උසස්පෙල සදහා තාක්ෂණික විෂය

Loading...

Active member
  • Sep 17, 2013
    786
    65
    28
    උසස්පෙල සදහා තාක්ෂණික විෂය

    උසස්පෙල සදහා තාක්ෂණික විෂය කරල ජොබ් එකක් හොයාගන්න පුලුවන් වෙයිද?:confused: ඒ විෂය අලුත් නිසා ඒක කරන එකේ තේරුමක් නැතිවෙයිද?:confused: මේක ගැන අහන අහන අය එකින් එකට පරස්පර තොරතුරු තමා දෙන්නෙ:( දන්න කෙනෙක් කියල දෙනවද :)
     

    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    Art, Commerce කරන අය වැඩිවීමත් සමග රැකියා ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා... වෙළදපොළට අවශ්‍ය සුදුසු පරිසරයක් සහිත මෙම තාක්ෂණික විෂය ධාරාව ඉදිරිපත් කළේ ඔය රැකියා ප්‍රශ්නය අවම කරන්නයි.. එතකොට රැකියා ප්‍රශ්නය සමථයකට පත්වෙනවනේ.. :) නැත්නම් හැමෝම Art, Commerce වලට යන්න ගියහම බැහැනේ.. මේ තාක්ෂණික විෂය කරන එකේ වාසි ටිකක් තියෙනවා.. අනිත් විෂය ධාරාවන් වලට වඩා... ඒක වටිනවා... විශ්ව විද්‍යාල වරම් ගන්න පහසුයි... papers ලේසියි... රැකියාවක් ලබාගන්නත් පුළුවන්... :) ඉතින් බොහෝ ඉහල පඩි ලබාගැනීමට හැකි වෘත්තියන් වලට යොමු වෙන්න ඉඩකඩ සැලසෙනවා මේක කළහම... :) ඉතින් ඕක කරන එකේ බයවෙන්න දෙයක් නැහැ... 2012 සාමාන්‍ය පෙළ සිසුන් ගොඩ දෙනෙක් ඔය විෂය කරනවා වගේම.. මේ සැරේ ගොඩ දෙනෙක් ඔය විෂය කරන්න යොමු වෙලා තියෙනවා... ඉතින් මේක තේරුමක් නැති විෂය ධාරාවක් නෙමේ... තේරුමක් ඇති විෂය ධාරාවක්.. ඒ වගේම මේක ඔයාලට අලුත් වෙන්න පුළුවන්... දැන් නම් අවුරුද්දකුත් ගතවෙලා ඕක පටන් ගෙන... 2012 දී නේ ආවේ.. 2013 අයට මුල් අයටත් වඩා තව හොද වෙන්න ඕන.... :)

    දැන් නම් හැම පාසලකම වගේ තාක්ෂණික විෂය ධාරාවට ගොඩනැගිල්ලක් හදනවා... :) ජාතික පාසල් වලනම් දැන් හදලත් ඉවරයි මන් දන්නා තරමින්...

    මේක කරන්න අඩුම ගණිතයට S, විද්‍යාවට S වත් තියෙන්න ඕනේ... ඉතින් හොද විෂය ධාරාවක්... තාක්ෂණික පැත්තට කැමති නම් හොද අවස්ථාවක්... :) මුල් කාලේ යන අයට වාසියි... මට හැගෙන විදියට Art, Commerce කරනවට වැඩිය හොදයි තාක්ෂනිකය කරන එක.... ඔයාගේ කැමැත්ත මත සහ පුළුවන් විෂය ධාරාවක් තෝරාගන්න... ඒක ඔයාගේ තීරණයක්.. අපැහැදිලි මොනවහරි තියෙනවනම් අහන්න... :rolleyes:
     
    Last edited:
    • Like
    Reactions: Loading...