උසස් වීම

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,933
    35,868
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ නිවසින් අත්අඩංගුවට ගත් ඔහුගේ දුරකථන ඇමතුම් පටිගත වී තිබෙනා දෘඩ තැටි වල අඩංගු දුරකථන ඇමතුම් කිහිපයක් මේ වනවිට මාධ්‍යයට නිකුත් කර තිබේ.

    එහිදී රංජන් රාමනායක මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මෙන්ම එම දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂක නිශාන්ත කන්දප්පා සමඟද සාකච්ඡා කරමින් මීළගට අත්අඩංගුවට ගත යුතු පුද්ගලයන් පිළිබඳ ඔවුන් සමග සාකච්ඡා කරන අයුරු දැක්වෙයි.

    තවත් ආන්දෝලනාත්මක සිදුවීමක් වන්නේ මෙරට අධිකරණ විනිසුරුවරියක් රංජන් රාමනායක එවකට නියෝජ්‍ය අමාත්‍යවරයා අමතා තමන්ට අවශ්‍ය උසස් වීමක් ඉල්ලීමයි. එහිදි රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා අමතන විනිසුරුවරිය ව්‍යවස්ථාදායක සභාව හරහා අභියාචනාධිකරණයේ ඇති පුරප්පාඩුවකට තමන් යොමු කරනා ලෙස ඉල්ලා සිටියි.

    මෙලෙසට මාධ්‍යයට නිකුත්ව ඇති තවත් හඬපටයක නිශාන්ත ද සිල්වා කන්දප්පා අමතන රංජන් රාමනායක අධිකරණ විනිසුරුවරයෙකුගේ ආගම සහ කුලය විමසනවා.

    එහිදි රංජන් රාමනායක පවසන්නේ ආගම කතෝලික හා කුලය දුරාව නම් ඔහු "කොලිටි" බවයි.

    මෙය සමාජජාලා මාධ්‍යයන්ගේ අතිශය කතාබහට ලක්ව තිබෙනා අතර මෙරට අධිකරණ ක්‍රියාවලියේ විනිසුරුවරුන්ට උසස් වීම් ලබා දීමට නොව කිසිඳු තනතුරක් දැරීමට ආගම සහ කුලය සුදුසුකමක් හෝ නුසුදුසුකමක් වන්නේ කෙසේදැයි ප්‍රශ්න කර තිබුණා.

    මෙය ඉතා බරපතල ප්‍රකාශයක් බැවින් ඒ පිළිබඳ වහා පරීක්ෂණ සිදු කළ යුතු බවටත් අදහස් ප්‍රකාශ වී තිබේ.