උඹලත් හදපල්ල මේ වගේ ඔරලෝසුවක්

AnuradhaRa

Well-known member
  • උඹලත් හදපල්ල මේ වගේ ඔරලෝසුවක්

    Spinning LED Display

    අපේ ඇහේ Visual Persistence කියන එක උදව් කරගෙන තමා, මේක මේ විදියට පේන්ඩ ගන්නෙ.
    Visual Persistence කියන්නෙ අපි අහැට යමක් දැක්කොත්, ඒ දකින දේ ක්ෂණයෙන් අතුරුදහන් වුණත්, අපිට ඒක තාම තියෙනව වගේ පෙනෙනවා සුළු මොහොතකට..


     

    Deathstroke

    Member
    Feb 18, 2013
    464
    49
    0
    මගේ ගාව තිබුනා බුදු සරණයි කියල ඔහොම කැරකෙවන එකක්
    400ට කොටුවෙන් ගත්තෙ
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,911
    6,791
    113
    39
    Galle
    ay ban umbama post eka daala umbama TFS kiyaa ganne?? :lol::lol:

    wjjnlw.jpg
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    meka hadanna berida ban apita...motor1 rotate wena speed ekei welwei connection1 thiyenawada nathnam ona speed1 okeda?
    :oo:
     

    AnuradhaRa

    Well-known member
  • eka kohomada wenne
    poddak pehedilikarapanko gemburata

    clock eka ethanata apply une kohomada

    මෙහෙමයි. ඔතන ඔය වෙන දේම ඉස්සර අපි බලපු CRT ටීවිවලත් වුණා.. CRT ටීවිවල රූපෙ හැදෙන්නෙ තනි බීම් එකකින්. මෙන්න මේ වගේ..

    hnaIS.gif


    FD8VQAIGHFJX4HT.LARGE.gif


    තින ඉරෙන් ඉරට තමා මුළු ස්ක්‍රීන් එකම කවර් කරන්නෙ.. ඒත් අපිට ඒ ලයින් වෙනවෙනම පේන්නෙ නෑ නේද ? ඒකට හේතු දෙකක් තියෙනව. ඉන් එක හේතුවක් තමා, මෙතනට අදාල වෙන්නෙ අපිට. ඔය එක ඉරක් ඇඳිල ටික වෙලාවකින් අනික් ඉරවල් ඇඳෙනකොට කලිං ඉර නැති වෙන්ඩ එපැයි. ඔව් ඇත්තටම ටික වෙලාවකින් නැති වෙනව. ඒත් අපේ අහැට තියෙනව වගේ පේනව. ඒක අපේ ඇහේ තියෙන ගුණයක්. දෙයක් පෙනිල අතුරුදහන් වුණත් ඒක තියෙනව වගේ පේනව අපේ මොළේට.. (visual persistence) කියන්නෙ ඕකට තමා..

    ඔය ඔරලෝසුව ගැන කියනවනං, ඔය ලයිට් අවශ්‍ය විදියට නිමි නිම පත්තු කරන්ඩ පුලුවං, අපි නිර්මාණය කරන දෙයට අනුව. ඔය පරිපථයෙ තියෙන microcontroller එකෙන් තමා LED ටික පත්තු වෙන හැටි තීරණය කරන්නෙ. ඔය ලයිට් හයි කරල තියෙන බෝඩ් එක කැරකෙනකොට. කොයි කොණෙදිද අවශ්‍ය බලබ් ටික පත්තු වෙන්ඩ ඕන කියල microcontroller එක තීරණය කරනව.. අපි හිතමු අංශක 30 ක් කැරකිල තියෙන මොහොතෙ බල්බ් එකක් පත්තු වුණා කියල. ඒක එක පාරට නිමුණත් (කොහොමත් කැරකෙන කොට තව තැනකට ලයිට් එක යනවනෙ) එතන පත්තු වෙලා වගේ තියෙනව අපිට පේනව.. දැං ඔය පෙරහැරවල් වල කරකවන ගිනි රවුම් දැකල තියෙනව නේ... වේගෙන් කරකවනකොට මුලු රවුම ගින් ගන්නව වගේනෙ පේන්නෙ...

    ඔය විදියට අවශ්‍ය තැන් වලදි මුළු රවුවෙම ඩොට් ගාණ සම්පූර්ණ කරනව. ඒත් වේගෙන් කැරකෙනකොට පත්තු කරපු ඩොට් ඔක්කොම එකම මොහොතෙ අපිට පේනව :P

    මං හිතන්නෙ microcontroller එකයි, ප්‍රෝග්‍රෑම් එකයි අපිට වැඩේ ගොඩක් ලේසි කරල දෙනව.. අපිට ඕන පැටන් එක දෙන්ඩ විතරයි තියනේනෙ...
    සංකීර්ණ ගණනය කිරීම් එයාල කරගන්නව..

    (දෙයක් දැනගත්තනං රෙප් පාරක් දියල්ල :rolleyes:)
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • meka hadanna berida ban apita...motor1 rotate wena speed ekei welwei connection1 thiyenawada nathnam ona speed1 okeda?
    :oo:

    ස්පීඩ් එක හරියටම තියෙන්ඩ ඕන මචං
    අපි ගන්න මෝටෙර් ස්පීඩ් එක අනුව තමා මේ ප්‍රෝග්‍රෑම් එක හදන්ඩත් ඕනෙ.
    RPM එක 1000 ට අඩු වෙන්ඩත් බෑ...
    1000 RPM ස්පීඩ් එකකට ප්‍රෝග්‍රෑම් කළොත් ඒක වෙන ස්පීඩ් එකක් තියෙන මෝටරේකට හරියන්නෙ නෑ.. ප්‍රෝග්‍රෑම් එකේ ඩිලේ එක ආයෙ වෙනස් කරන්ඩ වෙනව
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • ස්පීඩ් එක හරියටම තියෙන්ඩ ඕන මචං
    අපි ගන්න මෝටෙර් ස්පීඩ් එක අනුව තමා මේ ප්‍රෝග්‍රෑම් එක හදන්ඩත් ඕනෙ.
    RPM එක 1000 ට අඩු වෙන්ඩත් බෑ...
    1000 RPM ස්පීඩ් එකකට ප්‍රෝග්‍රෑම් කළොත් ඒක වෙන ස්පීඩ් එකක් තියෙන මෝටරේකට හරියන්නෙ නෑ.. ප්‍රෝග්‍රෑම් එකේ ඩිලේ එක ආයෙ වෙනස් කරන්ඩ වෙනව

    programme eka liyana eka thama amaru wade neda ban mewage clock sin ekaka
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    okak mama langa thinawa 5$ wage ganakata gatte eke watch ekak neme thinne kamathi ekak danna puluwan software ekak hamba wenawa edit karana dan nam price wadi athi
    DIY-Flexible-LED-Light-USB-font-b-Fan-b-font-font-b-Programming-b-font-Any.jpg_220x220.jpg
     
    Last edited: