උඹලට මතකද මේ කවි පංතිය

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,052
    34,569
    113
    ඉස්සර 8 හෝ 9 ශ්‍රෙණියේ සිංහල පොතේ තිබ්බා. අනුරාධපුරේ කපුවාගේ දඩමස් දැකලා මේක මතක් උනේ.

    අලියා වැටුණු වැව ආරච්චි රාළට
    මුව ගෝණ මස් හිග නොමැත කෑමට
    මුළු ගංගොඩ ම හිටියත් ඔහුගෙ වාලට
    ඔහු වැඩිපුර ම බය ලොකු සයිබු නානට

    වට්ටක්කා වැලකි ඒ ගෙයි වහල මත
    එරඩු වැටේ වැඩිපුර ලොකු කපොලු ඇත
    කුරහන් බිස්ස යට බල්ලට සෙවණ ඇත
    ඔහුගේ ගෙදර මට හොදටම මතක ඇත

    පස් බානක් ම ඔහු හට හොර හරක් ඇත
    ගමනට පැදුරු දැමු බරබාගයක් ඇත
    නියගක් ආව මුත් වැඩිපුර බයක් නැත
    වැව කිට්ටුව ම වෙල ඉස්සර හයක් ඇත

    ඉදි කඩ ළග ම සිටගත් මහලු පලු ගසේ
    පොඩි පෙට්ටියක පානට මැසි මදුරු නැසේ
    එළිය දුටිමි ඒ එළියයි ඔහුගෙ හිසේ
    මට මේ ලියන විට තව ඒ එළිය දිසේ

    රජයේ සේවයෙන් කෙහෙ පෑදුණු තට්ටේ
    පොල් තෙල් ගෑ වැනි ය අමු පොලයක කට්ටේ
    තවරුණු බවක් පවසන ගොම මුසු මැට්ටේ
    කොණ්ඩය කුහුඹු ගුළියකි පොලයක නැට්ටේ

    කෙස් නැති හිසට නැග ගන්නට බලන මෙනී
    කම්මුල දෙසට රළු උඩු රැවුල කැරකුණී
    හතරට බිදුණු බැම රළු ලොම් ගනව ගනී
    අලියා වැටුණු වැව මේ හැම ලකුණු දනී

    රජයේ සේවයට දිවි කැප කරන මෙනී
    රෑ දාවලේ යයි ගං ගොඩ දෙසට වැනී
    කන බොන වෙලාවට අඹුවට හොදට බණී
    අලියා වැටුණු වැව මේ හැම ලකුණු දනී

    වී බුසලකට සිතුවොත් කුඹුරකුදු ගනී
    රුපියල් දෙකක් දෙන විට පස් වරක් ගනී
    සමහර විටදි ඉදිකඩ වැට උඩින් පනී
    අලියා වැටුණු වැව මේ හැම ලකුණු දනී

    මොහුගේ රාජකාරියෙ ඇති මහගු ගුණේ
    ගැමියන් මුහුණ බැලුවොත් හොද හැටිම පෙනේ
    අසරණ අහිංසකයන්ගේ කුඹුරු අනේ
    මොහුටය
    කොහොම හරි කෙළවර ගොදුරු වුණේ

    මොහුගේ මහගු සේවයෙ හැටි මෙයට වැඩී
    යම් කිසි විටෙක හරකෙකු තැබු පසුව වෙඩී
    නැග ගෙන හරක් හොරුගේ කර උඩට දැඩී
    පස්සා ගාත් දෙක ඔහුගේ ගෙයට වඩී

    රැළි යුතු නළල පළලින් අඩු විය බෝසේ
    මුගටියෙකුගේ පැහැය ඇත වළ වූ දෑසේ
    සුදුමැලි දෙ තොල, උඩ බැලි කොට මොට නාසේ
    අග ඇති පළල් කට කම්මුල හා පෑසේ

    මුළු රෑ ලැගි හිඳ පලු ගසක මැස්සක
    ලැබ ගෙන අහිංසකයෙකු පිදුව මස් ටික
    වළදා අදට වූවත් වසර විස්සක
    පුදුමයි බලන්නට අද ඔහුගෙ රැස් ටික

    කිසිවෙක් නොවේ කෙරුමට මොහු සමග හබේ
    වෙහෙසක් නැතුව යල මහ අස්වනුද ලැබේ
    කුරහන් වියෙන් බිහි තුන ඉදිමුණ ද ඉබේ
    යම් කිසි බියක් ඔහුගේ නෙත් අතර තිබේ

    දවසින් දවස වන පෙත ගම් ගොඩෙහි හැපේ
    ඔහුගේ ගෙදර ළග කළුවර බුරුත කැපේ
    ගැමියන් පිහිට ලැබ ගිනි ඇවුළුණ ද ලිපේ
    හැම ගැමියෙක් ම ඔහුගේ පා මුලෙහි හැපේ.
     
    Last edited:

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,607
    113
    mathkayi,den poth wala paadam melo rahak neha ban.aneka me wage horu gena kiyawena kavi daannath lajja athi
     

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,080
    113
    පයියාගල
    ගොඩ මඩ දෙකම නිස්සාරය මූසලය
    මුඩුක්කු ගම්මානයක තරමක පිටිසරය
    ඒ ගම මැදින් ගලනා ඇල හරි ගදය
    කක්තාරක හිටියේ ගම කෙලවරය



    නදුන් පොහොසත් ය නැණ ගුණ දෙක වැඩිය
    තාරක දුප්පත්‍ ය ගත සිත කලු කැතය
    තාරක බිරිය ආලය මනිනා පඩිය
    නදුන්ගෙ පැත්තෙ ලා බැලුවම බර වැඩිය
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    විමලරත්න කුමාරගම. :love:
    සුපිරිම කවි තමයි.
    පොරගේ ආගන්තුක සත්කාරය, අය්යනායක එහෙමත් ලස්සනයි. :yes::yes:
     
    • Like
    Reactions: Udee KJ

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,812
    9,951
    113
    උබලට ඔහොම ඒවාගෙම තියන රසය මොකක්ද? අර්ථ රසයක්? මටනම් එහෙම කිසිම කාව්‍යමය රසයක් නෑ. 🤷🏻‍♂️
    Anyway bump.
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    :love: අය්යනායක :love:

    සෙවණැලි අවදි නොම වන වැව් ඉවුරු කො ණේ
    කාලය විසින් හෑරුව නුග ගසක බෙ‍ ණේ
    මළකා කළුව ගිය ආයුධ කැබලි පෙ නේ
    දෙවියෙක් නැතද මෙහි බලයක් තිබෙනු දැ නේ

    බුදු ගුරු ශනි හිරුට හිමි හැම දවස් ව ල
    මේ සන්හි‍‍‍ඳේ එළියක් ඇත සවස් ක ල
    ලෙඩ දුක්වලින් මිදුමට බාරයක් ක ළ
    හැම දෙන එතැන රැස්වෙති ගම ගෙවල්ව ල

    වන පෙත දැවෙන විට වැද මළ හිරුගෙ ර ත
    ගණ'ඳුර වසන විට ආලෝකයෙහි නෙ ත
    සඳරැස් ගලන විට තෙරපී සෙවණ ම ත
    එක දෙවියෙක් නොවේ දාහක් එතන ඇ ත

    දෙවි දේවතාවුන් සැරි සරන මහ ව නේ
    පවතින බලය ඇඟ ලොම් කුඩකටද දැ නේ
    මොළයෙන් තමා ලෝකේ සුවය වැනසු ණේ
    මගෙ ගැරහුමට නැත ඒ පිරිස යොමු වු ණේ

    සන්හිඳ ළඟ බාරයට කිරි ඉතිරී ම
    කෙම්වර දවස්වල පානින් සැරසී ම
    වන අතු කඩා ගස් දෙබලක දැවටී ම
    මා නොකෙරුවත් නොකෙළෙමි එය ගැරහී ම

    සාගත වසංගත හා එන නියඟ වලින්
    සහනය පතා වන දෙවියන් ළඟට කෙළින්
    එන මේ පිරිස සැරසීමට නුවණ මලින්
    පෙළෙඹෙන අයට අනුකම්පා කරමි මුලින්

    ගංගොඩ ව‍ටා මෝරන වන ලැහැබ මැන
    අහුමුලු නෑර සිය අණසක පතුරු වන
    බලවත් අය්යනායක, දෙන ගොදුරු ගෙන
    මේ අය රකිනු මැන යන එන සියලු තැන

    පත්තෑ ගැටුස්සන් දෙබරුන් සිටින තැන
    මීමුන් මදින් මත්වී අං මදින තැන
    වැව්වල මිනී කන කිඹුලන් ගැනද දැන
    මේ අය රකිනු මැන යන එන සියලු තැන

    මා පිල් පිඹුරු නයි පො‍ළඟුන් සිටින තැන
    අලි කොටි වළස් මුළු කොළහල කරන තැන
    නිතරම ඔබ පුදන මේ අය ඇඳින ගෙන
    බලවත් දෙවිතුමනි දිව රෑ රකිනු මැන