මාතර වෙදමහත්තයා කියලා කෙනෙක් ඉන්නවා. පිළියන්දල පැත්තෙත් බෙහෙත් දෙනවා. තව තැන්වලත් බෙහෙත් දෙනවා. මට සෙම/පීනස ගතියට බෙහෙත් ගත්තා. දැන් ගොඩක් හොදයි. එයා වැඩිය බෙහෙත් දෙන්නෙත් නැ. කසායක් විතරයි දෙන්නෙ. ඒ බෙහෙත් ජාති හැම බෙහෙත් කඩේකමත් නෑ. සති 2ක් යද්දි හොදට වෙනස තේරුනා බන්. ආන් නියම වෙද්දු. දැන් බෙහෙත් කරනවද කියලා දන්නෙ නැ . ඒ කාලෙත් ටිකක් විතර වයසයි. ඒකාලේ මම බෙහ්ත් ගත්තේ එයා පන්සලක ඉදන් බෙහෙත් දෙනකොට. වැදගත්ම දේ තමයි අනිත් වෙද්දු වගේ සීතල කෑම කන්න එපා කියන්නෙ නෑ. එයා කියන්නෙ සාමාන්‍ය විදියට කෑම කන්න. සීතල කෑම(අයිස්ක්‍රීම්, යෝගට්) කන්න. ඒ ගමන් මේවත් බොන්න කියලා තමයි බෙහෙත් දෙන්නෙ. අනිත් වෙද්දු කරන්නේ සීතල කෑම කන එක තහනම් කරලා බෙහෙත් පොවලා සනීප බව අගවනවා. ඒත් සීතල කෑමක් කාපු ගමන් ආයෙත් ලෙඩේ මතු වෙනවා. මෙයාගේ තියෙන්නෙ ඒකේ අනිත් පැත්ත. නාඩි බලලා තමයි බෙහෙත් කරන්න පටන් ගන්නෙ. තිත්ත බෙහෙත් දෙන්නෙත් නැ. මේ වෙදමහත්තයගේ ඇත්ත නම මට මතක නෑ. මෙයාගේ ගැන විස්තර දන්න අය ඉන්නව නම් කමෙන්ට් කරන්න. ඒක ගොඩක් අයට වැදගත් වෙයි