උඹල ප්‍රෝග්‍රෑම් කරන කොට

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මේ ටික තව පොඩ්ඩක් පැහැදිලි කරල දෙන්ඩකො..

    මේකත් අරකටම ලියන්නම් මචන්. දැන් දෙයියට මහා බලගතු යෂ්ටියක් සහ ඕනෙම දෙයක් දවා අලුකරන්න පුලුවන් ත්‍රිශූලයක් තියනවා කියමු. (processor features. ඒ කියන්නෙ ඔය MMX,SSE,SSE2,SSE3,SSE4 වගේ එව්ව) දැන් ප්‍රෝග්‍රෑම් එක ලියන එකාට ඕනෙ අලගෙඩියක් යවල ඒක ත්‍රිශූලෙන් පොඩ්ඩක් රත් කරල ගෙන්න ගන්න. අපිට ලියන්න පුලුවන් අලේ ත්‍රිශූලෙන් රත් කරන්න කියල. ඒත් බැරි වෙලාවත් දෙයියට ත්‍රිශූලයක් නැති උනොත් දන්නවනෙ වෙන දේ. ඒක නිසා දෙයියට තියන ගැජට් ටික බලාගන්න පුලුවන් program එකේ ඉඳන්ම. මේ තියෙන්නෙ ඒකට පාවිච්චි කරන function එකක්.

    https://msdn.microsoft.com/en-us/library/windows/desktop/ms724482(v=vs.85).aspx

    මේ තියෙන්නෙ එහෙම පාවිච්චි කරලා හදපු cpuz කියන සොෆ්ට්වෙයා එක.
    https://i0.wp.com/www.wegotserved.com/wp-content/uploads/2015/06/12.png

    ඕකට කෝල් කරපු ගමන් දෙයියා කියනවා මෙන්න මෙව්වා මට තියනවා කියල. දැන් අපිට බය නැතුව කෝඩ් කරන්න පුලුවන් දෙයියට ත්‍රිශූලයක් තියනවනම් මේ අලේ ත්‍රිශූලෙන් තම්බන්න ඕනෙ. නැතන්ම් වෙන විදියකට තැම්බුවට කමක් නෑ කියල. අපි high level language එකක් පාවිච්චි කරනවනම් ඔය හැම feature එකක්ම හොඳම විදියට automatically පාවිච්චි වෙනව. එහෙමත් නැත්නම් අපිට ඒ එක එක feature එක ටාගට් කරල කෝඩ් එක ලියන්නත් පුලුවන්. ඒ ඔක්කොම ලියන්නෙ කෝඩ් කරන එකා. ඒක දේවාලෙට ගියාට පස්සෙ ඒක process වෙනව.

    මේ තියෙන්නෙ කෝඩ් ලියන එකෙක් ඒ විදියට අල තම්බන වේගෙ මදි නිසා ත්‍රිශූලයක් අල්ලන්න දඟලපු අවස්ථාවක්

    https://stackoverflow.com/questions/16773570/using-sse-in-c-sharp

    ඔය ගේම් එහෙම ලියන උන් තමයි වැඩිපුරම ඔය වගේ දේවල් වලට ඔට්ටු වෙන්නෙ