උබ මොකෙද්ද?

Maxxwell

Member
Nov 19, 2013
1,143
275
0
බුද්ධාගමේ කොහේවත් කේන්දරයක් ගැන සදහනක් නෑ. දෙවියන් යදින්න කියල හෝ දෙවියන්ට පූජා තියන්න කියල නෑ. මේ සේරම මිත්‍යා ද්‍යුෂ්ටියන් ලෙස සලකල තියෙන්නෙ. අපේ බූරැ හරක් ධර්මයෙන් ටිකක් ඉගෙන ගෙන රට වටා බොරැ බේගල් පස්සෙ දුවනවා. දැන් තියෙන්නේ හින්දු ආගමයි බුද්ධාගමෙයි සන්කලනයක් ..මේවට අපි හැමෝම වගකියන්න ඔනී.කුණු වැඩ සේරම කරල බෝධි පුජාවක් තියල දෙවියන් වැන්දාම සේරම හරි කියන කාලයක් දැන් තියෙන්නෙ..

කිසිම දෙයක විය හැකියාවක් නෑ.. අපේ ජීවිත සම්බන්ධ සියලුම දෙවල් අපිට වෙනස් කල හැකී. මෙකද අපි පෙරැම් පුරල නෑ. අපි සොවාන් වෙලා වගේනම් විය හැකියාවක් තියනවා .. තාම අපිට ඔනිම දෙයක් හිතුවොත් වෙනස් කරතෑකී..

1233412_601519196577596_1808465784_n_jpg_oh_451c.jpg

හැබැයි අපි වරද්ද ගත්ත තැනක් තියනව.. අපි දෙවියන්ට කියල මල පේරේතන්ට යක්කුන්ට පූජා තියල වැඩේ දෙල් කරගෙන තියෙන්නෙ.. දැන් පුජා තියනකම් හොදයි නැතිවෙච්ච ගමන් ඉවරයි.. නිවැරදි විශ්වාසයේ ඉන්න එකා වැඩිය දගලන්න ගියොත් උත් ඉවරයි..

:yes::yes:
 
Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl

    උබ මට ඒක කියලා දෙන්න ඕනේ මචන්, මම දහම් පාසැල් ගිහින් තියෙනවා, කොච්චර නියාම ධර්මයන් තිබුනත් ඔතන වැඩි ප්‍රමුඛතාව එන්නේ කර්ම නියමයටයි, ජෝතිෂ්‍යයෙන් කරන්නේ නරක කර්මයක් තියෙනවා නම් ඒක කලින් දැකලා ඒක වෙනස් කරගන්න/අඩු කරගන්න උදව් කරන එක එතකොට හානියක් වෙන්න ගියත් ඒ හානියෙන් වෙන දේ අවම කරගන්න පුලුවන්. එකම එක repeat කරන එකේ තේරුමක් නෑ නේ මචන්, තේරුම් ගනින් බොරු බයිලා ගහන්නේ නැතුව. මම ආයි උබට කියන්නේ නෑ මොකද උබ මම කියන දේ තේරුම් ගන්නේ නැතුව බයිලා කියනවා.

    උඹට බෞද්ධ ධර්මය ගැන කියද්දි බයිලලු.
    උඹට මුලින් මම පෙන්නල දුන්නා කර්මය පරක්කු කරලා අහෝසි කර්ම කරන්න බෑ උඹ නිවන් දකින්නේ නැත්ත්ම් කියලා. කර්මය ඵල දෙන ඒවා එහෙම අඩු කර කර ඉන්න බෑ මචං එහෙනම් බුදු හාමුදුරුවෝ චර්‍යාය සත්‍ය වලට ජෝතිර්වේදිය දානවා කර්මයෙන් ඇති වෙන දුක අඩු කරගන්න පුලුවන් කියලා. උඹ දහම් පාසල් ගියාට මිත්‍යාව පස්ස්සේ යන එක තමයි අවුල. උඹට හිත හදාගන්න විදිහට ජෝතිර්වේදිය පාවිච්චි කරහන් හැබැයි බෞද්ධ ධර්මයට ගාව ගන්න එපා.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    අනිවා! කේන්දරේ බැලුවා කියලා වෙන්න තියන දේවල් වලක්වන්න බෑ,. ඒකෙන් වෙන්නේ අපි වෙන්න තියන දේවල් වලට සාධාරන හේතු හදාගෙන වෙන දේ උනාට පස්සේ අපි ඊට වඩා දේවල් ඇති කරගෙන ඒ දේ සාදාරනී කරනය කරගන්න එක

    :yes::yes:

    සාමාන්‍ය මිනිස්සු කේන්දර බලල හිත හදාගත්තට කමක් නෑ... ඒත් මිනිස්සු මුදල් කාලය නස්ති කරගෙන ඕවා පස්සෙම යනවනෙ. එයාල ඒ ගත කරන කාලය මුදල් වලින් හොඳ කුසල් කර්ම කරලා හොඳ ප්‍රතිඵල ලබාගන්න පුලුවන්. නිතරම අකුසල් කරන අය තමයි බියෙන් සැකෙන් ගොඩාක් ජීවත් වේන්නේ. ඒ අය තමයි ඕවා පස්සේ වැඩි වැඩියෙන් යන්නේ.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37

    උබ මට ඒක කියලා දෙන්න ඕනේ මචන්, මම දහම් පාසැල් ගිහින් තියෙනවා, කොච්චර නියාම ධර්මයන් තිබුනත් ඔතන වැඩි ප්‍රමුඛතාව එන්නේ කර්ම නියමයටයි, ජෝතිෂ්‍යයෙන් කරන්නේ නරක කර්මයක් තියෙනවා නම් ඒක කලින් දැකලා ඒක වෙනස් කරගන්න/අඩු කරගන්න උදව් කරන එක එතකොට හානියක් වෙන්න ගියත් ඒ හානියෙන් වෙන දේ අවම කරගන්න පුලුවන්. එකම එක repeat කරන එකේ තේරුමක් නෑ නේ මචන්, තේරුම් ගනින් බොරු බයිලා ගහන්නේ නැතුව. මම ආයි උබට කියන්නේ නෑ මොකද උබ මම කියන දේ තේරුම් ගන්නේ නැතුව බයිලා කියනවා.

    අනුන්ගේ විශ්වාසයන් බොරු කරන්න හදන්න එපා මචන්, උබ විශ්වාස කරන එකක් විශ්වාස කරගෙන හිටපන්.

    කෙබ්බ කෙලින්න එපා බන් , ජෝතීශ්‍ය කියන්නේ වෙනම විද්‍යාවක් ඒක ධර්මය එක්ක සම්බන්ධ නෑ. කර්මය වෙනස් කරන්න ජෝතීශ්‍යට බෑ , හැබැයි කුසලේ ශක්තිය අනුව නරක කර්ම යටපත් වෙන්න පුලුවන්. අනුන්ගේ විශ්වාස බොරුයිනම් බොරුයි කියලා තර්ක කරන්න අයිතියක් තියෙනවා වගේම බලන් ඉන්න එකා වටහා ගැනීමේ ඉඩකඩත් තියෙනවා. බුදුන් ධර්මය දේශනා කලේ ආගම්, විශ්වාස 60 වඩා තිබ්බ රටක, ධර්මය ඉස්මතු වෙද්දි බොරුව යටපත් වෙනවා , ඒකට කරන්න දෙයක් නෑ
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    කෙබ්බ කෙලින්න එපා බන් , ජෝතීශ්‍ය කියන්නේ වෙනම විද්‍යාවක් ඒක ධර්මය එක්ක සම්බන්ධ නෑ. කර්මය වෙනස් කරන්න ජෝතීශ්‍යට බෑ , හැබැයි කුසලේ ශක්තිය අනුව නරක කර්ම යටපත් වෙන්න පුලුවන්. අනුන්ගේ විශ්වාස බොරුයිනම් බොරුයි කියලා තර්ක කරන්න අයිතියක් තියෙනවා වගේම බලන් ඉන්න එකා වටහා ගැනීමේ ඉඩකඩත් තියෙනවා. බුදුන් ධර්මය දේශනා කලේ ආගම්, විශ්වාස 60 වඩා තිබ්බ රටක, ධර්මය ඉස්මතු වෙද්දි බොරුව යටපත් වෙනවා , ඒකට කරන්න දෙයක් නෑ

    :yes:

    ඔහොම ලාවට හරි අඩු කරගන්න පුලුවන් තැනට සුදුසු නිවණ තියන මිනිහෙක්ට. ඕක කියන්නේ "පයෝග සම්පත්ති" කියලා. ඒ ඇරෙන්න ගති සම්පත්ති, උපධි සම්පත්ති, කාල සම්පත්ති වගේ දේවල් තියනවා කර්මයෙන් ලැබුණු ප්‍රතිඵල වෙනස් කරගන්න පුලුවන්. ඔය එකකවත් ජෝතිර්වේදියෝ ගැන සඳහන් කරලා නෑ. බෞද්ධ ධර්මය ගැඹුරෙන් දන්නවනම් ඕවට උත්තර තියනවා.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උඹට බෞද්ධ ධර්මය ගැන කියද්දි බයිලලු.
    උඹට මුලින් මම පෙන්නල දුන්නා කර්මය පරක්කු කරලා අහෝසි කර්ම කරන්න බෑ උඹ නිවන් දකින්නේ නැත්ත්ම් කියලා. කර්මය ඵල දෙන ඒවා එහෙම අඩු කර කර ඉන්න බෑ මචං එහෙනම් බුදු හාමුදුරුවෝ චර්‍යාය සත්‍ය වලට ජෝතිර්වේදිය දානවා කර්මයෙන් ඇති වෙන දුක අඩු කරගන්න පුලුවන් කියලා. උඹ දහම් පාසල් ගියාට මිත්‍යාව පස්ස්සේ යන එක තමයි අවුල. උඹට හිත හදාගන්න විදිහට ජෝතිර්වේදිය පාවිච්චි කරහන් හැබැයි බෞද්ධ ධර්මයට ගාව ගන්න එපා.

    බයිලා කිව්වේ උබ කියන ඒවාට, මමත් බෞද්ධ තමයි, උබට වඩා මම බෞද්ධ බන් මොකද මම 100% බෞද්ධ පාසැලකට ගියේ, අපේ මුළු පරම්පරාවම බෞද්ධ, අපේ සීයා නුවර , දහම් පාසැලුත් ගිහින් තියෙනවා.

    කර්මය අඩු කරන එකක් ගැන නෙවෙයි මම කිව්වේ, ඒක එල දෙනකොට හානිය අඩු කරන හැටියි,
    ජෝතිෂයෙන් එක කරන්න පුලුවන්. උදාහරණයකට කිව්වොත් මුගලන් හිමි අන්තිම කාලේ හොරු රැළකගෙන් ගුටි කන්න ගිහින් තියෙනවා, එයා ඒකෙන් බේරුනේ අනාගතය දැකලයි ඉතින් මේ වගේම තමයි ජෝතිෂයෙන් කරන්නේ, අනාගතයේ ප්‍රශ්න දැකලා ඒවාට විසදුම් දෙන එක, නරක කර්ම තියෙනවා නම් හොද කර්ම කරලා ඒවා යටපත් කරන එක. උබ කොහොමද ජෝතිෂයට මිත්‍යාව කියන්නේ? ඒක මිත්‍යාවක් නෙවෙයි, උබලා වගේ බටහිර මත ඔළුවේ උඩ කර පින්නාගෙන ඉන්න එවුන් දන්නේ අපේ දේවල් වලට මිත්‍යාව කිය කිය ඉන්න විතරයි, තව ටික දවසකින් උබලා බුද්ධාගමටත් මිත්‍යාව කියයි. උබ ඔය දාගෙන ඉන්නේ jack sparrow කියන එකා බටහිර එකෙක් නේ ඒකෙන්ම හිතාගන්න පුලුවන් උබ කොයිතරම් බටහිර ගැත්තෙක්ද කියලා.:lol::lol:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කෙබ්බ කෙලින්න එපා බන් , ජෝතීශ්‍ය කියන්නේ වෙනම විද්‍යාවක් ඒක ධර්මය එක්ක සම්බන්ධ නෑ. කර්මය වෙනස් කරන්න ජෝතීශ්‍යට බෑ , හැබැයි කුසලේ ශක්තිය අනුව නරක කර්ම යටපත් වෙන්න පුලුවන්. අනුන්ගේ විශ්වාස බොරුයිනම් බොරුයි කියලා තර්ක කරන්න අයිතියක් තියෙනවා වගේම බලන් ඉන්න එකා වටහා ගැනීමේ ඉඩකඩත් තියෙනවා. බුදුන් ධර්මය දේශනා කලේ ආගම්, විශ්වාස 60 වඩා තිබ්බ රටක, ධර්මය ඉස්මතු වෙද්දි බොරුව යටපත් වෙනවා , ඒකට කරන්න දෙයක් නෑ

    :lol: උබලගේ මහ එවුන් බෞද්ධ රජවරුන්ගේ කඩු උස්සපු එවුන්නේ දැන් මෙතන බුද්ධාගම ගැන පොර ටෝක් දුන්නට.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37

    :lol: උබලගේ මහ එවුන් බෞද්ධ රජවරුන්ගේ කඩු උස්සපු එවුන්නේ දැන් මෙතන බුද්ධාගම ගැන පොර ටෝක් දුන්නට.
    උත්තර නැද්ද කඩු ගැන කියන්නේ:dull::dull:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl

    බයිලා කිව්වේ උබ කියන ඒවාට, මමත් බෞද්ධ තමයි, උබට වඩා මම බෞද්ධ බන් මොකද මම 100% බෞද්ධ පාසැලකට ගියේ, අපේ මුළු පරම්පරාවම බෞද්ධ, අපේ සීයා නුවර , දහම් පාසැලුත් ගිහින් තියෙනවා.

    කර්මය අඩු කරන එකක් ගැන නෙවෙයි මම කිව්වේ, ඒක එල දෙනකොට හානිය අඩු කරන හැටියි,
    ජෝතිෂයෙන් එක කරන්න පුලුවන්. උදාහරණයකට කිව්වොත් මුගලන් හිමි අන්තිම කාලේ හොරු රැළකගෙන් ගුටි කන්න ගිහින් තියෙනවා, එයා ඒකෙන් බේරුනේ අනාගතය දැකලයි ඉතින් මේ වගේම තමයි ජෝතිෂයෙන් කරන්නේ, අනාගතයේ ප්‍රශ්න දැකලා ඒවාට විසදුම් දෙන එක, නරක කර්ම තියෙනවා නම් හොද කර්ම කරලා ඒවා යටපත් කරන එක. උබ කොහොමද ජෝතිෂයට මිත්‍යාව කියන්නේ? ඒක මිත්‍යාවක් නෙවෙයි, උබලා වගේ බටහිර මත ඔළුවේ උඩ කර පින්නාගෙන ඉන්න එවුන් දන්නේ අපේ දේවල් වලට මිත්‍යාව කිය කිය ඉන්න විතරයි, තව ටික දවසකින් උබලා බුද්ධාගමටත් මිත්‍යාව කියයි. උබ ඔය දාගෙන ඉන්නේ jack sparrow කියන එකා බටහිර එකෙක් නේ ඒකෙන්ම හිතාගන්න පුලුවන් උබ කොයිතරම් බටහිර ගැත්තෙක්ද කියලා.:lol::lol:

    මාත් ගියේ 100% බෞද්ධ පාසලකට තමයි මචං මාත් දහම් පාසල් ගියා. ඒත් 100% බෞද්ධ පාසලකට ගියා කොහෙද බං තව කෙනෙක්ට වඩා බෞද්ධ වෙන්නේ?

    සිරාවට Jack Sparrow බටහිර නම් radioactive කියන්නේ කොහෙ නමක්ද දන්නේ නෑ :lol: පේනවනේ මිත්‍යාව පස්සේ යන මිනිස්සුන්ගේ තාර්කික දැනුම
    :P

    මචං හිනා යන කතා කියන්න එපා මුගලන් මහ රහතන් වහන්සේ සොර මුලෙන් ගුටි කෑවා එහෙම තමයි අපවත් උනේ. උඹේ බෞද්ධ ධර්මය ගැන තියන දැනුම හොඳට පේනවා :lol: මුගලන් හාමුදුරුවෝ ඒක දැනන් හිටියා හැබැයි ඒකට මුහුන දුන්නා... අනික මුගලන් හාමුදුරුවෝ ඒවා දැක්කේ නැකත් බලලා නෙමෙයි. මුගලන් හාමුදුරුවෝ නම ඍද්ධියෙන් අග්‍ර මහ රහතන් වහන්සේ.. හිත දියුණු කරගත්තු පුද්ගලයෙක් මිසක් ජොතිර්වේදියෙක් නෙමෙයි

    මෙන්න මේක හොඳට කියවන්න.. මේකේ පැහැදිලිව තියනවා

    http://www.thirdeyelk.com/2014/08/existence-of-karma-in-modern-society.html
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මාත් ගියේ 100% බෞද්ධ පාසලකට තමයි මචං මාත් දහම් පාසල් ගියා. ඒත් 100% බෞද්ධ පාසලකට ගියා කොහෙද බං තව කෙනෙක්ට වඩා බෞද්ධ වෙන්නේ?

    සිරාවට Jack Sparrow බටහිර නම් radioactive කියන්නේ කොහෙ නමක්ද දන්නේ නෑ :lol: පේනවනේ මිත්‍යාව පස්සේ යන මිනිස්සුන්ගේ තාර්කික දැනුම :P

    මචං හිනා යන කතා කියන්න එපා මුගලන් මහ රහතන් වහන්සේ සොර මුලෙන් ගුටි කෑවා එහෙම තමයි අපවත් උනේ. උඹේ බෞද්ධ ධර්මය ගැන තියන දැනුම හොඳට පේනවා :lol: මුගලන් හාමුදුරුවෝ ඒක දැනන් හිටියා හැබැයි ඒකට මුහුන දුන්නා... අනික මුගලන් හාමුදුරුවෝ ඒවා දැක්කේ නැකත් බලලා නෙමෙයි. මුගලන් හාමුදුරුවෝ නම ඍද්ධියෙන් අග්‍ර මහ රහතන් වහන්සේ.. හිත දියුණු කරගත්තු පුද්ගලයෙක් මිසක් ජොතිර්වේදියෙක් නෙමෙයි

    මෙන්න මේක හොඳට කියවන්න.. මේකේ පැහැදිලිව තියනවා

    http://www.thirdeyelk.com/2014/08/existence-of-karma-in-modern-society.html

    radioactive කියන්නේ බන් විකිරණශීලියි කියන එක නේ, ඒක බටහිර වෙන්නේ කොහොමද? Jack Sparrow කියන්නේ නම් බටහිර ගැත්තෙක්ගේ නමක්.

    මුගලන් හිමි අපවත් වුනේ හොරුන්ගෙන් ගුටිකාලා තමයි නමුත් මුගලන් හිමි කිහිප වතාවක්ම බේරිලා තියෙනවා හොරුන් පහර දෙන්න එන කොට, මම කිව්වේ ඒක ගැනයි. එහෙම බේරුනේ අනාගතය දැකලයි, මුගලන් හිමි නැකැත් බැලුවා කිව්වේ නෑ මම, මම කිව්වේ ජෝතිෂ්‍යයෙන් අනාතය බලන්න පුලුවන් කියලයි, උබ මම කියපු වචන වෙනස් කරන්න එපා.

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උත්තර නැද්ද කඩු ගැන කියන්නේ:dull::dull:

    මොනවටද බන් උත්තර දෙන්න තියෙන්නේ? උබලා මාවත් අරගෙන වටේ යන එක නේ කරන්නේ. එකම ප්‍රශ්ණය එකම උත්තරය. ජෝතිෂයෙන් අනාගතය දකින්න පුලුවන් ඒක තමයි මගේ උත්තරය නමුත් උබලා හදන්නේ ඒක බුද්ධාගමත් එක්ක පටලවගෙන හරි වැරැද්ද හොයන්නයි.
    ජෝතිෂය කියන්නේ එකක්, බුද්ධාගම කියන්නේ තව එකක්, විද්‍යාව කියන්නේ තව එකක් නමුත් මේ හැමදේන්ම කරන්නේ මිනිසුන්ට යහපත සලසන එකයි. අරූ කියනවා කර්මයක් තියෙනවා නම් ඒකට මුහුණ දෙන්න ලෑස්තියිලු ,මේවා බයිල නේ, කවුද එහෙම ලෑස්ති? උබ කැමතිද කවුරු හරි ගහන්න එනවා නම් ,ආහ් මේක මගේ කර්මය කියලා දීගෙන ඉන්නේ? :lol: මේවා බොරු බයිලා මිනිස්සුන්ට ඕනේ කොහොම හරි හොදින් ඉන්නයි ඒකට ධර්මයද, ජෝතිෂයද ,හින්දු දෙවිවරුද අරකද මේකද කියලා වැඩක් නෑ. ඕනෙම මිනිහෙක් බලන්නේ අනතුරු වලින් බේරිලා හොදින් ජීවිතය ගෙවන්නයි, ඌ හිතනවා වගේ මිනිස්සු හිතන්නේ නෑ. උබලා එක්ක තර්ක කරලා කිසිම තේරුමක් නෑ මචන් මොකද උබලා තර්ක කරන්නේ ඉගෙන ගන්න නෙවෙයි දිනන්නයි. ඒකෙන් මගෙත් උබලාගෙත් කාලය නාස්ති වෙන එකයි වෙන්නේ.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl

    radioactive කියන්නේ බන් විකිරණශීලියි කියන එක නේ, ඒක බටහිර වෙන්නේ කොහොමද? Jack Sparrow කියන්නේ නම් බටහිර ගැත්තෙක්ගේ නමක්.

    මුගලන් හිමි අපවත් වුනේ හොරුන්ගෙන් ගුටිකාලා තමයි නමුත් මුගලන් හිමි කිහිප වතාවක්ම බේරිලා තියෙනවා හොරුන් පහර දෙන්න එන කොට, මම කිව්වේ ඒක ගැනයි. එහෙම බේරුනේ අනාගතය දැකලයි, මුගලන් හිමි නැකැත් බැලුවා කිව්වේ නෑ මම, මම කිව්වේ ජෝතිෂ්‍යයෙන් අනාතය බලන්න පුලුවන් කියලයි, උබ මම කියපු වචන වෙනස් කරන්න එපා.

    ඉතින් ඒකෙන් දාපන්කෝ විකිරෙණශීලියි කියලා සිංහලෙන්. මොකද සුද්දාගේ වචන වලින් දාල තියෙන්නේ. ලොකු ලොකු ටෝක්ස් නම් තියනවා. උඹට අවුල් නම් වගේ නම් ජැක් ස්පැරොව්, කොස් ගේකුරුල්ලා කියලා හරව ගනින්... :lol:

    ඒ කියන්නේ මුගලන් හාමුදුරුවෝ බේරුනේ නෑනේ බං අන්තිමට අපවත් උනානේ හොරු අතින්... ඒක නිසා උඹ ඒ තර්කේ ගෙනල්ලා උඹේ තර්කෙම නැති කරගත්තා... නැත්තම් උඹ දැනන් හිටියේ මම කියනකන් මුගලන් හාමුදුරුවෝ අපවත් උනේ කොහොමද කියලා. නැත්තම් ඒවගේ තර්ක ගෙනෙයිද? :P
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඉතින් ඒකෙන් දාපන්කෝ විකිරෙණශීලියි කියලා සිංහලෙන්. මොකද සුද්දාගේ වචන වලින් දාල තියෙන්නේ. ලොකු ලොකු ටෝක්ස් නම් තියනවා. උඹට අවුල් නම් වගේ නම් ජැක් ස්පැරොව්, කොස් ගේකුරුල්ලා කියලා හරව ගනින්... :lol:

    ඒ කියන්නේ මුගලන් හාමුදුරුවෝ බේරුනේ නෑනේ බං අන්තිමට අපවත් උනානේ හොරු අතින්... ඒක නිසා උඹ ඒ තර්කේ ගෙනල්ලා උඹේ තර්කෙම නැති කරගත්තා... නැත්තම් උඹ දැනන් හිටියේ මම කියනකන් මුගලන් හාමුදුරුවෝ අපවත් උනේ කොහොමද කියලා. නැත්තම් ඒවගේ තර්ක ගෙනෙයිද? :P

    මොනවටද බන් උත්තර දෙන්න තියෙන්නේ? උබලා මාවත් අරගෙන වටේ යන එක නේ කරන්නේ. එකම ප්‍රශ්ණය එකම උත්තරය. ජෝතිෂයෙන් අනාගතය දකින්න පුලුවන් ඒක තමයි මගේ උත්තරය නමුත් උබලා හදන්නේ ඒක බුද්ධාගමත් එක්ක පටලවගෙන හරි වැරැද්ද හොයන්නයි.
    ජෝතිෂය කියන්නේ එකක්, බුද්ධාගම කියන්නේ තව එකක්, විද්‍යාව කියන්නේ තව එකක් නමුත් මේ හැමදේන්ම කරන්නේ මිනිසුන්ට යහපත සලසන එකයි. අරූ කියනවා කර්මයක් තියෙනවා නම් ඒකට මුහුණ දෙන්න ලෑස්තියිලු ,මේවා බයිල නේ, කවුද එහෙම ලෑස්ති? උබ කැමතිද කවුරු හරි ගහන්න එනවා නම් ,ආහ් මේක මගේ කර්මය කියලා දීගෙන ඉන්නේ? :lol: මේවා බොරු බයිලා මිනිස්සුන්ට ඕනේ කොහොම හරි හොදින් ඉන්නයි ඒකට ධර්මයද, ජෝතිෂයද ,හින්දු දෙවිවරුද අරකද මේකද කියලා වැඩක් නෑ. ඕනෙම මිනිහෙක් බලන්නේ අනතුරු වලින් බේරිලා හොදින් ජීවිතය ගෙවන්නයි, ඌ හිතනවා වගේ මිනිස්සු හිතන්නේ නෑ. උබලා එක්ක තර්ක කරලා කිසිම තේරුමක් නෑ මචන් මොකද උබලා තර්ක කරන්නේ ඉගෙන ගන්න නෙවෙයි දිනන්නයි. ඒකෙන් මගෙත් උබලාගෙත් කාලය නාස්ති වෙන එකයි වෙන්නේ.
    ...
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    සාමාන්‍ය මිනිස්සු කේන්දර බලල හිත හදාගත්තට කමක් නෑ... ඒත් මිනිස්සු මුදල් කාලය නස්ති කරගෙන ඕවා පස්සෙම යනවනෙ. එයාල ඒ ගත කරන කාලය මුදල් වලින් හොඳ කුසල් කර්ම කරලා හොඳ ප්‍රතිඵල ලබාගන්න පුලුවන්. නිතරම අකුසල් කරන අය තමයි බියෙන් සැකෙන් ගොඩාක් ජීවත් වේන්නේ. ඒ අය තමයි ඕවා පස්සේ වැඩි වැඩියෙන් යන්නේ.

    :baffled::frown::yes::yes::yes:

    කෙබ්බ කෙලින්න එපා බන් , ජෝතීශ්‍ය කියන්නේ වෙනම විද්‍යාවක් ඒක ධර්මය එක්ක සම්බන්ධ නෑ. කර්මය වෙනස් කරන්න ජෝතීශ්‍යට බෑ , හැබැයි කුසලේ ශක්තිය අනුව නරක කර්ම යටපත් වෙන්න පුලුවන්. අනුන්ගේ විශ්වාස බොරුයිනම් බොරුයි කියලා තර්ක කරන්න අයිතියක් තියෙනවා වගේම බලන් ඉන්න එකා වටහා ගැනීමේ ඉඩකඩත් තියෙනවා. බුදුන් ධර්මය දේශනා කලේ ආගම්, විශ්වාස 60 වඩා තිබ්බ රටක, ධර්මය ඉස්මතු වෙද්දි බොරුව යටපත් වෙනවා , ඒකට කරන්න දෙයක් නෑ

    :D:D

    oka aththa kathawa bn..........
    api dn ekata addict wela....
    dn balapn bn api love karala ekata innwa awurudu ganak.
    ethkota kendarayak gawan hoda na gala penne na kiwwoth eka thama hithata enne.
    anthimata hodata hitiya unatath kela wenwa.
    eeta dn kale balana unuth pisso.
    itn mona kathada

    :yes::yes:

    මාත් ගියේ 100% බෞද්ධ පාසලකට තමයි මචං මාත් දහම් පාසල් ගියා. ඒත් 100% බෞද්ධ පාසලකට ගියා කොහෙද බං තව කෙනෙක්ට වඩා බෞද්ධ වෙන්නේ?

    සිරාවට Jack Sparrow බටහිර නම් radioactive කියන්නේ කොහෙ නමක්ද දන්නේ නෑ :lol: පේනවනේ මිත්‍යාව පස්සේ යන මිනිස්සුන්ගේ තාර්කික දැනුම
    :P

    මචං හිනා යන කතා කියන්න එපා මුගලන් මහ රහතන් වහන්සේ සොර මුලෙන් ගුටි කෑවා එහෙම තමයි අපවත් උනේ. උඹේ බෞද්ධ ධර්මය ගැන තියන දැනුම හොඳට පේනවා :lol: මුගලන් හාමුදුරුවෝ ඒක දැනන් හිටියා හැබැයි ඒකට මුහුන දුන්නා... අනික මුගලන් හාමුදුරුවෝ ඒවා දැක්කේ නැකත් බලලා නෙමෙයි. මුගලන් හාමුදුරුවෝ නම ඍද්ධියෙන් අග්‍ර මහ රහතන් වහන්සේ.. හිත දියුණු කරගත්තු පුද්ගලයෙක් මිසක් ජොතිර්වේදියෙක් නෙමෙයි

    මෙන්න මේක හොඳට කියවන්න.. මේකේ පැහැදිලිව තියනවා

    http://www.thirdeyelk.com/2014/08/existence-of-karma-in-modern-society.html

    :D:D:D:D
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මැතිවරණයක සැඟවුණු මාරධර්ම

    Ftr%20%285%29.jpg
    ලොව්තුරා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ දුර්ලභ කාරණාවන් 5 ක්‌ තිබෙනවාය කියලා. ලොව තථාගත සම්මා සම්බුදුරජානන් වහන්සේ නමකගේ පහළවීම පළමු දුර්ලභ කාරණය වෙනවා. ගෞතම බුදුරජාණන්වහන්සේ දඹදිව පහලවන විට, මනුෂ්‍යයාගේ පරමායුෂ අවුරුදු එකසිය විස්‌සක්‌ වුණා. ගෞතම බුදුරජාණන් වහන්සේට පෙරාතුව බුද්ධත්වයට පත්වූ කාශ්‍යප බුදුරජාණන්වහන්සේගේ කාලයේ මනුෂ්‍ය පරමායුෂ අවුරුදු විසිදහසක්‌ වෙනවා. එතකොට පිංවතුන් ගණනය කර බලන්න අවුරුදු විසිදහසක පරමායුෂ අවුරුදු 120 ක්‌ දක්‌වා අදීqවෙන්න අවුරුදු දස ලක්‍ෂයකට වැඩි කාලයක්‌ ගතවෙනවා. නැවන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනය ඇතිවෙන්නේ මනුෂ්‍යයාට පරමායුෂ අවුරුදු අවුරුදු අසූදහසක්‌ වෙන කාලයේදී. ඒ කියන්නේ මෛත්‍රී බුදුරජාණන්වහන්සේ පහළවෙන්න තවත් අවුරුදු ලක්‍ෂ 25 කට වඩා ගතවෙනවා. බුදුරජාණන්වහන්සේ නමකගේ පහළවීම මොනතරම් දුර්ලභ කාරණයක්‌ද.

    දෙවැනිව බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, දුර්ලභව පහළවෙන තථාගතයන්වහන්සේ නමක්‌ දේශනා කරන ධර්ම විනය නිවැරදිව දේශනා කරන සංඝරත්නය පහළවීම දුර්ලභ දෙයක්‌ය කියලා. තුන්වැනිව බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා බුදුරජාණන්වහන්සේ දේශිත ධර්ම විනය දැනගත්තත්, ධර්මානුධර්ම ප්‍රතිපදාවට අනුව ජීවත්වෙන පුද්ගලයා දුර්ලභය කියලා. පස්‌වෙනුව බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා කෘතඥ, කෘතවේදී, කෙළෙහිගුණ දත් පුද්ගලයා දුර්ලභය කියලා.

    ඉහත කාරණා පහෙන් පිංවතුන්ලාට හොඳින් වැටහෙනවා, ලොව්තුරා බුදුරජාණන් වහන්සේනමක්‌ ලොව පහළවීම යම් සේ දුර්ලභද, මනුෂ්‍යයා තුළ කෘතවේදී බව, කෘතඥතාවය ඒ තරමටම දුර්ලභ දෙයක්‌ය කියලා. එම නිසා, පිංවත්, සමාජ වගකීම් දරන සෑම ගිහි පිංවතෙක්‌ම, ශාසනික වගකීම් දරන සෑම ගිහි පිංවතෙක්‌ම, ශාසනික සමාජීය යුතුකමක්‌ ඉටුකිරීමෙන් පෙරලා සමාජයෙන් කෘතඥතාවය, කෘතවේදිභාවය බලාපොරොත්තුවීම දුකටම හේතුවන ධර්මතාවයක්‌ය කියලා දැනගත යුතුයි. මොකද කෘතඥතාවය, කෘතවේදීභාවය ලෝකයේ බුදුරජාණන්වහන්සේ පහලවීම තරමටම දුර්ලභ දෙයක්‌ වන නිසා.

    සමාජය දෙස බැලීමේදී, ගිහි පිංවතුන්ලා ශාසනික, සමාජීය යුතුකම් ඉටුකිරීමේ ඉලක්‌කයන් සපුරාගැනීම සඳහා හඹායන ගමනේදී, ශීලයෙන් දුර්වලවීම සහ අකුසල් මූලයන් රැස්‌වීම බරපතළ ආකාරයෙන් සිදුකොටගන්නවා. ලෝකයේ කෘතවේදීභාවය, කෘතඥභාවය දුර්ලභ දෙයක්‌ය කියලා නොදන්නාභාවය නිසාම, මේ සෑම ගිහි පිංවතෙක්‌ම අවසානයේ, දුර්වල කරගත් ශීලයන්, අකුසල මූලයන්ගේ උරුමයන් දෝතින් දරාගෙන කලකිරීම තුරුළුකරගන්නවා. භික්‍ෂුව පිංවත් ඔබට මේ සටහන් තබන්නේ ලෝක ධර්මතාවයන් පිළිබඳව, කෘතවේදීභාවය, කෘතඥතාවය දුර්ලභ වූ ලෝකය තුළ, සමාජ වගකීම් දරන ගිහි පැවිදි පිංවතුන් දක්‍ෂවෙන්න ඕනේ, වගකීම් දරන කාලය තුළ, ආශ්වාදයට යට නොවී, ඉහත ධර්මතාවයන් නුවනින් හඳුනාගෙන, ශීල්පද තුළින්, කුසල් මූලයන් තුළින් තමාගේ ආරක්‍ෂාව සහතිකකොටගෙන සමාජ යුතුකම් ඉටුකරන්න.

    මේ ලෝකයේ සුර-අසුර කියලා සත්ව කොට්‌ඨාශ දෙකක්‌ තිබෙනවා. සුර පක්‍ෂයේ නායකත්වය දරන්නේ තව්තිසාවේ ජීවත්වෙන ශක්‍රයා ප්‍රමුඛ සම්මාදෘෂ්ඨියට පත් දෙවියන් විසින්. අසුර පක්‍ෂයේ නායකත්වය දරන්නේ මිත්‍යදෘෂ්ඨික වේපචිත්ති කියන අසුර නායකයා ප්‍රමුඛ මිත්‍යදෘෂ්ඨික දෙවිවරු විසින්. බුදුරජාණන්වහන්සේ නමක්‌ පහලවුනු කාලයේ මනුෂ්‍යයෝ තෙරුවන් සරණ පිහිටලා, කුසල් ධර්මයන් වැඩීම නිසා දිව්‍යතලවල සම්මාදිට්‌ඨියට පත් සුර පක්‍ෂයේ බලය ශක්‌තිමත් වෙනවා. මොකද පිං කරලා මියයන මනුෂ්‍යයෝ සශ්‍රික දෙවියන් හැටියට දිව්‍යතලවල උපදින නිසා. සම්මා සම්බුද්ධ ශාසනයේ අර්ථයන් හීනවෙනකොට මනුෂ්‍යයන්ගේ සහ දෙවියන්ගේ දුශ්ශීලභාවයන් අකුසල මූලයන් නිසා මිථ්‍යාදෘශ්ඨික අසුර බලය, ඒ කියන්නේ මාරපාක්‍ෂික බලය ශක්‌තිමත් වෙනවා.

    බුදුරජාණන්වහන්සේ ජීවමානව වැදීසිටිය කාලයේ දිව්‍යතලයේ සුර-අසුර යුද්ධයක්‌ සිද්ධවෙනවා. මෙය අවි ආයුධ වලින් කෙරෙන යුද්ධයක්‌ නොව, දෙපාර්ශ්වයේ ආධ්‍යාත්මික ශක්‌තියෙන් කෙරෙන යුද්ධයක්‌ වශයෙන් හැඳින්වීම සුදුසුයි කියලා භික්‍ෂුවට හිතෙනවා. මේ සුර-අසුර යුද්ධයේදී ශක්‍රයාගේ නායකත්වයෙන් යුද වැදුණු සුර දිව්‍ය පිරිස, අසුර නායක වේපචිත්ති අසුරයා සහ මිථ්‍යාදෘශ්ඨික අසුර සේනාව අතින් පරාජයට පත්වෙනවා. අසුරයින්ට පරාජය වී ශක්‍රයා පලායනවා. වේපචිත්ති අසුර නායකයා, ශක්‍රයා ජීවග්‍රහනයෙන් අල්ලා ගැනීමට මාතලී දිව්‍ය රියදුරා පදවන අජානීය අශ්වයන් යෙදූ දිව්‍ය රථය පසුපස හඹාගෙන පැමිණියා. ඒ මොහොතේ ශක්‍රයා තමන් දිවිහිමියෙන් ආරක්‍ෂා කරගත් උතුම් ශීලය ආවර්ජනාකොට, තම නොකැල්ල ශීලය ගැන සත්‍යක්‍රියාකොට උපක්‍රමශීලීව අසුර පිරිස පාරජයකොට අසුර පුරයට එලවා දමනවා.

    පිංවත් ඔබ නුවනින් දකින්න. බුදුරජාණන්වහන්සේ ජීවමානව වැදීසිටි කාලයේදීත්, ශක්‍රයා පළමුව මිථ්‍යාදෘෂ්ඨික අසුර බලය හමුවේ පරාජයට පත්වෙනවා. දෙවැනුව තමයි තම ශීලයේ සත්‍යක්‍රියා බලයෙන් අසුර බලය පරාජයකොට දමන්නේ. බුදුරජාණන්වහන්සේ ජීවමානව සිටියදීත් අසුර බලය, මාරබලය මේ තරම් ශක්‌තිමත් වුනා නම්, මනුෂ්‍යයා අකුසලයට, දුශිල්වත්භාවයට කොටුවී ජීවත්වන වර්තමානයේ මාර බලය, අසුරබලය ගැන කුමන කථාවක්‌ද. වර්තමාන ලෝකය තුළ සිදුවෙමින් පවතින්නේ මේ ෙ€දවාචකය අර්ථයයි. මාරපාක්‍ෂික අසුර කොටස්‌ නිරතුරුවම උත්සහගන්නේ සම්මා සම්බුද්ධ ශාසනයේ උතුම් අර්ථයන් වැදෙන දිශාවට, පෝෂණය වන දිශාවට යානොදී උතුම් සද්ධර්මයේ අර්ථයන් විනාශකොට දැමීමයි. වාර්තමානයේ ශාසනික සමාජීය වගකීම්දරන සෑම පිංවතෙක්‌ම, මේ මාරපාක්‍ෂික ධර්මයන්ගේ හැදීරුව, අභියෝගය නිවැරදිව හඳුනාගෙන කටයුතු නොකළොත්, එය අනාගත සම්මා සම්බුද්ධ ශාසනයේ ආරක්‍ෂාවට බරපතල අනතුරක්‌ වෙන්න පුළුවන්. මේ මාරපාක්‍ෂික ධර්මයන්ට මුහුණදිය හැකි එකම ආයුධය උතුම් ශීලයයි. උතුම් කුසලයේ ශක්‌තියයි. මොකද සුර-අසුර යුද්ධයේදී ශක්‍රයා දෙවැනි අවස්‌ථාවේදි අසුරයින් පරාජයකොට, අසුර පුරයට එලවා දමන්නේ, ශීලයේ ශක්‌තිය තුළින්ම නිසා.

    දිනක්‌ මුගලන් මහරහතන් වහන්සේ ආකාශයේ සක්‌මන් කරමින් සිටියදී, පවිටු මාරයා උන්වහන්සේගේ කුසට රිංගාගන්නවා. උන්වහන්සේට දැනෙනවා තම උදරය පුරවා දමනවා වගේ. තම කුස මෑ ඇට පිරවූ ගෝනියක්‌ වගේ බරයි කියලා. උන්වහන්සේ පොළෝතලය මතට බැහැලා කුටියට ගොඩවෙලා නුවනින් මෙනෙහිකොට බලනවා, කුසට කුමක්‌ද සිද්ධවුනේ කියලා. ඒ වෙලාවේ උන්වහන්සේ දකිනවා පවිටු මාරයා සිය කුසට රිංගාගෙන කියලා. මාරයාව හඳුනාගත් මුගලන් මහරහතන් වහන්සේ පවිටු මාරයාට කියනවා, තථාගත ශ්‍රාවකයන්වහන්සේලාව නොපෙලා පිටව යන්න කියලා. ඒ අවස්‌ථාවේදී මාරයා පලා යනවා. බුදුරජාණන්වහන්සේ ජීවමානව වැදීසිටිය කාලයේ, එක්‌ වස්‌ සමයක මාරයා ගමේ වැසියන්ට ආවේශ වී, බුදුරජාණන්වහන්සේ පුමුඛ පන්සියයක්‌ ස්‌වාමීන්වහන්සේලාට පිණ්‌ඩපාතය ලැබීම දුර්වලකොට දමනවා. වරක්‌ මුගලන් මහරහතන් වහන්සේ , තමන් කකුසඳ බුදුරජාණන්වහන්සේගේ කාලයේ දුසි මාරයා වශයෙන් ඉපිද සංඝයාට එරෙහිව කළ මාරාවේශයන් ගැන සඳහන් කරනවා. දිනක්‌ කකුසඳ බුදුරජාණන්වහන්සේ ස්‌වාමීන්වහන්සේලාව කැඳවල දේශනාකරනවා, මහණෙනි අද මේ ගමේ වැසියන්ට මාරයා ආවේශවෙනවා. ජනතාව මාරාවේශවෙලා භික්‍ෂූන්වහන්සේලාව ආහාරයෙන් ප්‍රමාදයට, මදයෙන් ලොල්භාවයට පත්කරන්න උත්සහකරනවා. ඒ නිසා මහණෙනි, පටික්‌කුල සංඥාවෙන් ආහාරය පිළිගන්න. ප්‍රත්‍යාවේක්‍ෂාවෙන් පිණ්‌ඩපාතය වළඳන්න. මාරාවේශය නිසා ගිහි පිංවතුන් ප්‍රනීත ආහාර පූජාකරාවී. ඔබලාව පංච නීවරණයන්ට පත්කරාවී. ඒ නිසා නුවනින් දකිමින් පිණ්‌දීපාතය පිළිගන්න කියලා. ස්‌වාමීන්වහන්සේලා බුදුරජාණන්වහන්සේ දුන් අවවාදය පිළිඅරගෙන මාරාවේශය පරාජයකොට දමනවා.

    අයෙමත් දවසක කකුසඳ බුදුරජාණන්වහන්සේ, ස්‌වාමීන්වහන්සේලාව කැඳවලා දේශනා කරනවා අද මේ ගමේ පිංවතුන්ලාට මාරාවේශයක්‌ සිද්ධවෙනවා. මාරාවේශය නිසා ජනතාව ඔබලාට බනින්න, ගහන්න, චෝදනා කරන්න, පීදීdකරන්න, පිණ්‌දීපාතය නොදෙන්න පුළුවන්. එම නිසා දස දිශාවට මෛත්‍රී සංඥාව පතුරවමින් ජීවත්වෙන්න කියලා. බුදුරජාණන්වහන්සේගේ පෙර දැනුම්දීම නිසාම ස්‌වාමීන්වහන්සේලා මාරාවේශ වූ ගිහි පිංවතුන්ලාට මොනතරම් පීඩාවන් කළත්, ඒ සියල්ලටම මාරාවේශයක්‌ බව දකිමින්ම මෛත්‍රී සංඥාවෙන්ම ජීවත්වෙමින් මාරාවේශය පරාජයකොට දමනවා. අවසානයේ මේ දුසි මාරයාම, කකුසඳ බුදුරජාණන්වහන්සේගේ අග්‍ර ශ්‍රාවක, විදුර මහරහතන් වහන්සේට ගලකින් ගසා හිස තුවාලකොට දමනවා. ඒ 'හපන්කමත්' කළාට පස්‌සේ, දුසි මාරයා කකුසඳ බුදුරජාණන්වහන්සේ පසුපසත් හඹාගෙන එනවා. බුදුරජාණන්වහන්සේට පීදීdකරන්න. එවිට කකුසඳ බුදුරජාණන්වහන්සේ නාගාවලෝකනයෙන්, ඒ කියන්නේ ඇතකු සේ මුළු කය පෙරලා බැලීමෙන්, දුසි මාරයා දෙව්බවින් චුතව, උසසඳ නිරයෙහි මිනිසකුගේ කය බඳු, මාළුවකුගේ හිස බඳු නිරිසනෙක්‌ව උපදිනවා කියලා මුගලන් මහරහතන්වහන්සේ දේශනා කරනවා.

    ලෝකයේ පවතින අසුර බලය, මාර බලය බුදුරජාණන්වහන්සේලාටත්, සද්ධර්මයටත්, සංඝරත්නයටත් පීඩාකරමින් මේ උත්සහගන්නේ උතුම් සද්ධර්මයේ බලය හීනකොට දැමීමටය. මාර බලවේගයන් මේ මොහොතේදීද, සම්මා සම්බුද්ධ ශාසනය විනාශකොට දැමීමට ජනතාවට මාරාවේශවිම සාමාන්‍ය සිද්ධියක්‌ බවට පත්වී ඇත. මනුෂ්‍යයා දුශ්ශීලභාවයට පත්වෙමින්, අකුසල මූලයන් වදීමින්, මාරාවේශයට අවශ්‍ය සාධක පූර්ණ කරගැනීමේ ව්‍යයාමයක්‌ අප ඉදිරියේ ඇත.

    උතුම් ශාසනික අර්ථයන් හීනකොට දැමීමට මාරාවේශයන් සිද්ධවූ පැහැදිළි අවස්‌ථාවක්‌ හැටියට පසුගියදා නිමාවට පත්වූ මැතිවරණය හැඳින්විය හැකිය. හිටපු නායකතුමාට පැහැදිළිව තවත් වසර දෙකක්‌ නිත්‍යානුකූලව රාජ්‍ය බලය බුක්‌තිවිඳීමට හැකියාව තිබියදී, එතුමා වසර දෙකකට පෙරාතුව මැතිවරණයකට යන්නේ මාරාවේශයක්‌ නිසාමය. එතුමා ඒ තීරණය ගැනීමට මුල්කරගන්නේ ජෝතිෂ්‍යයයි. ජෝතිෂ්‍යය මුල්කරගත් තැනදීම එතුමා තුළින් බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝරත්නය කෙරෙහි විශ්වාසයත්, කර්මය කර්මඵල කෙරෙහි විශ්වාසයත් , තමන් ජීවිත කාලය තුළදීම සිදුකළ කුසල් දහම් පිළිබඳ, පිංකම් පිළිබඳ විශ්වාසයත් එතුමා තුළින් බැහැරට යනවා. චිරස්‌චීන ධර්මයක්‌ වන ජ්‍යෝaතිශයට කෙරෙහි විශ්වාසකොට, ධර්මයට අදාළ උතුම් විශ්වාසයන්ගෙන් එතුමා බැහැරට යනකොට, එතුමා තුළ සකස්‌වෙන්නේ මිථ්‍යාදෘස්‌ඨිකභාවයට අදාළ ධර්මතාවයන්. දැන් පිංවත් ඔබට තේරෙනවා ඇති, හිටපු නායකතුමා සහ ඊට අනුබල දුන් පිංවතුන් අවශ්‍ය කාලයක පෙරාතුව මැතිවරණයකට යන්නේ මාරාවේශයක්‌ නිසාමය කියලා. ඒ මාරාවේශයෙන් ගත් මැතිවරණ තීරණය නිසාම, මැතිවරණයට පැවැති කාලයම මාරාවේශයෙන් පීදීdවට පත්වූ මාසයක්‌ බවට පත්වුණා. දේශගුණික විපත්තීන් නිසා, අධික වැස්‌ස, ගංවතුර හේතුවෙන් මරණ, අවතැන්වීම්, චෝදනා, විවේචන මිල ඉහළයැම් නොසිතූ ආකාරයට සිද්ධවුණා. මනුෂ්‍යයන් කුසල් මූලයන් ගැන මොහොතකටවත් නොසිතා, චෝදනා කරගත්තා, මදීගසා ගත්තා. ස්‌වාමීන්වහන්සේලාත් අකුසල මූලයන් හරිහරියට රැස්‌කරගත්තා. තමන් මාරාවේශයකට ලක්‌වූ අයෙක්‌ය කියලා දකින්න කාටවත්ම සතිය සිහිය තිබුණේ නැහැ. ශාසන පරිහානියට උපකාරක ධර්ම සකස්‌කොට, මේ සියළුකොටස්‌ මාරාවේශයට පත්කරලා, ජනතාව අවුස්‌සලා, මැතිරවරණ දිනයේදීත්, ඊට පෙරදිනත්, ඊට පසුදිනත්, සියල්ලෝම සන්සුන්ව තැබීමට මාරයා උපක්‍රමශීලීවුනා. භික්‍ෂුව මේ තබන්නේ දේශපාලන සටහනක්‌ නොවේ. සම්බුද්ධ ශාසනය ඉදිරියේ ඇති මාරාවේශයන් පෙන්වාදෙන ධර්මානුකූල විග්‍රහයක්‌ පමණයි. පිංවත් ඔබ නුවනින් දකින්න. මැතිවරණය ප්‍රකාශ කිරීමත් මාරාවේශයක්‌ නම්, මැතිවරණය පැවැති කාලයත් මාරාවේශයක්‌ නම්, මැතිවරණයේ ප්‍රතිඵලයත් මාරයාටම අයිති ප්‍රතිඵලයක්‌ වෙනවා. කුසලයෙන්, ශීලයෙන් දුර්වලතැන සොයලා, ඒ අයව මාරාවේශයකට ලක්‌කරලා මාරයා මේ ඉරිදියට පැමිණි ගමන ධර්මය තුළින් දකින්න වෙන්නේ ප්‍රශ්නාර්ථයක්‌ තුළ සිටිමින්මයි. නමුත් සියළු සංස්‌කාර ධර්මයෝ අනිත්‍යයි. එය ධර්මථාවයක්‌.

    (මෙය පිංවත් ස්‌වාමින්වහන්සේ විසින් සපයන ලද විශේෂිත ලිපියකි. කාලයේ අවශ්‍යතාව මත මෙම ලිපිය මේ මොහෙතේම පළ කිරීම සුදුසු බවට අවවාදයක්‌ද ඒ සමගින්ම විය. එබැවින් එය මෙසේ පළකරමු. මෙම ලිපියේ අනෙක්‌ කොටස ලබන සතියේ පළවේ)

    ඉදිරිපත් කිරීම
    ඉන්ද්‍රජිත් සුබසිංහ