උබලා_අපි_කවුරුත්

r runner

Member
May 12, 2015
2,396
781
0
උබලා_අපි_කවුරුත්


අපි කවුරුත් ලොකුවට කරන්න පටන් අරගෙන මගදි අතඇරලදාන දේවල් 7ක්






අපි හැමෝටම හීන තියෙනවා. ලොකු වෙලා කාර් එකක් ගන්න, තමුන්ගෙම කැමති විදියට ගෙයක් හදන්න වගේ දේවල් අතරෙ ඒ තරම් ලොකු නැති, ඒත් හිතට මහ සැනසුමක් ගේන‍ දේවල් කරන්න පටන්ගන්න අපේ අය හරි දක්ෂයි. හැබැයි ඔය විදියට පටන්ගන්න කොයිතරම් දේවල් පටන් අරං සතියෙන් නැතිවෙලා යනවද? මේ කියන්න යන්නෙ ඒ කතාව.



1. ගිටාරේ ඔබව නෑ මං හැරගියේ




QuittingEasily-01a.jpg






බලන බලන අතේ පේන්නෙ කාලෝස් සන්ටානා ගිටාර් ගහන හැටි. ඒ නිසා යූටියුබ් නැතුව ලංකාවෙ ෂෝ බලනකොට ඇන්තනී සුරේන්ද්‍ර, නදීක ගුරුගේ, ප්‍රසන්න රෝසා ගිටාර් හූරගෙන කන හැටි දකින්න හම්බෙනවා. ඊටත් පස්සෙ ඒව බලන එකත් නැවැත්තුවම පාටිවලදි පොඩි කොල්ලො කිසි ගින්නක් නැතුව හිරමනේ කුරුටු ගාන ගමන් නියමෙට ලීඩ් පාට්වලින් සින්දු ෆිල් කරන හැටි දැක්කම ඇස්වලින් කඳුළු වැටෙන්නෙ බොර බොර ගාලා. මාස දෙකක් බොන්න වෙන්කරන සල්ලි දාලා ගන්නව ගිටාර් එකක්. මුලින්ම පාඩම යූටියුබ් එකෙන්. ඒවේගෙට ඉගෙනගන්න අවුරුදු පහක්වත් ගිටාර් ගහල ඉන්න ඕන. කොහොම හරි හොටේල් කැලිෆෝනියා උලාගන්න තිබ්බනං ඇති කියලා හිත හදාගෙන යනව පන්තියකට. ඉන්න අනිත් එවුන් බර බර ගාලා ගිටාර් ගහද්දි අපිටම හිතෙනව අපිට කෝමා එකක් ඇවිල්ලද මෙච්චර මීටර් අවුට් වෙලා ගිටාර් ගහගන්න බැරි කියලා. අන්තිමට ගිටාර් එක හැඩේ තියෙනව සෝෆා එකට හේත්තු කරලා.



2. කාය වර්ධනම්




QuittingEasily-02.jpg






ඔන්න වැඩේ. දොස්තරලගෙ තියෙනවා පට්ට සික්ස්පැක්. මෙවුව බලං ඉන්න බැරි නිසා හිතුවා අපිත් ජිම් යන්න. ජිම් ගියාම ජිමයියා(ජිම් එකේ ඉන්න ප්‍රින්සිපල් අයියා) කිවුවෙ මල්ලි බොඩි බිල්ඩිං වලට කලින් බඩ බස්සං ඉමු. ඒකට තව අවුරුදු දෙකක්වත් මහන්සි වෙන්න වෙයි කියලා. ඕක ඇහුවම හොස් ගාලා හුලං බැස්සත් හීනෙ දියවුනේ නැහැ. පට්ට වියදමක් දරලා ගෙනාවා බොඩි බිල්ඩිං මැෂින් කෑලි ටිකක්. මුල්ම දවසෙ මියුසික් දාගෙන පැය භාගයක් එක්සසයිස් කළා. දැන් ඉතිං ආනෝල්ඩ් වගේ ෆීලිං එකක් තියෙන්නෙ. හැබැයි ඊටපස්සෙ දවස්දෙකම ඇ‍ඳෙන් නැගිටින්න බැරිවුනා. ඔන්න තුන්වෙනි දවසෙ ඉඳන් බොඩි බිල්ඩිං මැෂිමෙ අම්ම රෙදි වේලෙන්න දාලා. මං එදා බලද්දි කපුටෙක් තරං සයිස් මදුරුවෙක් ඉන්නව කාමරේ. බැලින්නං මගේ බොඩි බිල්ඩිං මැෂිමෙ වහලා හිටපු එකෙක්ගෙ ඇඟ හැදිලා.



3. ඔටෝබයෝග්‍රැෆි




QuittingEasily-03a.jpg






ඔය මෙලෝ රහක් නැති ගෝතයොත් දැන් කරනව පොත්. මොනා හරි කවි ටිකක් ගොතාගන්නව. ඊටපස්සෙ තමුන් පාරට බැහැලා මිනිස්සු එක්ක ඉන්න, මහජන දුක හඳුනන, ලොකු පොඩි කාටත් රැකවරණය දෙන, සුහද හදක් ඇති පොරක් කියලා ටෝක් දෙනවා. දීලා සෙක්ස් සීන් ගොඩාක් තියෙන කවි පොතක් ලියලා කවරෙටත් දානව ගෑනියෙක්ව. ඕකෙ අම්ම ගැන, දුප්පත් මිනිස්සු, ගණිකාවො ගැන කවි දානව. දැන් ඉතිං උන් පොරවල්. ඇයි යකෝ මටත් බැරි. කවිනං ඉතිං ලියන්න බැහැනෙ. ලියනව මං ගැන කියලා පටන්ගන්නව. ඔහොම මුලින්ම හිතුනෙ අවුරුදු දෙකකට කලින් තාම එදා ලියන්න ගත්තු මුල් පිටු තුන විතරයි ලියලා තියෙන්නෙ. අපරාදෙ රුපියල් දෙදහෙක වින්ටේජ් ටයිප් පොතකුත් ගත්තා. රුපියල් හත්දාහක පෑනකුත් ගත්තා.



4. ෆ්‍රීලාන්ස්




QuittingEasily-04a.jpg






මේ විදියට ගිහිල්ල සල්ලි හම්බු කරලා බැහැ. රෑට ගෙදර ඉන්න ගමනුයි වැඩක් නැති දවසටයි සල්ලි හොයන්න විදියක් පටන් ගන්න ඕන කියලා හිත හිත ඉඳිද්දි මතක් වුනේ ෆ්‍රීලාන්ස් වෙබ් එකේ වැඩ කරානං සල්ලි කීයක් හරි හොයාගන්න පුළුවන්නෙ කියලයි. ‍ඔහොම හිතලා, රුපියල් හයදාහක විතර ආයෝජනේකුත් කරලා, රුපියල් දහදාහක කෝස් එහෙකුත් කරලා වැඩේ බැස්සෙ. මුල් මාසෙම නැහිලා ඩොලර් විසිතුනයි. අතෑරලා දැම්ම ඉතිං.



5. ඩයටින්




QuittingEasily-05a.jpg






මේ විදියට නැහෙන්න බැහැ. නැමෙන්නත් අමාරුයි. ඉස්සර ලයින් දීපු කෙල්ලොත් දැන් අහක බලන්න අරං. පටන් ගන්නව ඩයටින්. මං දැක්ක වෙබ් එහෙක තිබ්බ රෑට නොකෑවනං හරි කියලා.හවසට පොඩි මොනවහරි කාලා ඉන්නවා කියලයි ප්ලෑන් කලේ. ඉතිං මුල් දවසෙම හවසට ආප්ප තුනකුයි ආනමාලු කෙහෙල් ගෙඩියකුයි බස්සලා බලං හිටියා. මේ අට වෙනකොටම බඩ ඇතුළ නිකං ගාසා තීරෙ වගේ කැළඹීගෙන කෑම ඉල්ලනව. සටන පාවා දෙන්නෙ නෑ කියලා හිතාගෙනම හිටියා. පැයක් හිටියා හරිම අමාරුවෙන්. දෙවනි පැය යද්දි මං නන්දිකඩාල්වල අතරමං වෙච්ච ලේන් පැටියෙක් ගානයි. දහයාමාරට කෑව කියාංකො කොත ගහලා බත් පිඟන් දෙකක්.



6. සිංහල විතරක් නෙමෙයි




QuittingEasily-06a.jpg






මේ විදියට හැමදාම සිංහල පොත් කියවලා බැහැ. ලංකාවෙ ගොඩාක් බුවාලා තාම හරියට ට්‍රාන්ස්ලේට් කරන්නෙත් නැහැ. අනික කොච්චර පොත් ඉංග්‍රීසියෙන් තියෙනවද? කියවන්න පටන්ගන්න ඕන කියලා හිතලා චාල්ස් ඩිකන්ස්ගෙ පොතක් ගත්ත කියවන්න. මුල් පිටු දෙකනං උද්යෝගෙන් කියෙවුව. මෙන්න තියෙනවා අමාරු වචනයක්. ඕක හොයන්න ඩික්ෂනරිය බලන්න යද්දි, තිබ්බා කියහංකො මම කාලයක් තිස්සෙ හොයහොය හිටපු පොතක් ඩික්ෂනරිය යට හැංගිලා. මොනං ඉංග්‍රීසිද බං අපිට? අපි කියවයි පර සුද්දගෙ භාෂාව මේං කියලා.



7. ෆොටෝග්‍රැෆි




QuittingEasily-07a.jpg






මුලින්ම කැමරාවක් ගත්තු ගමන් වත්ත පහලට ගිහින් ගැහුව හෝ ගාල ෆොටෝ. ඊටපස්සෙ ෆොටෝෂොප්වලින් කෑලි එහා මෙහා කරලා පාට හරිම අභව්‍ය විදියට වෙනස් කරලා දැම්ම ෆේස්බුක්. මුලින්ම ඕවට එළ, පට්ට, වෙට්ට, පිත්තල වගේ කමෙන්ට්ස් ටිකක් ආවම හිතුනේ මං තරං ෆොටෝග්‍රැෆි බුවෙක් ලොවෙත් නෑ, ලොවි ගහෙත් නෑ, ලොවි ආච්චි ගාවත් නෑ කියලා. ඊටපස්සෙ ආසාවට ඉන්ද්‍රඛීල පුස්පරත්න ෆොටෝග්‍රැෆි කියලා පේජ් එකකුත් හැදුවා. අම්මගෙනුයි තාත්තගෙනුයි හිඟාකාලා ‍කැමරා බඩු ටිකක් අරගත්තම තමයි තේරුනේ මං වගේ ගොනෙකුට වැඩ එන්නෙ නෑ. එන්නෙ කමෙන්ට් විත‍රයි කියලා. ඊටපස්සෙ ඉතිං කැමරා බඩු ටික මේසෙ යටින් තියලා වෙනිං වැඩක් කරගන්න කියලා හිත හිත ඉන්නෙ මේ දවස් වල.



උබලත් මේ වගේ ලොකුවට පටන් අරන් අතරමග අතැරලා තියෙනවා ඒවා එහෙම කමෙන්ට් කරගෙනම යමු එහෙනම්... :yes:
:yes:
 
Last edited:

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    1. violin ඔබව නෑ මං හැරගියේ
    2.
    කාය වර්ධන kese wethath bada adu karaganna ekath
    3.
    ෆ්‍රීලාන්ස් - registered :D
    4. ඩයටින් - planning thing

     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    1. violin ඔබව නෑ මං හැරගියේ
    2.
    කාය වර්ධන kese wethath bada adu karaganna ekath
    3.
    ෆ්‍රීලාන්ස් - registered :D
    4. ඩයටින් - planning thing


    අතාරින්න එපා බන් ඉවරයක් වෙන්නම කරපන්...:yes::yes:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    1. ගිටාරේ ඔබව නෑ මං හැරගියේ
    2. කාය වර්ධනම්
    4. ෆ්‍රීලාන්ස්
    6. සිංහල විතරක් නෙමෙයි
    7. ෆොටෝග්‍රැෆි

    ඔය ටිකයි
    තව තියෙනවා තව මචන් මගේ .
    3d animation කරා ඩිස්නි යන්න හිතන් උන්නේ :P එකත් ඉවරයි.
    බිස්නස් එකක් කරා එකත් ඉවරයි. :baffled:
    ටෝටල් ෆක්ඩ් අප්. :(
     
    Last edited: