උඹල මොකද කියන්නේ?
උඹල මොකද කියන්නේ?
මීට අවුරුදු 6 කට කලින් මට බල්ලෙක් කරපු අසික්කිත වැඩේකට මම මුලු කැම්පස් එකේම චාටර් වුනා.මම කෙල්ලෙක්ට පොඩි ලයින් එකක් දදා හිටියෙ කැම්පස් එකේ. මම පස්සේ දන්නේ මූත් ඒකිට ලයින්.ඌට එකක් නෙමේ වටේ ඉන්න හැම කෙල්ලටම ලයින්.කොහොම හරි මම ඒකිට පොඩ්ඩක් ලයින් කියල දැන ගෙන ඌයි තව කෙල්ලෙකුයි සෙට් වෙලා මට උදව් කරන විදිහට මගෙ ට්රයි කරන එකේ ෆෝන් නම්බර් එක කියල වෙන කෙල්ලෙක්ගෙ නම්බර් එකක් මට දීල මම ලව්ව කෝල් කරල උන් හෙන ආතල් එකක් ගත්ත.එදා ඒ කරපු බලු වැඩෙන් මට කොච්චර ඉෆෙක්ට් වුනාද කිව්වොත් මම කිසිම කෙල්ලෙක්ට මේ වෙනතුරු ට්රයි කරන්ඩ යන්නෙත් නෑ.ඌ නම් සිරාම ගැණු ඇඹෙලයෙක්.ඒ දවස් වල මම ඕවට වලියක්වත් ඕකට බැන්නෙවත් නෑ.හෙමින් සැරේ බිම බලාගෙන ලිස්සල ගියා.ඒ දවස් වල කොහොමත් උගේ ගැන්සියේ පවර් එකත් වැඩී.ගැහුවොත් පරිප්පු කන්ඩම තමා වෙන්නේ.මම එදා හිතාගත්ත මේකේ රිටර්න් එක අනිවා දෙනව කියල.
දැන් ඒකට වේලාව ඇවිල්ල තියෙන්නේ.ඌ දැන් කසාද බදින්ඩ ලෑස්තියි කියල මට ආරන්චිය ආවා.ඒ කියන්නේ රිටර්න් එක දෙන්ඩ ඕනෙ දවස ලඟයි කියන එක.ඌ මාව කැම්පස් එකේම මම කාපු ලණුව කිය කිය හොන්දටම බයිට් කලා.මම දැන් ඕකව ඕකගේ වෙඩින් එක දවසේ සේරම නෑදෑයෝ ඉස්සරහ ඕකව විනාශ කරන්ඩ තරම් කේන්තියක් මගේ ඔලුවේ තියෙනව.මට ඒක කරන්ඩ ශක්තිය තියෙනව.
ඒ එක්කම හිත කියනව සමාව දීල අත ඇරල දාපන් කියල.ඒත් ඔය කාලකණ්නියගේ වැඩේ හින්ද අද වෙනකොටත් මම කෙල්ලෙක් එක්ක කිසිම සම්බන්ධයක් පටන් ගන්නේ නෑ.මට බයයි මම ආයේ පරිප්පුවක් කයි කියල.ගිණිපෙලෙල්ලෙන් බැට කාපු එකා කළාමැදිරි එළියටත් බයයි බන්.
උඹල මොකෝ කියන්නේ මේ වගේ පරයන්ට කසාද ඕනෙද?සමාව දෙන්ඩ ඕනෙද?මම තාම මේ සමාව කියන වචනෙත් එක්ක තීරණයක් ගන්ඩ බැරුව ඉන්නේ?