උඹලත් ගිහින් මුන්ට වන්දිනවනේ

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    lol balusena
    1526194_580333048715237_2118382289_n.jpg
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඕව මොනවද අර කුපාඩි නබිට මහා හය්යෙන් ලෝකෙටම ඇහෙන්න කෑගහල දවසට පස් පාරක් ඔලුව පොලවේ ගහන්නේ...

    හොර හාමුදුරුවරු ඕනේ තරම් ඉන්නවා එක ඇත්ත. එත් සිංහල මිනිස්සු වගේ විවෘත මනසකින් අනික් අයත් බැලුවනම් තමන්ගේ පොත් පල්ලි දිහා කොච්චර හොඳද. ගොඩක් සිංහල අයට ජාතිය, ආගම ගැන හරි හීනමානයක් තියෙන්නේ.


    චාටර් හමුදුරු වරු ඉන්නවා කියන්නෙ , මුස්ලිම් අන්තවාදයක් නැහැ කියන එක නෙවෙයි, මුස්ලිම් අන්තවාදයක් තියනව කියන්නෙ මුස්ලිම් උනු පලියට හැම මිනිහම අන්තවදියෙක් කියන එකත් නෙවෙයි , හම්බ අන්තවාදෙට විරුද්ද වෙනව කියන්නෙ සින්හල අන්තවාදෙ හරි කියන එකත් නෙවෙයි

    මම ඔය ජාතිවාදි රෙද්දවල් වලට කත කරන්න ගිහින් උනෙ අන්තවාදි සින්හල යක්කු මාව හම්බයෙක් කියල හන්වඩු ගහපු එක , අන්තවාදි හම්බයො උන්ට මොනව හරි කියත්දි මාව බොදු බල සෙනා එකෙක් කරා....
    මට ඔය කාලකන්නින්ගෙ විසදගන්න බැරි ප්‍රශ්න ව්ලට මිනිමර ගත්තත් කමක් නැහැ , ඔය දෙගොල්ලොන්ගෙම කලකන්නි කම් වලින් පිඩවට පත් වෙන අහින්සක මිනිස්සු ගැන දුකයි .... පොඩි කාලෙ ඉදන් එකට හැදුන දෙමල ,ක්‍රිස්තියනි මුස්ලිම් යලුවො අතර අපි කාටවත් ජතිය ආගම ප්‍රශ්නයක් උනෙ නැහැ , හම්බයගෙ ගෙදර නත්තලට නත්තල් ගස් හැදුව , කුරුසයගෙ ගෙදර අවුරුද්දට පාටි දැම්ම ,කාලකන්නි හම්බයො / ගොත්‍රික බවුද්දයො/ යටිකුට්ටු කුරුස කාරයො උබල ආගම් තියගෙන උබල කාපල්ල , අපි එකට ඉන්නව

    no any fuking religion is greater than humanity !!!!!

    යාලු මෙක උබට දාන කින්ඩියක් නෙවෙයි , මෙකෙ තියනව දෙයක් තෙරුම් ගන්න


    1001425_572154549492795_1637839184_n.jpg


    මගේ නම “එතකොට යකෝ”.

    මට ජාතිභේද නෑ; ඒත් ජාති දෙකක් වලිකන තැන මම ඉන්නවා. ආගම් භේද නෑ. ඒත් ආගම් අතර දබරෙකදී මම එතැන. මට කුලභේද නෑ. ඒත් කුල දෙකක් ගැටෙන තැන මම ඉන්නවාමයි. මගේ රස්සාව ප්‍රශ්න දික් ගස්සන එක; එක වැරැද්දක් ගැන කරන කතාවක්, වෙනත් වැරද්දක් පෙන්නලා යට ගහන එක.

    ඒක කරන්න හරි ලේසියි. මොකක් හෝ ජන වර්ගයක/ආගමක/කුලයක අයට වුණු අසාධාරණයක් පෙන්නලා දෙනකොට මම මගේ නම කියල හයියෙන් කෑ ගහල වැඩේට බහිනවා: “එතකොට යකෝ” කියල පටන්ගන්න ගෝරනාඩුව ඉවර වෙනකොට කබරගොයා තලගොයා වෙනවා. අහන අයට, කියවන අයට හිතෙන්නේ ඇත්තටම වුණේ අසාධාරණයක් නෙවෙයි පුදුම සාධාරණයක් කියල.

    කොළඹ දෙමල කඩ පිච්චුව? “එතකොට යකෝ” යාපනේ දෙමලු මරපු සිංහලයෝ ගැන ඇයි උඹ කතා කරන්නේ නැත්තේ?

    යාපනේ සිංහල ගමකට තම්බි ගැහුවා? “එතකොට යකෝ” සිංහලයෝ ග්‍රෑන්ඩ්පාස් වල තම්බින්ට ගැහුවේ නැද්ද?

    හම්බයෝ දාගැබක් කැඩුවා? “එතකොට යකෝ” සිංහලයෝ කඩපු පල්ලි?

    උතුරේ බලෙන් බුද්ධාගමට හරවනවා? පන්සල් හදනවා? “එතකොට යකෝ” අරුං ක්‍රිස්තියන් ආගමට හරවන්නේ? පල්ලි හදන්නේ?

    සලාගම කරාව අයට නිදහස් ලංකාවේ නායකත්වය ගන්න බෑ? “එතකොට යකෝ” සුද්ද ඉන්න කාලේ ගොවිගම යටකරගෙන උන් රජකම් කළේ නැද්ද?

    අසාධාරණයට විරුද්ධව කරන අසාධාරණය සාධාරණයක් කියල මම ඒත්තු ගන්නන්නේ ඔහොමයි. මිනිස්සුත් ඕක ගෙඩි පිටින් ගිලල “අම්මප ඔව් නේන්නං” කියනවා.

    මොළයක් තියන මිනිස්සුන්ට එහෙම වෙන්නේ ඇයි කියන රහස දන්නේ මම විතරයි. මිනිස් මොළේ ප්‍රාථමිකම, ළාමකම ලක්ෂණයක් තමයි ‘රිටර්න් එකක් දෙන්න’ හිතන එක; බල්ලා වගේ අනික් පැත්තට හපන්න පනින එක. හින්දි ෆිල්ම් එකේ වීරයා කරන්නේ ඒක. ඒ ප්‍රාථමික මනෝ ලෝකයේ තමුන් එක්කෝ වීරයා, නැත්තම් පොන්නයා. කවුද කැමැති පොන්නයා වෙන්න? වීරයා වෙන්න තියෙන්නේ ‘රිටර්න් එක’ දීල.

    මම මෙච්චර සැපට ජීවත් වෙන්නේ ඉන්දියාවේ හින්දි ෆිල්ම් එකේ වීරයාගේ ‘රිටර්න් එක’ නිසා. ඒත් ඔය වීරයා බිහි වෙන්න අවුරුදු දෙදහස් පන්සීයකට ඉස්සෙල්ල වෙන වර්ගයේ වීරයෙක් ඉන්දියාවේම බිහි වුණා. හොඳ වෙලාවට ඒ වීරයාගේ අදහස් දැන් දැන් ටික ටික යට යනවා. එයා කිව්වේ මොකද්ද දන්නවද? එක වැරැද්දක් තව වැරද්දකින් නිවැරදි කරන්න බැරිලු! එහෙම රටක මට කොහෙන්ද තැනක්? ‘නහි වේරේන වේරානි’ - මොන පොන්නකමක්ද ඒක!

    නේද?

    - වැද්දා