දේදුණු,පතී සහ බහුවරණ ගැටළු.
මේක මගේ හොඳම යාලුවෙක්ගෙ බ්ලොග් එකෙන් උපුටා ගත්තෙ
පට්ට බන්...
" ඕක වහල දානවා....එළියේ හෙන ගහනවා ඇහෙන්නේ නැද්ද?.."
තාත්තගේ ගෙරවිලි සද්දේ මැද එළියේ බක්මහ අකුණු ගහන සද්දේ ගණන් නොගෙනම මං බ්ලොගේ තවත් පරිච්චේදයක් ලියන්ඩ පටන් ගත්තේ මට වදින්ඩ තවත් හෙනයක් ඉතුරු වෙලා නැති නිසා.නුවර ඉඳං ගෙදර ආපු ගමනේ තෙහෙට්ටුව තවම ඇඟේ ඉතුරු වෙලා ඇඟේ තැනින් තැන රිදුම් දෙනවා.ඒත් බ්ලොග කොටද්දී ඒක ටිකෙන් ටික පහ වෙලා යන්ඩ පටන් ගත්තා. එළියේ වහින මුරුගසන් වැස්සේ ෆට්ට සීතල දැන් ටිකෙන් ටික කාමරේ ඇතුලටත් දැනෙනවා..මොක වුනත් යටි හිතේ හිරවෙලා තිබුණ මතක සටහන් ආයේ උඩු හිතට ඇදල ගද්දි වෙච්ච පෙරළිය නිසා මගේ මුළු හිතම හොඳ හැටි උණුසුම් වෙලා තිබ්බේ..පරණ යට ගියාව මතක වෙද්දී නම් ෆට්ට ආතල්...
මේ සිද්දිය නම් ඒ හැටි පරණ නෑ.දැන් උපරිමෙන් මාස 2 කට කලින් වෙන්ඩ ඇත්තේ.මං උසස් පෙළ අහවර කරේ ගමන් ආයෙ පන්ති යන්ඩ පටන් ගත්ත.මොකද විභාගෙට මාස 2,3 කට කලින් වෙච්චි සිදුවීම් මගෙ විභාග මානසිකත්වය සහමුලින්ම අවුල් කරලා දැම්ම නිසා.හැබැයි පටන් ගත්තේ අලුත්ම ජිවිතයක්.
ෆිසික්ස් වලට රිවිෂන් ගියේ මහනුවර IMS හෝල් එකේ ජේකබ් සර්ගෙ පන්තියට.ළමයි 1500 කට කිට්ටුවෙන් ඉන්න පන්තියක් ඒක.'අපේ සෙට් එක' හෙවත් මගේ යාළු කාණ්ඩෙන් පොඩ්ඩක් ඈත් වෙලා මං තනියම වැඩ කරන්ඩ පටන් ගත්ත.කොහොමත් සෙට් එකත් එක්ක ඉන්නකොට තනිමතේට එක අරමුණක වැඩ කරන්ඩ අමාරුයි.තනියම පන්ති ආව ගියා, තනියම වැඩ කරා , ඔන්න ඔහොමයි ජිවිතේ ගෙවුනේ.
ඒ පන්තියේ වම තීරු 3 ක් ගෑනු ළමයිගෙ පේළි, දකුණු පැත්තේ බංකු තීරු 3ක පිරිමි ළමයිගේ පේළි විදියට තමයි තිබුණේ.මං ඔය පන්තියේදී සාමාන්යෙන් ඉඳ ගන්නේ ගෑණු ළමයිගේ තීරුවයි පිරිමි ළමයිගේ තීරුවයි වෙන් කෙරෙන සිමාවේ පිරිමි පේලියේ ඉස්සරහ බංකුවක ගෑණු පේලියට ආසන්න කෙලවරේ.එහෙම ඉඳ ගත්තේ විශේෂ කාරණා 3ක් නිසා.
පළවැනි එක එතනට බෝඩ් එක නියමෙට පෙනුනා.දෙවෙනි එක ගොඩක් වැඩ කරලා එන දවස් වලට මට පන්තියේදී නිදිමත හැදෙන ගතියක් තිබුණ.ඉතිං කෙල්ලෝ ආසන්නයෙන් ඉද්දි උන් බලං ඉද්දි කොහොමද නිදා ගන්නේ.ඒක නිසා මට නොනිදා නින්ද ආයාසයෙන් දරා ගෙන වැඩ කරන්ඩ පුළුවන් උනා.3 වෙනි කාරණාව තමයි මට එහා හිටපු ගෑණු ටික කොයි වෙලාවෙත් පිරිමි පෝලිමට ඇහැ දාගෙන තමයි හිටියේ, ඒ නිසා සර් කොච්චර අමාරු ගානක් දුන්නත් මං ඒක හදන්ඩ ට්‍රයි 1 ක් දුන්න.නැත්තං චාටර්නෙ...කොහොමහරි වැඩේ නැගල ගියා.
ගානක් හදල ඉවර කරලා සර් උත්තරේ දානකන් මං කරේ එහායින් හිටපු ගෑණු කරන එක එක දේවල් බලන් හිටපු එක.බලන්ඩ එපැයි කෙල්ලෝ කරන කෝලං විලම්බීත ඔක්කොම එතනට තමයි පෙනුනේ.එතන ඉඳං ගෑණු කියන ජාතිය ගැන මට පුළුල් අවබෝධයක් ගන්ඩ පුළුවන් උනා.එක එක ජාතියේ කෙල්ලෝ ඉන්නවා.සමහරු නම් අම්මල වගේ.සමහරු අම්මන්ඩිල වගේ..සමහරු පුංචි මල් වගේ.සමහරු ජම්බු ගෙඩි වගේ.සමහරු අලි ඇත්තු වගේ විශාලයි.සමහරු බාගෙට නිදි..සමහරු දකුණු අතින් ගණන් හදනවා, වම් අතින් ෆෝන් එකේ මැසේජ් කොටනවා.මං හිතන්නේ උන්ගේ අත් 2කම හුරු ඇති.සමහරු අතේ ඇඟිලි ගණන් කරනවා.උන් නම් සර් දුන්න ගාන සුළු කරනවා ඇති මට ෂුවර්.
සමහර කෙල්ලෝ ඔහේ උඩ බලාගෙන ඉන්නවා.හිහ්..පුළුල් විවිධත්වයක් තියෙනවා අපේ පන්තියේ කෙල්ලොන්ගේ.
අපිට කවදාවත් කරන්ඩ බැරි සමහර දේවල් කෙල්ලන්ට කරන්ඩ පුළුවන්..එක දවසක් මට එහායින් කෙල්ලෙක් හිටියා.ඒකි එක එල්ලේම බෝඩ් එක දිහා බලන් හිටියේ.මට හොඳටම ෂුවර්..පුදුමේ කියන්නේ ඒකිගේ ඇහේ කළු ඉංගිරියාව තිබුනේ කොල්ලොන්ගේ දිහාවට..මුණ කෙලින් තියාගෙන ඇහැ හරියටම අංශක 90 ක් ආනත කරලා කොල්ලොන්ගේ දිහා බලනවා.ෆට්ට වැඩක් නෙ..මං මුලින් හිතුවේ ඒකි වපර ඇති කියල.ඒත් පස්සේ දැක්ක එහෙම අවුලක් නෑ කියල.ඊට පස්සේ මං ඔය වගේ කරන කෙල්ලෝ කිහිප දෙනෙක්ම දැක්ක.මං හිතන්නේ ඒක කෙල්ලොන්ට අනන්‍ය වෙච්ච හැකියාවක් වෙන්ඩ ඇති.මොකද මට නම් ඒ වැඩේ කොරන්ඩ බෑ.
ඔන්න ඔය පරිදි නේක වර්ගයේ කෙල්ලෝ අපේ පන්තියේ හිටියා.එක එක දවස් වලට එක එක ජාතියේ කෙල්ලෝ මං ඉඳ ගන්න තැනට එහා ගෑණු පෝලිමේ ඉඳ ගන්නවා.කාලේ ගත උනා..
එක දවසක් පරක්කු වෙලා අපු ටිකක් අමුතු කෙල්ලෙක් මට එහා ගෑණු ළමයිගේ පෝලිමෙන් ඉඳ ගත්තා.ටිකක් අමුතුයි කිවුවේ එයා අනික් කෙල්ලොන්ට වඩා වෙනස්.කිසිම වෙලාවක එයා කොල්ලොන්ගේ පැත්ත දිහා කෙලින් හෝ වපරෙන් බලනවා මං දැක්කේ නෑ.අමුතුම ලස්සනකුත් තිබුනා..පුර්ණ අවධානේ පාඩමට බැර කරලා තිබුණේ. ඒක නෙමෙයි හොඳම වැඩේ.අපිට සර් සාමන්යෙන් පන්තියේදී හදන්ඩ වෙනම ගණන් ටියුට් එකේ දානවා.ගෙදර දි කරන් එන්ඩ වෙනම ගණන් ටිකකුත් ටියුට් එකට දානවා.
එදා අපිට අර පන්තියේදී කරන්ඩ දෙන ගණන් හදද්දී මං සර් දුන්න ගාන පට ගාල හදල දාල නිකමට මට එහයින් හිටපු අර ගෑණු ළමයා මොකද කරන්නේ කියල බැලුව.ඒකි තවමත් ගාන හදනවා.ඒත් පොඩ්ඩක් අමුතු විදියකට.මං පොඩ්ඩක් ස්පෙක්ස් දෙක හරි ගස්සසල පොඩ්ඩක් ඒකි ලියන කොළේ දිහාට සූම් කරා.හුටා මෙකි අර ටියුට් එකේ එදා හදන්ඩ තිබුණ ගණන් සේරම ඉවර කරල,දැන් ගෙදරදී කරන් එන්ඩ දෙන 'බහුවරණ ගැටළු' ත් හදාගෙන යනවා.යකඩ කෙල්ලෙක්නේ.මට නිකන් පිස්සු වගේ.මමත් එසැනින් ටියුට් එක පෙරලලා ගණන් ටික හදාගෙන ගියා.ෆට්ට ආතල්..ඒකෙත් කික් එකක් තියෙනව.එයාට කලින් ගණන් ටික හදලා දාන්ඩ මට ඕනේ වුනේ.කොහොමින් කොහොමින් හරි එයාටත් මගේ ගණන් හැදිල්ල තේරුණා.ඊට පස්සේ තරගෙට තමයි ගණන් හැදුවේ.මට අමුතුම කික් එකක් ආව.එදා මට ගණන් සේරම වගේ ගොඩ දා ගන්ඩ පුළුවන් වුණා.
ඒත් මට ඉස්සරහ පෝලිමේ හිටපු කොල්ලෝ සෙට් ඒක අර ගෑණු ළමයට ගොන් ජෝක් කරන්ඩ පටන් ගත්ත.තනි අලියා වෙච්චි මට උන්ට මොකුත් කියන්ඩ බැරි නිසා මං පාඩුවේ හිටියා.එදා ඉන්ටවල් එක ඉවර වෙලා මං ආපහු පන්තියට ආවම අර ගෑණු ළමයා එතනින් යන්ඩ ගිහින්..හිතට පොඩි වේදනාවකුත් දැනෙන්ඩ ගත්ත.මක් කරන්ඩද, මොනා උනත් එදා මගේ ඇඟට දැනුන කික් ඒක තවමත් මං ගාව තියෙනවා.පන්තිය ඇරිලා යද්දී මං දැක්කේ එයා පන්තියේ ඉස්සරහම පෝලිමට ගිහින් බව..කොහොමහරි පන්තිය ඉවර වෙලා ගුඩ් ෂෙඩ් බස් නැවතුමට යනකන් මං එයා පස්සෙන් ගියා.(මෙය ප්‍රේම කතාවකට මුල පිරීමක් නොවේ
)
මං වගේම එයත් තනියම ඉන්න කෙනෙක් බව මට හැඟුනේ එයා තනියම ගියපු නිසා.පාඩුවේ බිම බලන් ඇවිදගෙන ගියා.එයාට තිබුණේ කොටින්ම අමුතු ගමනක්..අමුතුම අමුතුයි...ලෙහෙසියෙන් හොයාගන්ඩ හෝ දකින්ඩ බැරි අමුතුම කෙල්ලෙක්..කොටින්ම කිවුවොත් ෆට්ට කෙල්ලෙක්...මගේ හිත දුරදිග යනවා වැඩියි කියල දැනුන නිසා මං පට ගාල එයාව ඉස්සර කරල යන්ඩ ගියා...එයා මට දුන්න කික් ඒක හොඳටම ඇති..
පන්තියේ මට එහා ඉන්න මගේ යාලුවත් මේ සීන් එක දන්නවා.අර ගෑණු ළමයාගේ නම නොදන්නා නිසාත් අහන්ඩ තරම් තාම වුවමනාවක් නැති නිසාත් අපි දෙන්න එයාට එදා නමකුත් තිබ්බ.ඒක තමයි 'දේදුණු'.නම දාන්ඩ හේතුව එයා ළඟ තිබුණේ ෂිප් ගොඩක් තියෙන හෑන්ඩ් බෑග් එකක්.ඒ ෂිප් වල පාට,දේදුන්නේ පාට වල පිළිවෙලට තිබුණේ...
ඊට සතියකට පස්සේ තමයි නියම ම සිද්දිය වුනේ.එදත් ටිකක් අමුතු ගෑණු ළමයෙක් ඇවිත් මට එහා ගෑණු පොලිමේ වාඩි වුණා.මෙයා නම් අමුතුයි කිවුවේ හිපපොටේමස් සතෙක් තරම් විශාල නිසා..අනික් එක මෙයා වපර ඇහෙන් නෙමෙයි කෙලින්ම කොයි වෙලාවෙත් කොල්ලෝ දිහා බලන් හිටියේ.මෙලෝ රහක් නැති කෙල්ලෙක්..මායි මට එහා හිටපු යාළුවයි මේකිට නමක් දැම්ම 'පතී' කියල.ඒකි පන්තියේදී වැඩක කරන බවක් නම අපිට පෙනුනේ නෑ..
ඉතිං ඊට කලින් සතියේ ආපු කික් ඒකෙන් මං සැරටම ගණන් හදමින් උන්න..ඒක පාරම අර 'පතී' ගේ පෑනක් බිමට වැටුන.මං ඉතිං මනුස්ස කමට ඒක අරන් දුන්න..
ඒකි "තෑන්ක්ස්".. කියල කිවුවට මං ගණන් නොගෙනම වැඩ කරන් ගියා..ඊට විනාඩි 10 කට විතර පස්සේ අඩි රූලක් බිමට වැටුන..ඒකත් අරන් දුන්න.ඊට පස්සේ ආයෙත් පෑන බිම.ඔහොම 4 පාරක් විතර මං අරන් දුන්න කියමුකෝ..
මට තේරුනා මේක හරිය වැඩක් නොවන බව..තව ටිකක් වෙලා යද්දී මේකිම මගේ ඇඟට වැටෙයි මෙහෙම ගියොත්..
ඊට පස්සේ වැටෙන ඒවා ගණන් නොගෙනම මං වැඩ කරන් ගියා.
පැයකට විතර පස්සේ බිම බලද්දී පෑන් 2 කුයි අඩිරූලයි බිම...මං පාඩුවේ ගණන් හදාගෙන ගියා..
මගේ වම් කකුල ඩෙස්ක් එකෙන් එලියට වෙන්ඩ මං තියාගෙන හිටියෙ.මට එකපාරටම දැනුන නිකන් මගේ කකුල අලියෙක් පාගනවා වගේ..මොකද කියල බලද්දී අරකි මගේ කකුල පාගනවා.මාර කරුමයක් වුනානේ මේකි,මං පාඩුවේ කකුල ඩෙස්ක් එකේ ඇතුළට අරං ඉන්ටවල් වෙනකන් ඉඳල ගෑණු පෙන්ඩ වත් නැති වෙන පෝලිමකට ගියා...
එදායින් අද වෙනකන් කවදාවත් මං ආයේ ඒ පංතියේ දී ගෑණු පෝලිමක් ළඟ ඉඳ ගත්තෙ නෑ...ආයේ 'පතී' ව දැක්කෙත් නෑ..ඔන්න ඕකයි වුනේ...කොහෙ වුනත් ඔය කෙල්ලෝ ඉන්න තැනකට අඩුම තරමින් මීටර් 10 ක් වෙන්ඩ වත් ඈත් වෙලා තමයි ඉන්ඩ ඕනේ..නැත්තං ඉතිං ප්‍රශ්න තමයි..
ඊට පස්සේ 'දේදුණු' ව නම් කීප සැරයක් දැක්ක..එයා 1st try නංගි කෙනෙක් කියල පස්සේ දැන ගත්ත.සැර මීටරයක්ලු..එයාගේ හරි නම නම් තවම හොයාගත්තේ නෑ..කොහොම වුනත් කෙල්ලොන්ගේ බලපෑම කොල්ලෝ අපිට එක එක විදියට දැනෙනවා..ගොඩක්ම වෙලාවට ඒක සතුටක් වුනත් දුකක් වුනත් ඒකෙන් අපේ සාර්ථකත්වය රුවිතෙට තමයි යන්නේ.කලාතුරකින් අපේ සාර්තකත්වෙට සුළු හරි බලපෑමක් දෙන කෙල්ලෝ ඉන්නව..හැබැයි ඉතින් අංශු මාත්‍රයකට එකක් තමයි.........

)මං වගේම එයත් තනියම ඉන්න කෙනෙක් බව මට හැඟුනේ එයා තනියම ගියපු නිසා.පාඩුවේ බිම බලන් ඇවිදගෙන ගියා.එයාට තිබුණේ කොටින්ම අමුතු ගමනක්..අමුතුම අමුතුයි...ලෙහෙසියෙන් හොයාගන්ඩ හෝ දකින්ඩ බැරි අමුතුම කෙල්ලෙක්..කොටින්ම කිවුවොත් ෆට්ට කෙල්ලෙක්...මගේ හිත දුරදිග යනවා වැඩියි කියල දැනුන නිසා මං පට ගාල එයාව ඉස්සර කරල යන්ඩ ගියා...එයා මට දුන්න කික් ඒක හොඳටම ඇති..