Loka pujitha sanga

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,792
    35,648
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සංගක්කාර අඳ ගොවියෙක්…. යහළි සංගක්කාර රුපියල් 7000ක මාසික ආදායමක් ලබන අඩු ආදායම් ලාභී කාන්තාවක්..
    හොරට හැඳුනුම්පතකුත් හදලා… පවරන් තියෙන්නෙ රෝගී වෙලා අරසණ වුණු යුවලකගෙ ඉඩමක්….
    අඩු ආදයම් ලාභී පවුල්වලට ජීවත්වෙන්න දෙන ඉඩම් කට්ටියත් කූට ලේඛණ හදලා කොල්ල කාලා… නඩු ඇහුවොත් ඇපත් නැතිව හිරේ….
    කුමාර් සංගක්කාරට හා යහළි සංගක්කාරට යළත් ස්තුතිවන්ත විය යුතුව තිබේ. ඒ මේ රටේ අවස්ථාවදී පාදඩ හිඟන්නන් විනා මහත්වරුන් නැති බවත්, පුරවෘත්ත තැනූ මිනිස්සුන් තුළ ඇත්ත මිනිසුන් ජීවත් වී නැති බවත් කියා දීම සම්බන්ධවය.

    එය අප ප්‍රාර්ථනා නොකළ කතාවකි. මරණයට වැටී දහදුක් විඳින අහිංසක පවුලක ඉඩම් කොටසක් ඔවුන්ට ප්‍රතිකාර සඳහා උදව් උපකාර කර ලබා දුන් මුදලට සරිවන්නට ලියා ගැනීමට තරම් හිඟන්නෙක් සංගාකාර තුළ ජීවත් වෙමින් සිට ඇත. ඒ වෙනුවෙන් අඩු ආදායම් ලාභී කාන්තාවක් ලෙස පෙනී සිටින්නටත්, කූට ලේඛන හදා ගන්නටත්, ලෝක පූජිත තම සැමියා අඳ ගොවියෙක් කරන්නටත් ඔහුගේ බිරිය යහළි සංගක්කාරට හැකි වී තිබේ

    අද සිළුමිණ පුවත්පත මේ කතාව තොරතුරු සහිතව හෙළිදරව් කර තිබුණේය. තොරතුරු දැනගනැමේ පනත යටතේ ලබාගත් තොතරතුරු ප්‍රකාරව නියමාකාර ගවේෂණාත්මක වාර්තාකරණයක් සිදුකර මේ අශිෂ්ට ගනුදෙණුව ගැන ලෝකයට කියා තිබුණේය.

    අප කිසිවිටෙක ප්‍රාර්ථනා නොකළ සංගක්කාරගේ නිරුවත්වීම පෙළ ගැසෙන්නේ මෙසේය.

    දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන ග්‍රාම නිලධාරීවරයෙක් හදිසි වැඩ තහනමකට ලක් විය. සිද්ධිය ඉඩම් ගනුදෙණුවකි. මෙම ගනුදෙණුවේ සැකකටයුතු භාවය සම්බන්ධව ප්‍රශ්න කෙරෙමින් පැවතිනි. ඒ නිසා සිළුමිණ පුවත්පත වෙනුවෙන් ලිපියක් සපයන සීගිරිය විශේෂ වාර්තාකරු තොරතුරු දැනගැනීමේ පනත යටතේ මෙම ගනුදෙනුවේ සියලු ලේඛණ ලබාගෙන තිබුණේය.

    දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මයිලත්තාව ප්‍රදේශයෙ පදිංචි ඇතුල් පේලිගේ පද්මිණි නැමිති දුගී කාන්තාවක් ඉඩමක් රජයෙන් පවාරාගෙන ජීවත් වූවාය. ඇයත් ඇයගේ සැමියාත් සිටියේ ලෙඩ ගානේය. අන්ත අසරණ මේ යුවලට ඉඩම භුක්ති විඳිමින් එය නඩත්තු කරගැනීමට හැකියාවක් නොතිබිණි. ඒ නිසා තවත් අඩු ආදායම් ලාභී කාන්තාවකට එය පවරා දෙන ලෙස ඇය ප්‍රාදේශීය ලේකම් වරයාගෙන් ඉල්ලා සිටියාය.

    මෙවන් හිමිකමක් පැවරීමට වසමේ ග්‍රාම නිලධාරීවරයා මෙන්ම ඉඩම් නිලධාරීවරයා ද හිමිකම පරීක්ෂා කළ යුතුය. අනතුරුව සියලු තොරතුරු ප්‍රාදේශීය ලේකම්වරයාට ලබා දිය යුතුය. අවසානයේ පැවරීම සනාථ කරන අත්සන ප්‍රාදේශිය ලේකම් විසින් තැබිය යුතුය.

    ඉඩම පවරා තිබුණේ ඇරුව්වල දඹුල්ල යන ලිපිනයේ පදිංචි කාන්තාවකටය. පදිංචිය තහවුරු කිරීම සඳහා ඇයගේ හැඳුනුම්පතේ පිටපතක් ද ලේඛණයට අමුණා තිබුණේය. ඉදිරිපත් වූ තොරතුරු අනුව ඇය අඩු ආදායම් ලාභීය. ග්‍රාමසේවකවරයා තහවුරු කළ ආකාරයට මාසික ආදායම රුපියල් 7000ක් පමණය. සැමියා කරන්නේ ගොවිතැන්ය. දෙපළට දරුවන් නැත. දඹුල්ල ප්‍රාදේශීය ලේකම් පියල් ජයසූරියගේ අත්සනින් යුතුව දෙසැම්බර් 14 දා ඉඩම ඉහත අඩු ආදායම් ලාභී කාන්තාවට පැවරීමට ප්‍රාදේශීය ලේකම් කටයුතු කළේය. ඉඩමේ වපසරිය රූඩ් 2යි පර්චස් 15.1කි.

    එහෙත් තොරුතුරු සොයගෙන යනවිට එවැනි කාන්තාවක් දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ලියාපදිංචි වී සිටියේ නැත. ඉහළ ඇරැව්වල දඹුල්ල ලිපිනයේ පදිංචි එවැනි කාන්තාවක් ගැන කිසිදු තොරතුරක් තිබුණේ නැත. කෙසේ වෙතත් මේ කාන්තාව කවරෙක් දැයි ඇය ඉදිරිපත් කර තිබූ ව්‍යාජ හැඳුනුම්පතේ රූපය අනුවම නිශ්චය කරගත හැකි විය.

    හෙළි වන්නේ අපි කිසිවිටෙකත් ඇසිය යුතු නැති අසන්නට බලාපොරොත්තු නොවූ කතාවකි. අඩු ආදායම් ලාභී කාන්තාවක් ලෙස පෙනී සිටිමින් මේ ඉඩම පවරාගෙන තිබුණේ මහත්මයෙක් සේ ලෝකය හඳුනාගත් ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාරගේ බිරිය යහළි සංගක්කාරය.

    සංගක්කාර බිරිය ඉඩම පවරා ගත් දුගී කාන්තාව තමා ඉඩම ලබා දුන්නේ කවරෙකුටදැයි දැන සිටියේ නැත. ඇය මෙසේ කීවාය.

    “ මමයි මහත්තයයි දෙන්නම අසනීපෙන්. අපිට බෙහෙත් ගන්න උදව් කළා මගෙ ඉඩම ලඟ ඉඩමක කෙනෙක්. එයා අපට සල්ලි දුන්නා. ඉතින් අපි එයාට මේ ඉඩම පැවරුවා… ඉඩම දැනට පැවරී තියෙන කෙනා ගැන දන්නෙ නෑ මහත්තයා…“

    දැන් සතා එළියට පැන ඇත. යලි ඒ තිරිසනා මල්ලට දමාගෙන සඟවා ගන්නට ඔවුන්ට හැකිවනු ඇතිදැයි නොදනිමු. ලංකාවේ ජීවත්වන සුපිරි කෝටිපතියෙක් වූ සංගක්කාර, ස්වකීය වෘත්තියෙන් ලැබිය හැකි ඉහළම වේතන ලබන සංගක්කාර, ත්‍රී විල් විකිණීමේ සිට පිළිකාකාරක නූඩ්ල්ස් යහ හතර නොදන්නා පොඩි උන්ට විකුණා මුදල් හම්බකිරීමට සූදානම්ව සිටි සංගක්කාර අඳ ගොවියෙකුට ඇඳගෙන මැරෙන්නට වැටී සිටි මිනිහෙකුගේ ඉඩමක් ව්‍යාජ ලිපි ලේඛණ සකසා පවරා ගැනීමට තරම් වූ හිඟන්නෙක් බව දෙවියන් පල්ල මේ ලියන මාවත් සිහිනයෙන් හෝ සිතුවේ නැත. සංගක්කාරගේ “බයෝ ග්‍රැෆිය“ ඉංග්‍රීසියෙන් ලියූ පසු එය සිංහලට නගන්නට බලා සිටින මහාචාර්ය ලියනගේ අමරකීර්තිත් මේ වග හිතන්නට නැත. ඔස්කාවයිල්ඩ් ගේ පොත් ඉංග්‍රීසියෙන් කියවූ සාහිත්‍යධර සංගක්කාරලා මේ රටේ මිනිස්සුන්ගේ පරඬැල් වැනි ජිවිතවලට ආදරය කර නැතිබව අමරකීර්ති ලියා තබනු ඇතිදැයි නොදනිමි.

    ඊයේ වනවිට මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී මේ සම්බන්ධව වහාම පරීක්ෂණයක් කර ඔප්පු අවලංගු කිරීමට කටයුතු කරන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර, නිතිඥ ලලිත් යු ගමගේ අදාළ නිලධාරින්ට උපදෙස් දුන් බව වාර්තා විය. සිදුවෙමින් ඇත්තේ බරපතල ක්‍රියාවක් බව කීවේය. දුගී මිනිස්සුන්ගේ ඉඩම් කොල්ලකන මේ කටයුතුවලට වැට බැඳිය යුතු බව කීවේය. ඔහු කීවේ හොර ඔප්පු හැදූ ග්‍රාමසේවකගේ දරුවෙක් කුමාර් සංගක්කාර විසින් නුවර උසස් විද්‍යාලයකට ඇතුළත් කර දී ඇති බවය.

    මේ පාදඩ වංචාවට නීතිය ක්‍රියාත්මක වුවහොත් ඇපත් නැත. හොර ඔප්පු පමණක් නොව හොර හැඳුනුම්පත් කූට ලේඛන ඉදිරිපත් වී තිබේ. එසේ කර වංචා කර ඇත්තේ එදාවේල හොයාගන්නට බැරි දුගී අසරණයන්ගේ වත්කම්ය.

    අප දැන් බලා සිටින්නේ රටේ නීතිය දෙසය.
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    enna kakuluwek kaala yanna..............
    Chef-Front-1536x967.jpg
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,656
    3,969
    113
    හොර බොරු නොකර ජිවත්වෙන්නේ හරිම ටික දෙනයි. ඉහල පන්තිය, මැද පන්තිය, පහල පන්තිය කියල නැ, මොකක් හරි වංචාවක් කරලා ගානක් අතට එනවනම්.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    මේව ඇත්තනම් මුන්වගේ කාලකන්නින්ට රිදෙන්න දීල රෙදිගලවන්න ඕන සමාජ මාද්යවලින්. ලැජ්ජ නැද්ද ඔච්චර ප්‍රකෝටි ගනන් හම්බ කරල හිගන්නන්ගෙ කොලපතත් කොල්ල කන්න.. වසවිස තියෙන කෑම් බීම් ඇඩ් ප්‍රමෝට් කරලම කෝටි කියක් හොයනවද
     
    • Like
    Reactions: Solo Rider

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මට පේන විදිහට මිනිහට කොහොමත් ඔය ආශ්‍රිතව ඉඩමක් තිබිලා තියනවා. යාබද ඉඩම මුදලට අරගත්ත සීන් එකක් වගේ. සමහර ඉඩම් එහෙම පවරන්න බෑ. ඒ වගේ එකකට කූට ලේඛන හදලා දුන්නද දන්නෙ නෑ. කොහොමත් සංගට රට වටේම වතු තියනවා. ඒවත් ඉතින් දුප්පත් මිනිස්සුන්ගෙන් ගත්ත ඒවම වෙන්න ඇති. කෙහෙ හරි එනසාලුත් වවනවා.
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,641
    5,702
    113
    මේ සිදුවීම සම්බන්ධයෙන් සංගා හෝ එයාගේ වයිෆ් වැරදි කාරයන් විය හැකියි. ඔවුන්ගේ පැත්තෙන් මේ කතාව කියැවුණාට පසුව වැරදි කරුවන් කව්ද කියා තීරණය කරනවා මිසක්, ඒක පාර්ශ්විකව තීරණ අරං කෙනෙකුගේ චරිතය ඝාතනය කරන්න මම නම් ඉක්මන් වෙන්නේ නැහැ.
    මේ සිද්ධිය මොකක්ද කියන එකයි මෙතන තියන වැදගත්ම කාරණය.
    සංගා හෝ වයිෆ් මේ ඉඩම ගත්තා නම් විකුණුම් කරු(හෝ පැවරුම්කරු) විය යුත්තේ මේ ඉඩමේ මුල් අයිතිකරුවනට ඔවුන්ගේ ප්‍රතිකාර සඳහා මුදල් ලබා දුන් තැනැත්තා මිසක් ඒ රෝගී පුද්ගලයින් නොවෙයි. ඒ හැර, මේකට තවත් අතරමැදියන් දෙතුන් දෙනෙකු හෝ ඊටත් වැඩියෙන් වත් ඉන්න පුළුවන්.

    //අඩු ආදායම් ලාභී කාන්තාවක් ලෙස පෙනී සිටිමින් මේ ඉඩම පවරාගෙන තිබුණේ මහත්මයෙක් සේ ලෝකය හඳුනාගත් ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාරගේ බිරිය යහළි සංගක්කාරය.//

    //“ මමයි මහත්තයයි දෙන්නම අසනීපෙන්. අපිට බෙහෙත් ගන්න උදව් කළා මගෙ ඉඩම ලඟ ඉඩමක කෙනෙක්. එයා අපට සල්ලි දුන්නා. ඉතින් අපි එයාට මේ ඉඩම පැවරුවා… ඉඩම දැනට පැවරී තියෙන කෙනා ගැන දන්නෙ නෑ මහත්තයා…“//

    //දැන් සතා එළියට පැන ඇත. යලි ඒ තිරිසනා මල්ලට දමාගෙන සඟවා ගන්නට ඔවුන්ට හැකිවනු ඇතිදැයි නොදනිමු. ලංකාවේ ජීවත්වන සුපිරි කෝටිපතියෙක් වූ සංගක්කාර, ස්වකීය වෘත්තියෙන් ලැබිය හැකි ඉහළම වේතන ලබන සංගක්කාර, ත්‍රී විල් විකිණීමේ සිට පිළිකාකාරක නූඩ්ල්ස් යහ හතර නොදන්නා පොඩි උන්ට විකුණා මුදල් හම්බකිරීමට සූදානම්ව සිටි සංගක්කාර අඳ ගොවියෙකුට ඇඳගෙන මැරෙන්නට වැටී සිටි මිනිහෙකුගේ ඉඩමක් ව්‍යාජ ලිපි ලේඛණ සකසා පවරා ගැනීමට තරම් වූ හිඟන්නෙක් බව දෙවියන් පල්ල මේ ලියන මාවත් සිහිනයෙන් හෝ සිතුවේ නැත. //

    මේ ඉහත උපුටා ගැනීම් වලින් මම පෙන්නන්න අදහස් කලේ අපේ ලාංකික සමාජය කෙනකුට පහර ගහන්න ලැබුන අවස්ථාවන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගන්නා හැටි පෙන්නුම් කිරීමටයි.

    කවදා හෝ මේ සිද්ධියේ සියලු තොරතුරු හෙළි උනාට පසුව, මමත් සංගා හා එයාගේ වයිෆ් මේ වගේ පහත් පුද්ගලයන් කියා හෙලා දකිනවා මිසක්, judge, jury and executioner විදියට රඟපාලා කෙනෙකුගේ චරිතය ඝාතනය කරන්න ඉක්මන් වෙන්නේ නැහැ.
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    මේක ගැන හරියටම ඇත්ත දන්නෙ නැතුව මොකුත් දාන්න හොඳ නැහැ. සිළුමිණ කියන්නෙත් මිනිස්සුන්ට මඩ ගහපු මාධ්‍යවේදියෝ හිටිය පත්තරයක්. යෙහාලිගේ නම විකුණලා වෙනකෙනෙක් කරානම් ......
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,802
    31,592
    113
    සංගක්කාර අඳ ගොවියෙක්…. යහළි සංගක්කාර රුපියල් 7000ක මාසික ආදායමක් ලබන අඩු ආදායම් ලාභී කාන්තාවක්..
    හොරට හැඳුනුම්පතකුත් හදලා… පවරන් තියෙන්නෙ රෝගී වෙලා අරසණ වුණු යුවලකගෙ ඉඩමක්….
    අඩු ආදයම් ලාභී පවුල්වලට ජීවත්වෙන්න දෙන ඉඩම් කට්ටියත් කූට ලේඛණ හදලා කොල්ල කාලා… නඩු ඇහුවොත් ඇපත් නැතිව හිරේ….
    කුමාර් සංගක්කාරට හා යහළි සංගක්කාරට යළත් ස්තුතිවන්ත විය යුතුව තිබේ. ඒ මේ රටේ අවස්ථාවදී පාදඩ හිඟන්නන් විනා මහත්වරුන් නැති බවත්, පුරවෘත්ත තැනූ මිනිස්සුන් තුළ ඇත්ත මිනිසුන් ජීවත් වී නැති බවත් කියා දීම සම්බන්ධවය.

    එය අප ප්‍රාර්ථනා නොකළ කතාවකි. මරණයට වැටී දහදුක් විඳින අහිංසක පවුලක ඉඩම් කොටසක් ඔවුන්ට ප්‍රතිකාර සඳහා උදව් උපකාර කර ලබා දුන් මුදලට සරිවන්නට ලියා ගැනීමට තරම් හිඟන්නෙක් සංගාකාර තුළ ජීවත් වෙමින් සිට ඇත. ඒ වෙනුවෙන් අඩු ආදායම් ලාභී කාන්තාවක් ලෙස පෙනී සිටින්නටත්, කූට ලේඛන හදා ගන්නටත්, ලෝක පූජිත තම සැමියා අඳ ගොවියෙක් කරන්නටත් ඔහුගේ බිරිය යහළි සංගක්කාරට හැකි වී තිබේ

    අද සිළුමිණ පුවත්පත මේ කතාව තොරතුරු සහිතව හෙළිදරව් කර තිබුණේය. තොරතුරු දැනගනැමේ පනත යටතේ ලබාගත් තොතරතුරු ප්‍රකාරව නියමාකාර ගවේෂණාත්මක වාර්තාකරණයක් සිදුකර මේ අශිෂ්ට ගනුදෙණුව ගැන ලෝකයට කියා තිබුණේය.

    අප කිසිවිටෙක ප්‍රාර්ථනා නොකළ සංගක්කාරගේ නිරුවත්වීම පෙළ ගැසෙන්නේ මෙසේය.

    දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන ග්‍රාම නිලධාරීවරයෙක් හදිසි වැඩ තහනමකට ලක් විය. සිද්ධිය ඉඩම් ගනුදෙණුවකි. මෙම ගනුදෙණුවේ සැකකටයුතු භාවය සම්බන්ධව ප්‍රශ්න කෙරෙමින් පැවතිනි. ඒ නිසා සිළුමිණ පුවත්පත වෙනුවෙන් ලිපියක් සපයන සීගිරිය විශේෂ වාර්තාකරු තොරතුරු දැනගැනීමේ පනත යටතේ මෙම ගනුදෙනුවේ සියලු ලේඛණ ලබාගෙන තිබුණේය.

    දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මයිලත්තාව ප්‍රදේශයෙ පදිංචි ඇතුල් පේලිගේ පද්මිණි නැමිති දුගී කාන්තාවක් ඉඩමක් රජයෙන් පවාරාගෙන ජීවත් වූවාය. ඇයත් ඇයගේ සැමියාත් සිටියේ ලෙඩ ගානේය. අන්ත අසරණ මේ යුවලට ඉඩම භුක්ති විඳිමින් එය නඩත්තු කරගැනීමට හැකියාවක් නොතිබිණි. ඒ නිසා තවත් අඩු ආදායම් ලාභී කාන්තාවකට එය පවරා දෙන ලෙස ඇය ප්‍රාදේශීය ලේකම් වරයාගෙන් ඉල්ලා සිටියාය.

    මෙවන් හිමිකමක් පැවරීමට වසමේ ග්‍රාම නිලධාරීවරයා මෙන්ම ඉඩම් නිලධාරීවරයා ද හිමිකම පරීක්ෂා කළ යුතුය. අනතුරුව සියලු තොරතුරු ප්‍රාදේශීය ලේකම්වරයාට ලබා දිය යුතුය. අවසානයේ පැවරීම සනාථ කරන අත්සන ප්‍රාදේශිය ලේකම් විසින් තැබිය යුතුය.

    ඉඩම පවරා තිබුණේ ඇරුව්වල දඹුල්ල යන ලිපිනයේ පදිංචි කාන්තාවකටය. පදිංචිය තහවුරු කිරීම සඳහා ඇයගේ හැඳුනුම්පතේ පිටපතක් ද ලේඛණයට අමුණා තිබුණේය. ඉදිරිපත් වූ තොරතුරු අනුව ඇය අඩු ආදායම් ලාභීය. ග්‍රාමසේවකවරයා තහවුරු කළ ආකාරයට මාසික ආදායම රුපියල් 7000ක් පමණය. සැමියා කරන්නේ ගොවිතැන්ය. දෙපළට දරුවන් නැත. දඹුල්ල ප්‍රාදේශීය ලේකම් පියල් ජයසූරියගේ අත්සනින් යුතුව දෙසැම්බර් 14 දා ඉඩම ඉහත අඩු ආදායම් ලාභී කාන්තාවට පැවරීමට ප්‍රාදේශීය ලේකම් කටයුතු කළේය. ඉඩමේ වපසරිය රූඩ් 2යි පර්චස් 15.1කි.

    එහෙත් තොරුතුරු සොයගෙන යනවිට එවැනි කාන්තාවක් දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ලියාපදිංචි වී සිටියේ නැත. ඉහළ ඇරැව්වල දඹුල්ල ලිපිනයේ පදිංචි එවැනි කාන්තාවක් ගැන කිසිදු තොරතුරක් තිබුණේ නැත. කෙසේ වෙතත් මේ කාන්තාව කවරෙක් දැයි ඇය ඉදිරිපත් කර තිබූ ව්‍යාජ හැඳුනුම්පතේ රූපය අනුවම නිශ්චය කරගත හැකි විය.

    හෙළි වන්නේ අපි කිසිවිටෙකත් ඇසිය යුතු නැති අසන්නට බලාපොරොත්තු නොවූ කතාවකි. අඩු ආදායම් ලාභී කාන්තාවක් ලෙස පෙනී සිටිමින් මේ ඉඩම පවරාගෙන තිබුණේ මහත්මයෙක් සේ ලෝකය හඳුනාගත් ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාරගේ බිරිය යහළි සංගක්කාරය.

    සංගක්කාර බිරිය ඉඩම පවරා ගත් දුගී කාන්තාව තමා ඉඩම ලබා දුන්නේ කවරෙකුටදැයි දැන සිටියේ නැත. ඇය මෙසේ කීවාය.

    “ මමයි මහත්තයයි දෙන්නම අසනීපෙන්. අපිට බෙහෙත් ගන්න උදව් කළා මගෙ ඉඩම ලඟ ඉඩමක කෙනෙක්. එයා අපට සල්ලි දුන්නා. ඉතින් අපි එයාට මේ ඉඩම පැවරුවා… ඉඩම දැනට පැවරී තියෙන කෙනා ගැන දන්නෙ නෑ මහත්තයා…“

    දැන් සතා එළියට පැන ඇත. යලි ඒ තිරිසනා මල්ලට දමාගෙන සඟවා ගන්නට ඔවුන්ට හැකිවනු ඇතිදැයි නොදනිමු. ලංකාවේ ජීවත්වන සුපිරි කෝටිපතියෙක් වූ සංගක්කාර, ස්වකීය වෘත්තියෙන් ලැබිය හැකි ඉහළම වේතන ලබන සංගක්කාර, ත්‍රී විල් විකිණීමේ සිට පිළිකාකාරක නූඩ්ල්ස් යහ හතර නොදන්නා පොඩි උන්ට විකුණා මුදල් හම්බකිරීමට සූදානම්ව සිටි සංගක්කාර අඳ ගොවියෙකුට ඇඳගෙන මැරෙන්නට වැටී සිටි මිනිහෙකුගේ ඉඩමක් ව්‍යාජ ලිපි ලේඛණ සකසා පවරා ගැනීමට තරම් වූ හිඟන්නෙක් බව දෙවියන් පල්ල මේ ලියන මාවත් සිහිනයෙන් හෝ සිතුවේ නැත. සංගක්කාරගේ “බයෝ ග්‍රැෆිය“ ඉංග්‍රීසියෙන් ලියූ පසු එය සිංහලට නගන්නට බලා සිටින මහාචාර්ය ලියනගේ අමරකීර්තිත් මේ වග හිතන්නට නැත. ඔස්කාවයිල්ඩ් ගේ පොත් ඉංග්‍රීසියෙන් කියවූ සාහිත්‍යධර සංගක්කාරලා මේ රටේ මිනිස්සුන්ගේ පරඬැල් වැනි ජිවිතවලට ආදරය කර නැතිබව අමරකීර්ති ලියා තබනු ඇතිදැයි නොදනිමි.

    ඊයේ වනවිට මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී මේ සම්බන්ධව වහාම පරීක්ෂණයක් කර ඔප්පු අවලංගු කිරීමට කටයුතු කරන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර, නිතිඥ ලලිත් යු ගමගේ අදාළ නිලධාරින්ට උපදෙස් දුන් බව වාර්තා විය. සිදුවෙමින් ඇත්තේ බරපතල ක්‍රියාවක් බව කීවේය. දුගී මිනිස්සුන්ගේ ඉඩම් කොල්ලකන මේ කටයුතුවලට වැට බැඳිය යුතු බව කීවේය. ඔහු කීවේ හොර ඔප්පු හැදූ ග්‍රාමසේවකගේ දරුවෙක් කුමාර් සංගක්කාර විසින් නුවර උසස් විද්‍යාලයකට ඇතුළත් කර දී ඇති බවය.

    මේ පාදඩ වංචාවට නීතිය ක්‍රියාත්මක වුවහොත් ඇපත් නැත. හොර ඔප්පු පමණක් නොව හොර හැඳුනුම්පත් කූට ලේඛන ඉදිරිපත් වී තිබේ. එසේ කර වංචා කර ඇත්තේ එදාවේල හොයාගන්නට බැරි දුගී අසරණයන්ගේ වත්කම්ය.

    අප දැන් බලා සිටින්නේ රටේ නීතිය දෙසය.
    මේ රටේ නීතීඥ/පෙරකදෝරු හැත්තට තමයි දඬුවම් කරන්න ඕන වෙන උන් කීය ගෙවනව කීවත් ඇයි ඕකුං කූට ලේඛන හදල දෙන්නෙ හොරට? සිස්ටම් එකම හොරකමට හදාගෙන ඉන්නේ කච්චේරියේ ඉඳල පගාවට වැඩ කරගන්න. ඔය lawyer හැත්තට ඉඩම් පත්තිරු වෙනස් කරන්න දෙන සිස්ටම් එකම හොරකමට මාවතක්. උන් වෙන මිනිස්සුන්ගේ ඉඩම් වලටත් හොර මගුල් හැදුවම. ඇත්ත අයිතිකරයිටත් නිකං නඩු ගිහිං බංකොලොත් වෙන්න වෙන්නේ... කාලකන්නි පෙරකදෝරුවන්ව තමා මේ රටේ හැම විනාසෙකටම මුල. මුන් ගැන එකෙක්වත් කතා කරන්නෙ නැත්තෙ ඇයි?