උඹලා වැරදියට තේරුම් අරන් හිටපු සින්දු මොනවද? විශේෂයෙන් සිංහල සින්දු.
මම ගොඩක් කල් යනකන් වැරදියට තේරුම් අරගෙන තිබ්බා සමහර සින්දු.
* දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මා ස්කන්ධා - Amaradewa
මේක බුදු ගුණ ගීතයක් කියල හිතන් හිටියේ. හැබැයි ඇත්තටම අනුරාධපුර නගරය ගැන කරන වර්ණනාවක්.
* ගහක මල් පිපිලා පිපුනේ ඇයිද නොදන්නෙමි - Diwulgane
මේක සාමාන්‍ය ආදර ගීතයක් කියල හිතන් හිටියේ, හැබැයි බැලින්නම් වෙන සීන් එකක්.
* විදුලි මිනි පහන් - kapuge
මේක මම හිතන් හිටියේ ආදර සින්දුවක් කියලා. හැබැයි සමාජයේ දුප්පත් සහ පොහොසත් සමාජ පන්ති අතර වෙනස ගැන කියන්නේ.
* වක්කඩ ළඟ දිය බස්සෙන තාලෙට - Amaradewa
මේක හිතෙන්නේ ගැමි පරිසරය ගැන කියන්නේ කියලා. හැබැයි කියන්නේ ලිංගික එක්වීමක් ගැන ව්‍යංගයෙන්.
* සඳකැන් වැසිලා - Victor Rathnayaka
රැයක් ගැන කියනවා කියල හිතෙන්නේ. හැබැයි ඇත්තටම තමන්ගේ ගෑණි අනියම් ඇසුරක් පවත්තන සිද්ධියක් ගැන කියවෙන්නේ.
* මුදු මුහුණේ සුව දැනුනේ - Diwulgane
මේක සාමාන්‍ය ආදර ගීතයක් කියල හිතෙන්නේ. හැබැයි ඇත්තටම ගානිගෙයි මිනිහගෙයි වලියල්. දෙන්න දෙන්නගේ පරණ සීන් ඇදලා දාන එකක් ගැන සින්දුවේ තියෙන්නේ.
* දම් පාටින් ලා සඳ බැස යනවා. - Malini Bulathsinhala
සවස් වරුවක් ගැන කියවෙනවා කියලා හිතුවේ. හැබැයි කියවෙන්නේ ගණිකා ඇසුරක් ගැන.
* ආවාට තිබුනත් නිසසල සඳ මත - Nimal Gunasekara
සාමාන්‍ය ආදර ගීතයක් කියල හිතුවේ. හැබැයි කියන්නේ මධුසමයේදී තම බිරිඳගේ පතිවත අහිමි වී ඇති බව දැන දැනම ඇයට පෙම් කරන සැබෑ පිරිමියෙකුගේ කතාව.
* සිරි යහනේ ලණු ඉහිරී - Edward Jayakodi
මේක නිකන් රැයක් ගැන කියවෙනවා කියලා හිතුවත් ඇත්තටම ස්වයන් වින්දනය ගැන තියෙන ගීතයක්.
* බිම්බරක් සෙනග ගැවසුණ - Kapuge
මේක හිතෙන්නේ මොකක් හරි ජාතක කතාවක සින්දුවක් කියලා. හැබැයි ඇත්තටම මේක 1980 ගණන්වල මොනරාගල පැත්තේ ඉඩම් වගයක් බහු ජාතික සමාගමකට දෙනවට විරුද්ධව තිබ්බ උද්ගෝෂණයක් ගැන තිබ්බ සින්දුවක්.
* කන්ද පිරිමැද - Weraliyadda
හිතෙන්නේ සාමාන්‍ය ආදර සින්දුවක් කියලා. හැබැයි මේක කියන්නේ ගොඩක් තරුණ කෙල්ලෙක්ගෙ විවාහ යෝජනාවක් කෙල්ල ගොඩක් බාල හින්දා ප්‍රතික්ෂේප කරන පිරිමි කෙනෙක් ගැන.
* සොයා දියවූ මට සරණක් - Pradeepa Dharmadasa
මේක නිකන් බඳින්න බැරි වෙච්ච කෙල්ලෙක් කියන සින්දුවක් විදියට හිතන් හිටියේ. හැබැයි කියන්නේ 88/89 ගැන.
මේ වගේ උඹලා දන්නා සින්දු මොනවද?

Last edited:

හැබැයි කිරියෙ මහත්තරු හුගක්, දාන ත්‍රෙඩ්ස් දැක්කම මේකෙ කොච්චර අර්ථයක් තියෙනව ද කියලා තේරුණා.