උසස් පෙළ ප්‍රතිඵල සවස 6 න් පසුවයි
උසස් පෙළ ප්‍රතිඵල සවස 6 න් පසුවයි
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද සවස නිකුත් කිරීමට කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල් අනුර එදිරිසිංහ මහතා පවසයි.
ඒ අනුව ප්‍රතිඵල අද සවස 6 න් පසුව අන්තර්ජාලයට මුදාහරින බව එදිරිසිංහ මහතා අද දෙරණට කියා සිටියේය.
එබැවින් ප.ව.6.00 ට පසුව www.doenets.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකිය. කොළඹ හා ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ විදුහල්පතිවරුන්ට අද දිනයේ විභාග දෙපාර්තමේන්තුවට පැමිණ අදාළ ප්‍රතිඵල ලබාගැනීමේ හැකියාව තිබේ.
කෙසේ වෙතත් අද පෙරවරු 10ට ප්‍රතිඵල නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ඊයේ දිනයේ දී විභාග දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කෙරිණි. එහෙත් ප්‍රතිඵල සකස් කිරීමේ දී සිදු වූ ප්‍රමාදය හේතුවෙන් මෙලෙස ප්‍රතිඵල නිකුත් කිරීමේ කටයුතු ප්‍රමාද වූ බව අනුර එදිරිසිංහ මහතා ප්‍රකාශ කළේය.
පිට පළාත්වල ප්‍රතිඵල ලේඛන තැපෑලට යොමු කරන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය. විෂය නිර්දේශ දෙකක් යටතේ අපේක්ෂකයන් මෙවර විභාගය සඳහා ඉදිරිපත් වී සිටි අතර පොදු ඉසෙඩ් අගයක් යටතේ ප්‍රතිඵල නිකුත් කළ යුතුව තිබේ.