ගොඩක් වෙලාවට 2, වෙලාවකට ඉතින් නිදාගන්න කලින් එක මග අැරෙනවා.
තනියෙන් ඉද්දි දෙපාරක් මදින් නැති එක ලොකු අවුලක් නෑ. හැබැයි කොහෙ හරි ගියොත් අනිවා මදින්න ඕන. නිදාගෙන නැගිට්ටම නැත්තම් කට පට්ටම ගඳයිනෙ. කිස් එකක්වත් දෙන්න අවුල් වගේ.
කසාද බැන්දම තමන්ගෙ ගෑනිටම වගේ නම් ඕවා ලොකු අවුලක් නැතුව අැති. හැබැයි ඉඳල හිටල සෙට් වෙන කෙනෙක්ට එහෙම කටේ හරි, වෙන ඕනම තැනක හරි ගඳ අප්පිරියාවක් වෙන්න පුළුවන්නෙ. ඉතින් තමන්ගෙ පිරිසිදුකම හරිම වැදගත්.
@MR.YOLO කියල තියෙන තාවකාලික ක්‍රම දිගු කාලීනව නරකයි මට නම්. විශේෂයෙන්ම mouth wash සහ එක එක mint වර්ග. එ‍්වා test කරල බලලම තියෙනවා, පාවිච්ච් කරාම දිගටම පාවිච්චි නොකරොත් අවුල්. ඕනවට වඩා මදින එකත් එහෙමයි. කට fresh වෙන එක හොඳ වුණාට එ‍්ක over ගියොත් කටේ තියෙන microbiome එක අවුල් යන්න පුළුවන්. එ‍්ක දත්වලට එහෙම හොඳ නෑ.
ඊට වඩා වැඩිපුර වතුර බොන එකයි, හැමදාම පලතුරු මොනවා හරි අනිවාර්යයෙන්ම කන එකයි වැදගත්. එතකොට කටේ විතරක් නෙවෙයි අැඟේ ගඳත් අඩුයි. වතුර වීදුරු හෝ ලීටර් මෙච්චරක් බොන්න කියන එක ගොන් කතාවක්. දවසට 6-8 වතාවක් චූ බර වෙන්න වතුර බොන්නයි ඕන. ඉන්න climate එක අනුව එ‍් ප්‍රමාණය එහෙ මෙහෙ වෙන්න ඕන. පැය 4 ක් පුරා චූ බරක් එන් නැත්නම් අනිවාර්යයෙන්ම වතුර බොනවා මදි. අවශ්‍ය ප්‍රමාණයට වතුර බොන් නැති වුණාම කෙළ නිෂ්පාදනය අඩු වෙන එක කට ස්වභාවිකව clean වීමේ ක්‍රියාවලිය අවුල් ගිහින් කට ගඳ වෙන ප්‍රධානම හේතුවක්.
අනික මස් වර්ග වෙනුවට පොඩි (කටුව හපල කන්න පුළුවන් සයිස්, මාළුවා ග්‍රෑම් 500 ට අඩු) මාළුයි බිත්තරයි දෙක වැඩිපුර කනවා නම් එ‍්කත් සේරම ගඳවල් අඩු වෙන්න වැදගත් වෙනවා. මස් වර්ග කනවා නම් එ‍්කත් එක්කම පලතුරු කන එක වැඩි කරාම හරි.
අනික අනිවාර්යයෙන්ම හැමදාම දාඩිය දානකල් මොනවාම හරි exercise එකක් අනිවාර්යයි. දාඩිය දැම්මම එ‍් එක්ක අැඟේ ගඳ අැති කරන ජාති එළියට එනවා. ඊට පස්සෙ නා ගත්තම හොඳට clean වෙනවා. දාඩිය නොදා නෑවට එච්චර clean වීමක් වෙන් නැහැ. මම නම් හවසට අැවිදලා අැවිත් පොඩි exercise ටිකක් කරල නානවා. එතකොට පට්ටම fresh.