උබ දන්නවනං ඇවිත් කියාපං

Kiri chuwa

Banned
Nov 18, 2018
655
43
0
මල්ලිම වලව්ව
උබ දන්නවනං ඇවිත් කියාපං

මෙන්න මේකයි මිතුරනි ගැටළුව.
මගේ පවුලේ ඉන්නේ මමයි මගේ මල්ලියි. අපි පදිංචි මහනුවර.
මීට කාලෙකට ඉස්සර මම කෙල්ලෙක් එක්ක යාළුවෙලා හිටියා. ඒ කෙල්ල පදු. මම මේ සම්බන්දේ ගෙදෙට්ට කිව්වම අපේ ගෙදර ලොකු ප්‍රශ්නයක් ඇති උනා අඩුකුලෙන් බදින්නවයි කියල. පස්සේ අපේ තාත්ත කිව්ව ලමයි දෙන්නගෙන් එක්කෙනෙක් හරි අඩු කුලෙන් බැන්දොත් ඒ කෙනාට දේපල කිසිම දෙයක් හම්බවෙන්නේ නෑ අනිත් කෙනාට දේපල සේරම ටික ලියනවයි කියල. පස්සේ මම යාලුවෙලා ඉදිය කෙල්ලව අතෑරදාල හොද කුලෙකින් කෙල්ලෙක්ව කසාද බැන්දා.
අපේ මල්ලිත් මීට මාස 6කට උඩින් පෙරේරා කියල කරාවේ කෙල්ලෙක්ව බදින්න ඇහුවා. ගෙදරින් කිව්ව බැන්දොත් දේපල කිසිම දෙයක් දෙන්නේ නෑ කැමතිනං බැදපන් කියල, මූ දේපොල මුකුත් කාරිය එපා කියල අර කෙල්ලව බැදගෙන නෙදර්ලන්තයට ගියා.
එහෙ ගිහිල්ලා අම්මටයි තාත්තටයි කෝල් ගත්තට එයාල ඉස්සුවේ නෑ තරහට. පස්සේ මට ගත්තම මම ඉස්සුවා. අම්මට දෙන්න කිව්වම ෆෝන් එක මම අම්මට දුන්නා. ඉන් පස්සේ අම්ම කතා කරල බැන්න අපි උබව දරු කමෙනුත් අයින් කලා මේ දේපොල කිසිවක් කාරිය උබට දෙන්නේ නෑ සේරම අයියට ලියනවයි කියල. මල්ලිත් ඒකට හා කිව්ව. දේපොල ඕනේ නෑ අම්මල තරහ අයින් කරගන්න ඒ ඇති මට සතයක් වත් ඕනේ කරන්නේ නැතිය කියල. මේකේ කෝල් රෙකෝඩ් එකත් මා ගාව තියෙනෝ. එහෙම කියල ඉදලා දැන් මාස දෙකට විතර උඩදි ඉදලා කාරිය අම්ම මල්ලිට කතා කරන්න ගත්ත.තාත්ත නං කතා කරන්නේ නෑ තාමත්. කොහොමහරි දැන් අම්මලා හදන්නේ මටයි මල්ලිටයි දෙන්නටම දේපොල දෙකට බෙදල ලියල දෙන්න. මම මේකට ගෙදර අය එක්ක රන්ඩු උනාම එයාල කියන්නේ අපි තරහට කිව්වට එහෙම බෑනේ එයාගේ කොටස එයාටත් දෙන්න ඕනැයි කියල. තාත්තත් මල්ලි එක්ක කතා නොකලට එයත් ඒ මතේම ඉදන් කියනෝ මල්ලිගේ බාගේ එයාට දෙන්නම ඕනැයි කියල. ලබන සිංහල අවුරුද්දට කලින් මේ දේපොල බෙදලා ඉවරයක් කරන්නයි එයාල බලන්නේ. අන්තිමට මට තමයි මේකෙන් අසාදාරනේ උනේ අවුරුදු 4ක් යාලුවෙලා ඉදිය කෙල්ලත් නැති උනා දේපොල බාගෙකුත් දැන් නැතිවෙන්න ‍යනවා. අරූට අන්තිමට කෙල්ලයි දේපොලයි සේරම හම්බවෙන්නේ යන්නේ. මේක මහ අසාදාරනයක් නේ. අම්ම කියපු කෝල් රෙකෝඩ් එක මගේ ලග තියෙන නිසා මට බැයිද මොනාහරි කරල මේ දේපොල ටික සේරම තනියෙන් අයිති කරගන්න. මේ අසාදරනේට මොකද්ද කරන්න පුලුවන්.