උඹ කැම්පස් ගියා.. මම හමුදාවට ගියා..!

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    උඹ කැම්පස් ගියා.. මම හමුදාවට ගියා..!

    අපි එක පන්තියේ..
    උඹට A තුනයි..
    මට S තුනයි...
    අපි දෙන්නම විස්ස පනිද්දි ගෙදරින් ගියා..
    උඹ කැම්පස් ගියා..
    මම හමුදාවට ගියා..!
    උඹ කට්ට කාලා, නිදහස් අධ්‍යාපනේ වෙනුවෙන් සටන් කරලා ඩිග්‍රිය ගත්තා..
    මම නොමැරී මැරී මහ කැලෑවේ ට්‍රේනින් වෙලා සොල්දාදුවෙක් උණා..
    උඹට කොම්පැණියක ලොකු රස්සාවක් හම්බුණා..
    මම මගේ සේනාංකයත් එක්ක යුද්ධ පෙරමුණට ගියා..
    උඹ උදේ අටට වැඩට ගිහින් පහට ගෙදර ආවා..
    මම සති ගණන් එක දිගට යුද්ධ කලා..
    උඹට පඩි වැඩි උණා..
    මගේ උරහිසේ දිලිසෙන තරු එකතු උණා..
    හැමදාම හවස් වෙද්දි උඹ ගෙදර ආවා..
    මම හවසට අම්මට යවන්න ලියුමක් ලිව්වා..
    උඹට හම්බුණේ රස්සාවක්..
    මට හම්බුණේ කඩයිමක්..
    අපි දෙන්නම බැන්දා..
    උඹ ගෙදරින් එද්දි "පරිස්සමින් ගිහින් එන්න.." වයිෆ් කිව්වා..
    මම ජීවතුන් අතර ඉන්න කියලා මගේ වයිෆ් බෝධි පූජා තිබ්බා..
    අපි දෙගොල්ලොම අවුරුදු සැමරුවා.. වෙසක් සැමරුවා.. නත්තල් සැමරුවා..
    උඹ පාට පාට ලයිට් එළි පිරුණ උඹේ ගෙදර සාලේ ඉඳන්..
    මම කිරි පාට හඳ එළියෙන් නෑවුණ කැලේ ගහක් යට ඉඳන්...
    ඇත්ත, උඹත් යුද්ධෙක..
    මන් ඊට වෙනස් යුද්ධෙක..
    උඹ කාර්‍යාල වැඩවලට පිටරට සවාරි ගියා..
    මම අන්තිම සටනට එකතු වෙන්න යුධ පෙරමුණට ගියා..
    අපි දෙන්නම ආපහු ආවා..
    උඹේ ගෙදර අය.. අපේ ගෙදර අය..
    දොගොල්ලොන්ගෙම ඇස් වල කඳුළු...
    උඹ එයාලගේ කඳුළු පිහ දැම්මා..
    මට කඳුළු පිහදාන්න බැරි උණා...
    උඹ උඹේ ගෙදර අය ගාවට ගියා..
    අපේ ගෙදර අය මන් ගාවට ආවා...
    උඹ එයාලව වැළඳ ගත්තා..
    මට වැළඳගන්න බැරි උණා...
    උඹ හිටියේ පවුලේ අය ගාව..
    මම හිටියේ යාළුවන්ගේ කර උඩ.. සීල් කරලා වහපු පෙට්ටියක් ඇතුලේ...
    සිංහ කොඩියෙන් හැඩවුණ පෙට්ටිය ඇතුලේ හිටිය මගේ පපුව උඩ දිලෙසෙන පදක්කම් ගොඩක්..
    උඹේ අතේ කල සේවය අගයන සහතිකයක්..
    අපි හැමෝම රට වෙනුවෙන් යුද්ධ කරනවා..
    සමහරු මතකයන් එකතු කරගන්නවා..
    ඒත් සමහරු,
    හැමදේම රට වෙනුවෙන් පූජා කරනවා..
    උඹ රට ජාත්‍යන්තරේට අරන් ගියා..
    මම, උඹට ආපහු එන්න නිදහස් රටක් ඉතුරු කලා...!
    ************
    මගේ වචනවලට පෙරලුවට මේකේ මුල්කෘතිය මම ෆේස්බුක් එකේ දැකපු එකක්.. මේක මම අළුතෙන් ලියලා Repost කරන්න එක හේතුවක් තියෙනවා..
    "ඒක රස්සාවක්නේ ඉතිං..." මගේ සමීප යාළුවෙක් මට වරක් එහෙම කිව්වා.
    "ඇත්ත.." මම මොකුත් කිව්වේ නෑ.. සොල්දාදුවෙක් වෙනවා කියන්නේ එක්තරා විදියක රැකියාවක්..
    "වෙන කරන්න රස්සාවක් නැති නිසා..." එහෙම ඇහෙද්දි... මාව ගිනිගත්තා කිව්වොත් මම හරි..
    ************
    උඹත් මේ පොළොවෙ පය ගහලා ඉන්න, මේ පොළවට රත්තරන් වලට වඩා ආදරේ කරන එකෙක් නම් උඹවත් ගිනිගන්න ඕනි..
    රස්සාවක් නැති එකෙක්ට රස්සා දෙන්න අතට පයට ගාමන්ට්, ෆැක්ටරි, සර්විසස්, මෑන් පවර් අනන් මනන් මොකී නොකී හැට හුට හමාරක් ආයතන තිබෙන බව වීදුරු මාලිගාවල සැප පුටුවේ කැරකෙමින් ආතල් ගන්නා උන්ට දැනෙන්නේ නැත.
    ඌට එය දැනෙන්නේ උගේ වීදුරු බිත්තිය ළඟ බෝම්බයක් පිපුරණ දාට ය.
    යුද්ධය අවසන් වී වසර අටකි. යුද්ධයේ අනිසි ප්‍රතිඵල අපි එදාමෙන් ම අදටත් අත් විඳින්නෙමු. උඹත් මමත් කන බත් පතට ද දෙගුණය බැගින් බදු ගෙවා ආණ්ඩු නඩත්තු කරන්නට තරම් අපි අවුරුදු තිහක් පුරාවට ඇණ ගතිමු.
    නමුදු අපි අද නිදහස් රටක, නිදහස් පාරවල් වල, නිදහස් මනසින් ඇවිද යන්නෙමු..
    ඒත්,
    එදා උඹේ දෙවියා, අද උඹේ අට පාස් ආමිකාරයා වී ඇති බව දැනෙන විට හිතට දැනෙන්නේ පුදුමාකාර ආවේගයකි.
    රට වෙනුවෙන් යුධ වදින්නට පුදුම පපුවක් තිබිය යුතු ය. නෑදෑ හිත මිතුරන්ගෙන් වෙන් ව, අවුරුදු දින සති මාස කැප කොට.. රස්සාවකට ම පමණක් ඔවුහු කැපවෙන්නේ යැයි ඔබ සිතන්නේ නම් ඔබේ කොතනක හෝ ලොකු අඩුපාඩුවක් තිබේ.
    තම කුළුඳුල් දරු උපතට දවස් දෙක තුන තිබියදී රට වෙනුවෙන් දිවිපිදූ රණවිරු පවුල් වල අය මම හඳුනමි. තාත්තේ කියා අසන්නට වරම් නොලැබුණද ඔවුහු නූපන් දරුවන්ට හෙට දිනක් වෙනුවෙන් දිවි පුද කලහ. ඒ ඔවුන්ගේ අභිමානයයි..
    අපේ අනාගතයයි..!
    මිහිමව් තුරුලේ හිටියත් ඔව්හු ජීවමාන දෙවිවරු ය.
    පලතුරු වට්ටියක් සමඟින් දාස් ගණනින් කප්පම් ගන්නා දේවාල දෙවියන්ට ද වඩා ඔව්හු ජීවමාන ය... අවංක ය...
    වීදුරු මාලිගාවේ බෙන්ස් හාමුටත්, මුඩුක්කු වත්තේ හිඟන මිනිහාටත් නිදහස් නිවහල් රටක් උදා කලේ ඔව්හු ය.
    උඹ අද ආතල් එකේ බස් එකේ යන ගමන් මේක කියවන්නේ ද ඒ දෙවිවරු නිසා ම ය.
    තව කියන්නට දේවල් ද බොහෝ ය.
    ඒහෙත් ඒවා ලියන්නට මට වචන එන්නේ ද නැත...!
    උපුටා ගැනීමකි
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Economy eka develop vela nam, Oya vage problems athi venne naha. Sinhala or Tamil, Siyalu denama, Minissu. suffer eka samanai. Human suffer eka. Venna ona , Pradana dey , Economy development ekai. Evita , Minissu , Minissu vidiyata hithanna patan ganivi. Sinhala, Tamil , kiyanne Languages kiyala therum ganivi. Humanity is greater than Languages . .
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Oya kiyana, Soldier ge family eka, Billionaires la una nam, Ohu war ekata yanne naha. Job ekakata yanneth naha. Sinhala, Tamil , degollantama meya valangu venava.
     

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    මේ උතුම් මිනිස්සු තමන්ගේ කකුල් ඇස් අත් නැති කරගත්තේ කවුරු වෙනුවෙන්ද බන්. :( ආබාධිත army hospital එකට ගිහින් බලන්න ඕන මචන්. ඇහැට කදුලු එනවා ඒ මිනිස්සු තමන්ගේ කැඩිලා ගිහින් ඉතුරු වුන කකුලේ ඉතිරි ටිකට වැලි කොට්ට වලින් physical exercise කරනවා දැක්කාම. :sorry::sorry:

    War-Heroes.jpg


    img_0815.jpg



    ප්‍රශ්නේ අද වෙද්දී ලංකාවේ බහුතරයකට ඕක අමතක වුන එක.:(:(

    ඒ මිනිස්සු ජීවිත ලක්ෂ ගානක් පරිත්‍යාග කරලා ලංකාවේ මිනිස්සුන්ට දිනලා දුන්න නිදහස, කොන්ද පන නැති පොන්නයො දෙන්නෙක් වගේම රට බෙදාගන්න දගලන පාහර බල්ලන් සමග එකතු වෙලා ආයේ මේ රට විනාශ කරන්න ලෑස්තියි දැන්. :sorry:

    උබ මේක පල කරපු එක ගැන සතුටුයි බන්. :yes: