උබ අදුරන්නති කෙනෙක් උබට කරල තියෙන ලොකුම උදව්ව මොක්ක්ද

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    මම බලෙන් වගේ මෙහෙ ගෙනාවේ අපේ දෙමවුපියෝ ලංකාවේ තියාගන්න බැරි චරිතයක් නිසා. ඒ ඇවිල්ල ගෙදර හිතිය අවරුදු 2ක්, ඊට පස්සේ රස්සාවක් සෙට් උනා මට සුපිරි රස්සාවක් දුන්න කුවේට් එකේ ලංකවේ අය. මේ රස්සාව ගන්න ඇප්ලිකේෂන් දාල සියක් විතර පෝලිමේ හිටියට. ලංකාවේ නිසා මට දවසෙන් රස්සාව දුන්න බන්. මම ඉන්ටවිවූ එකට ගියෙත් පිස්සෙක් වගේ. එත් මා එක්ක හොදට කතා කරලා එන්න කිව්වා හෙට. ඒ අය උපරිමයෙන්ම satisfied වෙන්න මම වැඩ කරා. ඒ මිනිස්සු තාමත් ආදරෙයි මට.

    එක බෝසෙක් කොළඹ අනිත් බොසා නුවර. එක්කෙනෙක් දැන් මවුට් ලෑවෙනිය එකේ director කෙනෙක්. අනිත් කෙනා ඉබිස් එකේ director කෙනෙක්.

    තව දෙයක් මට ලංකාවේ එක එක පළාත් වල මිනිස්සු හැම කෙනෙක්ම එක වගේ කියල තේරුම් ගන්න මේ පිටරට ජිවිතේ උදවු උනා.
     
    Last edited:

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,668
    113
    34
    Hell
    මට සුපිරි රස්සාවක් දුන්න කුවේට් එකේ ලංකවේ අය. මේ රස්සාව ගන්න සියක් විතර පෝලිමේ හිටියට ලංකාවේ නිසා මට දවසෙන් රස්සාව දුන්න බන්.

    IMO අයියා කෙනෙක් නේ 🥴
     
    • Haha
    Reactions: NRTG and Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    IMO අයියා කෙනෙක් නේ 🥴
    ඉතුරු ටික ලිව්වා බලපන්/

    @PHBhagya අදටත් දැකලවත් නැති වුනාට,උදව් ඉල්ලුවොත් 100%.සුපිරිම ඩයල් එකක්..
    @PHBhagya මට ලොකුවට උදවු කරපු පොරක් මු. ඔන්ලයින් ජීවිතය වගේම තමයි මුගේ normal ජීවිතයත්. ඉතාම හොද මනුස්සයෙක.
    ------ Post added on Apr 13, 2024 at 2:31 AM
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,084
    113
    mn random udawu karala thiyenwa minissunta,
    samahra dewal ithama podi dewal.

    e wagema mata return udwu hambela thiyenwa society eke eka eka level wala ayagen.

    specially elakiri ayagen udwu hambela thiyenwa jiwithe eka eka kalawaladi.

    digatama me widiyata puluwan widiyata udawuwak karan inna thamayi kalpanwa.
    :)
     
    • Like
    Reactions: NRTG

    devops

    Well-known member
  • Apr 3, 2023
    645
    488
    63
    colombo
    Purse eka nethiwela.. eka ahulala dunna awastha 3 Kata wedi.....
    Kohoma pin dennada kiyala adawath kiyanna therenne...
    මගෙත් ෆෝන් පර්ස් දෙකම 3 -4 පාරකට වඩා නැතිඋනා. හැමපාරම වගේ ආයි හම්බ උනා 🫡🥹❤️
     
    • Like
    Reactions: NRTG

    devops

    Well-known member
  • Apr 3, 2023
    645
    488
    63
    colombo
    පොලිසීයෙ උන්. ලොකු දඩ නොගහා උසාවි නොදා හෙල්මට් නැතුව යාම වගේ පොඩි දඩයක් ලියලා දීපු පොලිස් පොරවල් 🫡
     
    • Haha
    Reactions: NRTG

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy
    මනුස්සයෙක් මාව උගෙ බයික් එකෙ ගැටගහගෙන ආරච්චිකට්ටුව කිට්ටුව ඉදන් පුත්තලමටම ආව
    1712975657771.png
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    ජොබක් නැතිව ෆුල් නන්නත්තාර වෙලා ඉද්දී ඉන්ටව් එකක් සෙට් වුණා. HR එකේ කෙල්ලෙක් කතා කළේ. මම පස්සෙ හොඳට කතා කරලා පාර සහ කොම්පැනිය ගැන විස්තර අහගත්තා.

    ඉන්ටව් එකේදී උදේම පැය දෙක තුනකට කළින් ගිහින් එයාව හම්බුණා වෙලා අඳුවන්වලා දීලා මම පැය දෙකක් විතර එළියේ චාටරයක් ගහලා ආවා. මට වඩා ලස්සනට ඇඳලා පැළඳලා සහ සහතික තිබ්බ අයට වඩා මට ලකුණු ලැබිලා තිබ්බා.

    අවුරුද්දකින් මම එළියට යද්දී , මම ඒ සමාගමට සෑහෙන්න ලොකු වැලියු ඇඩිශන් එකක් දීලා ආවේ.
     

    Soloprenuer

    Well-known member
  • Apr 8, 2024
    647
    535
    93
    New york
    Bike පදින්න ගත්ත මුල් කාලේ මට ස්කූටරේ මේන් ස්ටෑන්ඩ් එක ගහගන්න බෑ..

    බම්බලපිටිය සෙඩ් එකේ තටඹ තටබ ඉද්දි එකෙක් ඇවිල්ලා ගහලා දුන්නා 😐
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,316
    35,008
    113
    දවසක් ඉන්ටර්සිටි බස් එකක නැගලා නුවර ඉඳලා කොළඹ එන්න ආවා උදේ පාන්දරම. නිට්ටඹුව පහු උනා විතරයි බඩ ගොර ගොර ගගා රෙන්ඩ බරක් සෙට් උනා. ඉන්නම බෑ ෆුක නලියනවා. බස් එකෙන් බැස්සා පාර අයිනේ පොඩි හෝටලයක් වගේ කඩයක් තිබ්බා. වයසක අංකල් කාරයෙක් විතරයි හිටියේ. මම කෙලින්ම කිව්වා අංකල් ටොයිලට් එකට යන්න පුලුවන්ද කියලා. මිනිහා කිව්වා මෙතන නම් එකක් නෑ පිිටිපස්සේ අපේ ගෙදර තියෙනවා එහෙට යං කියලා. මෑන්ස්ගේ ගෙදරට ටෙයිලට් එකට ගිහිං හිතේ හැටියට රීවා. අපරාදේ කියන්න බෑ අංකල් කාරයගේ ඇන්ටි කෝපි එකකුත් හදලා දුන්නා. ඊට පස්සේ එ හරියෙන් කීප වතාවක් ගියත් මට ඒ තැන හරියටම හොයා ගන්න බැරි වුණා.
     

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,935
    3,408
    113
    ඉරිද හවසක, බයික් එක කැඩිලා, මනුස්සයෙක් මාව උගෙ බයික් එකෙ ගැටගහගෙන ආරච්චිකට්ටුව කිට්ටුව ඉදන් පුත්තලමටම ආව ගැරෙජ් එකක් හොයාගෙන .

    කිමි 15 කට වැඩියි
    පොර උදැල්ලකුත් අරන් හෙනට, කුබුරට යන ගමන්

    සතයක්වත් ගත්තෙත් නෑ පෙට්‍රොල් ටිකක් ගහගන්නවත්
    ha ha matath una ohoma wdak. kadu tiyena paththaka bike eka natara una. e asse bokakuth set wela. :lol: dial ekak awa u silancer ekata kakula tiyan tallu kara maawa shed ekak hambenakan
     

    Soloprenuer

    Well-known member
  • Apr 8, 2024
    647
    535
    93
    New york
    දවසක් ඉන්ටර්සිටි බස් එකක නැගලා නුවර ඉඳලා කොළඹ එන්න ආවා උදේ පාන්දරම. නිට්ටඹුව පහු උනා විතරයි බඩ ගොර ගොර ගගා රෙන්ඩ බරක් සෙට් උනා. ඉන්නම බෑ ෆුක නලියනවා. බස් එකෙන් බැස්සා පාර අයිනේ පොඩි හෝටලයක් වගේ කඩයක් තිබ්බා. වයසක අංකල් කාරයෙක් විතරයි හිටියේ. මම කෙලින්ම කිව්වා අංකල් ටොයිලට් එකට යන්න පුලුවන්ද කියලා. මිනිහා කිව්වා මෙතන නම් එකක් නෑ පිිටිපස්සේ අපේ ගෙදර තියෙනවා එහෙට යං කියලා. මෑන්ස්ගේ ගෙදරට ටෙයිලට් එකට ගිහිං හිතේ හැටියට රීවා. අපරාදේ කියන්න බෑ අංකල් කාරයගේ ඇන්ටි කෝපි එකකුත් හදලා දුන්නා. ඊට පස්සේ එ හරියෙන් කීප වතාවක් ගියත් මට ඒ තැන හරියටම හොයා ගන්න බැරි වුණා.
    රෙන්ඩබරක් ආවොත් ලගම හොස්පිටල් එකෙන් බැහැලා ඩොක්ටර් ලට රෙන්ඩ තියන එකට පලයං 🩺

    මං මාලබේ කොල්ලුපිටිය යන කාලේ කොස්වත්තෙධි බොක තද උනාම ඕක කරනවා 💩💩
     
    • Wow
    • Haha
    Reactions: NRTG and nalin0001

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,316
    35,008
    113
    රෙන්ඩබරක් ආවොත් ලගම හොස්පිටල් එකෙන් බැහැලා ඩොක්ටර් ලට රෙන්ඩ තියන එකට පලයං 🩺

    මං මාලබේ කොල්ලුපිටිය යන කාලේ කොස්වත්තෙධි බොක තද උනාම ඕක කරනවා 💩💩
    දොස්තරලට යන්න කීලා වෙනම ටොයිලට් තියෙනවද? උන්ගේ ෆුකෙන් වැටෙන්නේ රත්තරං ගුලිද?
     

    Soloprenuer

    Well-known member
  • Apr 8, 2024
    647
    535
    93
    New york
    දොස්තරලට යන්න කීලා වෙනම ටොයිලට් තියෙනවද? උන්ගේ ෆුකෙන් වැටෙන්නේ රත්තරං ගුලිද?
    හැමතැනහ එහෙමයි. උබ කෝච්චි ස්ටේෂන් වල මහත්වරැන්ගේ වැසිකිලිය දැකලා නැද්ද 😁
     
    • Like
    Reactions: NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,716
    75,850
    113
    ඉතුරු ටික ලිව්වා බලපන්/


    @PHBhagya මට ලොකුවට උදවු කරපු පොරක් මු. ඔන්ලයින් ජීවිතය වගේම තමයි මුගේ normal ජීවිතයත්. ඉතාම හොද මනුස්සයෙක.
    ------ Post added on Apr 13, 2024 at 2:31 AM
    @PHBhagya kiyanne supiri porak. Dakala ne, aththata katha karala ne. Eth kiyanna puluwan bokka honda dial ekak kiyala. Dawasaka EK ekey unwa sirawata andunaganna hambaunoth, anduna ganna kamathi set eken ekek tama oka.
     

    Inquisitor

    Active member
  • Nov 5, 2008
    228
    69
    28
    Off Kandy
    මේක සිදු උනේ 1994 ජූනි මාසේ විතර ඕමාන් කියන රටේදී. අවුරුදු 2 ක සේවා කාලයකින් පස්සේ ආපසු මෙරටට එන්න කියල මස්කට් ගුවන් තොටුපලට ඇවිල්ලා ආගමන විගමන කවුන්ටරේදී 'පිටත්විය' කියන සීල් එක ගහන්න ඔන්න මෙන්න කියල තියෙද්දී ඒ පොලිස් නිලධාරියා (එහෙ ආගමන විගමන කටයුතු කරන්නේ ඕමාන් පොලිස් නිලධාරින්) මම දවසක් overstay කියලා මාව අත්අඩංගුවට ගන්න ඕනා කියල detain කරගෙන හිටියා. මම පැය බාගයක් පමණ තිස්සේ එම නිලධාරියාට දන්නා විදියට ඉංග්‍රීසි භාෂාවෙන් කිව්වා එක මගේ වරදක් නෙවේ අපේ කම්පැනි එකේ HR එකෙන් කරලා තියෙන වැරද්දක් නිසා මට යන්න දෙන්න කියලා.ඒ මනුස්සයා කිසිම ගානකට ගත්තේ නැහැ ඒ කිසි දෙයක්. flight එක පිටත් වෙන්න තව විනාඩි 10 යී. මම අන්ත සරණ වෙලා දාඩිය දාගෙන බය වෙලා ඉන්න කොට මෙන්න දෙවියෝ දුන්න වගේ සිංහල කට හඬක් "ඇයි මොකක්ද ප්‍රශ්නය කියල". මම හිතන්නේ එහෙම ආවේ ඕමාන් වල වැඩ කරන සිංහල රේගු නිලධාරීයෙක්.මම විස්තරේ කිව්වා. මේ නන්නාඳුනන මහත්තයා ඔමානි භාෂාවෙන් අර පොලිස් නිලධාරියා එක්ක විනාඩි 5 ක පමණ වාදයක් කළා අරාබි භාෂාවෙන්. ඒක ඉතාමත් උස් හඬින් කල එකක් (සාමාන්‍යයෙන් අරාබි කාරයින් උස් හඩින් තමයි කතා කරන්නේ. හරියට අපි බැන ගන්නවා වගේ). අවසානයේ ඒ පොලිස් නිලධාරියා අකමැත්තෙන් වගේ සීල් එක ගැහුවා. මම hand luggage එකත් අරන් දිව්වා plane එකට. මම ඇතුළු වෙනවත් එක්කම ගුවන් යානයේ දොර වැහුවා. එදා ඒ සත්කාර්යය ඒ උතුම් මිනිසා මට නොකලා නම මම හරි විශාල කරදරයක වැටෙනවා. ඒ වගේ අසරණ වෙලා ඉන්නා කොට ඒ වගේ පිහිටක් උන ඒ මහත්තයාට මම හැමදාම පින් දෙනවා. මැරෙනකම් අමතක වෙන්නේ නැහැ ඒ කල උදව්ව. මට දුක හදිස්සිය නිසා මට ඒ මහත්තයාගේ නම හෝ දුරකථන අංකයවත් ගන්න බැරි උන එක ගැන.අදටත් මේ සිද්දිය ගැන මට පුදුම හිතෙනවා.