උමන්දාවේ තෙලිජ්ජ

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158
    113
    තෙලිජ්ජ කියන්නේ රා නෙමෙයි..


    පිළිකා නසන තෙලිජ්ජ ගුණය

    කිතුල් මලෙන් ලබා ගන්නා සාරය වන තෙලිදිය, මේ ලොව අන් කිසිදු තාල වර්ගයේ ගසකින් ලබා ගන්නා සාරයක නොමැති, මනුෂ්‍යන්ගේ නිරෝගී සුවයට හේතු වන ශාක රසායනිකයන්ගෙන් (Phytochemicals) පොහොසත් බව හෙළි වී තිබේ.

    අපගේ ශරීර තුළ, වයසට යාම වේගවත් කරන, අභ්‍යන්තඵෙන්ද්‍රයයන් විනාශ කිරීමට හේතු වන සහ පිළිකා හට ගැනීමට හේතු වන නිදහස්‌ මුක්‌ත ඛණ්‌ඩක (Free radicals) දිනපතාම නිපදවෙන අතර, ඒවා විනාශ කිරීම ප්‍රධාන වශයෙන්ම සිදු කෙරෙනුයේ අප විසින් ගනු ලබන ආහාර තුළ අන්තර්ගතව තිබෙන ප්‍රති ඔක්‌ෂිකාරක (Antioxidants) නමින් හඳුන්වනු ලබන රසායනික සංඝටක මගිනි. කිතුල් මලේ සාරය විශිෂ්ට ප්‍රතිඔක්‌ෂිකාරක ගුණ පෙන්වන බව සොයා ගෙන තිබේ.

    පිළිකා නැසීම සඳහා ඉවහල් වන ශාක රසායනික පිළිබඳව කථා කිරීමේදී විද්‍යාඥයන්ගේ අවධානයට බෙහෙවින්ම ලක්‌ වුණු ශාක රසායනික වර්ග කිහිපයක්‌ වන -ඇස්‌කොබික්‌ ඇසිඩ්, (විටමින් සී) (Ascorbic Acid) ෆීනෝලික සංයෝග, (phenolic content) සහ -ෆaලෙවනොයිඩ, (Total flavonoid content) වලින් කිතුල් තෙලි දිය අතිශයින් පොහොසත් බවද සොයා ගෙන තිබේ.

    සෞඛ්‍යයට අහිතකර, ව්‍යාජ පැණි, හකුරු වෙළෙඳපොළේ. කිතුල් නිෂ්පාදන පිළිබඳ පෙර කී මාහැඟි පෝෂණීය සහ ඖෂධීය ගුණයන් දැන හඳුනා ගත් උදවිය සංතාපයට සහ සංත්‍රාසයට පත් කරවන කතන්දර ද කිතුල් පැණි, හකුරු කර්මාන්තය තුළ හමු වෙයි.

    ඇතැම් ගොවීන් කිතුල් තෙලිදිය සහ පැණි දැමීමට භාවිත කරන්නේ, භාවිත කොට ඉවත් කළ පළිබෝධනාශක ඇසුරුම් කළ කෑන් ය. කනගාටුදායකම තත්ත්වය වන්නේ අනතුරුදායක බව සඳහන් මිනී ඔළුව සහ ඇට කටු සංකේතය සහිත ඇසුරුම් වල ප්‍රසිද්ධියේම පැණි ගබඩා කරන්නට තරම් මොවුන් අසංවේදී වී තිබීමය.

    ප්ලාස්‌ටික්‌ වලින් ඒවායේ අසුරා ඇති ආහාර වලට බිස්‌ෆSනෝල් ඒ, (BPA) ඩයොක්‌ෂීන්, තැලේට්‌ වැනි දරුණු විෂ වර්ග කාන්ඳු වෙන බව සොයා ගෙන ඇති බැවින්, ආහාර සම්බන්ධ කටයුතු වලදී භාවිත කරන්නට විද්‍යාඥයන් විසින් අනුමත කර ඇත්තේ, ප්ලාස්‌ටික්‌ වර්ග 3 ක්‌ පමණි. ආහාර සඳහා අනුමත බව අදාළ ප්ලාස්‌ටික්‌ භාජනයේ, පතුලේ සලකුණු කර තිබේ. (මෙය අපේ රට තුළද නීතිමය අවශ්‍යතාවයකි.)

     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,141
    67,466
    113
    Thelijja wikunala dollar billion genne komada ban
    India philipine thailand athulu okkoma asian countries wala thiyenawa

    onna cinnamon nam kamak na mokada world best cinnamon hadenne lankawe down south wala
    World best thelijja tiyenneth umandawe
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඉතින් බන් උක් ගහේ වතුර, පොල් ගහේ රා, කිතුල් සේරම අරක්කු නෙමෙයි. ඔක පැසවල මන්ඩ් දාල ගත්තමයි තමයි අවුල්.
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    එක නෙවෙයි
    මේ සාමාන්‍ය කිතුල් නෙවෙයි නේද
    කවුරු හරි දන්නවම් කියනවද මේ වර්ගේ පැල ගන්න තියෙන්නේ කොහෙද
     
    • Like
    Reactions: kinkon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,902
    2
    115,956
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එක නෙවෙයි
    මේ සාමාන්‍ය කිතුල් නෙවෙයි නේද
    කවුරු හරි දන්නවම් කියනවද මේ වර්ගේ පැල ගන්න තියෙන්නේ කොහෙද
    කිතුල් ගස් ගොඩක් උසයි, මේක බඩ් කරපු එකක් නැත්නම් වෙන රටකින් ගෙනාපු වර්ගයක් වෙන්ඩ ඇති.
     
    • Love
    Reactions: Any.key