උඹලා දන්න ආයුර්වේදයේ සාර්ථක කතා මොනවද?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,513
    100,686
    113
    ආයුර්වෙධේ විතරක් නෙමෙයි. Math, Science සේරගේම උපත Iran , India, China එකතු වෙන පොඩි පටියක්. සුද්ද ඒ කාලේ ඉදන් කරේ වෙන උන්ගෙන් මංකොල්ල කාපු එකනේ. එකෙන් යුද්දෙට බර නැති මොල කාරයෝ ඉන්න civilization ඔක්කොම විනාශ උනා .
    උන්ටත් වඩා තම්බි තමා වගකියන්න ඕනි ඔය වැඩේට නන්.
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ඔය ගුරුකුල වලින් එහෙම කරෙ ගොඩක් වෙලාවට ඕක Inter subjective කරන එක නේද?. ඒ නිසා තමා මට හිතෙන්නෙ බුදුහාමුදුරුවන්ටත් සිද්ධ වෙන්නෙ සිද්ධාර්ථ කුමාරය විදියට අවුරුදු 7ක් ගවේෂණය කරන්න. සහ බුදු, පසේ බුදු, රහත් කියන අයට වෙන වෙනම කියල දෙන්න පුළුවන් හැකියාව එන්නෙත් ඔය කියන කියල දෙන්න තියෙන හැකියාව නිසා. objective sciences popular වෙන්න ගොඩක්ම බලපාල තියෙන්නෙ subjective sciences එකට වඩා ගොඩක් ලේසියෙන් ඕනිම කෙනෙක්ට ඉගෙන ගන්න පුළුවන් වීම වෙන්න පුළුවන්.
    Objective Sciences වල බරපතල අවුල් ගොඩක් තියෙනවා, දැන් විද්‍යාත්මක ක්‍රමයෙන් පැහැදිලි කරන්න පුළුවන් දේවල් අනිවාර්යෙන්ම ඒ දැනුම බාහිර පරිසරයේ තියෙන තාක්ෂණික දෙකින් සනාත කරන්න පුළුවන් වෙන්න ඕනේ. අනිත් එක ලැබෙන සාක්ෂි නැවත නැවත පරික්ෂනාගාරයක ඇතුලේ හදලා පෙන්නන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක කොච්චර අසාර්තකද කියනවනම් ලෝකේ ඉන්න හැම විද්යාඥයමවගේ පරිනාමවාදය විස්වාස කරනවා. නමුත් තවම ඒක ඔප්පු කරගන්න බැරි නිසා ඒක වාදයක් වශයෙන් විතරක් තියනවා. හැමෝම Big bang එක විශ්වාස කරනවා. හැබැයි ඒක තවම theory එකක් විතරයි. එහෙම තියාගෙන පෙරදිග කර්මය වගේ සංකල්ප පරික්ෂනාගාරෙක ඔපු කරලා පෙන්නන්නකල් උන් පිළිගන්නේ නෑ. ඇත්තම කතාව උන්ට ඕනේ ඇත්ත දැනගන්න නෙවෙයි. තමන් ඉගෙනගත්ත දැනුම් පද්ධතියට සාපේක්ෂව තාර්කික වෙන්න විතරයි ඕනේ. උදාහරනෙකට සති 8ක් සමත බාවනාව කරොත් මොලේ grey area එක වැඩිවෙනවා දැනට තියෙන උපකරණවලින් බලාගන්න පුළුවන්. හබැයි උන් ඒ දේවල් වලට උනන්දු නෑ මොකද ඒක උන්ව පුරුදු කරවපු දැනුම් පද්ධතියෙන් එලියට එන්න උන් බයයි. කොටින්ම මේස් ගුලිකරලා තිබ්බම මීයෝ හැදෙනවා කියලා අපේ උසස්පෙළ බයෝ පොත්වල තියෙනවා ස්වයන් සිද්ධි ජනනවාදය කියලා. හැබැයි අග්ගාන්ඥ සුත්‍රය නෑ.
     
    • Like
    Reactions: MrFrog

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මාතර වෙදමහත්තයා කියලා කෙනෙක් ඉන්නවා. පිළියන්දල පැත්තෙත් බෙහෙත් දෙනවා. තව තැන්වලත් බෙහෙත් දෙනවා. මට සෙම/පීනස ගතියට බෙහෙත් ගත්තා. දැන් ගොඩක් හොදයි. එයා වැඩිය බෙහෙත් දෙන්නෙත් නැ. කසායක් විතරයි දෙන්නෙ. ඒ බෙහෙත් ජාති හැම බෙහෙත් කඩේකමත් නෑ. සති 2ක් යද්දි හොදට වෙනස තේරුනා බන්. ආන් නියම වෙද්දු. දැන් බෙහෙත් කරනවද කියලා දන්නෙ නැ . ඒ කාලෙත් ටිකක් විතර වයසයි. ඒකාලේ මම බෙහ්ත් ගත්තේ එයා පන්සලක ඉදන් බෙහෙත් දෙනකොට. වැදගත්ම දේ තමයි අනිත් වෙද්දු වගේ සීතල කෑම කන්න එපා කියන්නෙ නෑ. එයා කියන්නෙ සාමාන්‍ය විදියට කෑම කන්න. සීතල කෑම(අයිස්ක්‍රීම්, යෝගට්) කන්න. ඒ ගමන් මේවත් බොන්න කියලා තමයි බෙහෙත් දෙන්නෙ. අනිත් වෙද්දු කරන්නේ සීතල කෑම කන එක තහනම් කරලා බෙහෙත් පොවලා සනීප බව අගවනවා. ඒත් සීතල කෑමක් කාපු ගමන් ආයෙත් ලෙඩේ මතු වෙනවා. මෙයාගේ තියෙන්නෙ ඒකේ අනිත් පැත්ත. නාඩි බලලා තමයි බෙහෙත් කරන්න පටන් ගන්නෙ. තිත්ත බෙහෙත් දෙන්නෙත් නැ. මේ වෙදමහත්තයගේ ඇත්ත නම මට මතක නෑ. මෙයාගේ ගැන විස්තර දන්න අය ඉන්නව නම් කමෙන්ට් කරන්න. ඒක ගොඩක් අයට වැදගත් වෙයි
     
    මම කාලෙකට කලින් දැක්කා නාඩි වෙදකම් කරන වේදමහත්තයෙක්ගේ වීඩියෝ එකක්. දැන් මතක නෑ කොහෙන්ද දැක්කේ කියලා