උඹලා මේක අහල නැද්ද

mhdsuranga

Active member
  • Oct 23, 2008
    266
    127
    43
    උඹලා මේක අහල නැද්ද

    සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට
    buddha.jpg.jpeg

    ::: එදා:::

    “යෝ ධම්මං පස්සති සෝ මං පස්සති”
    වරක් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සම්බුදු සිරුර දෙසම බලාසිටින්නට ආසා කළ වක්කලී ස්වාමීන් වහන්සේට වදාළ මේ ඔවදන දෙස බලන්න.

    ”වක්කලී, කම් නැත. මේ කුණු කය දැකීමෙන් ඔබට කුමන නම් ප‍්‍රයෝජනයක්ද? වක්කලී, යමෙක් ධර්මය දකින්නේ නම්, හේ මා දකී. යමෙක් මා දකින්නේ නම් හේ දකින්නේ ධර්මයයි.”
    :yes:
    (වක්කලී සූත්ත - ස.නි.)

    ::: අද :::

    අද බුදුන් ජීවමානව නැත, නමුත් බුදුන්ගේ ප්‍රතිරූපක ගල්, මැටි, සිමෙන්තියෙන් තනා ඇත. ඒ දෙස ඇසි පිය නොහෙලා බලා සිටින පෘථක්ජනයන්හට "ධර්මය තුලින් මා දකින්න" කියන්න බුදුන් ජීවමානව නැත.
    :P

    Last edited:

    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    ප්‍රශ්නය : බුදුරජාණන්වහන්සේ මේ වැකිය දේශනාකලේ කොහේදීද ?? කුමන ස්ථානයකද ???
    මෙම ධර්ම කරුණ අඩ0ගු වන කොටස කුමක්ද??

    2.ධර්මය තුළින් මා දකින්න කියන අදහසේම ඔය කියන දේ අදහස් වෙන බව තේරුම් ගන්න බැරි ඔබට, බුදු දහම හෝ වෙනත් ආගමක් තේරුම් ගැනීමට හැකියාවක් නොමැති බවම ඔබම පෙන්වාදුන්නාට ස්තූතියි...

    mhdsuranga

    Active member
  • Oct 23, 2008
    266
    127
    43
    ප්‍රශ්නය : බුදුරජාණන්වහන්සේ මේ වැකිය දේශනාකලේ කොහේදීද ?? කුමන ස්ථානයකද ???
    මෙම ධර්ම කරුණ අඩ0ගු වන කොටස කුමක්ද??

    2.ධර්මය තුළින් මා දකින්න කියන අදහසේම ඔය කියන දේ අදහස් වෙන බව තේරුම් ගන්න බැරි ඔබට, බුදු දහම හෝ වෙනත් ආගමක් තේරුම් ගැනීමට හැකියාවක් නොමැති බවම ඔබම පෙන්වාදුන්නාට ස්තූතියි...

    “යෝ ධම්මං පස්සති සෝ මං පස්සති”
    වරක් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සම්බුදු සිරුර දෙසම බලාසිටින්නට ආසා කළ වක්කලී ස්වාමීන් වහන්සේට වදාළ මේ ඔවදන දෙස බලන්න.

    ”වක්කලී, කම් නැත. මේ කුණු කය දැකීමෙන් ඔබට කුමන නම් ප‍්‍රයෝජනයක්ද? වක්කලී, යමෙක් ධර්මය දකින්නේ නම්, හේ මා දකී. යමෙක් මා දකින්නේ නම් හේ දකින්නේ ධර්මයයි.”
    (වක්කලී සූත්ත - ස.නි.)

    ඔක්කොම බෞද්ධයෝ මේ කියමන දන්නවා, ඔබ විතරක් නොදන්නවා!
    මේක බලන ඔක්කොම අය කියන්න බලන්න කාටද ධර්මය තේරුනේ නැත්තේ කියලා :lol:
     
    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    දැන් ත්‍රෙඩ් එක එඩිට් කරල ආපහු මේ ගාථා පාඨය දැම්මෙ වැඩේ වැරදුන නිසාද ?? :D
     
    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    ඔබ කියන්නෙ පිලිම වන්දනාව තෙරුමක් නැතිදෙයක් කියලානෙද?
     
    mhdsuranga

    Active member
  • Oct 23, 2008
    266
    127
    43
    දැන් ත්‍රෙඩ් එක එඩිට් කරල ආපහු මේ ගාථා පාඨය දැම්මෙ වැඩේ වැරදුන නිසාද ?? :D

    අනේ නැහැ. ත්‍රෙඩ් එක එඩිට් කරේ ඔයා වගේ අනිත් අයත් මේක වරදවා තේරුම් ගත්තොත්. ඉතින් කාටත් තේරුම් ගන්න විදියට දැම්මා. ඔයාව ඕනේ තරම් මට ඔයාගේ බොලඳ තර්ක වලින් බිඳ දමන්න පුළුවන්. එහෙත් ඔයාගේ මානය, මෝඩකමට බෙහෙතක් මා ලඟ නැහැ. :oo:
     
    mhdsuranga

    Active member
  • Oct 23, 2008
    266
    127
    43
    ඔබ කියන්නෙ පිලිම වන්දනාව තෙරුමක් නැතිදෙයක් කියලානෙද?

    පෘථක්ජනයන් හට බුදු පිලිම වන්දනාව ලෞකික තාවකාලික සැපයකට හේතු වුනාට සෝවාන් මාර්ගඵල නිවනට පත්වූවෝ ධර්මය තුලින් බුදුන් දැක හමාරයි. ඒක නිසා ඔහුන් එතෙර වූටාට පසූ පාරුව කරේ තියාගෙන යන්නේ නැහැ. එගොඩ ගිහින් කියල හිතාගෙන ඉන්න සමහරු පාරුව කරේ තියාගෙන යන්නේ ඒක ගැන තමාටම සැක නිසා. (විචිකිච්චා සහ සීලබ්බත පරාමාස ) ඉතින් වෙන දිවයිනකට ගොඩ වී නිවන යැයි වරදවා ගෙන පාරුව කරේ තියාගෙනම යනවා. ඉතින් මම මක්කෙයි කොරන්නේ ඒ දෙස බලා අනුකම්පාවෙන් බලනවා මිසක්.

    ඉතින් පෘථක්ජන අතින් මම ඒකේ වරදක් දකින්නේ නැහැ. හැබැයි මාර්ගඵල ඇත්තන් ඒ දෙස බලන්නේ උපේක්ෂාවෙන්. ඉතින් බුදුන්ම කියාතියෙනවා මේවා කරන්න එපා කියලා, එහෙත් පෘථක්ජන හිත හිතුවක්කාරයිනේ. මොනා කරන්නද ඉතින්, මම කියන්නේ නැහැ ඕවා නතර කරන්න කියලා, එහෙම කිවුවොත් මම බුද්ධ විරෝධී කියලා හංවඩු ගැහෙනවා. ඔයගොල්ලො නොදැනුවත්වම පවක් කරගන්නවා.
     
    mhdsuranga

    Active member
  • Oct 23, 2008
    266
    127
    43
    “යෝ ධම්මං පස්සති සෝ මං පස්සති”

    මේක තේරෙන්නේ නැති උඹලාට ඉතින් මම කොහොම තේරුම් කරත් හරියන්නේ නැහැ.

    සොරි තමයි ඉතින්, ඔහොම යං :no: