උෂ්ණ/ශීත ආහාර (mega thread)

උෂ්ණ/ශීත ආහාර (mega thread)

ඝර්ම කලාපීය රටවල වෙසෙන අය උෂ්ණාධික ආහාර වලින් වැළකිය යුතුයි කියන එක හෙළවෙදකමෙත්, පාරම්කරික දේශීය වෛද්‍ය ක්‍රමයෙත්, ආයුර්වේදයෙත් පුන පුනා කියන කාරණයක්. ආහාර කියන්නෙ පරිස්සම් නූනොත් ශරීරයේ නිරෝගීභාවයට සෘජුවම බලපාන බවට අටුවා ටිකා ඕන නෑනේ.

බොහෝ අයගෙ කටවහරට එන්නේ "වා,පිත්,සෙම්" කියලා. නමුත් බුදු රජාණන් වහන්සේ මිනිසාගේ රෝග නිධාන වලට මූලිකම වෙන හේතු පහල සූත්‍ර පාඨයෙන් විස්තර කර දෙනවා.

“පිත්තං සෙම්හං ච වාතෝච - සන්නිපාතා උතුනීච
විසමං ඕපක්කම්කො ච – කම්ම විපාකේන අට්ඨම”

බුදු රජාණන් වහන්සේගේ සර්වතාඥානයෙන් පිත (ආහාර දිරවීමේ ක්‍රියාවලිය) මුලට අරගෙන ඉදිරිපත් කරල තියෙන්නේ. අපි මුලට ගන්න වාත ධාතුව (කේෂ නාලිකා හා සෛල අතර වාත හුවමාරුව) බුදු රජාණන් වහන්සේ අගට දාල තියෙන්නේ. බලන්න බුදු රජාණන් වහන්සේගේ න්‍යාය සැකැස්ම අවුරුදු 2500කටත් පස්සේ වැරදිලා නැති හැටි අපූරුව.

මොකද අද ඔක්කොම ලෙඩ වසංගත වෙලා තියෙන්නේ තනිකරම දේශගුණයට නොගැලපෙන වැරදි ආහාර රටාව ගැන නොදන්නාකම නිසා.

ඇයි එහෙම වුණේ/වෙන්නේ ?

අපේ රටේ හැදෙන බුද්ධිමත් දරුවෝ විභාග ඉහලින් සමත් වෙලා දොස්තර ඉස්කෝලෙට ගිහිල්ලා රසායනික ඖෂධ සමාගම් වලට ඕනෑ විදියට මොළ හේදෙන්න පටන් ගන්නවා. ඊලඟට දොස්තර ඉස්කෝලේ ඇතුලෙ ඒගොල්ලන්ගෙ මොළේට වක්කරන්නේ සුද්දාගෙ ඩයට් එක. ඉතිං මොකද වෙන්නේ, අර මොකක්ද ස්තෙස්කෝප් එකද මොකක්ද එක උරේ බැඳගෙන දොඩවන්නෙම සුද්දාගෙ ඩයට් එක විද්‍යානුකූලයි, විද්‍යාත්මකයි, ඒනිසා අපිත් කන්න ඕනා එහෙමයි, කියලා ඊට පස්සෙ තනිකරම අපේ රටට අපේ දේශගුණයට ඉඳුරාම නොගැලපෙන අහාර රටාවක් බුද්ධිමත් බව අඩු මිනිස්සු ඉලක්ක කරගෙන ප්‍රචාරය කරමින් ඉන්නවා.

රෑට කොත්තු,ෆ්‍රයිඩ් රයිස්,බුරියානි,පරාටා,ඩොල්ෆින් තොග පිටින් විකිණෙන්නේ ඒකයි.

කාටද ලාබේ ? මේ තනිකරම වෙන්නේ අපේ රටේ බුද්ධිමත් දරුවෝ දොස්තර ඉස්කෝලෙ ඇතුලේ සුද්දට හා රසායනික කම්හල් වලට ඕනෑ විදියට මොළ හෝදලා බුද්ධිමත් බව මොට කරලා එයාලා තමන්ගෙ විකුණුම් කරුවො බවට පත් කරලා රසායනික විකුණලා තමන්ගෙ මඩිය තර කරගන්න අටවපු උගුලක්. ඕකේ ඇති විද්‍යාවක් නෑ.

අපි කොහොමද එහෙනම් මේ උගුලෙන් අත් මිදෙන්නේ ? කන ආහාර හරියට දැනගෙන කන්න ඕනා.

උෂ්ණාධික ආහාර කියන්නේ ආමාශය තුළ HCL අම්ලය වැඩියෙන් වැයවෙලා ජීර්ණය විය යුතු ආහාර. ශීතාධික ආහාර කියන්නෙ HCL අම්ලය වැය නොවෙන තරමටම වගේ දිරවෙන ආහාර. මීට අමතරව ශරීරයට පිටින් එකතු කෙරෙන ආම්ලික ආහාරපාන (අච්චාරු, චට්නි, ඇඹුල් පාන) වැනි දෑත් උෂ්ණාධික ආහාර ගණයට වැටෙනවා.

මේවට හොඳ ලැයිස්තුවක් හම්බු වුණා. ඒක පහතින් දාන්නම්. ඒකෙ හරි වැරදි තියේ නම් හරිගස්සවන්න. ඔයාලත් දන්න කියන උෂ්ණාධික ආහාර වල ලැයිස්තුත් දාන්න.

h_1468203435_1685793_a4b7a9f3a9.png

 
Last edited:

sudu asanka

Banned
Jul 5, 2016
155
25
0
උෂ්ණ හෝ සීත අහාර කියල දෙයක් නැහැ. මේවට හේතු ඇලජික් වගේ දේවල්
 

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වැදගත් ත්‍රෙඩ් එකක් මචං.
    මේ වගේ වටින ත්‍රෙඩ් ඵල කරනවට බොොහ්ම ස්තූතී.
     

    sudu asanka

    Banned
    Jul 5, 2016
    155
    25
    0
    ඉදිරියේ රාළ;20397678 said:
    රක්තවාතේ කියල දෙයක් නෑ කියනව වගේ තමා.

    නෑ. රක්තවාතවේද කීමෙන් අදහස් කරන්නේ සන්ධි රෝග හා සන්ධි ආශි‍්‍රත රෝගයි
     

    sudu asanka

    Banned
    Jul 5, 2016
    155
    25
    0
    ඉදිරියේ රාළ;20397931 said:
    බම්බුව තමා.


    එසේනම් ඔබතුමාගේ නිර්වචනයෙන්ම පැහැදිලි කරන්නකෝ.
     

    sudu asanka

    Banned
    Jul 5, 2016
    155
    25
    0
    ඉදිරියේ රාළ;20397957 said:
    ඒක බරපතල වැඩක්. නමුත් ඉටු කරන්නම්. හැබැයි කල් ඕනා. ඉක්මනින් බෑ.


    :shocked: Ok OK take your time.