උඹලා දන්න ආයුර්වේදයේ සාර්ථක කතා මොනවද?

wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    අර පිටියෙ අප්පු කියන එකා කොරෝනා හොඳකරගෙන හොඳකරගෙන හොඳකරගෙන හොඳකරගෙන ගිහින් දැන් කොරෝනා ලංකාවෙන්ම තුරන් වෙලා තියෙන්නෙ. :lol:
    අපේ ආයුර්වේද වයිද්‍යවරු කියන්නෙත් ඒ ලෙවල් වලින් මෙඩිසින් යන්න බැරිවෙලා හැලුන එවුන්. උන් ආයුර්වේදය ඉගෙනගත්තෙත් ඒවාට පරීක්ෂණ කරන්නෙත් බටහිර ක්රමේටමයි. දැන් ඉන්න කිසිම ආයුර්වේද වයිද්යවරය්ක්ට ලෙඩකට අලුත් බෙහෙතක් හොයාගන්න බෑ. අපිට අවුරුදු 2000කත කලින් ලෙඩම හැදී හැදී තියෙනවනම් බෙහෙත් කරයි.
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    අන්න ඒක තමයි මම කියන්නේ අපේ approach එකම වැරදියි කියලා. අද ලෝකේ ඉන්න ආයුර්වේද වයිද්‍යවරුනුත් බටහිර වයිද්‍ය ක්‍රමය හදාරලා ආපු උන්, උන් ආයුර්වේදය දියුණු කරන්න හදන්නෙත් බටහිර ක්‍රමයටමයි. මොකද උන්වත් දන්නේ නෑ මේවා වෙන්නේ කොහොමද කියලා. ඔහේ අවුරුදු 2000ක් විතර පරණ වට්ටෝරු කට පාඩම් කරනවා විතරයි. ඉතින් ආයුර්වේදය දියුණු වෙන්නේ නෑ.
    ඇත්ත කතාව මේ වෛද්‍ය ක්‍රම දියුණු කරන්න ඕනි නම් මීට වඩා විශ්වාසයකින් මේක අපේ සම්පතක් කියල සලකල කටයුතු කරන්න ඕනි. වැරදි හොයන අදහසින් ඉස්සර මිනිස්සු අවබෝධ කළ දේවල් අද මැනල නිගමනය කලාට වැඩක් නෑ. මොකද අද ඕව හොයන්න මනස දියුණු කළ අය ලෝකෙ නැති තරම්. වෙනසනම් අද උපකරණ දියුණු වෙනව මනස දියුණු වෙන්නෙ නෑ. ඉස්සර උපකරණවල අවශ්‍යතාව තිබුනේ නෑ මොකද ඒවාට බේත් කියන්න මනස දියුණු උන අය හිටිය නිසා. පොඩ්ඩක් අතීතයට හොයල බැලුවම පේනවා අද නවීන විද්‍යාව දියුණු වෙනකොට ඊට සමගාමීව රෝගත් වැඩි වෙලා කියල. උදාහරණයක් විදිහට මේ දශක කීපයක් එහාට බැලුවම පේනවා පිළිකා බහුල නෑ කියල. තව අදකාලේ ගොඩක් ලෙඩ ඉස්සර විරලයි. ඒ වගේම බලන්නකො අද කාලේ ඉපදෙන ළමයින්ගෙන් කුඩා ප්‍රමාණයක් දෙබිඩි දරුවෝ විදිහට බිහි වෙනව. එක එන්න එන්නම වැඩි වෙනව. ඉස්සර එහෙම ඒවා නැති තරම්. හැබැයි අද ඒවාට අදාළ තාක්ෂණයත් යම් තරමකට දියුණු වෙලා. ඉතින් ඇත්තටම අද කාලේ ලෙඩෙයි, උපකරණයි දෙකම අපි දියුණු කරගෙන. වඩා වැදගත් මොකක්ද කියල කල්පනා කරන්න වටිනව.
     
    • Like
    Reactions: sawyer sweeten

    Achiever

    Well-known member
  • Nov 20, 2017
    443
    431
    63
    මේ වීඩියෝ වලිනුත් ගන්න පුළුවන් දෙයක් තියෙනවා නම් ගන්න

    අපේ දැනුම් පද්ධති අපිම හෑල්ලුවට ලක් කරගෙන අපිම නැති කරගෙන යනවා, අඩුගානේ අපිවත් රැක ගත්තනම් ලෝකේ අද ලංකාව ගොඩක් හොඳ තැනක තියෙන්න තිබුනා. දැන් බටහිර මිනිස්සු meditation කරන්න කියලා recommend කරන මට්ටමට ඇවිත් තියෙනවා. ඒවා හොයාගත්ත අපේ රටවල අපි දවසට විනාඩි 10ක් ආනාපානාසතිය කරන්නේ නෑ. මම ලොවෙත් කියනවා ලංකාවට වඩා හරිම බෞද්ධයෝ ඉන්නේ බටහිර රටවල. උන් මාර විදියට ඉගෙනගන්නවා බුදු දහම. අපේ උන් නමට බෞද්ධයෝ. මාත් ඇතුළුව.
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    අර පිටියෙ අප්පු කියන එකා කොරෝනා හොඳකරගෙන හොඳකරගෙන හොඳකරගෙන හොඳකරගෙන ගිහින් දැන් කොරෝනා ලංකාවෙන්ම තුරන් වෙලා තියෙන්නෙ. :lol:
    habai EK ena unge witharai...
    anik gothayanta no beheth .. :love2: :love2: :love2: :love2:
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    අපේ දැනුම් පද්ධති අපිම හෑල්ලුවට ලක් කරගෙන අපිම නැති කරගෙන යනවා, අඩුගානේ අපිවත් රැක ගත්තනම් ලෝකේ අද ලංකාව ගොඩක් හොඳ තැනක තියෙන්න තිබුනා. දැන් බටහිර මිනිස්සු meditation කරන්න කියලා recommend කරන මට්ටමට ඇවිත් තියෙනවා. ඒවා හොයාගත්ත අපේ රටවල අපි දවසට විනාඩි 10ක් ආනාපානාසතිය කරන්නේ නෑ.

    මේ කතාවට මං 100% එකගයි.
    මම ලොවෙත් කියනවා ලංකාවට වඩා හරිම බෞද්ධයෝ ඉන්නේ බටහිර රටවල. උන් මාර විදියට ඉගෙනගන්නවා බුදු දහම. අපේ උන් නමට බෞද්ධයෝ. මාත් ඇතුළුව.
    මේක නම් එහෙමම කියන්න බැහැ. මොකද අපි නොදැක්ක උනාට ගොඩක් ගුණවත් බෞද්ධයන් ලංකාවේ ඉන්නවා. ස්වාමීන්වහන්සේලා ඇතුළුව. එත් එහෙම අය අපි මේ ඉන්න සමාජය එක්ක ගැටෙන්න එන්නෙ නෑ. ඒ නිසා අපි දන්නෙ නෑ. මොකද මේ සමාජයට විවෘත වෙලා ගුණ දම් පුරන එක මේ කාලයේ අමාරු දෙයක්. මම නම් නෙවේ එත් එහෙම කිහිප දෙනෙක් මම දන්නවා.
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,389
    2,961
    113
    මාතර
    අම්මට කොන්දේ අමාරුවක් ආව අවුරුදු කීපයකට කලින්. ඇවිද ගන්නම බැරිවුනා. කොළඹ එක්කගෙන ඇවිත් බටහිර ඩොක්කු කීප දෙනෙකුට පෙන්නුවා. කවුරුත් ස්කෑන් එහෙම බලල කිව්වේ කොඳු ඇට පෙලේ operation එකක් කරන්න ඕන කියල. මට තාම මතකයි අන්තිම ඩොකාගෙන් මමම ඇහුව, ඩොක්ට කොච්චර රිසක් එකක් තියේද කියල. එතකොට ඩොකා කිව්වේ, 50-50 තමයි වයසත් එක්ක බැලුවම කියල. පස්සේ අපි තීරණය කරා සිංහල වෙදකම් කරලා බලන්න මුලින්, බැරිම වුනොත් operation කරනවා කියල.
    පස්සේ යාලුවෙක්ගෙ මාර්ගයෙන් බෙලිඅත්ත පැත්තේ වෙද මහත්තයෙක් දැන ගෙන, එක්කගෙන ගිහිල්ල පෙන්නුවා. සතියක් යද්දී උහුලගෙන ඉන්න බැරි වේදනාව අඩු වෙලා ගියා. තව සති කීපයක් කලාම තත්වේ තව හොඳ වුනා, හැබැයි 100% හරි ගියේ නැහැ. ඊට පස්සේ මහරගම හිටපු physiotherapist කෙනෙක්ට පෙන්නුවා, ( මිනිහත් සුපිරි ඩයල් එක මොකද මගෙත් බෙල්ලේ අමාරුවකට treat කළා ඉස්සර). ඒකෙන් පස්සේ පොඩි පොඩි අමාරුකම් එහෙමත් නැති වෙලා ගියා. දෙයියනේ කියල තාම අම්ම හොඳට ඉන්නවා.

    මගේ නම් මතය, මේක අපේ පිනට ලැබුණු ශාස්ත්‍රයක්. අපේ වාහෙලට එකේ වටිනාකමක් නැහැ. එදා වේල හොයා ගන්න විතරයි ඒක පාවිච්චි කරන්නේ. මේක ගැන මීට වඩා හොයන්න ඕන, හැබැයි බටහිර ක්‍රමේට නෙවෙයි. එක පැත්තකින් හොර වෙද්දු හින්ද මේක නැති වෙනවා. අනිත් පැත්තෙන් බටහිර විද්‍යාව විතරක් හරි කියල මේකට ගරහන සෙට් එකකුත් ඉන්නවා පොඩ්ඩක් ඕපන් හිතන්න බැරි. අපිත් බටහිර විද්‍යාවට බනින එක නෙවෙයි කරන්න ඕන. එකේ ප්‍රයෝජන එහෙමම තියෙද්දී අපේ දෙයිනුත් වැඩක් ගන්න ඕන.
     
    සිංහල බෙහෙත් කරනවා නම් ඒ වෙදකම් කරන කෙනා ගැන හොදට හොයලා බලන්න ඕනෙ..සමහරු සල්ලි ගන්නවා ලෙඩේ හොද වෙන්නෙ නැහැ..මගේ බෝයි ෆ්‍රෙන්ඩ්ගෙ අත කැඩිලා මාසයක් විතර ලී කෑලි බැදලා බෙහෙත් කොටලා එක එක ඒවා කරා හරි ගියේ නෑ.. පස්සෙ ඩොක්ටර් කෙනෙක් චැනල් කරා සතියක් යන්න කලින් සනීප වුනා..

    අපේ අම්මගෙ බඩේ සැරවා වගයක් තිබිලා මුලින් පොඩි තැන් වලින් බෙහෙත් ගත්තම කියුවෙ ගැස්ට්‍රයිටිස් කියලා.. පස්සෙ සිංහල බෙහෙත් කරන තැනකට ගියා ඉස්සර ඉදන්ම අපේ පැත්තෙ ප්‍රසිද්ධයි..එතනින් කියුවෙ සෙංගමාලෙ කියලා..ඒත් හොද උනේ නැති නිසා හොස්පිටල් අරන් ගියාම තමයි ඔපරේෂන් කරේ බඩේ සැරවා කියලා..

    ඒත් හොදට වෙදකම දන්න මිනිස්සු ඉන්නවා.. හොදට හොයලා බලලා යන්න ඕනෙ..🥴
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,511
    100,683
    113
    අන්න ඒක තමයි මම කියන්නේ අපේ approach එකම වැරදියි කියලා. අද ලෝකේ ඉන්න ආයුර්වේද වයිද්‍යවරුනුත් බටහිර වයිද්‍ය ක්‍රමය හදාරලා ආපු උන්, උන් ආයුර්වේදය දියුණු කරන්න හදන්නෙත් බටහිර ක්‍රමයටමයි. මොකද උන්වත් දන්නේ නෑ මේවා වෙන්නේ කොහොමද කියලා. ඔහේ අවුරුදු 2000ක් විතර පරණ වට්ටෝරු කට පාඩම් කරනවා විතරයි. ඉතින් ආයුර්වේදය දියුණු වෙන්නේ නෑ.
    දැනුම ඉතුරු වෙලා ඇප්‍රෝච් එක නැති උනාම දැනුම මැජික් එකක් වෙනව. දැන් ඉන්න අය කරන්නෙ ඒ මැජික් පෙන්නල සල්ලි කඩාගන්න එක. දැනුම එක තැන පල් වෙනව කාලයක් ගිහින් පොත් වල කතන්දර විදියට ඉතුරු වෙයි.
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මේ වීඩියෝ වලිනුත් ගන්න පුළුවන් දෙයක් තියෙනවා නම් ගන්න

    මේකට මම දෙයකෙකතු කරන්නම්, පෙරදිග තිබුනේ subjective sciences ඒ කියන්නේ උඹේ විද්‍යාව උඹට ආවේනිකයි. උඹට ඒක නොතේරෙන නොදන්නා කෙනෙක්ට උගන්නන්න තේරෙන්නේ නෑ. එහෙම තව කෙනෙක්ට ඉගෙනගන්න ඕනෙනම් ඌත් වෙනම මනස දියුණු කරගෙන එන්න ඕනේ. බටහිර තිබුනේ objective sciences ඒ කියන්නේ උඹ හොයාගන්න දැනුමට උඹේ අදාලත්වයක් නෑ. ඉතින් මේ දැනුම තව කෙනෙක්ට බලලා ඉගෙනගන්න පුළුවන්. පෙරදිග දැනුමේ තියෙන ප්‍රශ්නේ අපේ දැනුම තව කෙනෙක්ට පෙන්නන්න බැරිකම. බටහිර දැනුමේ තියෙන ප්‍රශ්නය අපේ දැනුම අපෙ තාක්ෂණයේ තියෙන සීමාවට සීමාවීම. උදාහරනෙකට උඹට මනසින් මේ සෞරග්රහමන්දලේටම යන්න පුළුවන් තත්පරෙන්, ඒත් ඒ වෙනුවෙන් යානයක් හදලා යන්න කොච්චර කාලයක් යනවද? කාර්මික විප්ලවය සහ ආක්රමනනිසා අවසානෙට ඉතුරු උනේ ඔය දෙකෙන් objective sciences විතරයි. ඊට පස්සේ මුළු ලෝකෙම ඉන්නේ පොඩි කාලේ ඉඳන් objective sciences practice කරවපු බලු කුක්කෝ වගේ ජාතියක්. උන් හිතන්නෙත් එකම විදියට එකම සිමාවේ.
     
    • Like
    Reactions: AVES

    ඔය ගුරුකුල වලින් එහෙම කරෙ ගොඩක් වෙලාවට ඕක Inter subjective කරන එක නේද?. ඒ නිසා තමා මට හිතෙන්නෙ බුදුහාමුදුරුවන්ටත් සිද්ධ වෙන්නෙ සිද්ධාර්ථ කුමාරය විදියට අවුරුදු 7ක් ගවේෂණය කරන්න. සහ බුදු, පසේ බුදු, රහත් කියන අයට වෙන වෙනම කියල දෙන්න පුළුවන් හැකියාව එන්නෙත් ඔය කියන කියල දෙන්න තියෙන හැකියාව නිසා. objective sciences popular වෙන්න ගොඩක්ම බලපාල තියෙන්නෙ subjective sciences එකට වඩා ගොඩක් ලේසියෙන් ඕනිම කෙනෙක්ට ඉගෙන ගන්න පුළුවන් වීම වෙන්න පුළුවන්.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    දන්න කෙනෙක්ගේ කොලෙස්ටරෝල් බයිපාස් නොකර හොඳ කළා අම්බලන්ගොඩ බටපොල කොබෙයිතුදුව පන්සලේ හාමුදුරුවෝ...තරුණ හාමුදුරු නමක්.. ආයේ බෙහෙත් ගන්න යනකොට උන්නාන්සේ අපවත් වෙලා..😪😪😪
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,651
    10,231
    113
    මට පෞද්ගලිකව වෙච්ච දෙයක් කියන්නම්, පොඩි කාලෙ අත උලුක් වෙලා බෙහෙත් අරන් හොඳ උනෙ නෑ ! වෙදමහත්තයෙක් ළඟට ගිහින් කතා කර කර ඉන්න ගමන් එකපාරටම අතේ තැනක් තද කලා ඒ මොහොතෙම හරි ගියා
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මේක මගෙ අත්දැකීමක්. මට මීට අවුරුදු දෙකකට විතර කලින් මාරම සීන් එකක් උනා. පාන්දර 1ට 2ට විතර ඇහැරෙනවා හුස්ම ගන්න අමාරුවෙන්. නහය හොඳටම බ්ලොක් වෙලා. පැය ගාණක් කහිද්දි ටික ටික සෙම පිටවෙනවා. නරක් වෙච්චි සෙම නෙමෙයි. සුදු පාටට ගණ වෙච්චි කැටිති. ඊට පස්සෙ පාන්දර හතර විතර වෙනකල් ඔය කට්ට කනවා. හුස්ම ගන්න අමාරුවෙන්. පපුව රාං රූං ගාණව. එකදිගට ඔය සීන් එක තිබ්බ. බේත් ගන්න ගියා. සෙම යන්න අනන්මනන් බෙහෙත් බීව. හරි යනව ආයෙ වෙනව...

    පස්සෙ දවසක් මම ඔන්ලයින් රිසර්ච් එකක් කලා. ආයුරුවේද ලිපි වගයක් කියෙව්වා. සෙම හැදෙන හැටි අනන් මනන්. ඒ ලබපු දැනුමෙන් පස්සෙ මට තේරුං ගියා ශරීරය උෂ්ණාධික වීම නිසා තමයි මේ කෙලිය වෙන්නෙ කියල. මම සාමාන්‍යෙයන් ඔලුවෙ නාන්නෙ සතියකට දෙකකට සැරයක් (ගෙදරම ඉන්න නිසා) ඇඟ සේදීම තමයි හැමදාම කරන්නෙ. පස්සෙ මම පහුවදාම දවාලෙ නෑව හොඳට. එදා රෑ ටිකක් අඩුඋනා. එහෙම දවස්දෙක තුනක් නාපුගමන් හරි ගියා.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301

    Matath ohomay.
    Ela thanks.
    Dan Nam naha echchara
    AL kale ehema EPA una.
    Beheth gaththa than walin
    Kiwwe nanna EPA kiyala.unu wathuren
    Aga hodanna kiyala.
    Passe mama beheth gaththeth naha.unu wathura use kaleth naha.ledeth Hoda una habayi
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,659
    3,379
    113
    Bandarawela
    ආයුර්වෙධේ විතරක් නෙමෙයි. Math, Science සේරගේම උපත Iran , India, China එකතු වෙන පොඩි පටියක්. සුද්ද ඒ කාලේ ඉදන් කරේ වෙන උන්ගෙන් මංකොල්ල කාපු එකනේ. එකෙන් යුද්දෙට බර නැති මොල කාරයෝ ඉන්න civilization ඔක්කොම විනාශ උනා .