උඹලට පාළුව තනිකම දැනෙනවද?

timetraveler1921

Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    බැදපු නැති එවුන්ගෙ ආයුශ අනිත් උන්ට වඩා අඩුයි ලු බන්. පාළුව anxiety depression වැඩිපුර අත් විදින නිසා. නිකමට හරි තව කෙනෙක් ඉන්න එක ලොකු හයියක්නෙ බන්. බලු ගෙඩ්ඩො දෙන්නෙක් වත් හදපන්. මාළු ටැංකියක් හදපන්. අක්කගෙ ලමයි එක්ක ශේප් එකේ ඉදපන්.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    තනිකම නම් දන් නෑ තනියම ඉන්න නම් කැමතියි.මගෙ හොඳම යාලුවො,පවුලෙ අය,කෙල්ල,කෙල්ලගෙ පවුලෙ අය ඇරෙන්න වෙන කෙනෙක් එක්ක ගමනක් බිමනක් යන්නවත් මම කැමති නෑ.අඳුරන කෙනෙක් පාරකදි හම්බ වෙන එකත් මට හෙන අන්කොම්ෆටබල්.කතා කරන්න වෙනවනෙ.මම අඳුරන එකෙක් දැක්කොත් පොර මාව දකින්න කලින් මාරු වෙනව.මට ඔය තැන් තැන් වලදි(මල ගෙවල් වගේ) හම්බවෙන වැඩි හිතවත්කමක් නැති අය එක්ක කොන්වසේෂන් එකක් බිල්ඩ් කරන්න එහෙම මාර අමාරුයි.මගෙ හැටි වෙන්න ඇති.ඒත් එහෙම උනත් කෙනෙක් මට මොනවහරි කියනව නම් ඒක අහන් ඉන්නත් මට පුලුවන්.මම මෙහෙම වැඩි කතා බහක් නැති චරිතයක් උනත් මිනිස්සුන්ගෙ මට එහෙමට අකමැත්තකුත් නෑ.ඇත්තටම මිනිස්සු මට කැමති.මට කීප දෙනෙක් කියලත් තියෙනව ඒක.සමහර විට මම ඕන දෙයක් ඔලුව වන වන අහන් ඉන්න නිසා වෙන්න ඇති.මිනිස්සු එක වගේ නෑ බං.උඹට පහසු විදියට ජීවත් වෙයන්.
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    නිකං ඉන්න එක ලෙඩවලට අත වැනිල්ලක් බන්. පාරෙ යන පුරු පුතෙක් හරි ජනේලෙන් අත දාලා ගෙට ඇදල ගනින්. අඩු ම ගානෙ කැරකෝප්පුවෙන් හොල්මන්ක් හරි කමක් නෑ ගෙනැලල ගේ අස්සෙ ගහගනින්.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113

    පාළුව තනිකම මටනම් අමුතු දෙයක් නෙවේ. මට හිතෙන විදිහට කිරියේ ඉන්න හැමෝටමත් වඩා මං ඒක හැමදාම අත්විදිනවා ඇති. ජීවිතේ ගැනනම් පුදුමාකාර කළකිරීමක් තියෙන්නේ. :(

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,417
    75,101
    113
    බල්ලෙක් හදපන් පාලුව යන්ඩ.

    බැදපු එවුන්ට ටාගට් වැඩියි. ලමයින්ට කන්ඩ දෙන්න. ගෙවල් දොරවල් හදන්න. උබට ඒ ප්‍රස්න නැති එකයි ප්‍රස්නේ . ගෙදරකුත් තියෙනවනේ. ඒ හින්දා බල්ලෙක් ගත්තම උබට ටාගට්ස් එනව අම්මටසිරි අද බව්වට කන්ඩ දෙන්න හම්බ කරන්ඩ එපැයි කියලා . බව්වා අසනීප උනාම වියදම කරන්ඩ සල්ලි හම්බකරන්ඩ එපැයි කියලා. ආහ් ඒ වගේද බව්වව හොද ස්කෝලෙකට දාගන්නත් පගා දෙන්ඩ එපැයි. ඒ වගේද බව්වට ඉටි කිරිස් බලු කෑල්ලක් සෙට් කරලා ලොකුවට වෙඩින් එකකුත් ගන්ඩ ඕනිනේ කියලා.
    තව මතක් උනොත් පස්සෙ කියන්නම් 😉
    The pet part is bad advice ban. When you get fedup you will just neglect the pet. Those too are living things. And they don't have to pay for our troubles.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    උඹ ඔය ගෙවපු ජීවිතේ මම ගෙව්වා 2014 වෙනකල්. After loosing both parents. පළවෙනි එක දොර වහලා තියපං බං.. එක එක රෙද්දන්ට ඇවිත් වද දෙන්න දෙන්න එපා. එක එකාගෙ කීමට බඳින්න යන්නත් එපා.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    බෝඩිමේ තනියම තමා
    මාත් කැමති තනියම ඉන්න
    බල්ලො හදනවා නම් කපල් ගනින්
    තනි එකා හදන්න එපා

    මට තේරෙන හැටියට උබට බල්ලෙක් තමා ගැලපෙන්නේ
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    අඩෝ, දැන් සති දෙකකට වඩා තනියම ඉන්නේ මට කිසිම පාළුවක් තනිකමක් දැනෙන්නේ නෑනේ. ඇයි ඒ? උඹලට එහෙම තනියම ගෙදර ඉද්දි පාළුව තනිකම දැනෙනවද? පාළුව තනිකම මොන වගේද? 🙄

    හැබැයි ඉතින් ඉන්ටනෙට් ෆෝන් ටීවී තියෙනවා නම් විතරයි මටත් මෙහෙම ඉන්න පුළුවන්. 😣

    අනික තමා එක එකා ඇවිල්ලා කසාද බඳින්න බල කරන එක. දැන් කසාද බැඳලා දෙන්නෙක්ව නඩත්තු කරන්න ආදායමක් හම්බෙනවද., ළමයි හම්බුනාම නඩත්තු කරන්න ආදායමක් හම්බෙනවද වගේ දේවල් අහද්දී මට පට්ටම අන්කම්ෆටබල් සීන් එකක් තියෙන්නේ. ඒ දේවල් ගැන මම කතා කරන්න කැමතිම නෑ. උඹලටත් එහෙම අවුල් තියේද? මට ඕන life goes on සීන් එකේ ජීවිතේ ඔහේ ගලාගෙන යන්න. 😪

    තව උපදෙසක් ගන්න තියෙනවා එළකිරි වියත්මගෙන්. ඒක දිග කතාවක් නිසා ඒක වෙනම ත්‍රෙඩ් එකකින් අහන්නම්. 😴
    මචන් උබ තවම හිටියේ සති දෙකයිනේ .උබට ඕක වෙනදා නොලද අලුත් අත්දැකීමක් .ඒක නිසා උබට එකේ පොඩි ගතියක් තියනවා .හැබයි උබ ගොඩක් කාලයක් ඔහොම ඉද්දි ඒක එපා වෙනවා .ඉන්ටනෙට් ෆෝන් ටීවී තිබ්බත් ඒක එපා වෙනවා .එතකොට ඔයිට වඩා වෙනස් දෙයක් තමා උබ බලාපොරොත්තු වෙන්නේ :)
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    ඒ ඇයි බං කතාව කෙටියෙන් හරි දාපන් :(

    පාළුව තනිකම මටනම් අමුතු දෙයක් නෙවේ. මට හිතෙන විදිහට කිරියේ ඉන්න හැමෝටමත් වඩා මං ඒක හැමදාම අත්විදිනවා ඇති. ජීවිතේ ගැනනම් පුදුමාකාර කළකිරීමක් තියෙන්නේ. :(

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,282
    21,200
    113
    තනිකම නම් දන් නෑ තනියම ඉන්න නම් කැමතියි.මගෙ හොඳම යාලුවො,පවුලෙ අය,කෙල්ල,කෙල්ලගෙ පවුලෙ අය ඇරෙන්න වෙන කෙනෙක් එක්ක ගමනක් බිමනක් යන්නවත් මම කැමති නෑ.අඳුරන කෙනෙක් පාරකදි හම්බ වෙන එකත් මට හෙන අන්කොම්ෆටබල්.කතා කරන්න වෙනවනෙ.මම අඳුරන එකෙක් දැක්කොත් පොර මාව දකින්න කලින් මාරු වෙනව.මට ඔය තැන් තැන් වලදි(මල ගෙවල් වගේ) හම්බවෙන වැඩි හිතවත්කමක් නැති අය එක්ක කොන්වසේෂන් එකක් බිල්ඩ් කරන්න එහෙම මාර අමාරුයි.මගෙ හැටි වෙන්න ඇති.ඒත් එහෙම උනත් කෙනෙක් මට මොනවහරි කියනව නම් ඒක අහන් ඉන්නත් මට පුලුවන්.මම මෙහෙම වැඩි කතා බහක් නැති චරිතයක් උනත් මිනිස්සුන්ගෙ මට එහෙමට අකමැත්තකුත් නෑ.ඇත්තටම මිනිස්සු මට කැමති.මට කීප දෙනෙක් කියලත් තියෙනව ඒක.සමහර විට මම ඕන දෙයක් ඔලුව වන වන අහන් ඉන්න නිසා වෙන්න ඇති.මිනිස්සු එක වගේ නෑ බං.උඹට පහසු විදියට ජීවත් වෙයන්.
    අඩෝ මං වගේ එවුන් තව ඉන්නවනේ. 😍😍😍😍
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    දැන්ම තනිකමක්, පාලුවක් එන්නෙ නෑ බන්.
    අවුරුදු 35-45 අතර තමා ආවොත් එන්නෙ ( සමහරවිට ). එතකොට හිතෙන්නෙ පුලුවන් ගෑනියෙක්/ දරු මල්ලෙක් හිටිය නන්
    හොදයි කියල.

    ඒක පහු උනොත් ආයෙ එන්නෙත් නෑ.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113

    පාළුව තනිකම මටනම් අමුතු දෙයක් නෙවේ. මට හිතෙන විදිහට කිරියේ ඉන්න හැමෝටමත් වඩා මං ඒක හැමදාම අත්විදිනවා ඇති. ජීවිතේ ගැනනම් පුදුමාකාර කළකිරීමක් තියෙන්නේ. :(

    අඩෝ මං හිතුවේ උඹ ආතල් එකේ ෆිල්ම් එකක් එහෙම බලාගෙන සැපේ ඉන්න චරිතයක් කියලා
     
    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    බල්ලෙක් හදපන් පාලුව යන්ඩ.

    බැදපු එවුන්ට ටාගට් වැඩියි. ලමයින්ට කන්ඩ දෙන්න. ගෙවල් දොරවල් හදන්න. උබට ඒ ප්‍රස්න නැති එකයි ප්‍රස්නේ . ගෙදරකුත් තියෙනවනේ. ඒ හින්දා බල්ලෙක් ගත්තම උබට ටාගට්ස් එනව අම්මටසිරි අද බව්වට කන්ඩ දෙන්න හම්බ කරන්ඩ එපැයි කියලා . බව්වා අසනීප උනාම වියදම කරන්ඩ සල්ලි හම්බකරන්ඩ එපැයි කියලා. ආහ් ඒ වගේද බව්වව හොද ස්කෝලෙකට දාගන්නත් පගා දෙන්ඩ එපැයි. ඒ වගේද බව්වට ඉටි කිරිස් බලු කෑල්ලක් සෙට් කරලා ලොකුවට වෙඩින් එකකුත් ගන්ඩ ඕනිනේ කියලා.
    තව මතක් උනොත් පස්සෙ කියන්නම් 😉
    Hoda adahasa....kasaadayak karagannakam ballek hadapan.....eke wenama gathiayak tiyenawa...komat minissunta wada awankai, adaren idiwi