අපි කරන දේවල් වලට අපි ආස්‍රය කරන මිනිස්සුන්ගෙ ලොකු බලපෑමක් තියනව. උඹ ඉන්ජෙක් කියල කියපු නිසා මම එහෙම හිතල මේ කියන්නෙ. මතක් කරල බලපං උඹ උපාදිය ගත්තු ඉන්ස්ටිට්යුට් එකේ උඹ හිටියෙ වැඩ කරන සෙට් එකකනම් වැඩ කරන්න ඇති. වල බහින සෙට් එකකනම් වල බහින්න ඇති නොසෑහෙන්න. බොන සෙට් එකක උන්නනම් බොන එක හෙන පොරත්වයක්. බොන්නෙ නැති සෙට් එකක නොබොන එක හෙන බුද්දිමත් ක්‍රියාවක් වගේ සලකනව. උඹ ඔය වගේ දේවල් දැකල ඇති කියල හිතනව.
අන්න ඒවගේ අපි ඉන්න වටපිටාව ගොඩාක් බලපානව අපේ තීරන වලට. ඒත් අනිත් අය කියන එව්ව අහල උඹ වෙන ගෑනු එක්ක බුදියගන්න යන්න එපා. උඹ සිරා කරන එකට අවංක වෙයන්. නැත්නම් උඹට හිතෙන්න ගන්නව ගෑනිත් උඹට හොරෙන් පිට යනව කියල. ඕක මල වදයක් වෙනව ඉස්සරහට
අනික් කාරනය මොන පොර උනත් හෘද සාක්ශියක් කියල දෙයක් තියනව. ඒක එලියට ආපු වෙලාවට ගොඩක් අමාරුයි හිතට.
අවසාන වශයෙන් මේ සිද්දිය කියන්නම්. මගෙ යාලුවෙක්ගෙ අයියෙක් ඉන්නව. බුවා රට ගිහින් ආපු එකෙක්. කෙල්ල මෙහෙ තියල ගිහින් ඌ එහෙ හොඳ හොඳ සෙල්ලම් දැම්ම. ආපහු ඇවිල්ල බැන්ද. පස්සෙ මූ දවසක් මාත් එක්ක කියනව, මම එහෙට වෙලා මාරම ආතල් ගත්ත බං, කලිසම ඇඳන් උන්නට වඩා නැතුව තමයි හිටියෙ. ඒත් අර අහින්සක කෙල්ල මගුල් පෝරුවෙදි අත්දෙක එකතු කරල වැන්දාම මට මුලු ඇඟම හිරිවැටුන බං කියල....
අනෙක් උං කියන බයිල නෙමෙයි උඹ හිතපං මොකද්ද වෙන්න ඕනෙ කියල. උඹට හරි වැරැද්ද තේරෙනවනෙ....