී දෙනෙක් ගුරුවරු වෙලා තියෙද උබලගේ බැජ්වලින්. ඇයි උබලා ඕවා කලේ නැත්තේ ?

    මම පලවෙනි කම්පැණියේ ඉන්නකොට මගේ ලීඩර්ගේ බල කිරීමට PHD එකකට ඇප්ලයි කලා ඒක ආවා ටෙක්සාස්වලට, ඊයේ තව එකක් ආවා ෆ්ලොරිඩා වලට, ඉතිං ලංකාවට මාව වැඩක් නැත්තං මම මොනා කරන්නද ? රජයක් ඕවට අදාල පරිසරය හදන්න ඕනි, යනවෝ යනවෝ කියලා කිව්වට වැඩක් නෑ. මගේ නන් අයිඩියා එක මේක ඉවර වෙලා ආපහු එන්න බලමු ඉතිං. තමන් කකුලට සප්ත්තු දෙක දාගෙන බලන්න ඕනි ඉලක්කම්වලින්.

    කවුරුහරි කියන්වා නන් අපි නිදහස් අද්‍යාපනයයි සෞඛ්‍යයි සුබසාදනය නතර කරන්න ඕනි කියලා, කරලා බලන්න කොහෙන්ද නතර වෙන්නේ කියලා, ඔවා ලැබෙන්න් ඕනි කෙනාට ලැබෙනවද බලන්වා මිසක් නතර කලාම තියෙන ප්‍රශන වැඩි වෙනැක විතරයි වෙන්නේ.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    බය වෙන්න එපා

    ඔක්ස්ෆර්ඩ් වලත් දේශන කරන ඩයල් එකක් ඉන්නවා මෙහේ..
    මචං පින්වල චාඩ්ලා වගේ උත්තමයෝ PHD තියාගෙනත් මේ රටට කරන සේවය සුළුපටු නෑ. අගයපන් කොනක ඉඳන්
     
    Lion-0

    Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    සාධාරණයි බං බෙල්ල කපනවා වගේ ලොකු ටැක්සෑම් ගහනවා

    අන්තිමට ගෙයක් අරන් මොකුත්ම නැති එකෙක් ගෙයක් හරි වාහනයක් කරගෙන ළමයි විට හොඳ ඉස්කෝලේ දාන්න බං අවුරුදු 40ක් පනහක් ගත්තනම් මේ යන විදිහට ාමාන්‍යයෙන් බලපංකෝ මේ ලක්ෂ පහක් ගත්තත් වාහනයක් ගෙයක් ගන්න වෙන කට්ට. ටැක්ස් අයින් කරාම.
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,702
    17,882
    113
    මචං පින්වල චාඩ්ලා වගේ උත්තමයෝ PHD තියාගෙනත් මේ රටට කරන සේවය සුළුපටු නෑ. අගයපන් කොනක ඉඳන්
    Oxford 😎
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,836
    23,527
    113
    මේක ඇත්ත. සයන්ස් සබ්ජෙක්ස්ට් කරල gov uni යන හැමෝම වගේ migrate කරනව.