උපුල් ගැන කව්ද වග කියන්නේ - වෙදාද ? ලෙඩාද ?
උපුල් ගැන කව්ද වග කියන්නේ - වෙදාද ? ලෙඩාද ? By වතුර කොලුව
බීබීසි සන්දෙශය සේවයට ක්‍රිකට් ලොක්කෙක් ලගදි මාර කතාවක් කියා ඇත. ඒ අපේ උපුල් තරන්ග සම්බන්ධවය උපුල් තරන්ගට අවුරුදු දෙකක තරග විශ්රාමයක් ලබාදීම සම්බන්ධවය. ලබන 24 ඒ කියන්නෙ තව 2 days වලින් උපුල්ගේ ඉරණම විසදෙන පරීක්ශන කටයුත්තක් ඩුබායි ක්‍රිකට් මහ ගෙදර පැවැත්වේ. එයින් වැරදි කරු වුවහොත් උපුල් හට අවුරුදු දෙකක් වැනි කාලයකට නිවාඩු හිමිවේ.
මම මේ සම්බන්දව කලින් ලියා ඇති නිසා නැවත ලිවීම කම්මැලි කටයුත්තකි. කලින් එක කියවන්න. ප්‍රවෘතිය ඇති ආකාරයට මෙම වෙද දුරා මහා බල පුලුවන්කාරයෙකි.(වෙද කමෙන් පමණක් නොව) ඔහුගෙන් බෙහෙත් ගත් කෙනෙකුට වැරදිලා නැත.ඔහු බෙහෙත් කරන්නේ සියල්ලන් දන්න නූතන වයිද්ය ක්‍රම වලින් නොවන බව එහෙන් මෙහෙන් ආරන්චි වී ඇතත් මම ඒ ගැන නොදනී.
උපුල්ට ලෙඩ දී ඇති ඖෂධයනම් ඔය පාරම්පරික එකක් නොවෙන බව මාධ්‍ය හරහා දැක ගත හැකිවිය. එය බටහිර ඖෂධයකි.
ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලියන මහතා මේ ලගදී කියා ඇති අපූරු කථාවනම් හිටපු නායකයාගේ ලිඛිත ඉල්ලීම මත මෙම වෙද දුරා Channel කළ බවයි. ලක්ශ ගණනින් පඩි ගිලින තමන්ගේ වයිද්ය ඒකකය පැත්තකට දමා වෙද දුරාගෙන් බෙහෙත් කොට ඇත්තේ නායකයාට අවශ්‍ය වූ නිසාය.
හිටපු නායකයා අපි සැම අදුරන සංගක්කාරයි, සන්ගා එසේ ඉල්ලා ඇත්තේ වෙද දුරාගේ යම් විශේෂයක් ඇති නිසා විය හැකිය..
කඩේට පොල් ගන්න යන අපේ අම්මල පොල් ගෙඩිය වටේ කරකවා හොලවා බලා පොල් ගන්නේ පොල් ගෙඩියේ බර බැලීමට නෙවෙයිනෙ. පොල් ගෙඩියෙ ඔච්චර හැඩ බලන අම්මලගෙ දරුවො තව කෙනෙක් කිව්ව පළියට තමන්ගේ රැකියාව උගසට තියාවිද...? පොල් ගෙඩියක් ගද්දි ගුණදොස් හොයන රටේ මේවැනි තීරණයක් ගනිද්දී කිසිම විභාගයකින් තිර වීම අහො දුකකි තිතකි ඉරකි.
ජනප්‍රිය වෙදදුරාගේ ඇගට වැරදි පැටවීම අසාධාරණය ඔහුගේ වගකීම ලෙඩා ගොඩ දැමීමය. ලෙඩා ගොඩ යනවනම් අතක් පයක් අයින් කොට හො ලෙඩා ගොඩ දැමිය යුතුය. බලධාරීන් ඇස්කන් වසා අත පය අයින් කරන තුරු බලා සිටීම කදුලු කැට කැට වැටෙන දුක්ක දායක තත්වයකි.
බීබීසී සන්දේශයෙන් අවසාන වශයෙන් ලියන මහතාගෙන් අසා ඇත්තේ ක්‍රීඩකයන්ට වෙදකම් කිරීමට පෙර වෙදදුරා පිළිබද තත්ත්ව වාර්ථාවක් ගත්තේද යන්නයි.. තත්ත්ව වාර්තාවක් නැත්ත අඩුම තරමේ වෙද දුරාගේ බෙහෙත් වට්ටොරුවේ අරලු බුරුලු අතරේ තණකොල නියගලා වැනි දැ තිබේද කියා බැලීම ඔවුන්ගේ වගකීමකි.
වගකීම ඉවත දැමුවත් එය ජාතික වැදගත් කමකි. මහජන මුදල් වලින් යැපෙන (ජනතාව මුදල් කාබාසිනියකර දැමීමටද මේ වනකොට ඉඩ හැර ඇත) ක්‍රීඩා පාළනාධිකාරය වයිද්ය ඒකකය මෙහි සම්පූර්ණ වගකීම දැරිය යුතුය. තමන්ගෙන් සිදුවුණ වැරැද්ද තව කෙනෙක්ගේ පිට පැටවීමේ ළදරු පාට් ලාංකික අපිට දමා වැඩක් නැත.
හෙට ඩිල්ශාන් කලුතර හන්දියේ වෙද මාමාගේ බෙහෙත් බඩ යැමට ගුණ බව පැවසුවහොත් පාලක මණ්ඩලේ බාප්පලා (3 Idots) ඒකටත් ඉඩදෙනු ඇත එවිට Doctor fees ඉතුරු කරගෙන ඒකටත් බූරු ගැසිය හැකි නිසාය. වෙදා බඩ යැමට මදන මොදක දුන්නත් ලොක්කන්ට වැඩක් නැත. ඩිල්ශාන් කියපු නිසා වෙදාගෙන් මදන මොදක ගිල්ල බව පවසනු ඇත. ඉන්පසු පාරම්පරිකව බෙහෙත් කළ වෙදාගේ දෙමව්පියන් ජනතාවගෙන් බැනුම් අසනු ඇත.
මෙය ලියන මා මේ කිසිවක් ගැන හරි හැටි නොදනී. නමුත් එදිනෙදා කියවන්නට ලැබුණු මාධ්‍ය වාර්තා අනුව මෙය සකස් කරන ලදී. මාධ්‍ය වාර්ථා සියල්ලම සාවධ්යනම් අපේ පාළකයො ඉතා පව්ය. නමුත් ඔවුන් මාධ්‍ය ඉදිරියට විත් මාගේ මෙම ප්‍රශ්න ටිකට පිළිතුරු සැපයිය යුතුය.
1. ලංකාවේ වයිද්ය වරයෙක් නොවෙන කෙනෙකුට ලොක පූජිත ක්‍රීඩකයෙක්ට වයිද්ය නිරීක්ශන නොමැතිව ප්‍රතිකාර කල හැකිද..?
2. ඒ ඒ ක්‍රීඩකයන්ට ලබාදුන් පාරම්පරික වයිද්ය මාත්‍රා සදහන් කරන්න..?
3. එම ඖෂධ හො වයිද්ය ක්‍රම සනාත කළ බවට සාක්ශි ඉදිරිපත් කරන්න පුලුවන්ද..?
4. ඖශධ පාරම්පරිම ඖෂධ නම් රසායනාගර පරීක්ශන හා පිළිගත් වයිද්ය මණ්ඩලයකගේ අනුමැතිය ලබාගත් ලේඛන..
5. ක්‍රීඩා වයිද්ය ඒකකය මගින් ප්‍රතිකාර කරානම් වගකීම 100% ඔවුන් භාරගත යුතුයිනෙ ද... ?
6. ක්‍රීඩකයෙක්ට ක්‍රීඩා වයිද්ය වරුන් නොදැන පැනඩොල් හො තමන්ට හිතෙන අකාරයෙන් පානය කල හැකිද යන වග...
මේවාට ලැජ්ජ බය නැතිව පිළිතුරු දිය හැකිනම් ජනතාව මාධ්‍ය තබා බල්ලෙක්වත් පරිපාලකයන්ට නොබුරනු ඇත.
දවල් මිගෙල් රැ මැගියෙල් වැනි කොමඩි චිත්‍රපට රගපැමට සංවාද හා මාධ්‍ය සාකච්චා පවත්වා කිසි සේත්ම වැඩක් නැත.
Tags: cricket doctors, 3 idiots, nishantha, slc, corruption, dope positive, dope test, upul, upul tharanga, තරන්ග
Read more: http://www.cricturf.com/blogs/entry/...#ixzz1Psnrp0VQ
මේකට වෙද මාමටවත් ජනධිපති මමටවත් බැනල වැඩක් නැහැ.. හැබැයි මුන්ව පත් කරාටනම් ඉතින් ජනාධිපති මාම වගකියන්න ඔනෙ.
මේ ගැන ඔබේ අදහස මොකද්ද...?
මේ වගේ හිතෙන දෙ ලියන්න එකතුවෙන්න.. හැබැයි බොරු ලියන්න නොවේ.

Last edited: