උසාවිය ගිනිගනී !

Ragna_SL

Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    1608037770215.png


    කට්ටියගෙම වැදගත් ෆයිල් එහෙමත් ඇතී...
    🥺

    ගින්නත් සමග ලිපිගොනු හා වැදගත් තොරතුරු
    අතුරුදන් වීමක් හෝ පිලිස්සීමකට ලක් නොවේවායි පතමු....
    🙏
    🙏
    🙏
    .😅
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මං නං හිතන්නේ මේවා විපක්සෙන් ආණ්ඩුව අපකීර්තියට පත් කරන්න කරන වැඩ , මොකද මේ වගේ අහඹු නමුත් රටට තීරණාත්මක දේවල් සිද්ද වෙන්නේ රාජපක්ස ආණ්ඩු තියෙන කාල වල විතරමයි. ඔය හිරගෙවල් වල විප්ලව ගනින්කෝ උදාහරෙනකට
     
    • Like
    Reactions: wqe123

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    කොළඹ, අලුත්කඩේ පිහිටි ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ හට ගනු ලැබූ ගින්න මේ වන විට සම්පුර්ණයෙන්ම පාලනය කර ඇති බව ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

    අද පස්වරුවේ හට ගත් ගින්න පාලනය කිරිමට ගිනි නිවීමේ හමුදාවට අයත් රථ 09ක් යොමු කෙරුණා.
    ඇතිවූ ගින්න හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු වාර්තා ගබඩා කර ඇති ගබඩා කාමරයට කිසිදු හානියක් සිදුවී නොමැති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

    මේ අතර ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ හට ගත් ගින්න සම්බන්ධයෙන් විමර්ෂණ සිදුකිරිම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් 03ක් යොදවා තිබෙනවා.

    අධිකරණ අමාත්‍යංශයේ ලේකම් පි‍්‍රයන්ත මායාදුනේ නෙත් නිවුස් කළ විමසීමකදී කියා සිටියේ උපරාධිකරණ සංකීර්ණයේ අබලි ද්‍රව්‍ය ගබඩා කර ඇති ස්ථානයක ගින්න හටගෙන ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇති බව ද අධිකරණ අමාත්‍යංශයේ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළා.
     
    • Like
    Reactions: sithija.h