මීට අවුරුදු 10-12කට විතර කලින් යුනි ඉද්දි මං අපේ කොල්ලො දෙන්නෙක් එක්ක ගියා ස්පා එකකට. ඒක එච්චර ප්රසිද්ධ එකක් නෙවෙයි. කෙල්ලො 3-4ක් දාගෙන හොරෙන් වගේ කරපු එකක්. හැබැයි හිටපු කෙල්ලො ලස්සනයි. යන උනුත් ශේප් එකේ වැඩේ කරගෙන ආව මිසක් අනිත් උන්ට කියවන්න ගියෙ නෑ.(මම ගියත් කරන්නෙ සෝෆ එකේ වාඩිවෙලා ඉන්න එක අරුන් වැඩේ කරගෙන එනකං.)
දවසක් අරුන් දෙන්න මාත් එක්ක ගිය දවසක උන් කවුන්ටරේට සල්ලි දීල මාවත් කාමරේකට යැව්ව බලෙන්ම අද තෝත් ගහපිය කියල.(ඒ කාලෙ ලොකු ගානකුත් නෑ.)
මම කාමරේට ගියහම ලස්සන කෙල්ලෙක් ඉන්නව ඩෙනිමයි, ටී එකකුයි ඇඳල. හිනාත් වුනා. ඒ වුනාට මට ඒකිව දැක්කම සෑහෙන්න දුක හිතුන.(හේතුව මොකද්ද කියන්න මට අදටත් තේරෙන්නෙ නෑ.)
මම ආපහු කාමරෙන් එලියට ආව. අරුන් දෙන්නටයි කවුන්ටරේ උන්ටයිත් පුදුමයි.(මොනවත් කරපු නැති හින්දයි අරුන් දෙන්නව හොඳට දන්න හින්දයි ආපහු සල්ලි දුන්නද දන්නෙත් නෑ අරුන්ට.) අරුන් දෙන්නගෙ වැඩ කරගත්තට පස්සෙ අපි ගියා.
පස්සෙ දවසක උන් දෙන්නගෙන් එකෙක් කිව්ව "මචං උඹ එදා දිනුව බං. උඹ දිනුව. මේ සබ්ජෙක්ට් එක කිසි වැඩකට ඇති දෙයක් නෙවෙයි. අනික මම පලවෙනි බඩුව ගහපු දවසට පස්සෙ දවසෙ පණ බයේ හිටියෙ මොකක් හරි ලෙඩක් හැදිල ඇති කියල. ඒත් උඹට ඒක නෑ අද කියල. කවුරු කිව්වත් මේව හොඳ ඇති වැඩ නෙවෙයිනෙ" කිව්ව. අනික ඒක අනුමත කලා.
උඹ කියපු එක හින්ද මට ඒක මතක් වුනා.