උල්කාපාත වර්ෂාව අද සහ හෙට (21.10.2017)
ඔරියොනිඩ්ස් උල්කාපාත වර්ෂාව අද සහ හෙට.
ඔරායන් තාරකා රාශිය පසුබිම් කර උල්කාපාත වර්ෂාවක් හට ගන්නා අන්දම
Posted By: Suneth October 21, 2017
අමල් උඩවත්ත
මේ දිනවල රාත්‍රී 9 පමණ අහස මුදුන පියවි ඇසින් නිරීක්ෂණය කළොත් අහසේ වළාකුළු නොතිබුනොත් අහසේ නැගෙනහිර දෙසට මදක් බරව අප කවුරුත් හොඳින් දන්නා ඔරායන් හෙවත් දඩයක් කරුවා (Orion )තරකා රාශිය පියවි ඇසින් පහසුවෙන් නිරීක්ෂණය කළ හැකිය. මෙම තාරකා රාශියේ එනම් දඩයක් කරුවාගේ බඳපටිය නිරූපණය කරන එක පෙළට පිහිටි තරු තුන අසළ පියවි ඇසට පෙනෙන නොපෙනෙන ආකාරයට කුඩා වළරොදක් වැනි සෙවනැල්ලක් දක්නට ලැබේ. මෙය තරු උපදින වායු වලාවක් ලෙස සැළකෙන හෙවත් මහා ඔරායන් නිහාරිකාව (Great Orion Nebula) යනුවෙන් හැඳින්වෙයි.තවදුරටත් මෙම සීමාව නිරීක්ෂණය කරන විට අශ්වයකුගේ හිසක් ආකාරයට හැඩ ගැසුණු අශ්වහිස නිහාරිකාව (Horse head nebula) නිරික්ෂණ කළ හැකිය.මෙයට අමතරව M43, M78 යන නිහාරිකා දෙනෙතියක් හෝ දුර දක්නයක් අධාරයෙන් නිරීක්ෂණය කළ හැකිය.
ඔරායන් තාරකා රාශියට මදක් ඉහළින් වෘෂභ(Taurus) තාරකා රාශිය ද පියවි ඇසින් නිරීක්ෂණය කළ හැකිය. මෙම තාරකා රාශිය තවදුරටත් නිරීක්ෂණය කළොත් ඔබට M 45 හෙවත් හත්දින්න තරු පොකුර (Pleiades Star Cluster) නිරීක්ෂණය කළ හැකිය. පියවි ඇසට තරු 7 ක් පමණ දිස්වන හෙයින් හත්දින්න යනුවෙන් හැඳින්වූවත් දෙනෙතියකින් නිරික්ෂණය කළ විට තරු 150 ක් පමණ නිරීක්ෂණය කිරීමට හැකිවනු ඇත. එසේම M1 හෙවත් කටක නිහාරිකාව(Crab nebula) සහ NGC 1746 යනුවෙන් හැඳින්වෙන විවෘත තරු පොකුර(Open Star Cluster)දුර දක්නයක් ආධාරයෙන් නිරීක්ෂණය කළ හැකිය.
මෙම රාත්‍රී 9 පසුව ඔබ පාන්දර 5 පමණ වනතෙක් ඔරායන් තරකා රාශිය අවට අහස නිරීක්ෂණය කළොත් ඔරායන් තාරකා රාශිය පසුබිම් කර උල්කාපාත වර්ෂාවක් හට ගන්නා අන්දම ද පියවි ඇසින් නිරීක්ෂණය කිරීමට හැකියාවක් ලැබෙනු ඇත. ඔරායන් තාරකා රාශිය පසුබිම් කර ,හේලිගේ වල්ගා තරුව නිසා උපත ලබන මෙම උල්කාපාත වර්ෂාව ඔරියොනිඩ්ස් (Orionids Meteor Shower) යනුවෙන් හැඳින්වෙයි.
හේලිගේ වල්ගා තරුව
මෙසේ ඔබ නොකඩවා අහස නිරීක්ෂණය කරන විට ඔරායන් තාරකා රාශිය පසුබිම් කර කිසියම් ස්ථානයකින් උල්කා පාත පැමිණෙන ආකාරයක් දක්නට ලැබේ පැයක පමණ කාලයක් ඔබ අහසේ මෙම සීමාව නිරීක්ෂණය කළොත් පැයකට උල්කාපාත 10 ත් 15 ත් අතර ප්‍රමාණයක් පෘථිවිය දෙසට ඇදී එන ආකාරය දැක ගත හැකිවනු ඇත.
මේ දින වල වරින් වර හට ගන්නා වර්ෂාවත් හ අහස වළාකුළු වලින් පිරී තිබීමත් මෙම උල්කාපාත වර්ෂාව නිරීක්ෂණය කිරීමට අපහසුවක් වනු ඇත.එහෙත් ශ්‍රී ලංකාවෙ නැගෙන හිර සහ උතුර යන පළාත් ආශ්‍රිත ප්‍රදේශවල අහස වඩාත් පැහැදිළි බැවින් එම ප්‍රදේශවල වැසියන්ට වඩාත් හොඳින් මෙම ඔරියොනිඩ්ස් උල්කාපාත වර්ෂාව නිරීක්ෂණය කිරීමට හැකිවනු ඇත.
උපුටා ගැනීම - azimuthworld.com

ekai bn dakke 20mins vithara uda balan indala 