උඹලා ලැප්ටොප් එකක් ගන්න කලින්..PWM

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    24,103
    1
    24,055
    113
    Pulse-Width Modulation (PWM) - ඩිස්ප්ලේ එකේ බ්‍රයිට්නස් අඩු වැඩි කරන මෙතඩ් එකක් මේක.PWM frequencies අඩු නම් අපිට ලෙඩ දෙනවා..හුගක් වෙලා ලැප්ටොප් එකත් එක්ක වැඩ කරනවා නම් ඇස්වලට අමාරු වෙනවා.ඔලුව කැක්කුම් වුනත් එන්න පුලුවන්.සමහර විට මේ කියන අමාරු දැනටමත් ඇති සමහරුන්ට.

    පැය ගණන් එක දිගට වැඩ කරන්න ලැප්ටොප් එකක්,එහෙම නැත්නම් මොනිටරයක් ගන්න කොට මේක බලන්නම වටිනවා.

    ලැප්ටොප් ගන්න කලින් නම් මේ අවුල තියෙන සහ නැති ඒවා හොයාගන්න ලේසියි.ලැප්ටොප් රිවීව් සයිට් එකකට ගිහින් සර්ච් කලා නම් ඒ ගැන විස්තර හරියට හොයාගන්න පුලුවන්.

    සෙකන්ඩ් හෑන්ඩ් ලැප්ටොප් එකක් ගන්නවා නම් තමයි ප්‍රශ්නයක් එන්නේ.මොකද ඔරිජිනල් ඩිස්ප්ලේ එක නොවෙන්නත් පුලුවන් දැන් තියෙන්නේ.ඒකත් ඉතින් ගන්න කලින් බලන්න විදි තියෙනවාලු.සමහරු පෝන් කැමරාව මේක හොයන්න පුලුවන් කියනවා.නැත්නම් බ්‍රයිට්නස් අඩු කරලා ඩිස්පේල් එක ඉස්සරහින් අත වේගයෙන් දෙපැත්තට වනලත් සමහරු මේක හොයනවා. මේවා සාර්ථක ද කියලා නම් මම දන්නේ නෑ.ටිකක් හොයලා බලද්දී උඹලටම සාර්ථක ක්‍රමයක් හම්බ වෙන්නත් පුලුවන්.

    මමත් ලගදී මේ ගැන දැන ගත්තේ.නොදන්න කෙනෙකුට දැන ගන්න නෝට් කලේ...