වයිෆ් තිතටම දන්නේ නෑ ඒත් පඩිය ගැන දළ අදහසක් තියනව. හැබැයි මගේ වියදම් චෙක් කරන්න එන්නේ නෑ ආවොත් දෙනවා, අවුලක් නෑ.
එයා හම්බකරන ගාන ගැන මමත් දල වශයෙන් දන්නවා එත් මම හොයන්න යන්නෙත් නෑ.
අමතර අදායම් එන ඒවා අපි සාමාන්යෙන් කතා කරලා මොනවටද යොදවන්නේ කියන එක තීරණය කරනවා.
අපි ගෙදර ප්‍රධාන වියදම් / ළමයින්ගේ වියදම් වෙනම බෙදාගෙන ඉන්නේ (රෙපිටිටිව් ඒවා). Ex: ලෝන්, බිල් මම. ළමයින්ගේ ස්කූල් ෆීස්, ෆුවල් එයා bla bla bla.. මොනවා හරි වියදම් නිසා කෙනෙක්ට මේවා ගෙවාගන්න බැරි නං දෙන්න කතා කරලා ෂෙයා කරගන්නවා හෝ ඉමර්ජන්සි ෆන්ඩ් එකෙන් ගන්නවා.
වෙන එදිනෙදා වියදම් ඒ ඒ වෙලාවට දෙන්නා හවුලේ කරගන්නවා..
බැඳලා අවුරුදු 12+ වෙනවා, මේ විදියට තමා ගෙවෙන්නේ එදා ඉඳං