ඉස්සර 8 හෝ 9 ශ්‍රෙණියේ සිංහල පොතේ තිබ්බා. අනුරාධපුරේ කපුවාගේ දඩමස් දැකලා මේක මතක් උනේ.
අලියා වැටුණු වැව ආරච්චි රාළට
මුව ගෝණ මස් හිග නොමැත කෑමට
මුළු ගංගොඩ ම හිටියත් ඔහුගෙ වාලට
ඔහු වැඩිපුර ම බය ලොකු සයිබු නානට
වට්ටක්කා වැලකි ඒ ගෙයි වහල මත
එරඩු වැටේ වැඩිපුර ලොකු කපොලු ඇත
කුරහන් බිස්ස යට බල්ලට සෙවණ ඇත
ඔහුගේ ගෙදර මට හොදටම මතක ඇත
පස් බානක් ම ඔහු හට හොර හරක් ඇත
ගමනට පැදුරු දැමු බරබාගයක් ඇත
නියගක් ආව මුත් වැඩිපුර බයක් නැත
වැව කිට්ටුව ම වෙල ඉස්සර හයක් ඇත
ඉදි කඩ ළග ම සිටගත් මහලු පලු ගසේ
පොඩි පෙට්ටියක පානට මැසි මදුරු නැසේ
එළිය දුටිමි ඒ එළියයි ඔහුගෙ හිසේ
මට මේ ලියන විට තව ඒ එළිය දිසේ
රජයේ සේවයෙන් කෙහෙ පෑදුණු තට්ටේ
පොල් තෙල් ගෑ වැනි ය අමු පොලයක කට්ටේ
තවරුණු බවක් පවසන ගොම මුසු මැට්ටේ
කොණ්ඩය කුහුඹු ගුළියකි පොලයක නැට්ටේ
කෙස් නැති හිසට නැග ගන්නට බලන මෙනී
කම්මුල දෙසට රළු උඩු රැවුල කැරකුණී
හතරට බිදුණු බැම රළු ලොම් ගනව ගනී
අලියා වැටුණු වැව මේ හැම ලකුණු දනී
රජයේ සේවයට දිවි කැප කරන මෙනී
රෑ දාවලේ යයි ගං ගොඩ දෙසට වැනී
කන බොන වෙලාවට අඹුවට හොදට බණී
අලියා වැටුණු වැව මේ හැම ලකුණු දනී
වී බුසලකට සිතුවොත් කුඹුරකුදු ගනී
රුපියල් දෙකක් දෙන විට පස් වරක් ගනී
සමහර විටදි ඉදිකඩ වැට උඩින් පනී
අලියා වැටුණු වැව මේ හැම ලකුණු දනී
මොහුගේ රාජකාරියෙ ඇති මහගු ගුණේ
ගැමියන් මුහුණ බැලුවොත් හොද හැටිම පෙනේ
අසරණ අහිංසකයන්ගේ කුඹුරු අනේ
මොහුටය
කොහොම හරි කෙළවර ගොදුරු වුණේ
මොහුගේ මහගු සේවයෙ හැටි මෙයට වැඩී
යම් කිසි විටෙක හරකෙකු තැබු පසුව වෙඩී
නැග ගෙන හරක් හොරුගේ කර උඩට දැඩී
පස්සා ගාත් දෙක ඔහුගේ ගෙයට වඩී
රැළි යුතු නළල පළලින් අඩු විය බෝසේ
මුගටියෙකුගේ පැහැය ඇත වළ වූ දෑසේ
සුදුමැලි දෙ තොල, උඩ බැලි කොට මොට නාසේ
අග ඇති පළල් කට කම්මුල හා පෑසේ
මුළු රෑ ලැගි හිඳ පලු ගසක මැස්සක
ලැබ ගෙන අහිංසකයෙකු පිදුව මස් ටික
වළදා අදට වූවත් වසර විස්සක
පුදුමයි බලන්නට අද ඔහුගෙ රැස් ටික
කිසිවෙක් නොවේ කෙරුමට මොහු සමග හබේ
වෙහෙසක් නැතුව යල මහ අස්වනුද ලැබේ
කුරහන් වියෙන් බිහි තුන ඉදිමුණ ද ඉබේ
යම් කිසි බියක් ඔහුගේ නෙත් අතර තිබේ
දවසින් දවස වන පෙත ගම් ගොඩෙහි හැපේ
ඔහුගේ ගෙදර ළග කළුවර බුරුත කැපේ
ගැමියන් පිහිට ලැබ ගිනි ඇවුළුණ ද ලිපේ
හැම ගැමියෙක් ම ඔහුගේ පා මුලෙහි හැපේ.
අලියා වැටුණු වැව ආරච්චි රාළට
මුව ගෝණ මස් හිග නොමැත කෑමට
මුළු ගංගොඩ ම හිටියත් ඔහුගෙ වාලට
ඔහු වැඩිපුර ම බය ලොකු සයිබු නානට
වට්ටක්කා වැලකි ඒ ගෙයි වහල මත
එරඩු වැටේ වැඩිපුර ලොකු කපොලු ඇත
කුරහන් බිස්ස යට බල්ලට සෙවණ ඇත
ඔහුගේ ගෙදර මට හොදටම මතක ඇත
පස් බානක් ම ඔහු හට හොර හරක් ඇත
ගමනට පැදුරු දැමු බරබාගයක් ඇත
නියගක් ආව මුත් වැඩිපුර බයක් නැත
වැව කිට්ටුව ම වෙල ඉස්සර හයක් ඇත
ඉදි කඩ ළග ම සිටගත් මහලු පලු ගසේ
පොඩි පෙට්ටියක පානට මැසි මදුරු නැසේ
එළිය දුටිමි ඒ එළියයි ඔහුගෙ හිසේ
මට මේ ලියන විට තව ඒ එළිය දිසේ
රජයේ සේවයෙන් කෙහෙ පෑදුණු තට්ටේ
පොල් තෙල් ගෑ වැනි ය අමු පොලයක කට්ටේ
තවරුණු බවක් පවසන ගොම මුසු මැට්ටේ
කොණ්ඩය කුහුඹු ගුළියකි පොලයක නැට්ටේ
කෙස් නැති හිසට නැග ගන්නට බලන මෙනී
කම්මුල දෙසට රළු උඩු රැවුල කැරකුණී
හතරට බිදුණු බැම රළු ලොම් ගනව ගනී
අලියා වැටුණු වැව මේ හැම ලකුණු දනී
රජයේ සේවයට දිවි කැප කරන මෙනී
රෑ දාවලේ යයි ගං ගොඩ දෙසට වැනී
කන බොන වෙලාවට අඹුවට හොදට බණී
අලියා වැටුණු වැව මේ හැම ලකුණු දනී
වී බුසලකට සිතුවොත් කුඹුරකුදු ගනී
රුපියල් දෙකක් දෙන විට පස් වරක් ගනී
සමහර විටදි ඉදිකඩ වැට උඩින් පනී
අලියා වැටුණු වැව මේ හැම ලකුණු දනී
මොහුගේ රාජකාරියෙ ඇති මහගු ගුණේ
ගැමියන් මුහුණ බැලුවොත් හොද හැටිම පෙනේ
අසරණ අහිංසකයන්ගේ කුඹුරු අනේ
මොහුටය
කොහොම හරි කෙළවර ගොදුරු වුණේ
මොහුගේ මහගු සේවයෙ හැටි මෙයට වැඩී
යම් කිසි විටෙක හරකෙකු තැබු පසුව වෙඩී
නැග ගෙන හරක් හොරුගේ කර උඩට දැඩී
පස්සා ගාත් දෙක ඔහුගේ ගෙයට වඩී
රැළි යුතු නළල පළලින් අඩු විය බෝසේ
මුගටියෙකුගේ පැහැය ඇත වළ වූ දෑසේ
සුදුමැලි දෙ තොල, උඩ බැලි කොට මොට නාසේ
අග ඇති පළල් කට කම්මුල හා පෑසේ
මුළු රෑ ලැගි හිඳ පලු ගසක මැස්සක
ලැබ ගෙන අහිංසකයෙකු පිදුව මස් ටික
වළදා අදට වූවත් වසර විස්සක
පුදුමයි බලන්නට අද ඔහුගෙ රැස් ටික
කිසිවෙක් නොවේ කෙරුමට මොහු සමග හබේ
වෙහෙසක් නැතුව යල මහ අස්වනුද ලැබේ
කුරහන් වියෙන් බිහි තුන ඉදිමුණ ද ඉබේ
යම් කිසි බියක් ඔහුගේ නෙත් අතර තිබේ
දවසින් දවස වන පෙත ගම් ගොඩෙහි හැපේ
ඔහුගේ ගෙදර ළග කළුවර බුරුත කැපේ
ගැමියන් පිහිට ලැබ ගිනි ඇවුළුණ ද ලිපේ
හැම ගැමියෙක් ම ඔහුගේ පා මුලෙහි හැපේ.
Last edited:
අපරාදෙ අවුරුදු පනස් ගානෙන් නැති උනා

