අම්මට කොන්දේ අමාරුවක් ආව අවුරුදු කීපයකට කලින්. ඇවිද ගන්නම බැරිවුනා. කොළඹ එක්කගෙන ඇවිත් බටහිර ඩොක්කු කීප දෙනෙකුට පෙන්නුවා. කවුරුත් ස්කෑන් එහෙම බලල කිව්වේ කොඳු ඇට පෙලේ operation එකක් කරන්න ඕන කියල. මට තාම මතකයි අන්තිම ඩොකාගෙන් මමම ඇහුව, ඩොක්ට කොච්චර රිසක් එකක් තියේද කියල. එතකොට ඩොකා කිව්වේ, 50-50 තමයි වයසත් එක්ක බැලුවම කියල. පස්සේ අපි තීරණය කරා සිංහල වෙදකම් කරලා බලන්න මුලින්, බැරිම වුනොත් operation කරනවා කියල.
පස්සේ යාලුවෙක්ගෙ මාර්ගයෙන් බෙලිඅත්ත පැත්තේ වෙද මහත්තයෙක් දැන ගෙන, එක්කගෙන ගිහිල්ල පෙන්නුවා. සතියක් යද්දී උහුලගෙන ඉන්න බැරි වේදනාව අඩු වෙලා ගියා. තව සති කීපයක් කලාම තත්වේ තව හොඳ වුනා, හැබැයි 100% හරි ගියේ නැහැ. ඊට පස්සේ මහරගම හිටපු physiotherapist කෙනෙක්ට පෙන්නුවා, ( මිනිහත් සුපිරි ඩයල් එක මොකද මගෙත් බෙල්ලේ අමාරුවකට treat කළා ඉස්සර). ඒකෙන් පස්සේ පොඩි පොඩි අමාරුකම් එහෙමත් නැති වෙලා ගියා. දෙයියනේ කියල තාම අම්ම හොඳට ඉන්නවා.
මගේ නම් මතය, මේක අපේ පිනට ලැබුණු ශාස්ත්‍රයක්. අපේ වාහෙලට එකේ වටිනාකමක් නැහැ. එදා වේල හොයා ගන්න විතරයි ඒක පාවිච්චි කරන්නේ. මේක ගැන මීට වඩා හොයන්න ඕන, හැබැයි බටහිර ක්‍රමේට නෙවෙයි. එක පැත්තකින් හොර වෙද්දු හින්ද මේක නැති වෙනවා. අනිත් පැත්තෙන් බටහිර විද්‍යාව විතරක් හරි කියල මේකට ගරහන සෙට් එකකුත් ඉන්නවා පොඩ්ඩක් ඕපන් හිතන්න බැරි. අපිත් බටහිර විද්‍යාවට බනින එක නෙවෙයි කරන්න ඕන. එකේ ප්‍රයෝජන එහෙමම තියෙද්දී අපේ දෙයිනුත් වැඩක් ගන්න ඕන.