ව්‍යාපාරය ගොඩනැඟූ කාලය. මහප්පගෙන් මට ලැබුණු ගෙයි උඩ තට්ටුවෙ රෝනියෝ මැෂින් දාලා අපි වැඩ පටන් ගත්තා. මහත්තයා රෝනියෝ කරනවා. මං කොළ ටික එකතු කරනවා. ඒ මිටි ටික මෝටර් බයිසිකලේ බැඳගෙන මරදානට යනවා. පොත් ටික කපා ගන්නවා. පිටකොටුවෙන් කවර ටික ප්‍රින්ට් කරගෙන ආයෙ ගෙදර ඇවිත් රෑ දෙන්නා එක්ක එකතු වෙලා පොත හදනවා. ඊළඟට බයිසිකලේ තියාගෙන ම පොත් සාප්පුවලට ගෙනියනවා. සමහරදාක බයිසිකලයෙන් දුර පළාත්වලටත් යනවා. ඒ ගමන හරි විඩාබරයි.