මම STEM නිසා මට උන දේවල් ටික මම කියනන්කො, 22 OUT උනේ, රට යන්න ඕනි කමක් තිබ්බෙ නෑ ගෙදර ලොකු ප්‍රශ්න තිබ්නේ නැති නිසා, මාසෙට ලක්ශයක් ගත්තා නන් මට ඒ කාලේ හොදටම ඉන්න පුලුවන්, ගෙවල් වාහන ඉඩම් තිබුන නිසා මම සෙට් වුනා ලංකාවේ ප්‍රයිවට් කම්පැනි එකක් RnD ඩිවිශන් එකකට එතකොට ඒක අවුරුදු 10ක් පරනයි,පරන ප්‍රොජෙක්ට්මයි යන්නේ එකක්වත් කොමර්ශලයිස් කරලා තිබ්බේ නෑ. ඒකේ 65 ට පටන් ගත්තේ ඊට පස්සෙ 85 උනා, කන්ට්‍රැක්ට් හිටියේ, හොද තැනක් හරිම හොදයි කල්චර් එක අවුල තිබ්බේ පටන් අරන් තිබ්බ ප්‍රේජෙක්ට්වල ෆේසිබිලිටි එක හරියට කරලා නෑ,කරන්න පුල්‍ය්වන්ද බැරිද කියන එක.
සරලවම කිව්වොත් ලෝකේ සුපර් කන්ඩක්ටර්ස්වලට රිසර්ච් මේ වෙනකොටත් සෑහෙන්න කරන්වා හැබැයි ඒවා ගොඩක් කරන්නේ යුනිවල ඒව තව අවුරුදු ගානක් යනකල් කොමර්ශල් ලෙවල් එකට එන්නේ නෑ, හැබැයි මේ දැන් කරන ටික නොකර අතනට යන්නත් බෑ. ඉතිං ඒ ටික යුනිවල කරලා කොමර්ශලයිස් කරන්න ල වුනාම කම්පැනි එනවා කරන් යන්න. හැබැයි මෙකේ පටන් අරන් තිබ්බ එක එහෙම යුනි එකකින් කරන්න් ඕනි එක්ක්, ඒක සමරවිට වැඩකට ඇති දේකට ගන්නම බැරි වෙයි, කොහොම හරි ඉස්සෙල්ල්ම හිටිය කන්සල්ටන්ට් අන්දලා ගේමක් ගහලා තියෙනවා. ඊලගට ලේසියෙන්ම කමර්ශල්‍යිස් කරන්න පුලුවන් ටික කරන් ගියේ කෙල්ලෝ සෙට් එකක්, උන් දවසම ගෙදර ඉන්න බැරි නිසා ජොබ් එකට ආවා මිසක් එ ප්‍රොජෙක්ට් එකට කරන ආව උන් නෙමෙයි. මම හිටිය අවුරුදු එක හමාරටම ප්‍රොග්‍රෙස්ස් එක 0. SLINTEC එකටත් ඔය සෙතේම තමයි වෙලා තිබ්බේ. ඊලගට ඕනි කරන ටෙස්ට් කරගන්න ලේසි නෑ,සමහර ප්‍රොෆාලා/ඉන්වෙස්ටර්ස්ලත් බලන් ඉන්නේ අපෙන් උස්සන්න වගේ හේතු නිසා කවුරුවත් කරන්න ආස නෑ. ඉසුරු කියලා ඩයල් එකක් ඉන්නවා හෙනම ෆේමස් ටෙක්නොලෛජි උස්සලා විකුන්න, ඊලගට අපිට ලේසියෙන්ම කරන්න පුලුවන් ග්‍රැෆයිට්, ඇක්ටිව් කාර්බන්, මිනරල් සෑන්ඩ්, ඇපටයිට් වගේ ඉන්ඩට්‍රීස් හරිම මොනපොලයිස්, උබලා දනන්වද දන්නෙ නෑ, මිනරල් සෑණ්ඩ් වලට උබලට අපිට දැනුම තිබුනා කියලා වැළුව් ඇඩ් කරලා විකුන්න බෑ. ඇක්ටිව් කාරබ්න් වලටත් එහෙමයි නීතිවලිනුයි වෙන ක්‍රම වලිනුයි ඒ පාරවල් වහලා තියෙන්න්නේ ඕවා පිටිපස්සෙ ලංකාවේ ලොකුම බිසනස් කරන අයගේ හෙවනැලි ඉන්නේ රජයවත් මීක් කියාගන්න බැරුව ඉන්නේ.
ඊට පස්සේ මම ගියා වෙන කම්පැනියකට ඒකේ 1ක් විතර ගත්තා අන්තිමට ඔක්කොම (මට ඇති උනාට ඔක්කොම හදාගන්න එකෙක්ට හැරෙන්නවත් මදි කොරියන් ගිය එකෙක් ලක්ශ 6ක් විතර ගන්නකොට), ගෙදරට විනාඩි 10ක් වගේ දුර, කල්චර් එකක් කියලා නෑ, කුනුහර්පෙන් බනින්නේ මීටීන්වල ප්‍රොමෝශන් බ්ලොක් කරලා, ප්‍රොමෝට් කරන්නෙම AL වලින් සුපර්වයිසර් ආපු අය. කොටින්ම මොරටුවේ මැටීරියල් කරලා මාස්ටර්ස් කරලා අවුරුදු 10/12 ෆීල්ඩ් එකේ එක්ස්පීරියන්ස් ලංකාවෙ ඇතුලේ පිට හැම තැණම වැඩ කරලා ආපු අය ඉන්නවා තම එක්සෙකටිව් AL කරපු අය මැනේජර් යටෙතේ, ඌ තමයි කේලම් ටික කියලා එහෙයි කියලා ඉන්න නිසා.මට කිසිම ආසාවක් තිබ්බේ නෑ එකේ ඉන්න, හැබැයි ගෙදරට ලග නිසා හිටියා,අවුලක් නෑ. මැනුෆැක්චරින් නිසා 90% දේවල් එක්ස්පීරිය්න්ස් එකෙන් කරන්න පුලුවන්. අනික අපේ මාර්කට් එකේ හැටියටයි මිනිස්සුන්ගේ බයින් පවර් එකේ හැටියට අලුතෙන් RnD කරලා දෙයක් දෙනවට වඩා ලේසියෙන් චීනෙන් ගෙන්නලා ලාබයක් තියන් දෙන්න පුලුවන්.
ඔය අස්සේ රජය STEM ෆීල්ඩ් වලට අදාල කිසිම ජොබ් එකක් අවුරුදු ගානකින් ගැසට් කරලා තිබ්බේ නෑ.උන්ට ඕනි නැති නිසා වෙන්න ඇතිනේ, රස පරීක්ශක වගේ ඒවා. එත්කොට ඒවගේ සැලරි එක්ක එවට මිනිස්සු ආකර්ශනය කරගන්න බැරි වෙලා තියෙනවා රජයට,(ඉස්සෙල්ලත් කාර් පර්මිට් එක ලෝන් ගන්න ලේසි නිසා වගේ නිසානේ රජයේ ඒවට ගියේ, උබලා දන්න පිරිමි කී දෙනෙක් ගුරුවරු විදිහට රස්සාවට ගිහින් තියෙද? කෙල්ලො කී දෙනෙක් උගන්නන් ආස නිසා රස්සාවට ගිහින් තියෙද? STEM කරපු කී දෙනෙක් ගුරුවරු වෙලා තියෙද උබලගේ බැජ්වලින්. ඇයි උබලා ඕවා කලේ නැත්තේ ?
මම පලවෙනි කම්පැණියේ ඉන්නකොට මගේ ලීඩර්ගේ බල කිරීමට PHD එකකට ඇප්ලයි කලා ඒක ආවා ටෙක්සාස්වලට, ඊයේ තව එකක් ආවා ෆ්ලොරිඩා වලට, ඉතිං ලංකාවට මාව වැඩක් නැත්තං මම මොනා කරන්නද ? රජයක් ඕවට අදාල පරිසරය හදන්න ඕනි, යනවෝ යනවෝ කියලා කිව්වට වැඩක් නෑ. මගේ නන් අයිඩියා එක මේක ඉවර වෙලා ආපහු එන්න බලමු ඉතිං. තමන් කකුලට සප්ත්තු දෙක දාගෙන බලන්න ඕනි ඉලක්කම්වලින්.
කවුරුහරි කියන්වා නන් අපි නිදහස් අද්‍යාපනයයි සෞඛ්‍යයි සුබසාදනය නතර කරන්න ඕනි කියලා, කරලා බලන්න කොහෙන්ද නතර වෙන්නේ කියලා, ඔවා ලැබෙන්න් ඕනි කෙනාට ලැබෙනවද බලන්වා මිසක් නතර කලාම තියෙන ප්‍රශන වැඩි වෙනැක විතරයි වෙන්නේ.