උම්මා... උම්මා...

jodubaba

Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    තමන්ගේ පෙම්වතියට, හිතවතාට, අම්මට තාත්තට දරුවට හාදු නොදුන්න මනුස්ස ප්‍රාණියෙක් මේ ලෝකේ ඉන්නවා කියලා හිතන්න බැහැ. ආදරේ, හිතවන්තකම, සැලකීම වගේ දේවල් ගැන කියනකොට හාදුවක් කියන්නේ අයින් කරන්නම බැරි මාතෘකාවක් නේ.
    ඒ උනත් මේ හාදු ගැන ඔබ දැනගන්න ඕනෙ කරුණු බොහොමයකුත් තියනවා. හාදු වලින් ප්‍රකාශ කරන්නේ මොන වගේ හැඟීමක්ද සහ විවිධ හාදු දිය යුතු අවස්ථා සහ පුද්ගලයන් කවුරුන්ද කියල එහෙම දැනගන්න එක වටිනවා. මේ ලිපියේ මුල් කොටසෙන් අපි කියන්නේ එක එක රටවල් වල හාදු ගැන තියෙන අමුතු සිරිත් විරිත් ගැන. ඊට පස්සේ අපි බලමු වෙනස් කිස් වර්ග කීයක් තියෙනවද කියලා.


    අමුතු හාදු චාරිත්‍ර



    1. මැලේසියාව සහ ඇලස්කා



    Kiss-Types-aniwa-01.jpg


    මේ රටවල් දෙකේ සිටින ජනතාව දෙතොල් සිපගනු වෙනුවට කරන්නේ එකිනෙකාගේ නාසයන් වලින් එකිනෙකා ස්පර්ශ කරගැනීමයි.

    2. හස්තය සිපගැනීම



    Kiss-Types-aniwa-02.jpg


    සමහර රටවල පිළිගැනීම් හෝ සමුදීම් වෙනුවට පිරිමි කාන්තාවන්ගේ හස්තය සිපගැනීම කරනු ලබයි. මේ චාරිත්‍රයම කරන සමහර වික්ටෝරියානු රටවල් වල පිරිමින් සිපගන්නේ කාන්තාවන්ගේ හස්තයේ පිට පැත්තයි.

    3. අප්‍රිකාව



    Kiss-Types-aniwa-03.jpg



    • සමහර අප්‍රිකානු ගෝත්‍ර වල ජනයා සිය ප්‍රධානියාට ගෞරවය දක්වන්නේ ඔහු ඇවිද ගිය බිම සිප ගැනීමෙන්.

    • දකුණු අප්‍රිකාවේ පිරිමියෙකු යම් කාන්තාවක් හඳුනයි නම් පමණක් කම්මුලට හාදුවක් දී පිළිගන්නා අතර නොහඳුනයි නම් අතට අත දීමෙන් පමණක් සෑහීමට පත් වීමට සිදුවෙයි.
    4. ඇමෙරිකාව



    Kiss-Types-aniwa-04.jpg



    • ඇමෙරිකාවේ හාර්ට්ෆොර්ඩ්හි සැමියන්ට සිය බිරින්දෑවරුන්ව ඉරිදාට සිප ගැනීම තහනම් ය.

    • අයෝවාහි අමුත්තෙකුට සිපාචාර කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි.

    • ඉන්දියානාහි උඩු රැවුල වැවු පිරිමියෙකුව සිප ගැනීම දඬුවම් ලැබිය හැකි වරදකි.

    • ඇමෙරිකාවේ හමුවීමකදී කාන්තාව එකිනෙකාගේ කම්මුල් සිපාචාර කර පිළිගන්නා අතර අතට අත දීමද සිදු කරයි.
    5. යුරෝපය



    Kiss-Types-aniwa-05.gif



    • ගුවනේ පා කර හරින හාදු සහ කම්මුල් වලට හාදු දීම වඩාත් ප්‍රචලිත යුරෝපය තුලය.

    • දෙදෙනෙකුගේ උණුසුම් ලෙස ආදරය බෙදා ගැනීම සඳහා දෙතොලට දෙන හාදුව හඳුන්වන්නේ ප්‍රංශ හාදු නමින්ය.

    • ස්පාඤ්ඤයේ ජනතාව හැමවිටම දෙවරක් ගුවනේ පා කර හරින හාදු දෙති. කම්මුල් වලට හාදු දෙන විට දකුණු පැත්තෙන් ආරම්භ කරති. පිරිමින් හාදු දීමට පෙර අතට අත දී ආචාර කරති.

    • ඉතාලියේ ගුවනේ පා කර හරින හාදු වඩා ප්‍රචලිත ය. නමුත් ඔවුන් කම්මුලට හාදු දෙන විට ආරම්භ කරන්නේ වම් කම්මුලෙනි.

    • ජර්මනියේ හාදු දීම එතරම් අනුමත කරන්නේ නැත. අමුත්තන් දෙදෙනෙකු නම් අතට අත දීම වඩා සුභ දායකය. මිතුරන් නම් ඔවුන් වැළඳ ගැනීමක් හාදුවකට වඩා බලවත් බව සිතයි.

    • බෙල්ජියමේ කාන්තාවන් එකිනෙකාට ගුවනේ පා කර හරින හාදු දෙති. පිරිමින් ද ඊට දෙවෙනි නැත. ඔවුන් අතට අත දෙන්නේ ව්‍යාපාරික කටයුත්තකදී පමණි.
    6. ආසියාව



    Kiss-Types-aniwa-06.jpg



    • ජපානයේ සහ චීනය එළිමහනේදී එකිනෙකාට සිපාචාර කරගන්නේ නැත, ඔවුන් ආදර එක්වීමකදී පමණකි එසේ කරන්නේ.

    • ඉන්දියාවේ කොහෙත්ම එළිපිට සිපගැනීම අනුමත නොකරයි. එය විටෙක සමාජයෙන් කොන්වීමට තරම් හේතුවක් වන්නට හැකිය.
    වෙනස් වෙනස් හාදු වර්ග

    අමුතු විදියට දුන්නට එහෙම දෙන හාදු වර්ග කියක් තියෙනවද කියලා ඔයාලා දන්නවද? ඔට්ටුයි නෑ. අපිට එහෙම දෙන හාදු කෝටි ගණනක් වුනත් හදාගන්න පුළුවන් වුනාට මේ හාදු වර්ග 12 ඔබ දැනගෙන සිටින එක කෝකටත් හොඳයි.


    1. කම්මුලට දෙන හාදුව



    Kiss-Types-aniwa-07.jpg


    වැඩිපුරම එකිනෙකා හුවමාරු කරගන්නා හාදුව. කිසිම වර්ග කිරීමකට අයත් කරන්න උවමනාවක් නැති මේ හාදුව, මිතුරන්, පෙම්වතුන්, දෙමාපියන්, දරුවන් යන මේ ඕනෙම කෙනෙක් තමන්ගේ ප්‍රසාදය පෙන්නන යොදාගන්නවා.

    2. නළලට දෙන හාදුව



    Kiss-Types-aniwa-08.jpg


    ජීවිතය පුරාවටම එකිනෙකාව රැකගන්නවා කියන හැඟීම, රැකවරණය, ආදරය මුසු හැඟීමකට හාදුවක් දෙන්නට අවශ්‍ය නම් මේ හාදුව දෙන්නට ඔබට පුළුවන් වේවි.

    3. අත සිපගැනීම



    Kiss-Types-aniwa-09.jpg


    මේ වර්ගයේ හාදුවක් දෙන්නේ ඔබේ සහකරුවාගේ ඇඟිලි වෙතටයි. සමහර අවස්ථාවල අත්ලේ පිටු පසටත් මේ හාදුව දෙනු ලබනවා.

    4. එස්කිමෝ හාදුව



    Kiss-Types-aniwa-10.gif


    අපි මේක ගැන ඉහතිනුත් කිව්වා. මේ කිස් එක දෙන්නෙ නාස් තුඩු එකට ඇතිල්ලීමෙන්. මෙයි බොහෝ වෙලාවට යුවලකගේ ආදරය, බැඳීම පෙන්වන ආකාරයක් ලෙස හඳුන්වා දෙන්නට පුළුවන්, ඒ වගේම දරුවෙකුට දෙමාපියන් විසින් දක්වන ආදරයත් මේ මගින් මුර්තිමත් වෙනවා.
    මේ කිස් එක දෙන්නේ ලෝකේ සීතලම කොටසේ ජීවත් වෙන අයනේ (එස්කිමෝවරු නේ). ඉතින් ඔවුන් දෙතොලට දෙතොල තබා හාදුවක් දෙනවිට දෙතොල් එකට ඇළුනොත් ගලෝගන්නේ කොහොමද? අන්න ඒ නිසා වෙන්නැති මෙහෙම කිස් කරන්නෙ.


    5. ප්‍රංශ හාදුව



    Kiss-Types-aniwa-11.jpg


    හාදු දීමේ කෙල පැමිණියෙක් නම් මේ හාදුව දුන්නට කමක් නැහැ. මොකද මේ හාදුවෙන් පුළුවන් ආදරයෙන් සිටින දෙදෙනෙක් එකතු කරන්නත්, වැරදුනොත් ආදරේ කරන දෙන්නෙක් වෙන් කරන්නත්. සිරුරේ සංවේදීම ස්ථාන වලින් එකක් වෙන දෙතොල බොහොම සංයමයෙන් යුතු සිපගන්නට හැකියාව තියෙන්නේ එහෙමත් කෙනෙකුට පමණයි. ඒ අයගෙන් කෙනෙක් මේ ලිපිය කියවන ඔබ වෙන්නත් පුළුවන්.

    6. එක් තොලකට පමණක් දෙන හාදුව



    Kiss-Types-aniwa-12.jpg


    මේ හාදුව ඔබ එක තොලකට දෙන විට අනෙක් තොලෙන් අනිකාගේ දෙතොල ස්පර්ශ වීම සිදුවෙනවා. යුවලක් එකිනෙකාගේ ආදරය සම්බන්ධයෙන් උපරිම අවබෝධයෙන් සිටින විට මෙලෙසින් හාදු දෙන බවයි “හාදු” විශාරදයින් පවසන්නේ.

    7. කන්පෙති සිපගැනීම



    Kiss-Types-aniwa-13.jpg


    ඔබේ සහකරුවාව ආදරයෙන් කුල්මත් කරන්නට පුළුවන් වන්නේ, එසේ කල හැක්කේ ඔහුගේ හෝ ඇයගේ කන්පෙති වලට දෙන හාදුවකින් පමණයි. ප්‍රංශ හාදුවට පසුව බොහොම රෝමාන්තික අයුරින් දෙන හාදුවක් නම් මේ හාදුව තමයි.

    8. ස්පයිඩර් මෑන්ගේ හාදුව



    Kiss-Types-aniwa-14.jpg


    නම කියනකොටම මේ කියන්නේ මොකද්ද කියලා මතක් වෙනවා ඇති. අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ, මොකද්ද කියලා රූපයෙන් පේනවානේ.

    9. හාදු සලකුණු



    Kiss-Types-aniwa-15.jpg


    නිකමට හිතන්න ගෑණු ළමයෙක්ගේ ලිප්ස්ටික් පාරක් ඔබේ මුහුණේ තිබුනොත් එහෙම දැනෙන මෙව්වා එක? කොහොමත් කෙල්ලෝ කැමතියි තමන්ගේ වන දේවල් වල අයිතිකාර කම් පෙන්නන සලකුණු තියන්න.

    10. රහස් සැඟවුණු හාදු



    Kiss-Types-aniwa-16.jpg


    අයි ලව් යු කියලා වචනෙන් නොකියා ඒක අනෙක් අය ඉස්සරහ කුඩා හාදුවකින් පලකරන්න පුළුවන් ක්‍රමයක් ගැන ඔබ දැනගෙන හිටියද? කිසිම කෙනෙක් සැක නොසිතන ඔයාලා දෙන්නට විතරක්ම ආවේනික ඒ කිස් එක සමහර වෙලාවට නොයෙක් දේ නොයෙක් වෙලාවට කියාවි.

    11. දිවෙන් දිව පැටලෙන හාදු (lizard kiss)



    Kiss-Types-aniwa-17.jpg


    දෙතොලට දෙතොලක් පැටලෙන්නේ නැතිව හාදුව අතර තුරදී දිවෙන් අනෙකාව ස්පර්ශ කිරීම මේ හාදුවේ විශේෂත්වයයි. රෝමාන්තික කාලයක් ගෙවන යුවලක් එක්වීමකදී මේ හාදුවෙන් ඔවුන් කෙතරම් එකිනෙකාට බැඳී තිබෙනවාද කියලා ඔවුන්ට දැනෙන්නට ගන්නවා.

    12. සුරඟන හාදුව
    Kiss-Types-aniwa-18.jpg




    දෙදෙනෙකු අතර කායික සම්බන්ධතාවකට වඩා බැඳීමක් තිබෙනවා නම්, ඔවුන් එකිනෙකාට හාදු දෙනවිට ඇහි පිල්ලමට හාදුවක් දෙනවා නම් එය සුරඟන හාදුව නමින් හඳුන්වනවා.


    http://www.aniwa.lk/2017/01/18/1701184-kiss-types/
     

    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,107
    365
    83
    ape ponna rate tyne kata kanwakyna aka ape pakala danne akane kata kanwa itn komda yko jayathanthareta mu mm a denne lajjai elipita kiss kloth tv news fb youtube twitter whatsapp viber gossip hama huttema danwa araya meyawa metanadi me welwa kiss kla kyla itn komda yako lankawe ponna wesige haththage tyna akalpa balapn kta krla wdk na manda pakala ine