උබලා ඔය හිනාවෙන්නේ කාටද ?



නලීන් කුමාර් ගේ අදහසක්..බුකිය පුරා ha ha reaction දාන මෑත ඉතිහාසයවත් නොදන්නා සිඹිඩ්ඩන්ටයි මේ මතක් කිරීම ,
උබලා ඔය හිනාවෙන්නේ කාටද ?
මුන් වහන්සේ සැබවින්ම කවුද ?
බයියෙක්ට අනුව රතන යනු ද්‍රෝහියෙකි ,
ඒ අන්කිසිවක් හෝ නිසා නොව තමන් ආදරය කළ රජතුමාගේත් එතුමාගේ දරුපවුලේත් ආතල් කුඩු කරේ රතනලා නිසාවෙනි ,
ටොයියෙක්ට අනුව රතන යනු මේ මොහොතේ අවලංගු කාසියකි ,
ඒ වෙන කිසිවක් නිසා හෝ නොව පරසක්වල ගසා යාන්තන් පොදු අපේක්ෂකයෙකුට මුවා වී බළය ගත්තද කිසිත් කර කියාගත නොහැකිව ඔහේ නිරපරාදේ ගෙවීගිය වසර පහක් නිතර සිහිවන විට ඇතිවන ලැජ්ජාව නිසාවෙනි ,
සොරුන් අල්ලා හිරේදමන්නට කතා කළ යහපාලන ටොයියන්ට අනුව රතන යනු අරගලය පාවාදුන් අයෙකි , උන්ගේ චින්තන වපසරියට අනුව මහ බැංකුව කිසිවෙක් හොරා කෑවේ නැත ,
ඉතින් මේ මෝඩ වහලුන් කිසි දා ඇත්ත පිලිගැනීමට අකමැතිය ,
සැබවින්ම රතන යනු කවුද ?
එදා 2006 ජුලි 21 දා කොටින් විසින් මාවිල් ආරු වසා දැමීය ,
30,000ක් ජනයාගේ බීමට ඇති ජලයත් අවහිර කළ කොටින්ට එරෙහිව අවිගන්නට රාජපක්ෂද අදිමදි කරමින් කාලය කා දමමින් නිල නිවසට වී නෝර්වේජියානු සාම නියෝජිතයන් මත පින්සෙන්ඩු වෙමින් සොරොව්ව ඇරගන්නට සාකච්ඡා කරමින් කල් මරමින් සිටි මොහොතක රතන මුතූර් වෙත වැඩියේ ප්‍රශ්නය දෙකින් එකක් බේරාගන්නටය ,
සොරොව්වෙන් මෙපිට අවසන් හමුදා මුරපොලට වැඩි රතන වටා ගම්වැසි මුස්ලිම් ජනයාද එදා එකතු විය ,
සිද්ධිය පටිගත කළ දෘශ්‍ය සාක්ෂියට අනුව කතාව සැකවින් මෙසේ කියමි ,
රතන හමුදාවට බළ කර කියා සිටියේ වහාම සොරොව්ව විවුර්ත කල යුතුයි ඔබ එය නොකලොත් තමන් වහන්සේ සොරොව්ව අභියසට ගමන් කරන බවයි ,
රතන ඉදිරියට වඩින්නට සැරසෙත්ම රැස්ව සිටි ගම්වැසියන් අතරින් එකෙක් කෑ ගසා මෙසේ කියනු ඇසින ,
" සාදු සොරොව්ව ළඟට යන්න හදන්නේ ...
ඒ වරෙල්ලා අපිත් යමු සාදු එක්ක ... "
සිද්ධ වන්නට යන මහා ජන සංහාරය දැනගත් ජනපති මහින්ද එසැනින් දුරකථනයෙන් රතන ඇමතීය ,
එදා මහින්ද ජනාධිපතිවරයා රතන ඇමතුවේ ගරුතර ස්වාමින්වහන්ස කියා නම් නොවේ , ගමේ ගොඩේ බාසාවෙනි ,
රතන ස්ථීරවම අරමුණ තහවුරු කලේය ,
" ඔබතුමා තීන්දුවක් නොගත්තොත් මං වෙඩි කාලා මැරෙන්න හරි මේ මිනිස්සුත් එක්ක යනවා සොරොව්ව ළඟට ... "
මහින්දට එයින් එකක් පැහැදිලි විය,
තර්ජනය කර බැන වැදී රතන මේ මොහොතේ පාලනය කළ නොහැක ,
අවසානයේ මහින්ද පොරොන්දුවක් විය ,
" ඔබ වහන්සේ කොළඹට වඩින්නකෝ , අපි මේ ගැන කතා කරලා තීන්දුවක් ගමු ,, "
කොළඹට වැඩි රතනට මහින්ද පොරොන්දුවක් විය.
පොරොන්දුවට අනුව 2006 ජුලි 26 දා යුධ හමුදාව මෙහෙයුමක් ඇරඹු අතර අගෝස්තු 08 දා වීරෝධාර හමුදා සොරොව්වේ පළමු ජළ බිඳ මුදා හැරීය ,
යුද්දෙන් පසු යුධ ඔස්තාර්ලා බිහි විය ,
නමුත් රතන ?
උන්වහන්සේ එදත් අතුරලියේ රතනය ,
අදත් එසේමයැ ,.
එදා සුද්දන්ට එරෙහි ජාතික නිදහස් සටනේ සිටි කුඩාපොල හිමි මට සිහි විය.
පුදුමයක් නොවේ ,
කුඩාපොලට වෙඩි තබා මරන්නට අණ කළ ආණ්ඩුකාර ටොරින්ටන් නමින් කොළඹ ස්මාරක හැදු පාලකයන් සිටි රටක ,
රතනට සිනහා වන නුතන කෙළෙහි ගුණ නොදත් මුල අමතක ජාතිය ගැන කවරනම් කතාද ....
.





