Self defence බලනවනං කරාටෙ, කුංෆු,ටයිකොන්ඩෝ වගේ ස්පෝර්ට් ටයිප් මාෂල් ආට් කරලා නං ලොකු වාසියක් වෙයි කියලා හිතන්න බෑ මචං. අත්දැකීමෙන් කියන්නෙ කාලයක් කරාටෙ කරා.කුමිතෙ ටූනමට් ගහලා මෙඩ්ල් එහෙමත් තියනවා.මගෙ ස්ට්‍රෝන්ග් ම සයිඩ් එක කිකිං.හැබැයි මගෙ ස්ට්‍රෝන්ම සයිඩ් එක කිකිං උනාට හොදටම ප්‍රැක්ටිස් කරලා තිබ්බෙ කිකිං උනාට රියල් වලියක් සෙට් වෙලා එකම එක කික් එකක්වත් ගහන්න කකුල ඉස්සුනේ නෑ.ටූනමට් වගේ නෙවෙයිනෙ බං පස් හය දෙනෙක් දෙන්නෙක්ව වට කරගෙන කනේ පාරවල් හෙල්මට් පාරවල් නෙලන්න ගත්තම.කකුල ඉස්සුනේම නෑ ඉස්සුනත් වැඩකුත් නෑ ගහන්න රේන්ජ් එක මදි.යන්තං ඒවෙලාවෙ ඇතිවෙර දාලා හතර අතේ වනපු පොල් අඩි පාරවල් දෙන්නෙක්ගෙ මූනටම වැදිලා උන් සයිඩ් උනා.ඒත් එක්කම මගෙ යාලුවාට චේන් පැනලා අතට අහු උන ගඩොල් භාග කලුගල් ඔක්කොගෙන්ම පිස්සෙක් වගේ ගහන්න ගත්‍ත අරුන්ට එතකොට එහාපැත්තෙ වීල් පාක් එකේ උන් ඇවිල්ලා වලිය බේරුවා. එදා කරාටෙ ශිල්ප දක්වන්න ගියානං තාම කනවා

. කරාටෙ උනත් අවුරුදු 15ක් 20ක් ෆුල් ටයිම් ට්‍රේන් කරලා ඔය ශෛලි වල උපරිමයෙ ඉන්න එකෙක්ටනං රියල් ෆයිට් එකකත් ඕවා යූස් කරලා ගේමක් ගහගන්න පුලුවන් වෙයි.එහෙම නැත්තං ඉතිං පොඩි කාලෙකින් සෙල්ෆ් ඩිෆෙන්ස් එකට වගේ නම් ස්පෝට්ස් ටයිප් මාශ්ල් ආට් හරියන්නෑ. krav maga එක හොදයි කියලා කියනවා.ලංකාවේ උගන්නන තැන් තියනවා හැබැයි ඒවා හොදයිද කියලානං දන්නෑ.පොඩ්ඩක් හොයලා බලහන්.