උබලා ගිය මැත්ස් ක්ලාස්

skylander

Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    උබල ගියපු මැත්ස් ක්ලාස්වල කොහොම ද පියො ඇප්ලයිඩ් දෙක ම කරේ?
    මම ගිය ක්ලාස් එකේ සර් දකුණේ ආභාෂය තියෙන කෙනෙක්.
    එයා කරේ පියෝ වලට දවසයි ඇප්ලයිඩ් වලට දවසයි.ඒකත් දවසට පැය 3ක්4ක් වගේ කරනවා.
    තියරි විතරක් ම කරලා රිවිෂන් එකේ තියරි කරන්න තියාගත්තෙ නැතුව කොහොම හරි ඉවර කරා. සාමාන්‍යයෙන් ඒ සර් එක පාඩමකින් ලොකු ගණන් 20ක් 25 ක්විතර හදනවා.
    මට තියෙන ප්‍රශ්නය පියෝ ඇප්ලයිඩ් වෙන ම නොකරන අය කොහොමද සිලබස් එක ඉවර කරන්නෙ?
    එක පාඩමකින් සාමාන්‍යයෙන් විභාග මට්ටමේ ගණන් කීයක් විතර හදනවා ද?
    මේ ක්‍රම දෙකෙන් වඩා සාර්ථක මොකද්ද?
    මම ගොඩක් දුරට මගේ ගුරුතුමාගෙ ක්‍රමයට යන්නයි හිතන්නෙ.
    මොකද මට හිතෙනවා අනිත් ක්‍රමයට කරලා ළමයාට හරියට විෂය ටච් වෙන්න තරම් ගණන් ප්‍රමාණයක් සාකච්ඡා කරන්න වෙලාව මදි වෙයි කියල.
     
    Last edited:
    • Like
    Reactions: lasankandy

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    මම ගිය ක්ලාස් එකේ ළමයි 15ක් වගේ උපරිම ඉදියෙ. සර් කරන්නෙ තියරි එක හොදටම කියල දෙනව. ඊට පස්සෙ ගණන් 5ක් විතර හදනව. ගෙදර හදන්න කියල ටියුට් එකක් දෙනව ඒක ඉතින් ළමයි ගෙදරදි කරල ප්‍රශ්න තියේ නන් සර්ට කිව්වම හදල පෙන්නනව.
     
    • Like
    Reactions: skylander

    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    Nirosh Jayathilaka Sir. Irida paya 4k. Mulu Syllabus ekama cover kala, Class ekedi supiri ganan set ekak hadewwa.
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    සොලා වගේ 'ස' පාඩම් මග අරින් නැතුව ඔක්කොම කරපන් ලමයින්ට
     
    • Like
    Reactions: NRTG

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,200
    113
    Gotham City
    සොලා වගේ 'ස' පාඩම් මග අරින් නැතුව ඔක්කොම කරපන් ලමයින්ට
    සොලා සංක්‍යානය සම්භාවිතාව මඟ හරිනවා නෙ ?


    ත්‍රෙඩ් එකට පිළිතුර .


    වෙන වෙනම නොකර සිලබස් ඉවරකරන්න අවුලක් නැහැ බන් .
    පියොවල තියෙන්නෙ ගණිතයෙ ශුද්ධ සංකල්ප නෙ ?
    ගණන් උනත් සමීකරණය ඔප්පු කරන්න තමා තියෙන්නෙ .
    ඇප්ලයිඩ් තමා කොර වෙන්නෙ.
    හෙතුව පියොවල සංකල්ප පාවිච්චි කරලා ප්‍රායිගිකව ගොතන කතන්දරයක් ඔප්පු කරන්න වෙනවා .

    ඔය වෙන වෙනම කරන්නෙ හෙතුව තමා කාලයක් අපෙ රටෙ ඒ ලෙවල් සබ්ජෙක්ට්ස් 4 ක් තිබ්බා.
    මැත්ස් වල ඇප්ලයිඩ් පියො වෙන වෙන වෙනම ,ෆිසික්ස් ,කෙමිස්ට්‍රි
    බයො වල සූලොජි බොට්නි වෙන වෙනම,ෆිසික්ස් ,කෙමිස්ට්‍රි .
    පස්සෙ 2001 දි ද මන්දා සංයුක්ත ගණිතය කියලා එකක් හැදුවෙ.

    හැබයි පියො ඇප්ලයිඩ් වෙන වෙනම කරපු කාලෙ තමා සිරා ගණන් තිබ්බෙ.
    ඇඬෙනවා හදන්න ගියහම.
    ඉතිං ඒ කාලෙ ඉඳන් උගන්වන ගුරුවරු ඒ පුරුද්ද නිසාම වෙන වෙනම කරනවා.
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    සොලා සංක්‍යානය සම්භාවිතාව මඟ හරිනවා නෙ ?
    සංකීර්න සංඛ්‍යා එහෙමත් මග ඇරිය බන් මට මතක විදියට
    ඒව අනික් උන් දුශ්‍යන්තගෙන් ඔනි කරගන්න.
     
    • Wow
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,200
    113
    Gotham City
    සංකීර්න සංඛ්‍යා එහෙමත් මග ඇරිය බන් මට මතක විදියට
    සංකීර්ණ සංක්‍යා කියන්නෙ ඔය ආගන්ඩ් සටහන එහෙම අඳින්න එන්නෙ?
    යකො එක පට්ට ලේසිනෙ ?
    සොලාලා වගෙ උන් හොඳයි විභාග ගොඩ දාන්න .
    එත් එතනින් ඉස්සරහට හිතන්න නම් සොලා වගෙ ගුරුවරු තෙරුමක් නැහැ.
    නිරොෂ් චාමින්ද නම් සිරා .
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    dakunu side eke witharak thama oya seen eka thiyenne pure applied wena wenama. anith pathi wala podi podi aya thama wena wenama karanne. anith pathi wala loku prasidda sir laa dekama karanawa.

    kohomath wishaya kotas atha arinawa nam wadak naha :yes: lamaya atha erala wena ganan 5k select karan hadana eka wenama deyak. sir kenek aniwaryen mulu syllabus eka uganwanna ona. :yes:


    ubata set widihata karapan. mama nam kiyanne dekama karanna kiyala ekata.
     

    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,479
    2,025
    113
    Past Paper කරපල්ලා පුලුවන් තරම්. ගනන් වල හැඩය තේරුම් ගනින්. ඇති දෙයක් නෑ. :lol:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මම නම් මැත්ස් වලට ක්ලාස් ගියේ නෑ.🧐 මම දවස්ක් ඇපල් ගහක් යට ගනන් හද හද ඉද්දී ඇපල් ගෙඩියක් ඔලුවට වැටුනා දඩෝන් ගාල.😯 මට එතකොට ගුරුත්වාකර්ෂණ බලය හොයා ගන්න පුලුවන් උනා.😂

    තවදුරටත් කරුනු විමසා බැලනකොට ගුරුත්වාකර්ෂණ බලය යෙදෙන ආකාරය නිවැරදියට විස්තර කරන ගණිතමය සූත‍්‍රයද නිගමනය කොට ඉදිරිපත් කරන්න මට පුලුවන් උනා.🤔 එයට අනුව එක් වස්තුවකින් තවත් වස්තුවක් මත ඇතිවෙන ගුරුත්වාකර්ෂණ බලය තීරණය වන්නේ මුලික වශයෙන් කරුණු තුනක් මත කියලා මට තේරුනා.😮 ඒ කරුණ තුන වෙන් වෙන් වශයෙන් ගත් වස්තු දෙකේ ස්කන්ධ ප්‍රමාන සහ එකී වස්තු දෙක අතර ඇති දුර ප්‍රමාණ බව මට පැහැදිලි උනා.😇