උමාරියා සනුක අමරදේව සහ නන්දා මාලනී !!!

milindasenarath

Well-known member
  • Mar 23, 2007
    18,438
    2,241
    113
    Sri Lanka
    මමත් එහෙම තෝරාගෙන බේරාගෙන සින්දු අහන්නේ නැහැ මචන්. අමරදේව මහත්තයාගේ ඉඳල භාතිය සන්තුෂ්, ඉරාජ් වෙනකම්, සිංහල, හින්දි, ඉංග්‍රීසි, දෙමල, ප්‍රංශ, හැම එකක්ම අහනවා :D :D :D ඇත්තම කියනවනම් මම කැමති බස් සිංදු කීපයකුත් තියෙනවා :D:P

    හැබැයි මම අත්දැකලා තියෙන දෙයක් තමයි කොච්චර අනික් සින්දු ඇහුවත් ට්‍රිප් එකක් ගිය වෙලාවට, යාළුවොත් එක්ක සෙට් උන වෙලාවට එහෙම ඉතින් පිහිට වෙන්නේ සුනිල් එදිරිසිංහ , මිල්ටන් , ක්ලැරන්ස්, රූකාන්ත වගේ අය විතරයි :yes::yes::yes:

    eka aththa:yes::yes:
     

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    matanam mokage unath kamak na sinduwa hithata aeluwanam aehuwa hebei ithin old htz and dan songs wala tiyena wenasa machan a sindu hithin matura matura ewaye mean eka widinda puluwan .. e unata dan ewaye sinduwa tiyenne video ekene ban :/ . man sunil edirisinhege asa " aei massine pem kale api eka malataaa" :P.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම නම් හුඟක් අහන්නෙ පරණ ගායකයන්ගෙ/ ගායිකාවන්ගෙ සිංදු තමා මචං.. එක්කෙනෙක් කියලා නෑ පරණ ගායික/ ගායිකාවන් ඔක්කොටම වගේ කැමැතියි.. මගේ ගාව හැම කෙනාගෙම වගේ සිංදුත් තියෙනවා.. ඔය එක්කම ලයිව් ශෝ එහෙම අනිවාර්යෙන්ම අහනවා.. හොඳ බෑන්ඩ් එකක් සෙට් වුනොත්..

    ඔය අලුතින් බිහිවෙන තරු වලට අමරදේව මාස්ටර්, නන්දා මාලනී මහත්මිය, කපුගේ මහත්තයා ගියපු තරම් දුර යන්න බෑ බං.. උපරිම අවුරුදු දහයක් දුවයි.. ඊට පස්සෙ උන් උන්නද මලාද කියලා හොයන්න නැති වෙනවා.. එහෙම නැතුව තාරුන්‍යයේ ගායකයෙකුගෙන් දෙයක් කලේ, කරන්නෙ කසුන් කල්හාර විතරයි..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මමත් එහෙම තෝරාගෙන බේරාගෙන සින්දු අහන්නේ නැහැ මචන්. අමරදේව මහත්තයාගේ ඉඳල භාතිය සන්තුෂ්, ඉරාජ් වෙනකම්, සිංහල, හින්දි, ඉංග්‍රීසි, දෙමල, ප්‍රංශ, හැම එකක්ම අහනවා :D :D :D ඇත්තම කියනවනම් මම කැමති බස් සිංදු කීපයකුත් තියෙනවා :D:P

    හැබැයි මම අත්දැකලා තියෙන දෙයක් තමයි කොච්චර අනික් සින්දු ඇහුවත් ට්‍රිප් එකක් ගිය වෙලාවට, යාළුවොත් එක්ක සෙට් උන වෙලාවට එහෙම ඉතින් පිහිට වෙන්නේ සුනිල් එදිරිසිංහ , මිල්ටන් , ක්ලැරන්ස්, රූකාන්ත වගේ අය විතරයි :yes::yes::yes:
    11.gif
    11.gif
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    මමත් ආසම ගායකයෙක් මචන් සුපිල් එදිරිසිංහ කියන්නේ
    මගේ ලග ඒක ගායකයෙකුගේ වැඩිපුරම සින්දු ගණක තියෙන්නේ මෙයාගේ
    සුපිරි සින්දු ටිකක් තියෙන්නේ
    මට දුක, තාම මට මෙයා සජීවී ගායනය කරනවා බලාගන්න බැරි උන ඒක
    ඒක කොහොම හරි කරනවා
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    මටත් අහන් ඉන්ඩ අමාරු උනා බං චාමරගේ සින්දුව. අලංකාර නෙමෙයි වෙවුලනව කියද්දී. තේරුනා බීපු නිසා නෙමෙයි තමයි මූට කියාගන්න බැහැ කියල. ගොඩක් උන් හොඳ පැත්තට කමෙන්ට් කරලා තිබ්බේ. අලංකාර පුරවපු සින්දුවක් ඌට දෙන්ඩ ඕනේ කියන්න කියල සඳකඩ පහනක කැටයම් ඔපලා වගේ එකක් දුන්නනම් ඌට කියන්ඩ කියල රෙද්දේ රෙවෙනවා උගෙ. මාත් ටිකක් ප්ලේ කර අහන් ඉන්ඩ මාර අමාරු උනා. අන්තිමට ක්ලෝස් කරලා දැම්ම
     

    IPman

    Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    රසවින්දනය

    රසවින්දනය කියන එක එකිනෙකාට ෂාපෙක්ෂයි එක හරියට කුඩු ගහන එකයි ගන්ජා ගහන එකයි වගෙ

    කුඩු ගහන එකා හිතනව කුඩු තමයි එකම ආතල් එක කියල ගන්ජ ගහන එකා හිතනව ගන්ජ තමයි ආතල් එක කියල ඒත දෙන්නම ගන්න හදන්නෙ යම්කිසි ආකාරයක වින්දනයක් (ඔහු සිතන විදිහට )

    මටත හිතුන මෙකට යමක් එක් කරන්න ඒත මේක කොපි කරගත්ත තැන නන් මතක නෑ


    ගීතයේ ප්‍රස්තුතය ප්‍රේමකීර්ති මහතාගේ පෞද්ගලික අත්දැකීමක් තුලින් උපන්නක් බවට විවිධ මතිමතාන්තර රැසක් පැවතුනද ඒ සියල්ලේම සත්‍ය අසත්‍යතාව විග්‍රහ කිරීමට වඩා එවැනි අත්දැකීමක් තුලින් මිනිසෙකුට ලැබෙන වේදනාව හා ඒ හා බැඳුන මිනිස් සිතිවිලි සමුදාය ගේය පද රචනයක් ලෙස සිතුවම් කිරීමට රචකයා වන ප්‍රේමකීර්ති මහතා තුල තිබු ප්‍රතිභාව අගය කිරීම වඩා අගනා කරුණකි.....
    දින, සති, මාස, වසර ගණනක් ප්‍රේමයෙන් බැඳී සිටියද පෘථඃජන මිනිස් ස්වභාවය වන ආශාවන් පසුපස සියලුම කරුණු කාරනා මගහැර හඹා යෑම පිරිමි හෝ ගැහැණු එක පාර්ශවයකට පොදු වූවක් නොවෙයි. එසේ විවාහපත් යුවලක් දැඩි ආදරයෙන් කල් ගෙවමින් සිට මොහොතකින් ඒ සියල්ල අමතක කර සිය බිරිඳ අන් පුරුෂයෙකු සමග වරදෙහි බැඳේනම් ඇයට අපමණ ප්‍රේමකල සැමියාට එය කෙසේ දරා ගත හැකි වේද.. ගීතයේ නිමිත්ත වී ඇත්තේ එයයි.

    සඳ කැන් වැසිලා - අඳුරේ එතිලා
    ගණඳුරු රෑ - තනිකම නෑ
    සොයා එන්න ගණඳුර තරු නිවලා
    මගේ එළිය අද ඔබ පමණි..


    සැමියා මෙතෙක් කල් සිය බිරිඳව දුටුවේ කාන්තියෙන් බබලන සඳක් ලෙසටයි. නමුත් ඇය වරදෙහි බැඳීම දෑසින් දුටු පසුත් එය එසේම නොවෙයි. කාන්තිමත් බව වැසී ගිය අඳුරේ ගිලුන සඳකට ඇය දැන් සමයි. ඔහුට සිටි වටිනාම වස්තුවත් තමාට එරෙහි වූ පසු ඔහුට දැනෙන අපමණ තනිකම නිවා දමන්නේ ඝන අඳුර පමණයි. ඒ මෙම ගීතය තුල සිටින චරිතය සිය බිරිඳගේ සතුට කෙරෙහි බාධා කිරීමට දක්වන නොකැමැත්ත හා ඉවසීම නිසාවෙන්. ඔහුට තනියට සිටි බිරිඳ තවෙකෙකුගේ තනි මකාලත්දී ඔහු ඔහුගේ තනිය මකා ගැනීමට ඝන අඳුරට ආරාධනා කරනවා, සඳක් නැති අහසක තිබෙන තාරකාවන්ගෙන් පලක් නැති නිසා තරු නිවාගෙනම සිය තනිය මකන්නට එන්නටයි කියා....

    ජීවිතයම සතු එකම සුවේ
    හී සර පහරක වෙළෙනු පෙනේ
    මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු
    අසල්වාසියෙකු සොයනු දැනේ....


    සිය ජීවිතයම බෙදා ගැනීමට සිටි එකම සැනසිල්ල, සුවය හී සර පහරකින් විසුණු වන්නාක් මෙන් ක්ෂණිකවම ඔහුගෙන් ඈත්ව ගොස් හමාරයි.. මම මා සතු යැයි මෙතෙක් සිතූ අයගේ නෙතු යුග දැන් මගේම පමණක් නොවේ. තවෙකෙක් ඊට හිමිකම් කීමට සිටිනවා.. ගීතය තුල රචකයා මවා ඇති චරිතය පවසයි..

    මා නැත අන් සතු සිත් බිඳලා
    දෑතම බැඳගෙන හිඳිමි බලා
    මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු
    රහස් අහස් තලයට පවරා....


    කිසිවෙකුට වරදක් නොකළ, කිසිදා අන් සිත් නොරිදවූ මේ පුද්ගලයා හට, ඉවසනවා හැරෙන්නට ගත හැකි අන් විකල්පයක් නැත. කිසිවෙකු මේ ලෝකේ සදා කාලික ආදරය කල අය නොවෙයි. මරණින් හෝ එය අවසන් වෙන බවයි යතාර්ථය. මොහු එය පසක් කර ගනී.. එසේ යම් දිනෙක වෙන් වෙන තාක් කල්ම මේ රහස රහසක් ලෙසම පවතියි.. ගීතය තුල මවා ඇති යතාර්ථවාදී චරිතයේ අවසාන තීරණය එයයි..

    ගීතය ප්‍රේමකීර්ති මහතාගේ පෞද්ගලික අත්දැකීමක් වේවා හෝ නොවේවා.. එය එසේ සිතීමට රසිකයාව පෙළඹවීම ඔහුගේම ක්‍රියාවකි. ඒ අන් කිසිවක් නොව, ඔහු එතරම්ම සියුම්ව මේ අත්දැකීම විග්‍රහ කොට ඇති අපූර්ව බව නිසාවෙන්ම වේ...

    ගායනය - වික්ටර් රත්නායක
    ගේය පද - ප්‍රේමකීර්ති ද අල්විස්
    සංගීතය - වික්ටර් රත්නායක


     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වැඩ....:ඩල්:
    පස්සෙ කමෙන්ට් කරන්නම්.......
    මරා ගන්නෙ නැතුව පලයල්ලා....මොකද මේකේ බුද්ධියට අමතන විදියට සංවාද කෙරෙන්නේ හාව හද දකින්න වගේ නිසා..........
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    වැඩ....:ඩල්:
    පස්සෙ කමෙන්ට් කරන්නම්.......
    මරා ගන්නෙ නැතුව පලයල්ලා....මොකද මේකේ බුද්ධියට අමතන විදියට සංවාද කෙරෙන්නේ හාව හද දකින්න වගේ නිසා..........
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සරලව කිවුවොත් අමරදේව හා නන්දා මාලනී මේ කියපු දෙන්නට වඩා දක්ෂයි.
    එදා නන්ද මාලනි හිටපු තැන උමරිය හිටිය නම්, අමරදේව මහත්මය හිටපුතන සනුක වික්‍රමසිංහ හිටියනම් අද ලනකාවේ සංගීතය මිට වැඩ ගොඩක් පහල මට්ටමක තයෙන්නේ තිබුනා.
    මොකද ඒ මිනිස්සු කරපු කැපකිරීම හා අලුත් දෙයක් කිරීමේ හැකියාව මුන් දෙන්නට තියනව කියල හිතන්න අමාරුයි
    එහෙම දෙයක් කරන්න පුලුව කියල නව පරපුරේ ඉන්නේ නදීක ගුරුගේ, කසුන් කල්හාර, වගේ අය තමයි.
    කිසිම කෙනෙක් ඒ කරපු දේ දක්ෂ නැහැ කියලා අඩුතක්සේරු කරනවා නම් එක අසාදරනයි
     
    Last edited:

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    කිඹුලා කියල තියෙනවා වගේ බුද්ධිමත් සංවාදයක් ඇතිවෙලා තියෙන එක ගැන ඇත්තටම සතුටුයි :yes::yes: IPman සහෝදරයා කියන කතාවත් ඇත්ත. කාටවත් කරදරයක් නැතුව කවුරුහරි සින්දුවක් අහනවනම් ඒක කියන්නේ කවුද? තේරුම මොකක්ද? භාෂාව මොකක්ද? කියල අහන්න අපිට සදාරාත්මක අයිතියක් නැහැ. මම උනත් මේ thread එක දැම්මේ චාමර කියන්නේ (කියන්න උත්සාහ කරේ) සුනිල් එදිරිසිංහයන්ගේ ගීතයක් හින්ද :)

    අනික මම පෞද්ගලිකව හිතන විදියට සිංදුවකට අර්ථ රසයක් තිබීම අනිවාර්ය නැහැ. මොකද එහෙනම් අපිට වෙනත් භාෂාවක සින්දු, නැත්නම් වාද්‍ය භාණ්ඩ විතරක් භාවිතා කරන ගීත (instrumental) වගේ ඒවා රස විදින්න වෙන්නේ නෑ. අනික සංගීතය කියන්නේ විශ්ව භාෂාවක් කියන්නෙත් එකයි මම හිතන්නේ. අර්ථ රසයක් තියෙනනම් වඩා හොඳයි. මම අහල තියෙන සිංදුවලින් අර්ථය ගැන වැඩියෙන්ම හිතිලා තියෙන්නේ අමරේව මහත්මයාගේ "සන්නාලියනේ" සින්දුව. මනුස්සයෙක්ගේ ජීවිතයේ තියෙන අවිනිශ්චිතකම, අනිත්‍ය බව මිනිත්තු 3 - 4 ක් ඇතුලේ ලස්සනට කියල තියෙනවා :yes:

    සන්නාලියනේ සිංදුව :




    instrumental ගැන කියනකොට මතක් උනේ. මම නන්දා මාලනී මහත්මියගේ හඬට අකමැති නිසා කුරුටු ගෑ ගී පොතේ එකේ instrumental එක තමයි අසාවෙන් අහන්නේ :D:P මේක මුන් දෙන්න සෙට් වෙච්ච වෙලාවක ගහපු එකක්. සමහර විට කලින් අහලත් ඇති. පට්ට :cool::yes:



    ඔය සනුකයි උමාරියයි case එක මම නම් දකින්නේ මෙහෙමයි. සනුකයි අමරදෙවයි සංසන්දනය කරන්න හදනකොට අපිට (මටනම්) මල පනින්න ලොකුම හේතුව තමයි සනුකයි, අමරදේව මහත්තයයි ගායනා කරලා තියෙන ගීත වල වෙනස. අමරදේව මහත්තයාගේ "සඳ හොරෙන් හොරෙන්" අහල සනුකගේ "පාරෙන් එලියට විසිවෙනවා" ද මොකක්ද එක අහපුවහම මට වගේ (සහ මෙතන reply කරපු ඔක්කොගෙම වගේ ) රසිකත්වයක් තියෙන අයට මල පනින එක සාදාරනයි. අපි හිතමු සනුක අමරදේව මහත්තයාගේ කාලේ ඉපදිලා ඒ වගේම ගීත ටිකක් ගායනා කරලා තිබුන කියල. අපිට එහෙනම් ඔච්චර මල පනින එකක් නැහැ. එහෙනම් සමහර විට ලහිරුගේ කියමනත් එක්ක සමහරු එකඟ වෙන්නත් ඉඩ තිබුන. උමාරියා ගැනත් ඉතින් ඔය කතන්දරේම තමයි.

    සඳ හොරෙන් හොරෙන් :



    පාරෙන් by සනුක :



    නව පරපුරේ ඉන්නේ නදීක ගුරුගේ, කසුන් කල්හාර, වගේ අය තමයි.
    කිසිම කෙනෙක් ඒ කරපු දේ දක්ෂ නැහැ කියලා අඩුතක්සේරු කරනවා නම් එක අසාදරනයි

    :yes::yes::yes:
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    නව පරපුරේ අයයි මේ කතා කරන ප්‍රවීණ අයයි අතර පරතරය වැඩිවෙන්න කාරණා හුගක් බලපානවා. ප්‍රධානම කාරණයක් තමයි මේ නව පරපුරේ හුගක් අය කලාකාරයෙක්/ගායකයෙක් කියන වචනයේ තේරැම සහ වටිනාකම හරියට හදුනගෙන නැති එක. හුගක් අය හිතන්නේ එක සිංදුවක් hit වුන ගමන් එයා තමයි ලොක්කා කියලා. ගායන හැකියාව තිබ්බ පමණින්ම කලාකාරයෙක් කියලා කියන්න බෑ. ඒකට තව හුගක් ගුණාංග එකතු වෙන්න ඕනේ. අවංකකම, නිහතමානීකම, අනෙකාට ගරැ කිරීම, කෘතගුණ දැක්වීම, ඉවසීම.... ඔය වගේ දේවල් අඩු වැඩි වශයෙන් හෝ (ඔක්කෝම නැතත්) හොද කලාකරැවෙක් ළග තියෙන්න ඕනේ.

    අමරදේව මාස්ටර්ගේ ඉදලා පහළට කතා කරපු ප්‍රවීණ ගායකයෝ හුගක් දෙනෙක්ගේ ඔය ලක්ෂණ අඩු වැඩි වශයෙන් තිබ්බා. ඒ කාලේ හිටපු ජෝතිපාල මහත්තයා, මිල්ටන් පෙරේරා මහත්තයා වගේ වෙනස් ආරක සිංදු කියපු අය ලග පවා මේ ගතිගුණ තිබ්බා. කලා ලෝකයේ ඔවුන් ඉන්න තැනට එන්න ඒක ඒ අයට ලොකු ශක්තියක් වුනා. නමුත් අද බිහිවෙන හුගක් නවකයින්ගේ මේ දේ දකින්න නෑ. උදාහරණත් ඕනේ තරම් අපිට දකින්න, අහන්න ලැබෙනවා.

    අනික තමයි අධ්‍යාපනය. ඔය මම උඩින් කියපු හුගක් ගුණාංග අධ්‍යාපනයක් එක්කත් ලැබෙනවා. සමහරැන්ට ගායනාවට/වාදනයට උපන් හැකියාවන් ඇති (නව පරපුරේ අය අතරත් එහෙම අය ඉන්නවා ) නමුත් ඒ හැකියාව පමණක් අදට ගැලපෙන්නේ නෑ. අද බිහිවෙන ගායකයෝ හුගක් දෙනෙක් (විශේෂයෙන්ම ඔය තරැ බිහිකරන තරග වලින් එන අය) සංගීත විෂයේ මූලික සිද්ධාන්ත පොඩි දැනුමක්වත් නැතුව එන අය. අපේ හුගක් නාලිකා කරන්නේ මේ අයට තරැ බවට පත් කරලා පුම්බලා අත හරින එක. ඊට පස්සේ මේ අයට වෙන්නේ මොකක්ද කියලා දන්නෝ දනිති. මේ අය සංගීතය ගැන හදාරලා හොද නිර්මාණ කරන්න පෙළඹෙනවනම් මීට වඩා උසස් නිර්මාණ අපිට දකින්න ලැබෙයි.

    අද අලුතින් බිහිවෙන තරැ රැල්ලේ ගායකයෝ හුගක් දෙනෙක් නාලිකා වලින් තමන්ගේ වෙළද භාණ්ඩය විදිහට විකුණලා එලියට දාන අය. මේ අය හිතන්නෙත් ඒ මානසිකත්වයෙන්මයි. සිංදුවක් දෙකක් කොහොම හරි කියලා වීඩියෝ එකක් කරලා, තමන්ගේ නිර්මාණ ring tone වලට විකුණලා එදා වේල පිරිමහගන්නේ කොහොමද කියලා විතරයි මේ අය හිතන්නේ (බොහෝ දෙනෙක්). එතනින් එහාට තමන්ට කලා ලෝකයේ අනාගතයක් තියෙනවද ගමනක් තියෙනවද කියලා කිසිම වැටහීමක් නෑ (වැටහීමක් නැද්ද උවමනාවක් නැද්ද කියලා සැකයි) කියලයි මම නම් හිතන්නේ. ඉතා විශිෂ්ඨ දක්ෂතාවයන් තියෙන අය මම දැකලා තියෙනවා නමුත් සල්ලි ගැන විතරක් හිතලා තමන්ගේ ගමන ටික කාලයකට විතරක් සීමා කර ගත්තු අය තමයි වැඩි. ටිකක් බලන්න ඔය තරැ තරග වල මුල්ම තරගාවලි වලින් දිනපු කී දෙනෙක් අද අපිට දකින්න ඉන්නවද කියලා ඔවුන්ගේ නිර්මාණ අද ඉතුරැ වෙලා තියෙනවද කියලා ??


    SMS වලින් බිහිවෙලා, Ring Tone වලින් ජීවත් වෙන්න උත්සාහ නොකර හොද අධ්‍යාපනයක්, උසස් ගුණාංග ටිකක් තමන්ගේ ජීවිතයට එකතු කරගෙන රැල්ලට නොයා තමන්ගේ දක්ෂතාවයට ගැලපෙන විදිහට තමන්ගේම නිර්මාණ කරන්න උත්සාහ ගත්තොත් මේ නව පරපුරේ අයටත් කවදා හරි අමරදේව කෙනෙක් නන්දා මාලිනී කෙනෙක්, ජෝතිපාල කෙනෙක් වෙන්න පුලුවන් වෙයි.
     
    • Like
    Reactions: maxboysl

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....


    මගෙ රින්ගින් ටෝන් එක(කෝල් එකක් එද්දි මගෙ එකේ වදින එක) මේක.....
    කුඩා කාලෙ ඉදලම අහන්න ආස සින්හල ක්ලැසිකල් සින්දු විතරයි බන්...