උසස්පෙළ ප්‍රතිඵල ගැටළු සහගතයි!

Xcluzive89

Member
Dec 21, 2011
2,469
265
0
මිනුවන්ගොඩ
උසස්පෙළ ප්‍රතිඵල ගැටළු සහගතයි!

anura-edirisinghe.jpg


දිස්ත්‍රික් රෑන්ක් වැඩි සිසුන්ට වැඩි ඉසෙඩ් අගයක්!

2011 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ (25) රාත්‍රියේ අන්තර්ජාලයට එක්කරනු ලැබුවා.මෙවර ප්‍රතිඵල ලබාදීම ප්‍රමාද වුයේ විෂය නිර්දේශයන් දෙකක් යටතේ මෙවර විභාගය පැවැත්වූ නිසයි.

ඒ අනුව නව නිර්දේශයෙහි හා පැරණි නිර්දේශයන්හි ඉසෙඩ් අගයන් වෙන වෙනම ගණනයකොටත්,එම ඉසෙඩ් අගයන් එකම විභාගයක් සේ සලකා එකම ඉසෙඩ් අගයක් ලෙසත් වෙනම දත්ත වාර්තා දෙකක් විශේෂ කමිටුවක් වෙත පිලිගැන්වුනා.

ඒ අනුව ඔවුන් විසින් සකස් කරනලද සුත්‍රයට අනුව ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා ප්‍රථමයෙන් එය නීතිපති වෙත යොමුකරනු ලැබුවා.නීතිපතිගේ අවසරය ලැබීමෙන් පසුවයි ඊයේ දිනයේ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් වුයේ.

නමුත් එම නිකුත්කරනලද ප්‍රතිඵලයේ ගැටළු සහගත තැන ඇති බව අප වෙත වාර්තා වනවා.
ඒ අනුව දිස්ත්‍රික්කයේ ස්ථානය අඩු අගයක් ගත සිසුන්ට අඩු ඉසෙඩ් ලකුනකුත් දිස්ත්‍රික්කයේ ස්ථානය වැඩි අගයක් ගත සිසුන්ට වැඩි ඉසෙඩ් අගයකුත් ලැබී තිබෙනවා.

පහත ප්‍රතිඵලවලින් එය වටහා ගත හැකයි.

පළමු ප්‍රතිඵලයේ දිස්ත්‍රික්කයේ 185 වන ස්ථානය ගෙන ඉසෙඩ් අගය -.2361 ලබාගෙන තිබේ


1.jpg



දෙවන ප්‍රතිඵලයේ දිස්ත්‍රික්කයේ 280 වන ස්ථානය ගෙන ඉසෙඩ් අගය 1.9773 ක් ලබාගෙන තිබේ



2.jpg




තෙවන ප්‍රතිපහලයේ දිස්ත්‍රික්කයේ 112 වන ස්ථානය ගෙන ඉසෙඩ් අගය 1.2555 ලබාගෙන තිබේ


3.jpg



ඒ අනුව මේ අතරින් වැඩිම ඉසෙඩ් අගයක් (1.9773) ලබාගෙන ඇත්තේ දිස්ත්‍රික්කයේ 280 ගත් සිසුවායි

මිට අමතරව සංයුක්ත ගණිතය විෂය ධාරාවේ දිවයිනේ 3727 ත් මාතර දිස්ත්‍රික්කයේ 169 වන ස්ථානයත් ලබා ඇති අතර දිවයිනේ 4729 ට මාතර දිස්ත්‍රික්කයේ ලැබී ඇති ස්ථානය වනුයේ 13 යි.

මෙම විභාග ප්‍රතිඵලයේ ගැටළු සහගත බවට අදාළ බලධාරීන් වහා විසදුම් ලබාදිය යුතුය.සිසුන්ට අසාධාරණයක් නොවන අයුරින් විභාග ප්‍රතිඵල නිකුත්කරනවා යැයි කි විභාග කොමසාරිස් මේ සම්බන්ධව පැහැදිලි කරිමක් තවම සිදුකොට නොමැත.

කෑගාල්ල දිස්ත්‍රික්කයේ අප වෙත ලැබුණු ප්‍රතිඵල සංසන්දනයක්


XAM-KEGALLE.jpg

අහෝ !!

 

Silver bird

Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    මේ ගම්පහ දිස්ත්‍රික් ප්‍රතිපල දෙකක්.

    e139fa5ce6.png

    ---------------------------------------------

    80212c3d19.png


    මේක වෙන්න පුළුවන්ද? :oo:
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,327
    1,370
    113
    Colombo
    The Advanced Level results which were released late last night contain errors in the calculation of district and island ranks. Sources at the ministry of education stated that there is a strong possibility of the results that were issued being suspended.
     

    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    මේ ගම්පහ දිස්ත්‍රික් ප්‍රතිපල දෙකක්.

    e139fa5ce6.png

    ---------------------------------------------

    80212c3d19.png


    මේක වෙන්න පුළුවන්ද? :oo:
    පිස්සු නෙහ්, කොහොමවත් වෙන්න බෑ
    Z score එකයි island rank එකයි වෙන්න පුලුවන්.
     

    sira kolla

    Member
    Sep 15, 2011
    620
    106
    0
    දිස්ත‍්‍රික් හා ජාතික මට්ටමේ ශ්‍රේණිගත කිරීම් වල ඇතිවී ඇති පරස්පරතාවයක් හේතුවෙන් එම ශ්‍රේණිගත කිරීම් නිකුත් කිරීම තාවකාලිකව අත්හිටවූ බව විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියා සිටී.

    2011 උසස් පෙල ප‍්‍රථිපල ඊයේ රාත‍්‍රියේ නිකුත් කලද එම ප‍්‍රථිපල දෝෂ සහිත බව පාර්ශ්ව ගණනාවක් විසින් චෝදනා එල්ල කලේය.

    කෙසේ වුවද සමස්ත උසස් පෙළ ප්‍රතිඵල හෝ Z-score අගයෙහි කිසිදු වෙනසක් සිදුනොවන බව අධ්‍යාපන අමාත්‍යංශය කියා සිටී.

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වන උසස් අධා්‍යපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසන්නේ ඊයේ රාත‍්‍රී නිකුත් කළ උසස්පෙළ ප‍්‍රතිඵලවල දිස්ත‍්‍රික්ක හා දිවයිනේ ස්ථාන අගයන් පරිගණක දෝෂ නිසා වැරදී ඇති බවත් එය සකසා නැවත ඉදිරිපත් කරන බවත් ය.

    මෙක ලංකා සී නිවුස් වල තිබුනෙ
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මුන්ට පිස්සුද බන්.........
    විබහග ප්‍රතිපලයක්වත් හරියට දීගන්ඩ බැරි මුන්ද
    අපේ අනාගත පරපුරට මග පෙන්වන්න ඉන්නේ .......
    000203F6.gif

     

    gkcnalaka

    Well-known member
  • Jun 6, 2011
    1,729
    258
    83
    ...ලංකාවේ ...
    මුන්ට පිස්සුද බන්.........
    විබහග ප්‍රතිපලයක්වත් හරියට දීගන්ඩ බැරි මුන්ද
    අපේ අනාගත පරපුරට මග පෙන්වන්න ඉන්නේ .......
    000203F6.gif



    අනිත් පරතිඵල ගැනත් චිස්ච‍‍ාස කල හැකිද ?
     

    jeevan pussella

    Well-known member
  • May 17, 2007
    3,610
    333
    83
    Balangoda
    කවුද දන්නෙ විෂයන්වල ප්‍රතිඵලත් වැරදිද කියලා
    ඒවා අපිට පේන්නෙ නැහැනෙ