උබල දන්න පාතාල නම්

M a d d i e

Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    පූකුඩිකන්නා :baffled:
    ranjan-ramanayake-facts-1.jpg
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    පාතාල නමක් විතරක් නොවෙයි, ඒ පාතාල නායකයාගේ ක්‍රියාවකුත් ඒ සමගම ලියන්නම්. 1960/70 දශක වල මත්ද්‍රව්‍ය වලට තිබුනේ කසිප්පු, ගංජා සහ අබිං කියන ඒවා (මා දන්නා තරමට )විතරයි. පළමු දෙවර්ගයම දේශීය නිෂ්පාදන උනාට අබිං (morphine) පිටරටින් හොරෙන් ගෙන්වලා විකිණීම සිදු කලේ "පාර්සි නානා" කියන පුද්ගලයායි. කොළඹ පාතාලයේ රජු හැටියට එකල සැලකුවේ මේ පුද්ගලයාවයි. අපේ ගමේ, අපේ ගෙදර ලඟම කුඩා කඩයක් තිබුන සීයා කෙනෙක් තදින්ම අබිං කෑමට ඇබ්බැහි වී සිටියා පමණක් නොවෙයි, අබිං වෙළඳාමද සිදු කළා. සතියකට වරක් කොළඹ ගොස් (කොළඹ නගර සීමාවට සැතපුම් හයක් පමණ දුරින් අපේ ගම පිහිටා තිබුනා) අබිං ගෙනැවිත් තම පාවිච්චියට ගැනීමත් , විකිණීමත් සිදු කළා. මේ සීයාට තම කඩය වසා දමා, සතිපතා කොළඹ යනවා වෙනුවට මසකට වරක් කොළඹ ගොස් අබිං ගෙන ඒමට කටයුතු සුදානම් කර තිබුනා. පාර්සි නානා ගේ හොඳ කස්ටමර් කෙනෙකු වූ මේ සීයාට, පාර්සි නානා, පසුව මුදල් ගෙවීමේ පදනම මත මාස දෙකකට තුනකට සෑහෙන අබිං මේ කියන දවසේ ලබා දී තිබුනා. මොකක් හෝ කරුමයකට මොහු ගෙදර ආ විගසම බඩුත් සමගම පොලිසියට අහු උනා. මම මේවායේ ප්‍රමාණයන් දන්නේ නැති උනාට මේ අබිං ප්‍රමාණය අති විශාල තොගයක් බවත්, මෙතරම් විශාල තොගයකට ලැබෙන දඬුවම, වසර 10 පමණ සිර දඬුවමක් බවත් වැඩිහිටියන්ගේ කතාබහ වලින් මම දැනගෙන හිටියා. මාස කිහිපයකට පසු, නඩු දිනයට අලුත්කඩේ යාමට පෙර මේ මිනිහා ඉතාම ආදරයෙන් ඇතිදැඩි කල එළදෙන තමන්ගේ ඤාතියෙකුට බාර දුන්නේත්, කඩයේ සියළුම ගනුදෙනු නිමා කර කඩය වසා දැමුවේත්, අනිවාර්යය සිර දඬුවමක් ලැබෙන බව දන්නා නිසායි. ඔහුගේ බල්ලන් දෙදෙනා එකල වයස 8 පමණ වූ මට බාර උනා.
    මේ සිද්ධිය දැන සිටි පාර්සි නානා මේ තැනැත්තාට කියා තිබුනේ "තමුසේ නඩුව දවසේ උදේට අළුත්කඩේ යන්න ඉස්සෙල්ලා ඇවිත් මට පොඩ්ඩක් මතක් කරලා උසාවි යනවා " කියලයි. ඒ දේත් ඒ ආකාරයටම සිදු කරලා තිබුනා.
    මේ නඩුව විභාග කරන්න පටන් ගත් විට, මේ අබිං, විත්තිකරුගේ පුද්ගලික පාවිච්චිය සඳහා මිස විකිණීම සඳහා නොවන බව විත්තියේ නීතිඥයා කියා තිබුනා. පැමිණිල්ලේ පොලිස් නිලධාරියා කියා තිබුනේ සීනි හොන්ඩර පහක් සමග අසු උන කසිප්පු මුදලාලි කෙනෙකුත් ඒ සීනි තේ බොන්න ගෙනා බව උසාවියේදී පැවසූ බව තමන් දන්නා බවයි. නඩුකාරයාත්, පැමිණිල්ලේ නිලධාරීනුත් විත්තියේ කරුණු ඉදිරිපත් කිරීම හිනාවට කරුණක් බව පවසා මොහුගේ පෙර වැරදි ආදිය සලකා බලමින් ඉන්නා අතරේ තෝල්කයා පැමිණ නඩු කාරයාට යමක් පවසා තියනවා. එවිට නඩුකාරයා උසාවිය දිවා ආහාරය සඳහා කල් තබන බව පවසා නඩුව හවසට කල් තබා තිබෙනවා.
    කෑමෙන් පසු නඩුව කැඳවූ විට පෙර පැවති රළු වදන් වලින් තොරව නඩුකාරයා කෙලින්ම විත්තිකරුගෙන් අසා තියෙන්නේ "යුෂ්මතා මේ අබිං තමාගේ පාවිච්චිය සඳහා පමණක් ගෙනා බව දිවුරා කිව හැකිද?'' කියලයි. "එහෙමයි හාමුදුරුවනේ" කියන පිළිතුර ලැබුන ගමන් "රුපියල් දෙසීයක් දඩ" කියලා නඩු තීන්දුව දීලා.
    මේ වෙච්ච දේට හැමෝම හොල්මන් වෙලා ගිහින්. නමුත් ඒ පිටුපස තිබුන කතාව දැන සිටි අයට නම් ඒක පුදුමයක් වෙලා නැහැ. පාර්සි නානා තමන්ගේ ගෝලයෙක් උසාවියේ රඳවා, මේ නඩුව කැඳවන විටම ඔහුගේ ගෙදරට දුව ගොස් පණිවිඩය කියන ලෙස නියම කර තිබුනාලු. එවිට ඔහු නඩුකාරයාට ටෙලිපෝන් කර ඇති අතර, තෝල්කයා දුන් පණිවිඩය එයයි. The rest is history.
    ලංකාවේ පාතාලය ඇති වූවේ ජේ ආර් ගේ කාලයේ හෝ චන්ද්‍රිකාගේ කාලයේ වැනි මෝඩ කියමන් කියන අය අදටත් ඉන්නවා. නමුත් පාතාලය කියන එක චන්ද්‍රිකා, ජේ ආර්, සිරිමාවෝ, ඩඩ්ලි, SWRD, ජෝන් කොතලාවල පමණක් නොවෙයි, ජෝන් කොතලාවලගේ තාත්තාගේ කාලයේත් තිබුන බව නෙයිනගේ සූදුව වගේ සිද්ධි වලින් ඔප්පු වෙනවා.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,282
    1
    13,175
    113
    Gotham City

    පාතාලෙ තිබුනා.එව්වාට දෙශපාලන සහාය නොමඳව හම්බ උනෙ ජේ ආර් ගෙ කාලෙ

    ගොනවල සුනිල් ට සාම විනිසුරු පදවියක් එහෙම දුන්නෙ

    එතකොට පාතාලෙ මර්ධනය කළෙ කවුද ?

    ඒ 88/89 කාලෙ ජෙ වි පි එකෙන්
    පාතාලෙ පොලිසියට බය නැහැ ජේ වි පි එකට බයයි .
    කුඩු විකුණන උන් කසිප්පු පෙරන උන් චණ්ඩි පාතාලෙ ඒ දවස් වල නැහැ
    ගිණි අවි සහ ගිණි කෙලි කියන නාට්‍යෙ එක තැනක " විමුක්ති හමුදාව " කියලා කියන්නෙ මුන්ට.
    ජෙප්පො හොඳ වැඩක් කරා නම් ඔන්න ඕක තමා හොඳම දේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,294
    100,106
    113
    ජූලම්පිටියෙ අමරෙ

    මේක බලපන් ගහට පොත්ත වගේ පොලිටික්ස් පාතලය වැඩ කරන හැටි. සිද්ධි වල නම්ගම් ලන්කාවෙ සිද්ධිත් එක්ක ගලපල බලන්න කොච්චර සමානද කියල. රට වෙනස් උනාට වැඩ එකයි.
    https://www.imdb.com/title/tt6692188/
    MV5BZjlhNjE5MTktMjk3Mi00MWE5LTkyMjEtOTQ2N2RkZjg3MzA2XkEyXkFqcGdeQXVyMTMxODk2OTU@._V1_.jpg
     
    • Like
    Reactions: sakuntha1996

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,282
    1
    13,175
    113
    Gotham City
    කිඹුලා ඇල ගුණා
    අග්ගොන චන්දරෙ
    කොණ්ඩ අමිල
    ආමි රොෂාන්
    බැද්දගාන සංජීව
    ආනමාළු ඉමිතියාස්
    කඩුවෙල වසන්ත
    කරාටෙ ධම්මික
    වම්බොට්ටා
    පොට්ට නවුෆර්
    ජුලම්පිටිය අමරෙ
    තුම්මුල්ල පද්මෙ
    මාකඳුරෙ මධුෂ්
    ගොනවල සුනිල්
     
    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    Gonawila Sunil
    Soththi Upali
    Chinthaka Amarasinghe
    Kaduwela Wasantha
    Baddegane Sanjeewa
    Vambotta
    Anamalu Imtiaz
    Wele Suda
    Makandure Madush
    Kanjipani Imran
    Angoda Lokka